රම්‍යා ක්‍රිෂ්ණන්

විකිපීඩියා වෙතින්
රම්‍යා ක්‍රිෂ්ණන්
2016 ජනවාරි මස ඉන්දියාවේ හයිදරාබාද්හි පැවති IIFA උත්සවම් සම්මාන 2016 උළෙලේ දී රම්‍යා
උපත15 සැප්තැම්බර් 1967 (1967-09-15) (වයස 56)[1][2]
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිළිය
සක්‍රීය වසර1983–වර්තමානය
උසඅඩි 5 අඟල් 6
කලත්‍රයා(යන්)පසුපුලේති ක්‍රිෂ්ණා වම්සි (වි. 2003)[3]
දරුවන්රිත්වික්
ආගමහින්දු ආගම

රම්‍යා ක්‍රිෂ්ණන් (උපත 1967 සැප්තැම්බර් 15[1] චෙන්නායිහි දී) යනුවෙන් හැඳන්වෙන්නේ ඉන්දියානු චිත්‍රපට නිළියකි. ඇය භාෂා පහකින් යුත් චිත්‍රපට 200කට අධික සංඛ්‍යාවක රඟපා ඇත. දෙමළ, තෙලිඟු, කන්නඩ, මලයාලම් සහ හින්දි චිත්‍රපටවල ප්‍රසිද්ධ ය.

මුල්කාලීන දිවිය සහ පසුබිම[සංස්කරණය]

රම්‍යා උපත ලැබූයේ චෙන්නායිහි ය. ඇය කෘතහස්ත දෙමළ විකට නළුවකු වූ චෝ ‍රාමස්වාමිගේ ලේලිය වූවා ය. මූලිකව ඇය භරත නාට්‍යම්, බටහිර සහ කුචිපුඩි නර්තනයන්ගේ පුහුණුව ලබා ඇති අතර, බොහෝ වේදිකා දක්ෂතා පෙන්වා ඇත.[4] ඇගේ මව් භාෂාව දෙමළ භාෂාවයි.

චිත්‍රපට වෘත්තිය[සංස්කරණය]

ක්‍රිෂ්ණන් සිය රංගන වෘත්තිය ඇරඹියේ සිය 13වන වියේ දී මලයාලම් චිත්‍රපටයක් වූ නේරම් පුලරුම්බොල් චිත්‍රපටයෙනි. මෙහි ප්‍රධාන චරිත මාම්මූට්ටි සහ මෝහන්ලාල් විසින් නිරූපණය කරන ලදී.[5] මෙම චිත්‍රපටය තිරගත වීම ප්‍රමාද වූ අතර එය තිරගත වූයේ 1986 දී ය. ඇගේ පළමු තිරගත වූ චිත්‍රපටය වෙල්ලෛ මනසු (1985) නැමැති වයි. ජී. මහේන්ද්‍රා ඉදිරියේ තිරගත වූ දෙමළ චිත්‍රපටයයි.

රම්‍යාගේ පළමු තෙලිඟු චිත්‍රපටය වූයේ භාලේ මිත්රුලු යන්නයි. 1989දී මුදාහැරුණු කාසිනාධුනි විස්වනාත්ගේ සුට්‍රධාරුලු චිත්‍රපටය ඔස්සේ ඇය ජනප්‍රියත්වයට පත් විය. 1990 දශකයේ සෞන්දර්යා, මීනා, රෝජා සහ නාග්මා වැනි නිළියන් සමග තෙලිඟු චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නිළියක් බවට පත්වන්නට ඇයට හැකිවිය. කේ. රාඝවේන්ද්‍ර රාඕ අධ්‍යක්ෂණ චිත්‍රපට ඔස්සේ යුගයේ වානිජ සරාගී ගායිකාව ලෙස ඇය ප්‍රචලිත විය. මේ අතරට මෝහන් බාබු සමග යුග රංගනයේ යෙදුණු අල්ලරි මොගුදු සහ අල්ලදුගරු චිත්‍රපට ද්විත්වයත්, රාජසේඛර් සමග රංගනයේ යෙදුණු අල්ලරි ප්‍රියුදු චිත්‍රපටයත් ප්‍රධාන වේ. අන්නමයියා චිත්‍රපටයේ නාගාර්ජුනා විසින් නිරූපණය කළ ශ්‍රී අන්නමාචාර්යගේ කැපවූ බිරිඳගේ චරිතය රඟදැක්වූයේ ඇය විසිනි. ඇය එන්. ටී. රාමා රාඕ, අක්කිනේනි නාගේස්වරා රාඕ, ක්‍රිෂ්ණා, චිරාන්ජීවි, බාලක්‍රිෂ්ණා, නාගාර්ජුනා, වෙන්කටේෂ්, ජගපති බාබු, රාජේන්ද්‍ර ප්‍රසාද්, ශ්‍රීකාන්ත්, රාජසේඛර්, කනිෂ්ඨ එන්.ටී.ආර්. සහ මහේෂ් බාබු වැනි ප්‍රධාන නළුවන් සමග යුග රංගනයේ යෙදී ඇත.[6] දසාරි නාරායනා රාඕගේ කාන්ටේ කූතුර්නේ කානු චිත්‍රපටයේ රංගන ප්‍රතිභාව වෙනුවෙන් ඇය ආන්ධ්‍ර ප්‍රදේශ් රජය විසින් පිරිනමන ගෞරව නන්දි සම්මානයෙන් පිදුම් ලැබුවා ය.

දෙමළ සිනමාවේදී ඇය අධිකව කේ.එස්. රවිකුමාර්ගේ පඩයප්පා, පාට්ටාලි, පංචතන්තිරම් වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වී ඇති අතර දකුණු ඉන්දිය සිනමාවේ ත්‍රාසජනක නිළියක් ලෙස ඇගේ නම ප්‍රචලිත වුණේ පඩයප්පා චිත්‍රපටයේ නීලාම්බරි චරිතයෙනි.

ඇය ස්ටාර් විජේ නාළිකාවේ නර්තන වැඩසටහනක් වූ ජෝඩි නම්බර් වන්, වාරය 1 සහ පසුව වාරය 5හි විනිසුරුවරියක ලෙස කටයුතු කළා ය.

ඇගේ වඩාත්ම මෑතක දී නිකුත් වූ චිත්‍රපටය බාහුබලි: ද බිගිනිං චිත්‍රපටයයි. මෙහි ඇය බාහුබලි රජුගේ භාරකාරිය වූ ශිවගාමී නැමැති රාජමාතාවගේ චරිතය නිරූපණය කළා ය. සොග්ගදේ චින්නි නායනා තුළ ඇය විසින් සත්‍යභාමා චරිතය නිරූපණය කළා ය. අල්ලරි නරේශ්ගේ ඉදිරි චිත්‍රපටයක් වන මාමා මන්චු, අල්ලුදු කන්චු තුළ ඇය වැදගත් චරිතයක් නිරූපණය කිරීමට නියමිත ය.[7][8]

පෞද්ගලික දිවිය[සංස්කරණය]

2003 ජූනි 12වන දින ඇය තෙලිඟු චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන ක්‍රිෂ්ණා වම්සි සමග විවාහ වූවා ය. ඔවුනට රිත්වික් නැමැති පුත්‍රයකු වේ.[6]

සම්මාන[සංස්කරණය]

ෆිල්ම්ෆෙයාර් සම්මාන
තමිල් නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මාන
  • හොඳම නිළිය සඳහා වන තමිල් නාඩු ප්‍රාන්ත සම්මානය (විශේෂ ත්‍යාගය) - පඩයප්පා (1999)
නන්දි සම්මාන
ඩුබායි අම්මා සම්මාන 2007
අම්රිතා චිත්‍රපට සම්මාන 2007
සන් ටීවී ෆැමිලි අවෝඩ්ස්
  • හොඳම නිළිය විශේෂ සම්මානය - තංගම් (2009)
විකාතන් සම්මාන 2015
IIFA උත්සවම් සම්මාන 2016

චිත්‍රපට නාමාවලිය[සංස්කරණය]

දෙමළ

මලයාලම්

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 මීඩියා, සම්පූර්ණ් (16 සැප්තැම්බර් 2009). "Actress Ramya Krishnan celebrates her birthday". The New Indian Express. සම්ප්‍රවේශය 22 මැයි 2016.
  2. "Ramya Krishnan Blog (Fan Made)". Ramya Krishnan Family, Biography, Wiki, Height, Weight, Husband, Affairs & Much More. 20 නොවැම්බර් 2016. සම්ප්‍රවේශය 22 නොවැම්බර් 2016.
  3. "Ramya Krishnan Husband & Marriage Date". StarsFact.com. සම්ප්‍රවේශය 2016-11-10.
  4. "Eternal beauty 'Nilambari' Ramya Krishnan celebrates her b'day". Indiaglitz. 15 සැප්තැම්බර් 2008. සම්ප්‍රවේශය 22 ජූලි 2015.
  5. සුජිත් පී. නායිර් (අප්‍රේල් 1, 2015). "Interview with Ramya Krishnan". වනිතා (මලයාලම් බසින්): 18–20.
  6. 6.0 6.1 "Heroines who fell for their directors". The Times of India. සම්ප්‍රවේශය 22 ජූලි 2015.
  7. "Ramya Krishna and Meena are paired with Mohan Babu in Mama Manchu, Alludu Kanchu". tollywoodshow.com. 2017-06-12 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-01.
  8. "Mohan Babu is all thrilled to work with Ramya Krishnan and Meena again, 23 years after the release of "Allari Mogudu"". ibtimes.co.in. සම්ප්‍රවේශය 16 ජූලි 2015.
  9. "Winners of the 63rd Britannia Filmfare Awards (South)". සම්ප්‍රවේශය 3 සැප්තැම්බර් 2016.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රම්‍යා_ක්‍රිෂ්ණන්&oldid=658997" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි