පදියදොර රජ මහා විහාරය

විකිපීඩියා වෙතින්
පදියදොර රජ මහා විහාරය
විහාරයේ වූ ගරා වැටුනු ස්තූපය
මූලික තොරතුරු
පිහිටීමපදියතලාව
භූගෝලීය ඛණ්ඩාංක07°23′52.8″N 81°15′08.1″E / 7.398000°N 81.252250°E / 7.398000; 81.252250ඛණ්ඩාංක: 07°23′52.8″N 81°15′08.1″E / 7.398000°N 81.252250°E / 7.398000; 81.252250
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයඅම්පාර
පළාතනැගෙනහිර පළාත
රටශ්‍රී ලංකාව
උරුම නාමකරණයආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය (10 ඔක්තෝම්බර් 2014)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ සිද්ධස්ථානය

පදියදොර රජ මහා විහාරය යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පදියතලාව පිහිටි පුරාණ බෞද්ධ විහාරස්ථානයක් වේ. එය මහනුවරඅම්පාර මාර්ගයෙහි මහියංගනය නගරයේ සිට කිලෝමීටර 34ක් පමණ දුරින් පිහිටයි. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය, රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2014 වර්ෂයේ ඔක්තෝම්බර් 10වන දිනදී රජයේ ගැසට් අංක 1884 යටතේ සිදුකොට තිබේ.[1]

විහාරය[සංස්කරණය]

පදියතලාව කොලනියෙහි පිහිටා ඇති පදියදොර විහාරය, කාවන්තිස්ස රජ සමයේ (ක්‍රි.පූ. 205–161) ඉදිකරන ලද්දක් යැයි විශ්වාස කෙරේ.[2] වර්තමානය වන විට සම්පූර්ණයෙන් පාහේ ගරාවැටී ඇති විහාරයේ වූ පුරාණ දාගැබ වටා සක්ක ගලින් බැදි කෙටි බැම්මක් දැකගත හැකිවේ. ස්තූපය අසලම අඩි 4ක් පමණ උසැති කවන්ද බුද්ධ ප්‍රතිමාවකි. ධර්ම චක්‍රයක් නිරූපිත, දාගැබ ආසන්නයේ වූ නටඹුන් ගොඩැල්ල අතීතයේ භාවිතයට ගත් භික්ෂු ආවාසයක් විය හැකි යැයි සැළකේ. අනෙකුත් නටඹුන් අතර ප්‍රාකාරයක් හෝ බෝධිඝර බැම්මක්, ශෙෙලමය දොර උළුහව්වක් සහ විසිරිත ශිලා ස්ථම්භ වේ. ප්‍රාදේශීය ජනයා විසින් ඉහල ගෞරවයෙන් යුක්තව පුදනු ලබන විහාරයේ වූ බෝධි වෘක්ෂය, අනුරාධපුර ශ්‍රී මහා බෝධියෙහි මුල් අංකුරයක් බැව් පැවසෙයි.[3][4]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Gazette 1884 10 ඔක්තෝම්බර් 2014, පිටු අංකය: 912.
  2. විතානාරච්චි, චන්දන රෝහණ (2005). පෞරාණික ස්ථාන සහ ස්මාරක: අම්පාර දිස්ත්‍රික්කය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා. p. 29. ISBN 955-9159-44-5.
  3. "පදියදොර ඓතිහාසික පුරාණ රජමහා විහාරය". අමේසින්ලංකා. සම්ප්‍රවේශය 6 ජනවාරි 2018.
  4. "ප්‍රසිඩන්ට් මේක්ස් හිස්ටොරික් විසිට් ටු පදියතලාව". ඩේලි නිව්ස් (ශ්‍රී ලංකාව). 2 ජූලි 2007. සම්ප්‍රවේශය 6 ජනවාරි 2018.
"https://si.wikipedia.org/w/index.php?title=පදියදොර_රජ_මහා_විහාරය&oldid=415412" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි