ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

විකිපීඩියා වෙතින්
ශ්‍රි ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලාංඡනය
Agency overview
ආරම්භ කරේ 1890
පාලනය ශ්‍රී ලංකා රජය
මූලස්ථාන කොළඹ
වෙබ් අඩවිය
නිල වෙබ් අඩවිය

ශ්‍රී ලංකාවේ පුරාවස්තු සංරක්‍ෂණය කිරීමත් ඒ පිළිබඳ ජනතාවට අවබෝධයක් ලබා දීමට පැවරී තිබෙන ආණ්ඩුවේ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. වර්ෂ 1940 අංක 09 දරණ පුරාවිද්‍යා ආඥාපනතින් දමම දෙපාර්තමේන්තුව නීතිගතකර ඇත. මෙහි ප්‍රධානියා වූයේ පුරාවිද්‍යා ‍කොමසාරිස්තුමාය. නමුත් වර්ෂ 1990 වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා වසර 100 පිරීම නිමිත්තෙන් පුරාවිද්‍යා කොමසාරිස් යන ධුරය පුරාවිද්‍යා අධයක්‍ෂක ජනරාල් යනුවෙන් වෙනස් කරන ලදී. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු‍වේ ප්‍රධානියා හඳුන්වන්නේ පුරාවිද්‍යා අධ්‍යන්‍ෂක ජනරාල් වශයෙනි. වර්ෂ 1890 ජූලි 07 දා ආරම්භ කරන ලද පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඒ දිනය නිමිති කරගනිමින් ජූලි මස 07 දා සෑම වසරකදීම පුරාවිද්‍යා දිනය සමරනු ලබයි. 2007 වසර වනවිට මෙම ආයතනය ආරමිභ කර වසර 117කි. එහිදී මෙම පුරාවිද්‍යා දිනය සතියක් පුරාවට සැමරීම ලාංකිකයන් විසින් විසින් සිදුකරනු ලබයි. එහිදී මෙම ඒ ඒ වසරයන්හිදි විවිධ තේමාවන් යටතේ මෙය සමරනු ලබයි.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්[සංස්කරණය]

ආරම්භයේදී සිටම මේවනතෙක් බොහෝ කොමසාරිස්වරු හා අධ්‍යක්‍ෂක ජනරාල්වරුන් නිල බලය දරන ලදී. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වර්තමාන ප්‍රධානීයා ඇතුළුව මුල් ප්‍රධානීන්ගේ නම් ලැයිස්තුව පහත දැක්වේ.

නම සිට තෙක් විස්තර පිංතූරය
එස්. එම්. බරෝස් 1884 1886
එච්.සී.පී. බෙල් 1890 1892
ලීවර්ස් 1892 1892 වැඩබලන
එච්.සී.පී. බෙල් 1893 1912
ආර්. අයර්ටන් 1912 1913
බී. කොන්ස්ටන්ටයින් 1913 1914 වැඩ බලන
එච්.ආර්. ෆ්‍රීරීමන් මහතා 1914 1918 වැඩ බලන
එෆ්. ජී. ටිරල් 1918 1920 වැඩ බලන
ඒ. ඩබ්ලිව්.සීමර් 1920 1921 වැඩ බලන
ජී.එෆ්.ආර්. බ්‍රවුනිං 1921 1922 වැඩ බලන
ඒ.එම්. හොකාර්ට් 1922 1923
ඒ.එම්. හොකාර්ට් සහ එෆ්. බාර්ට්ලට් 1923 1924 වැඩ බලන
එම්. වෙඩර්බර්න් සහ ඊ.ආර්. ෂඩ්බරි 1924 1925 වැඩ බලන
ඒ.එම්. හොකාර්ට් 1925 1927
ඊ.ටී. ඩයිසන් 1927 1928 වැඩ බලන
සී.එෆ්.වින්සර් 1928 1929 වැඩ බලන
ජේ. පියර්සන් 1929 1930 වැඩ බලන
සී.එෆ්. වින්සර් 1930 1931 වැඩ බලන
සෙනරත් පරණවිතාන 1931 1934 වැඩ බලන, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම ශ්‍රි ලාංකික ප්‍රධානීයා
ඒ.එච්. ලෝංග්හර්ස්ට් 1934 1939
ආචාර්ය සෙනරත් පරණවිතාන 1940 1956
ආචාර්ය සී. ඊ. ගොඩකුඹුර 1956 1967
ආචාර්ය ආර්.එච්. ද සිල්වා 1967 1979
ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න 1979 1983
ආචාර්ය රෝලන්ඩ් සිල්වා 1983 1990
එම්.එච්. සිරිසෝම 1990 1992
ආචාර්ය එස්. යූ. දැරණියගල 1992 2001
ආචාර්ය ඩබ්.එච්. විජයපාල 2001 2004
ආචාර්ය සෙනරත් දිසානායක 2004

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]