දි ඇඩ්වෙන්චර් ඔෆ් චාල්ස් ඔගස්ටස් මිල්වර්ටන්
පෙනුම
| "දි ඇඩ්වෙන්චර් ඔෆ් චාල්ස් ඔගස්ටස් මිල්වර්ටන්" | |
|---|---|
![]() චාල්ස් ඔගස්ටස් මිල්වර්ටන්, 1904 සිඩ්නි පැජට්ගේ සිතුවමකි | |
| කර්තෘ | ආතර් කොනන් ඩොයිල් |
| කථා මාලාව | ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස් |
| ප්‍රකාශන දිනය | 1904 |
"දි ඇඩ්වෙන්චර් ඔෆ් චාල්ස් ඔගස්ටස් මිල්වර්ටන්" යනු සර් ආතර් කොනන් ඩොයිල් විසින් රචනා කළ ෂර්ලොක් හෝම්ස් කෙටි කථා 56 අතරින් එකකි. මෙය 1904දී ප්‍රකාශිත ද රිටර්න් ඔෆ් ෂර්ලොක් හෝම්ස් හි ඇතුළත් කථා 13න් එකකි.
චාල්ස් ඔගස්ටස් මිල්වර්ටන් යනු අනුන්ගේ මුළු ජීවිතය ම විනාශ කරන පුද්ගලයෙකි. ෂර්ලොක් හෝම්ස් මෙම සිද්ධියට සම්බන්ධ වන්නේ ඔහු ලගට පැමිණි අනුග්‍රාහිකාවක් නිසා ය.ඇයගේ විවාහය කඩා කප්පල් කළ හැකි ඇයගේ පුද්ගලික ලිපි වගයක් චාල්ස් ලග තිබිණි. එම නිසා ඇය ෂර්ලොක් හෝම්ස්ගේ උපකාර පැතී ය.ඉතින් ෂර්ලොක් හෝම්ස් චාල්ස්ගේ නිවසට ගොස් ඒවා සොරකම් කිරීමට ගිය විට මුහුණ වෙස් වලාගත් ගැහැනියක් පැමිණ චාල්ස් මරා දැමීය.එයින් මෙම සිද්ධිය අවසන් වි ය
