ෂර්ලොක් හෝම්ස්

විකිපීඩියා වෙතින්
ෂර්ලොක් හෝම්ස්
ෂර්ලොක් හෝම්ස් චරිතය
1904දී සිඩ්නි පැජට් අදින ලද ෂර්ලොක් හෝම්ස්ගේ රූපයක්
පළමු පෙනීසිටීම ලෝහිත පරීක්ෂණය
තනන ලද්දේ සර් ආතර් කොනන් ඩොයිල්
තොරතුරු
ස්ත්‍රී/පුරුෂ භාවයපුරුෂ
වෘත්තියඋපදේශක රහස්පරීක්ෂක
පවුලමයික්‍රොෆ්ට් හෝම්ස් (සොහොයුරා)
ජාතිකත්වයබ්‍රිතාන්‍ය

ෂර්ලොක් හෝම්ස් (Sherlock Holmes ) යනු එඩිම්බරෝ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලත් වෛද්‍යවරයෙක් සහ ලේඛකයෙක් වන සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද ප්‍රභන්ධ චරිතයකි. ෂර්ලොක් හෝම්ස් යනු සිය තීක්ෂණ තාර්කික හැකියාව, ඕනෑම අකාරයකට වෙස්වලාගනීමට ඇති හැකියාව සහ ඔහු සතු වෝහාරික විද්‍යා දැනුම භාවිතයෙන් දුෂ්කර ගැටළු විසදීම පිළිබද ප්‍රසිද්ධියක් උසුලන, ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වෙන “උපදේශක රහස් පරීක්ෂකයෙකි.

1887 ප්‍රකාශනයක මුලවරට දකින්නට ලැබුන හෝම්ස්, ඉන්පසු නවකතා හතරක් සහ කෙටිකථා 56ක් තුල දිගහැරෙයි. මුල්ම නවකතාව , බීටන්ගේ නත්තල් වාර්ෂිකය නම් සගරාවේ 1887 කලාපයේත්, දෙවැන්නවූ, සිව්රහස් සලකුණ, ලිපින්කොට්ගේ මාසික සගරාව නම් සගරාවේ, 1890දීත් ප්‍රකාශයට පත් විය. 1891දී, “බොහිමියාවේ රහස”න් ආරම්භකර ස්ට්‍රෑන්ඩ් සගරාවේ පලවූ ප්‍රථම කෙටි කතා මාලාව සමග මෙම චරිතයට ඇති ජනප්‍රියත්වය විශාල ලෙස වර්ධනය විය; එතැන් පටන් 1927 දකවා කාලය තුල එයාට බැදුන තවත් කෙටිකතා මාලාවක් සහ නවකතා දෙකක්ද පලවිය. 1880 සිට 1914 දක්වා කාලය පුරා මෙම කතා මාලාව දිවෙයි.

කතා හතරක් හැර අනි සියලුම කතා ලියා ඇත්තේ, හෝම්ස්ගේ මිතුරා සහ අපදාන කතෘවන දොස්තර ජෝන් එච්. වොට්සන් විසින් ලියන ආකාරයෙන් වන අතර, දෙකක් (“සුදුමැලි සොල්දාදුවා” සහ “සිංහ කේෂර”) ෂර්ලොක් හෝම්ස් විසින්ම ලියවෙන ආකාරයටත්, තවත් දෙකක් (“මැසරින් පාෂාණය” සහ“ඔබෙන් සමුගනිමි”) තුන්වන පාර්ශවයක් අතින් ලියවෙන ආකාරයටත් ලියා ඇත. කතා දෙකකදී . (“මුස්ග්‍රෙව් චාරිත්‍රය” සහ “ග්ලෝරියා ස්කොට්” ) හෝම්ස් වොට්සන්ට මූලික කථාව සිය මතකයෙන් පවසන අතර වොට්සන් කථාව ලියා තබයි. ප්‍රථම සහ අවසන් නවකතාවන ලෝහිත පරීක්ෂණය සහ භීතියේ නිම්නය යන දෙකෙහිම, හෝම්ස් හො වොට්සන් නොදුටු තෙවැනි පාර්ශව කථාවක්ද අඩංගුය.

හෝම්ස් චරිතයට හේතු වූ වස්තු බීජය[සංස්කරණය]

ඩොයිල් පවසන්නේ ෂර්ලොක් හෝම්ස් චරිතය නිර්මාණය කිරීමට වස්තු බීජයවූයේ, එඩිම්බරෝ රාජකීය රෝහලේ ලිපිකරුවෙක් වශයෙන් සේවයකල කාලයේ ඔහුගේ ප්‍රධානියා වූ ශල්‍යවෛද්‍ය දොස්තර ජෝසෆ් බෙල් බවයි. හෝම්ස් කරන ආකාරයෙන්ම, කුඩා නිරීක්ෂණ තුලින් විශාල නිගමන කිරීමට ඇති හැකියාව පිළිබද බෙල් ප්‍රසිද්ධියක් ලබා සිටියේය[1].කෙසේ වෙතත් වසර කිහිපයකට පසු කොනන් ඩොයිල්ට ලිපියක් ලියන බෙල් මෙසේ පවසයි. “ෂර්ලොක් හෝම්ස් ඔබමයි, ඔබත් එය දන්නවා”[2]. එඩිම්බරෝ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය නීති මිමංශයෙහි සභාපති ධූරය දැරූ, සර් හෙන්රි ලිට්ල්ජෝන්ද හෝම්ස් සදහා වස්තුබීජ සැපයූවෙක් ලෙස සැලකෙයි. පොලිස් සාජන්වරයෙක් සහ වෛද්‍ය නිලධාරියෙක් ලෙස එඩිම්බරෝ සෞඛ්‍ය අංශයේ ස්‌වය කල ලිට්ල්ජෝන් වෛද්‍ය විමර්ශන සහ අපරාධ පරීක්ෂණ අතර සම්භන්ධය ඩොයිල්ට පෙන්වා දුන්නේය[3].

ජීවිතය[සංස්කරණය]

මුල් කාලීන ජීවිතය[සංස්කරණය]

ෂර්ලොක් හෝම්ස්ගේ මුල්ම ආගමනය - 1887

කොනන් ඩොයිල්ගේ මුල් කෘති තුල, දොස්තර වොට්සන් විසින් වාර්ථා කරන ලද, ෂර්ලොක් හෝම්ස්ගේ වික්‍රමයන්ගෙන් බාහිර, පැහැදිලි තොරතුරු ඉතා අල්පය. කෙසේවෙතත්, කෘති වල ඇති ආනුෂංගික තොරතුරු, රහස්පරීක්ෂකයාගේ මුල්කාලීන ජීවිතය සහ පවුල පිළිබද දුර්වල සිතුවමක් සපයයි. ඔහුගේ වයස පිළිබද තක්සේරුවක් ලබාදෙන “ඔබෙන් සමුගනිමි ”ට අනුව ඔහු ඉපදී ඇත්තේ 1856ය. මෙම කෙටි කථාව ලියන ලද්දේ 1914 වන අතර එහි ඔහුගේ වයස 60ක් වන බව සදහන්ය. ලෙස්ලි කිලින්ගර් පවසන්නේ උපන්දිනය ජනවාරි 6 වියයුතු බවය[4].

හෝම්ස් පවසන්නේ ඔහුගේ නිගමන ක්‍රමවේදය ඔහු විසින් තනන ලද්දේ ඔහු උපාධි අපේක්ෂකයෙක් ලෙස අධ්‍යාපනය ලබන කාලයේ බවයි. ආධුනිකයෙකු ලෙස විසදූ, ඔහුගේ මුල්ම පරීක්ෂණ, ඔහුට ලැබුනේ මිත්‍ර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙනි[5]. ඔහුගේ පන්තිසගයෙක්ගේ පියාගේ ගැටලුවක්, තමා රහස්පරීක්ෂනයට වෘත්තිමය වශයෙන් යොමුවීමට හේතු වූ බව ෂර්ලොක් හෝම්ස් පවසා ඇත[6]. විශ්වවිද්‍යාලයෙන් පසු අවුරුදු හයක් ඔහු උපදේශක රහස් පරීක්ෂකයෙක් ලෙස කටයුතු කර ඇතී අතර, පසුව කතාන්දරයන් ලිවීම ආරම්භ වූයේ මුල්‍ය බාදක හේතුවෙන් දොස්තර වොට්සන් සමග නිවසක් කුලියට ගැනීමත් සමගය.

1881 පටන්, 221බී, බේකර් වීදිය, ලන්ඩනය යන ලිපිනයෙහි පදිංචිව සිටිමින් ඔහු සිය උපදේශක රහස්පරීක්ෂක සේවාව පවත්වාගෙන ගිය බව පැවසේ. මුල්ම අත් පිටපත්වල සදහන්වන ආකාරයට, 221බී පඩි 17නැග යායුතු, පාරේ ඉහල කෙලවරේ පිහිටි නිවාසයකි. දොස්තර වොට්සන්ගේ ආගමනයට පෙර හෝම්ස් වැඩ කලේ තනිවම වන අතර, කලාතුරකින් පමණක්, නගරයේ පහත්පෙලේ තොරතුරු සපයන්නන්ගේ සහ, “බේකර් වීදියේ අවිධිමතුන්”යනුවෙන් ඔහු විසින් හදුන්වනු ලැබූ, විදිළමා කණ්ඩායමේත් සේවය ලබා ගත්තේය. මෙම කණ්ඩායම ලෝහිත වර්ණයෙන් අධ්‍යනයක්, සිව්දෙනාගේ සලකුණ සහ "වකගැසුන මිනිසාගේ වික්‍රමය" යන කතා තුන තුල දැකිය හැකිය.

හෝම්ස්ගේ පවුල පිළිබද තොරතුරු ඉතාම අල්පය. කතා තුල ඔහුගේ දෙමාව්පියන් පිළිබද සදහනක් නැති අතර, ඔහුගේ මුතුන් මිත්තන්, ප්‍රාදේශීය ප්‍රභූ සේවකයන් බව යන්තමින් සදහන් වී ඇත. “ග්‍රීක අනුවාදකයාගේ වික්‍රමය”හි හෝම්ස් පවසන්නේ ප්‍රංශ කලාකරු වර්නට් ඔහුගේ සීයා කෙනෙකු වන බවයි. ඔහුට වඩා අවුරුදු හතකින් වැඩිමල්, ඔහුහේ සොයුරු මයික්‍රොෆ්ට්, රජයේ නිලධාරියෙක් වන අතර . “ග්‍රීක අනුවාදකයාගේ වික්‍රමය”, “අවසන් ගැටලුව” සහ “බ්රූස් පාටින්ටන් සැලසුම්වල වික්‍රමය” යන කතාතුල දක්නට ලැබේ. “පාලු නිවස”හි සදහන්වන ආකාරයට, රාජ්‍ය සේවයේ සුවිසේෂි නිලයක් දරණ, මයික්‍රොෆ්ට් රාජ්‍ය පතිපන්තිය සම්භන්ධයෙන් මතක ගබඩාවක් හො දත්ත ගබඩාවක් ලෙස කටයුතු කරයි. නිරීක්ෂණ සහ නිගමන සම්භන්ධයෙන් මයික්‍රොෆ්ට් ෂර්ලොක්ත් වඩා දක්ෂයෙකු බව සදහන්වන නමුත්, ෂර්ලොක් ලෙසින් උනන්දු සහ ජවසම්පන්න නොවන ඔහු, “ලන්ඩනයේ ඉතාම සමාජ ශීලී නොවන මිනිසුන්ගේ සංගමය “ වන ඩයෝජිනීස් සමාජයේ කාලය ගත කිරීමට ප්‍රියකරයි.

දොස්තර වොට්සන් සමග ජීවිතය[සංස්කරණය]

හෝම්ස් රහස් පරීක්ෂකයෙකු ලෙස ගත කරන වසර 23 තුළ, වසර 17ක් වෛද්‍ය ජෝන් වොට්සන් සමග ගත කරන ලදී. වොට්සන් ගේ 1887 වසරේ විවාහයට පෙර සහ ඔහුගේ බිරිඳගේ මරණයෙන් පසු කාළසීමාව මොවුන් දෙදෙනා මිත්‍රයින් ලෙස කාලය ගත කරන ලදී. හඩ්සන් මහත්මිය සතු නිවසක ඔවුන් රැඳී සිටින ලදී. බොහෝ ෂර්ලොක් හෝම්ස් කතාත්ථර වෛද්‍ය වොට්සන්ගේ දෘෂ්ටි කෝණයෙන් ලියන ලද සිත්ගන්නාසුළු පරීක්ෂණයන් වේ. හෝම්ස් නිතර නිතර වොට්සන්ට පවසන්නේ තම කථාන්ථර පළ කිරීමේදි ආකර්ශණීය බවට ඉඩ නොදී විද්‍යාත්මකභාවයට ඉඩදෙන ආකාරයට පළ කරන ලෙසයි.

මහා අන්තරය[සංස්කරණය]

විශ්‍රාම ගැනීම[සංස්කරණය]

=ජීවත්වු ස්ථානය[සංස්කරණය]

221 බී,බේකර් වීදිය, ලන්ඩන් more facebook.com/221BSLH 221bsherlockholmesblog.blogspot.com

  • 221 බී,බේකර් වීදිය යනු ලොව ප්‍රසිද්ධම ලිපිනයද වනවා.

පුරුදු සහ පෞර්ෂත්වය[සංස්කරණය]

මත්ද්‍රව්‍ය භාවිතය[සංස්කරණය]

හෝම්ස්ගේ පරීක්ෂණ අතරේ ඉදහිට මොෆීන් එන්නත් කරගැනීමේ බිහිසුණු පුරුද්දක් හැරුණු කොට නිතර මුවේ රැදෙන දුම්කොල පයිප්පය ඔහුගේ භාවිතයේ පැවතිනි.මෙම පුරුද්ද ඔහුගේ මිතුරා වූ දොස්තර වොට්සන්ගේ දෝශ දර්ශනයට නිතර ලක් විය.'බලන්න හෝම්ස්,මුලු උඩු මහලම විශ දුම නිසා කටුක තැනක් බවට පත්වෙලා'යැයි ඔහු පවසන අයුරු දැකගත හැකිය.ඒ ඊට උදහරනයකි.

මූල්‍ය කටයුතු[සංස්කරණය]

කාන්තාවන් පිළිබද ආකල්පය[සංස්කරණය]

ෂර්ලොක් හොම්ස් කිසෙවිටෙකත් කාන්තාවන් කෙරෙහි විශේෂ ආකල්පයක්(ප්‍රේමය වැනි) නොදැක්වී ය. නමුත් ඔහු සැමවිටම කාන්තාවන්ට ආචාරශීලි වූයේ ය. ඔහු විසින් Scandal in Bohenia කතාවේ එන අයිරින් ඇඩ්ලර් මෙනවිය වරක් අගය කිරීමකට බඳුන් කරන ලද්දේ ඈ හෝම්ස්ව පවා රැවටීමට දක්ෂ වූ බැවිනි. වොට්සන් වරක් දක්වන්නේ හෝම්ස් යම් ස්ත්‍රියක් පිළිබඳව ප්‍රේම සිතිවිල්ලක් ඇති කරගත්තා නම් එය ඔහුගේ නිරීක්ෂණය මඟින් නිගමනවලට එළඹීමේ තාර්කික ශක්තියට බාධාවක් විය හැකිව තිබූ බවයි.

මේරි මොස්ට්න්[සංස්කරණය]

මේරි මෝස්ටන් යනු සිව් රහස් සළකුණ කතාවේ අගතියට පත් කාන්තාව වන අතර පසුව වොට්සන්ගේ පළමු බිරිඳ බවට පත් වන ලදී. මෙයට හෝම්ස් ගේ වැඩි කැමැත්තක් නොවීය.නමුත් හෝම්ස් කල් තියා විදුලි පුවතක් මගින් දැනුවත් කරන ලදුව,කාන්තාවක් තමා හමු වී ගැටලුවක් ඉදිරිපත් කිරීමේදී ඊට අවධානයක් යොමු කරන ලදි.ඊට උදාහරණයක් ලෙස ඔහු දම් පැහැති ප්‍රියතම කබාය හැද සූදානම් වීමත්,කල් තියා උඩුමහල පිරිසිදු කිරීමත් ඇතැම් අවස්තාවල දැක ගත හැකිය.

පරීක්ෂණ ක්‍රම[සංස්කරණය]

හෝම්සියානු නිගමන[සංස්කරණය]

ප්රදාධන වශෙයන් විද්යාත්මක ක්රමය භාවිත වේ.

ගැටලුව හදුනා ගැනීම

ගැටලු විශ්ලෙෂණය

දත්ත රැස් කිරීම

කල්පිත ගොඩ නැගීම /උපකල්පනය කිරීම

නිගමනය පරික්ෂා කිරීම

අවසන් නිගමනය

පහත ආකාරයට ෂර්ලෝක් හෝම්ස් ගැටලු විසදිය. තවද පුද්ගලයකු නිරීක්ෂණය කිරීමෙන් එම පුද්ගලයා පිලිබද ව ෂර්ලෝක් හෝම්ස් තතු කියයි .

කෙනෙකුගෙ ජීවන තත්වය, රැකියාව , පුරුදු මේ ආකාරයට ෂර්ලෝක් හෝම්ස් අවධරනය කරයි


වෙස්වලා ගැනීම[සංස්කරණය]

හෝම්ස්ගේ වෙසෙවලා ගැනීම් වලට උදාහරණ ලෙස ඩ්‍රැකියුලාට එරෙහිව ශර්ලොක් හෝම්ස් කතාවේ ආබාදිත සොල්දාදුවෙකු ලෙසද,සෙවනැලි සටනේදී කාන්තාවක් ලෙස වෙස්වලා ගැනීමද දැකිය හැක.මෙහි විශේශත්වය නම් ඔහුගෙ මිත්‍ර වොට්සන් පවා රැවටීමට ඔහුට හැකි වීමයි.උදාහරණයක් ලෙස ශර්ලොක් හෝම්ස්ගේ මරණ මංචකය කතාවේ රෝගියෙකු මෙන් විශිෂ්ඨ රගපෑමක යෙදීම ගත හැක.

ආයුධ සහ සටන් කලා[සංස්කරණය]

කඩු හරඹ හා බොක්සින්වල අති දක්ෂයකි.

දැනුම සහ හැකියා[සංස්කරණය]

සිංහ කේශර කතාවේ තටාකය තුල සිටි සත්වයා හැදින්වූ සිංහ කේශර යන නම අනුව සිතා තම දැණුමින් 'සයනියාකැපිලාටා'යන නම සිහි කර ගැනීම හොද උදාහරණයක් වේ. යම් කිසි තැනැත්තෙකු පිලිබඳ තොරතුරු කීමට ගැනීමට ඔහුගේ භාණ්ඩයක්/හැසිරීම් රටාව/ඇදුම් පැලදුම්/අඩි හඩ වැනි සාධක යොදා ගැනීම ඔහු සතු විශිෂ්ට හැකියාවකි....

බලපෑම්[සංස්කරණය]

වෝහාරික විද්‍යාව[සංස්කරණය]

රහස් පරීක්ෂක කතා ඉතිහාස තුල භූමිකාව[සංස්කරණය]

විද්‍යාත්මක සාහිත්‍ය[සංස්කරණය]

දායාදයන්[සංස්කරණය]

ඉතාම සරලයි, මගේ හිතවත් වොට්සන්[සංස්කරණය]

මෙය වොට්සන් කල්පනා කරමින් සිටින අවස්තාවකදී හෝ තම හැඩරුවින් හෝම්ස් විවිධ දේ ප්‍රකාශ කළ විට හෝම්ස් ගෙන් ඒවාට හේතු විමසූ විට හෝම්ස් කරන ඉතා ප්‍රචලිත කියමනකි.

මහා තරගය[සංස්කරණය]

සංගම්[සංස්කරණය]

කෞතුකාගාර[සංස්කරණය]

වෙනත් ගෞරවාදර[සංස්කරණය]

අනුහුරුවන් සහ ආශ්‍රිතයන්[සංස්කරණය]

වේදිකා, සිනමා සහ ගුවන් විදුලි අනුහුරුවන්[සංස්කරණය]

සම්භාන්දිත ආශ්‍රිත නිර්මාණ[සංස්කරණය]

නිර්මාණ ලැයිස්තු[සංස්කරණය]

නව කතා[සංස්කරණය]

ෂර්ලොක් හොම්ස් දිර්ඝ කතා 4කි. එනම්, 1.A study in scarlet(ලොහිත පරීක්ෂනය) 2.Valley of fear(බිහිසුනු නිම්නය) 3.The sign of four(සිව් රහස් සලකුණ) 4.The hound of the baskervilles(බැස්කවිල් රුදුරු බල්ලා)


කෙටි කතා එකතුන්[සංස්කරණය]

The Adventures of Sherlock Holmes (ෂර්ලොක් හෝම්ස්ගේ වික්‍රම) The Memories of Sherlock Holmes (ෂර්ලොක් හෝම්ස්ගේ මතකයන්) The Return of Sherlock Holmes (ෂර්ලොක් හෝම්ස් ආපසු) His Last Bow (ඔහුගේ අවසන් ආචාරය)






ෂර්ලොක් හොල්ම්ස් මහතා Sniper in the dark - 2 වොට්සන් .. වොට්සන් .. අපි යමු එම ගොඩනැල්ලට . මයික්රෝසොෆ්ට් ඔබත් අප සමග පැමිණෙනවද ? .... ෂර්ලොක් හොල්ම්ස් මට වැදගත් රාජකාරි කටයුතු වගයක් තියනවා මම දැන්ම පිටත්විය යුතුයි ... මෙම කාඩ්පත ඔබ තබා ගන්න ... මෙය අග්රාමාත්ය දුන් අවසර පත්රයක්. ඔබට කිසිදු නෛතික භාධාවකින් තොරව කටයුතු කිරීමට නිදහස මෙමගින් ලැබෙනවා .... ස්තුතියි සහෝදරයා එය ඉතාමත් ප්රයෝජනවත් වෙයි ..... වොට්සන් අපට තවත් සාමාජිකයකු එකතු කර ගැනීමට සිදුවනවා වොට්සන් . අප සතු පරිගණක දැනුම දුර්වලයි . එයට ප්රවීනයෙක්ගෙ උදව් අවශ්යයි . ඔබට මතකද වොට්සන් ඇන්ඩසන් තරැණයාව ... ෂර්ලොක් ඔබ තුල තරම් මතක ශක්තියක් මා තුල නැහැ ... මට ඔහු ගැන කිසිදු මතකයක් නැහැ.... වොට්සන් ඔබගේ මතකය උත්තේජන කිරීමට මට අවස්ථාවක් දෙන්න ..... ... " ඇස්ගර්ඩ් සයිබර් ප්රහාරය " ... "හෝ හෝ හොල්ම්ස් දැනුයි මට මතක් වුනේ ඔබ පවසන්නෙ ඒ ඇන්ඩසන් ගැනද ? ඔහුට අවුරුදු 5ක සිරදඬුවමක් නියම වුන බවයි මට ආරංචි වුනේ ".... "ඇත්ත මිත්රයා නමුත් ඔහුගේ යහපත් ක්රියාකලාපය මත ඔහුගෙ දඩුවම අවුරුදු 3 දක්වා අඩු කලා . දැන් ඔහු පරිගණක ක්ෂෙත්රය තුල ඉහල රැකියාවක් සහිත මගෙ හොද මිත්රයෙක්" ....... "වොට්සන් අපි එහෙනම් අවශ්ය තැනට පැමිණියා. ඇන්ඩසන් හමුවීමට පෙර මෙහි පරීක්ෂා කල යුතුයි". .... 7 up ඇත්ත වශයෙන්ම දැකුම් කළු වටපිටාවකි. එය ධන පති පන්තියේ නවා තැන් පොලක් විය . තට්ටු 27 කින් යුක්ත එම ගොඩනැගිල්ල වෙරළ තීරයේ සිට 500 m පමණ දුරකින් යුක්තය. හොල්ම්ස් සහ මම එහි කාමර වෙන් කිරීමේ නිළධාරීයා වෙත ගියේයා .... "ඔබ දක්නට ලැබීම සතුටක් මහත්වරැනි මම කොහොමද ඔබට උදව් කල හැක්කේ "..... "මම ව්යාපාරිකයෙක්. මම සහ මගෙ සහයකයාට අද රැය ගත කිරීමට කාමරයක් අවශ්යයි. 26 තට්ටුවෙන් කාමරයක් ලබා දීමට හැකි නම් ඔබට කෘතඥ වෙනවා. උදෑසන හිරැ පෑයීමත් සමග මුහුදු වෙරළ නිරීක්ෂණය කිරීමට මම පුදුම කැමැත්තක් තියෙන්නේ ..... ඔබ වාසනාවන්තයි මහත්වරැනි. මේ දින වල සංචාරකයන්ගෙ පැමිණීම අඩු මට්ටමක තියෙන්නේ . ඔබට 26 තට්ටුවෙ 714 කාමරය වෙන් කරන්නම් . මෙන්න ඔබේ යතුර . ඔබට රාත්රී ආහාරය අවශ්ය නම් අපට කාමරයටම ලබා දෙන්න පුළුවන් ..... ...."බොහොම ස්තුතියි.. නමුත් අප අවන්හලකින් රාත්රී ආහාරය රැගෙන පැමිණියේ.... ඒ වගේම මගෙ මිත්රයෙක් ඊයේ මේ නගරයේ නවාතැන් ගත්තා . ඔහු ප්රකාශ කලා මුහුදු වෙරලෙහි සුන්දරත්වය විදින්නනම් කදිම ස්ථානය මේ හොටල් කිහිපය බව . ඔහු හිටියෙ මෙම හෝටලයේ ද කියල මට ඔහුගෙන් දැන ගැනීම ට නොහැකි වුනා .... මහත්තයා ඔබ කියන ලෙස මුහුදු වෙරල සමග මෙම නගරයේ සුන්දරත්වය විදින්න අපේ ඉහල මහල තමයි ගැලපෙන්නෙ මක් නිසාද කියනවා නම් අප ගොඩ නැගිල්ල තමයි . මේ ප්රදේශයේ තියෙන උසම ගොඩනැල්ල. නමුත් පසු ගිය දවස් කිහිපය තුලම කවුරැත් ම ඉහල මහල් තුල නවාතැන් ගත්තෙ නැහැ. මම හිතන්නේ ඔහු නවාතැන් ගන්න ඇත්තෙ වෙන හෝටලයක...... ඔහුට සුභ රාත්රියක් පැතූ අප විදුලි සෝපානය මගින් 26 තට්ටුවට යාමට තීරණය කලේය..... "වොට්සන් අපි පලමුව 25 තට්ටුවට යමු. ලේසර් කිරණ වැදුනු පමණින් අපට නිසැකවම කියන්න බැහැ 26 තට්ටුවම කියල .. දුර සමග එහ ඇති වන සුළු වෙනසක බලපෑම වැඩිපුර දැනෙන්න පුළුවන්" ........ " හොල්ම්ස් මට තවම හිතා ගන්න බැහැ ඇයි ඔබ අර නිළධාරීයාට කාරණා කෙලින්ම නොකිව්වෙ කියල . ඔබට එහෙම කිව්ව නම් ඔවුන්ගෙන් උදව් ලබා ගන්න තිබ්බා.... වොට්සන් මේක රජය සම්බන්ධ වන ප්රශ්නයක් . මේක ප්රසිද්ධ කිරීම අවම වන ලෙස කටයුතු කරන්න කියලයි මගෙ සහෝදරයා කිව්වෙ.ඒ වගේම සතුටට කාරණය නම් කාමරයේ නවාතැන් ගාස්තු රජය විසින් අපට ලැබෙනවා ... 2017 ඔක්තෝබර් 5 දින 05.55 ට · පොදු

මුලාශ්‍ර[සංස්කරණය]

  1. Lycett, Andrew (2007). The Man Who Created Sherlock Holmes: The Life and Times of Sir Arthur Conan Doyle. Free Press. pp. 53–54, 190. ISBN 978-0-7432-7523-1.
  2. Barring-Gould, William S. The Annotated Sherlock Holmes. Clarkson N. Potter, Inc. p. 8. ISBN 0-517-50291-7.
  3. Doyle, A. Conan (1961). The Boys' Sherlock Holmes, New & Enlarged Edition. Harper & Row. p. 88.
  4. Klinger, Leslie (2005). The New Annotated Sherlock Holmes. New York: W.W. Norton. p. xlii. ISBN 0-393-05916-2.
  5. Jump up to: a b c Doyle, Arthur Conan (1893). The Original illustrated 'Strand' Sherlock Holmes (1989 ed.). Ware, England: Wordsworth. pp. 354–355. ISBN 978-1-85326-896-0.
  6. "The Adventure of the Gloria Scott"

වැඩිදුර කියවීම්[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ෂර්ලොක්_හෝම්ස්&oldid=576834" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි