කුලක වාදය

| ගණිතය | ||
|---|---|---|
|
|
||
| ද්වාරය | ||
කුලක ලෙස හැඳින්වෙන වස්තු සමුහ අධ්‍යයනයට ලක්කරන ගණිත ක්ෂේත්‍ර කුලක වාදය නම් වේ. ඕනෑම වර්ගයක වස්තූන් කුලකයක් බවට සමුහනය කල හැකි නමුදු බොහෝවිට ගණිතයට අදාල වස්තූන් සඳහාම කුලක වාදය භාවිතා වේ.
1870 දි පමණ කැන්චර් හා ඩෙඩකින්ඩ් කුලක වාදය පිලිබඳ නූතන අධ්‍යයනයන්ට මුලාරම්භය සැපයීය. අවිධිමත් කුලක වාදයේ විරුද්ධාර්ථ සොයා ගැනීමෙන් අනතුරුව විසිවැනි සියවසේ මුල් භාගයේදී විවිධ ස්වසිද්ධි වඩාත් ප්‍රසිද්ධ ඒවා වේ.
පලමු පෙල තර්කනය යොදා ගෙන විධිමත් කරන ලද කුලක වාදය ගණිතයේ දී වඩාත් පොදුවේ භාවිතා වන මූලික පද්ධතිය වේ. ශ්‍රිතයන් ආදී වන සියළු ගණිතමය වස්තූන් පාහේ අර්ථ දැක්වීමේදී කුලක වාදයේ භාෂා ක්‍රමය භාවිතා වේ. තවද සමස්ථ ගණිත විෂය නිර්දේශය පුරාම කුලකවාදයේ සංකල්ප අන්තර්ගත වේ. එදිනෙදා හමුවන භෞතික වස්තු සමුහයක් අධ්‍යයනය සදහා ප්‍රාථමික පාසල් තුළ දී මෙන් වෙන් සටහන් කුලක සහ කුලක අවයව පිලිබඳ මූලික කරුණු හදුන්වාදීම සිදුකල හැක. මේ යටතේ මුලික කුලක කර්ම වන කුලක මේලය හා කුලක ජේදනය මේ යටතේ අධ්‍යයනය කල හැක. අනෙකත්වය වැනි වු වඩාත් උසස් සංකල්ප උපාධි අපේක්ෂක විෂය නිර්දේශයේ පිළිගත් කොටසක් වේ.
ගණිතයේ මූලික පද්ධතියක් ලෙස භාවිතය හැරුනු විට කුලක වාදය ඒ සඳහාම වෙන් වු ක්‍රියාකාරී පර්යේෂක සමාජයක් සහිත වෙනමම විෂය පථයක් ද වේ. තාත්වික සංඛ්‍යා රේඛාවේ ව්‍යුහයේ පටන් විශාල අනේකත්වයන්හි සංගතතාව පිලිබඳ අධ්‍යයනය දක්වා විශාල පරාසයක විහිදුණු මාතෘකා රාශියක් වර්ථමානයේ කුලක වාදය යටතේ පර්යේෂණයට ලක් කෙරේ.
අමතර අවධානයට
[සංස්කරණය]සටහන්
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]
බාහිර සබැඳි
[සංස්කරණය]- en:Discrete mathematics/Set theory |
- en:Discrete mathematics/Set theory]]
- Online books, and library resources in your library and in other libraries about set theory
- "Axiomatic set theory", Encyclopedia of Mathematics, EMS Press, 2001, https://www.encyclopediaofmath.org/index.php?title=Axiomatic_set_theory
- "Set theory", Encyclopedia of Mathematics, EMS Press, 2001, https://www.encyclopediaofmath.org/index.php?title=Set_theory