තිථි

විකිපීඩියා වෙතින්

තිථි (ඒක වචනය:තිථිය) යනු චන්ද්‍ර මාස ක්‍රමයට අනුව එක් දිනයකට අනුරූපී සංකල්පයකි. පුර පක්ෂයට පසළොසක් (15) ක් හා අව පක්ෂයට පසළොසක් (15) ක් ලෙස, තිථි තිහක් (30), මාසයක් සතු වෙයි. පුර පක්ෂය යනු සඳු පිරීගෙන එන කාලයයි. අමාවක දිනයෙන් පටන් ගෙන පුර පසළොස්වක දිනය දක්වා පුර පක්ෂය වේ. අව පක්ෂය යනු පසළොස්වක දින සිට අමාවක දින දක්වා කාලයයි.

පුර පක්‍ෂය[සංස්කරණය]

  1. පුර පෑලවිය
  2. පුර දියවක
  3. පුර තියවක
  4. පුර ජලවක
  5. පුර විසේනිය
  6. පුර සැටවක
  7. පුර සතවක
  8. පුර අටවක
  9. පුර නවවක
  10. පුර දසවක
  11. පුර එකොළොස්වක
  12. පුර දොළොස්වක
  13. පුර තෙළෙස්වක
  14. පුර තුදුස්වක
  15. පසළොස්වක

අව පක්‍ෂය[සංස්කරණය]

  1. අව පෑලවිය
  2. අව දියවක
  3. අව තියවක
  4. අව ජලවක
  5. අව විසේනිය
  6. අව සැටවක
  7. අව සතවක
  8. අව අටවක
  9. අව නවවක
  10. අව දසවක
  11. අව එකොළොස්වක
  12. අව දොළොස්වක
  13. අව තෙළෙස්වක
  14. අව තුදුස්වක
  15. අමාවක

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=තිථි&oldid=658288" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි