පංචාංගය (ජ්‍යොතිෂය)
ජ්‍යෝතිෂයේ පදනම වන මූලික අංග 5 පඤ්චාංගය නමින් හැඳින්වේ
දිනයෙන් ආයු වර්ධනයද, නැකතින් පව් දුරු කිරීමද, තිථියෙන් ශ්‍රියාවද, යෝගයෙන් නිරෝගී බවද, කරණයෙන් කාර්යය සිද්ධියද අර්ථ දැක්වේයැයි පොත පතෙහි සඳහන් වේ.
දවස
[සංස්කරණය]දවස් 7 කි. මෙහිදී දවස යනු හිරු උදාවේ සිට පසුදා හිරු උදාව දක්වා කාලයයි.
- සඳුදා
- කුජදා
- බුදදා
- ගුරුදා
- කිවිදා
- ශනිදා
- රිවිදා
මරු සිටින දිශාව සහ රාහු කාලය දවස අනුව වෙනස්වේ.
දවස | හින්දු ආගම අනුව අධිපති | මරුසිටින දිශාව | රාහුකාලය (දිවා රාත්‍රී දෙකටම) |
---|---|---|---|
සඳුදා | දුර්ගාද (පාර්වතී) | වයඹ | 7:30 - 9:00 |
කුජදා | ස්කන්ධ කුමාර | බස්නාහිර | 3:00 - 4:30 |
බුදදා | විෂ්ණු | නිරිත | 12:00 - 1:30 |
ගුරුදා | මහා බ්‍රහ්ම | දකුණ | 1:30 - 3:00 |
කිවිදා | කිවි දින | ගිණිකොණ | 10:30 - 12:00 |
ශනිදා | ශ්‍රියා කාන්තාව | නැගෙනහිර | 9:00 - 10:30 |
රිවිදා | ශිව | උතුර | 4:30 - 6:00 |
නැකත
[සංස්කරණය]ජ්‍යොතිෂයේ නැකත් 27ක් ඇත.
ඒවා මෙලෙස දැක්විය හැකිය.
- අස්විද
- බෙරණ
- කැති
- රෙහෙණ
- මුවසිරිස
- අද
- පුනාවස
- පුස
- අස්ලිය
- මා
- පුවපල්
- උත්‍රපල්
- හත
- සිත
- සා
- විසා
- අනුර
- දෙට
- මුල
- පුවසල
- උත්‍රසල
- සුවන
- දෙනට
- සියාවස
- පුවපුටුප
- උත්‍රපුටුප
- රේවතී
මේ හැර අභිජිත් නම් නැකතක් ඇති අතර එය වැඩිපුර භාවිතා නොවන බව කියැවේ.
ඒ ඒ නැකතට අධිපති ග්‍රහයෙක් සිටිනා බව පොත පතෙහි සඳහන් වේ. එලෙසම නැකතකට අදාලව ගණ, යෝනි, වෘක්ෂ, පක්ෂි, ලිංගාදී කරුණු 10 වේ. පොරොන්දම් බැලීමේදී මෙමා කරුණු යොදා ගන්නවා ඇත.
කැති තුරුපල් තුරුසල ඉරුට සවිය ය
රෙහෙණ හත සුවණ දසවරුස සඳුට ය
මුවරිස් සිත දෙනට සත් අවුරුදු කුජ ය
අද සා සියාවස රාහුට අට ලොස ය
පුනවසි විසා පුවපුටු ගුරුට සොලොස ය
පුෂ නුර උත්‍රපුටුපා ශනි දස නම ය
අස්ලිය දෙට රේවතී බුධ සතලොස ය
මා මුල අස්විද කේතුට සතක් වී ය
පුවපල් ගුණය පුවසල බෙරණ නැකත ය
විස්සක් වරුස සිකුරා හට නියම වි ය
මෙකී මේ දශා මේ ලෙසට ගැන තී ය
උපන් නැකත දැන මෙලෙසින් දසාසො ය
තිථිය
[සංස්කරණය]තිථිය යනු චන්ද්‍ර මාස ක්‍රමයට අනුව එක් දිනයකි. නමුත් පෙර කී පරිදි තිථි 15 පමණක් වේ. එයින් කියැවෙන්නේ මාසයකට එකම තිථිය දෙවරක් යෙදෙන බවය. එය සැබෑවකි. නමුත් මෙය සිදු වන්නේ පුර පක්ෂයට 15 ක් හා අව පක්ෂයට 15 ක් ලෙසය. පුර පක්ෂය යනු සඳු පිරීගෙන එන කාලයයි. අමාවක දිනයෙන් පටන් ගෙන පුර පසළොස්වක දිනය දක්වා පුර පක්ෂය වේ. අව පක්ෂය යනු පසළොස්වක දින සිට අමාවක දින දක්වා කාලයයි.
පුර පක්‍ෂයේ තිථි 15
[සංස්කරණය]- පුර පෑලවිය
- පුර දියවක
- පුර තියවක
- පුර ජලවක
- පුර විසේනිය
- පුර සැටවක
- පුර සතවක
- පුර අටවක
- පුර නවවක
- පුර දසවක
- පුර එකොළොස්වක
- පුර දෙළොස්වක
- පුර තෙළෙස්වක
- පුර තුදුස්වක
- පසළොස්වක
අව පක්‍ෂයේ තිථි 15
[සංස්කරණය]- අව පෑලවිය
- අව දියවක
- අව තියවක
- අව ජලවක
- අව විසේනිය
- අව සැටවක
- අව සතවක
- අව අටවක
- අව නවවක
- අව දසවක
- එකොළොස්වක
- අව දෙළොස්වක
- අව තෙළෙස්වක
- අව තුදුස්වක
- අමාවක
යෝගය
[සංස්කරණය]එම 27 මෙසේය.
- විශ්කමභ
- ප්‍රීති
- ආයුෂ්මන්
- සෞභාග්‍ය
- ශෝභන
- අතිගණ්ඩ
- සුකර්ම
- ධෘති
- ශුල
- ගණ්ඩ
- වෘද්ධි
- ධෘව
- ව්‍යාඝාත
- හර්ෂණ
- වජ්‍ර
- සිද්ධි
- ව්‍යතිපාත
- වාරියන්
- පරිඝ
- ශිව
- සිද්ධ
- සාධ්‍ය
- ශුභ
- ශුබ්‍ර
- බ්‍රහ්ම
- මාහේන්ද්‍ර
- වෛධෘති
කරණය
[සංස්කරණය]කරණය යනු අප ඉහතදී කී තිථියේ භාගයකි. මේවා කොටස් දෙකකි. ඒවා නම් චර කරණ හා තිර කරණ වේ.
චර කරණ 7
[සංස්කරණය]- බව
- බාලව
- කෞලව
- තෛතිල
- ගරජ
- වනිජ
- විෂ්ටි
තිර කරණ 4
[සංස්කරණය]- ශකුණ
- වතුස්පාද
- නාග
- කිංස්තුංග
ගොවිතැන් යුගයේදී වන සතුන්ගෙන් තම ගොවිතැන ආරාක්ෂා කර ගැනීමට මේ කරණ යොදා ගත් අයුරක් පොත පතෙහි කියැවේ.
එක සිහ දෙක ඌරු තියවක ගජ කරණ
ජලවක කුකුළු පස එළු කරණ
සත ගව අට සිංහ නව සුකර කරණ
දසවක ගජ කරණ දැනගන් මේ ලෙසිණ
එකොළොස්වක කුකුළු කරණය කියන්නේ
සොළොස් දිවි තෙළෙස් එළු කරණය වන්නේ
තුදුස් ගවය පසළොස් සිංහය වන්නේ
පුරට කරණ මේ ලෙස දැන කියන්නේ
අට්වක ඌරු දියවක ගජ කරණවණු
තියවක කුකුළු ජලවක දිවි කරණවණු
පස එළු කරණ සැටවක ගජ කරණවණු
සතවක සිංහ අටවක සුකරයි දණු
නව ගජ දස කුකුළු එකොළොස් දිවි කරණ
දොළොස් එළු තෙලෙස් දැන් ගන් ගව කරණ
තුදුස් සිංහ අමාවක් සුකරයි දැණ
අවට කරණ මේ ලෙස ගැන ගෙන කියණ