තායිවොආන් ජනයා

විකිපීඩියා වෙතින්
තායිවොආන් 大武壠族
මුළු ජනගහනය
20,000කට අධික
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ
තායිවානය
භාෂා
තායිවොආන්,තායිවාන, මැන්ඩරින්
ආගම
ප්‍රාණවාදය, තාඕවාදය, බුද්ධාගම, ක්‍රිස්තියානි ආගම
ආශ්‍රිත මිනිස් ජාතීන්
සිරායා, මකටාඕ, තායිවාන ආදිවාසීන්

තායිවොආන් (චීන: 大武壠族、大滿族) ජනයා යනුවෙන් හැඳින්වෙන්නේ තායිවානයේ ස්වදේශික ජන කොට්ඨාසයකි. තායිවොආන්වරුන් මුලින් ජනාවාස වී සිටියේ තායිනන්හි කඳුකර සහ ද්‍රෝණි ප්‍රදේශවල, විශේෂයෙන්ම යුචින් ද්‍රෝණියේ ය. එම ප්‍රදේශය තායිවොආන්වරුන් විසින් තමානි ලෙස හඳුන්වන අතර, පසුකාලීනව ජපන් බසින් තමායි (ජපන් කන්ජි: 玉井) ලෙසත් සහ චීන බසින් යුචින් (චීන: 玉井) ලෙසත් හඳුන්වන ලදී.

ඇතැම් විද්වතුන්ට අනුව, වර්තමානයේ තායිවොආන් ජනගහණය විසි දහසකට අධික විය යුතු ය. මෙසේ ඇස්තමේන්තු කොට ඇත්තේ තායිවානයේ ජපන් පාලන සමයේ වාර්තා අනුවයි. ඒ අනුව තායිවානයේ දෙවන විශාලතම පිළිගැනීම-නොලද ස්වදේශික ජන කොට්ඨාසය වන ඔවුහු දෙවැනි වන්නේ මකටාඕ ජනයා පමණි.

බොහෝ විද්වතුන් පවසන්නේ මෙම දිවයිනට තායිවානය යන නම ලැබුණේ මෙම ස්වදේශික ජනයාගේ නාමය ඇසුරෙන් බවයි.[1] එයට හේතුව තායිවොආන් යන්නෙහි උච්චාරණය තායිවාන් යන්නට සමාන වීමයි. එසේම තායිවොආන්වරුන් පිහිටුවූ ජනාවාසයක් වන ‍තායෞවැං යන්න ද, තායිවාන් යන්නෙහි හඬට සමාන ය.

ඉතිහාසය[සංස්කරණය]

17වන සියවසේ ලන්දේසි වාර්තා අනුව, තායිවොආන් ජනයා ජනාවාස වී සිටියේ යුචින් ද්‍රෝණියේ ප්‍රධාන ප්‍රජා හතරක් ලෙස ය:

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Chen, Yao-chang (2017). 古今「大員」人 (Ancient and Modern "Tayouan" People). 財訊 (Cái Xùn). p. 36.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=තායිවොආන්_ජනයා&oldid=411964" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි