වුඩ්රෝ විල්සන්

විකිපීඩියා වෙතින්
වුඩ්රෝ විල්සන්
එක්සත් ජනපදයෙහි 28වන ජනාධිපතිවරයා
තනතුර දරමින්
මාර්තු 4, 1913 – මාර්තු 4, 1921
උප ජනාධිපතිවරයාතෝමස් ආර්. මාෂල්
පූර්වප්‍රාප්තිකයාවිලියම් හවර්ඩ් ටෑෆ්ට්
අනුප්‍රාප්තිකයාවොරන් ජී. හාඩිං
නිව්ජර්සිහී 34වන ආණ්ඩුකාරවරයා
තනතුර දරමින්
ජනවාරි 17, 1911 – මාර්තු 1, 1913
පූර්වප්‍රාප්තිකයාජෝන් ෆ්‍රැන්ක්ලීන් ෆෝට්
අනුප්‍රාප්තිකයාජේම්ස් ෆීල්ඩර්
ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙහි 13වන සභාපතිවරයා
තනතුර දරමින්
ඔක්තොම්බර් 25, 1902 – ඔක්තොම්බර් 21, 1910
පූර්වප්‍රාප්තිකයාෆ්‍රැන්සිස් පැට්න්

තෝමස් වුඩ්රෝ විල්සන් (දෙසැම්බර් 28, 1856 – පෙබරවාරි 3, 1924) යනු ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, නීතිඥයෙක්, සහ ශාස්ත්‍රඥයෙක් වන අතර එක්සත් ජනපදයෙහි 28වන ජනාධිපතිවරයා ලෙසින් 1913 සිට 1921 දක්වා සේවය කරමින්, ජාතීන්ගේ සංගමය පිහිටුවීමෙහිදී නායකත්වයක් සහ ඉමහත් දායකත්වයක් සැපයූ තැනැත්තා විය.

ඩිමොක්‍රටික් පක්ෂයෙහි සාමාජිකයෙක්වූ විල්සන්, 1912 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට පෙර, ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙහි සභාපතිවරයා සහ නිව් ජර්සිහී 34වන ආණ්ඩුකාරවරයා වන තනතුරු දැරීය. ජනාධිපතිවරයා වශයෙන්, ප්‍රගතශීලි ව්‍යවස්ථාදායක ප්‍රතිපත්ති සම්මත කර ගැනීමට ඔහු යුහුසුළු වූ අතර ඒවා 1933 වසරෙහිදී නව ප‍්‍රදත්තය එළිදැක්වෙන තෙක් අද්විතීය විය. ඔහු 1917 වසරෙහිදී එක්සත් ජනපදය පළමුවන ලෝක යුද්ධයට අවතීර්ණ කරමින්, "විල්සන්වාදය " ලෙසින් හැඳින්වුනු ක්‍රියාකාරී විදේශ ප්‍රතිපත්තියක් සංස්ථාපනය කලේය.

ස්ටේන්ටන්, වර්ජීනියාහී උපත ලද විල්සන්, ඔහුගේ මුල් දිවිය ගත කලේ ඔගස්ටා, ජෝර්ජියා සහ, කොලොම්බියා, දකුණු කැරොලිනා හිදීය. ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වෙතින් දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් දිනා ගැනීමෙන් අනතුරුව, ප්‍රින්ස්ටන්හී සභාපතිවරයා බවට පත්වීමට පෙර, විල්සන් විවිධ පාසැල් කිහිපයක උගැන්වීය. 1911 වසරෙහි සිට 1913 වසර දක්වා නිව්ජර්සිහී ආණ්ඩුකාරවරයා ලෙසින්, පක්ෂයෙහි පාලකයන් සමගින් මතවාදී විරසකයන් ඇති කර ගත් විල්සන් බොහෝ ප්‍රගතශීලි ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනුමට සමත් විය. නිව්ජර්සිහී ඔහුගේ සඵලත්වය විසින් ප්‍රගතශීලි ප්‍රතිසංස්කරණවාදියෙක් ලෙසින් ඔහු වෙත ජාතික කීර්තියක් ලබා දුන් අතර, 1912 ඩිමොක්‍රටික් ජාතික සම්මේලනයෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය දිනා ගැනුමට ඔහු සමත් විය. තනතුරුධාරී රිපබ්ලිකන් ජනාධිපති විලියම් හවර්ඩ් ටෑෆ්ට් සහ ප්‍රොග්‍රෙසිව් පක්ෂයෙහි අපේක්ෂක තියඩෝර් රෝසවෙල්ට් පරාජය කරමින් 1912 ජනාධිපතිවරණය දිනා ගත් විල්සන්, ඇමරිකානු සිවිල් යුද්ධයෙන් පසුව ජනාධිපතිවරයා ලෙසින් තේරී පත්වූ පළමු දක්ෂිණ පළාත් වැසියා විය.

ඔහුගේ පළමුවන ධූර කාලසීමාවෙහිදී, ඔහුගේ ප්‍රගතිශීලි නිව් ෆ්‍රීඩම් ස්වදේශීය න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීමට විල්සන් උත්සුක විය. ඔහු ප්‍රමුඛත්වය ලබා දුන් පළමුවැන්න වූයේ 1913 ආදායම් පණත සම්මත කරවා ගැනුම වූ අතර, එය විසින් තීරුබදු පහළ හෙලමින් ෆෙඩරල් ආදායම් බදු ක්‍රමයක් ක්‍රියාත්මක කලේය. පසුව සම්මත කරවා ගත් බදු පණත් විසින් ෆෙඩරල් වතු බද්දක් ක්‍රියාත්මක කෙරුණු අතර වැඩිම ආදයම් බදු අනුපාතිකය සියයට 77 දක්වා ඉහළ නැංවිණි. ෆෙඩරල් සංචිත පණත සම්මත කරවා ගැනුමෙහිද විල්සන් මූලිකත්වය ගෙන කටයුතු කල අතර, එය විසින් ෆෙඩරල් සංචිත පද්ධතිය ලෙසින් මධ්‍යම බැංකු ක්‍රමයක් තැණිනි. ෆෙඩරල් වෙළෙඳ කමිටු පණත සහ ක්ලේට්න් ප්‍රතිභාරකාර පණත යන ප්‍රධාන නීති දෙකද සම්මත කරවාගනු ලැබුණේ, භාර නම්වූ විශාල ව්‍යාපාරික වරප්‍රසාද නියාමනය සහ විසුරුවීම සඳහාය. ඔහුගේ අප්‍රිකානු-ඇමරිකානු ආධාරකරුවන්ගේ කලකිරීමට හේතු වන අයුරින්, කැබිනට් සාමාජිකයන් සමහර දෙනෙකුට ඔවුන්ගේ දෙපාර්තමේන්තු තුල විවසනය ක්‍රියාත්මක වීමට විල්සන් ඉඩ හැරීය. 1914 වසරෙහිදී පළමුවන ලෝක යුද්ධය ආරම්භ වත්ම, මිත්‍ර පාක්ෂික බලවතුන් සහ මධ්‍යම පාක්ෂික බලවතුන් අතර මධ්‍යස්ථතා ප්‍රතිපත්තියක් විල්සන් විසින් අනුගමනය කෙරිණි. 1916 වසරෙහි ජනාධිපතිවරණයෙහිදී, රිපබ්ලිකානු අපේක්ෂක චාල්ස් එවන්ස් හියුස් පරාජය කරමින් ඔහු යළි-තේරීපක්වූයේ පටු බහුතරයක් තුලිනි .

"https://si.wikipedia.org/w/index.php?title=වුඩ්රෝ_විල්සන්&oldid=441847" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි