කොප්ට්වරු

විකිපීඩියා වෙතින්
කොප්ට්වරු
ⲚⲓⲢⲉⲙ̀ⲛⲭⲏⲙⲓ ̀ⲛ̀Ⲭⲣⲏⲥⲧⲓ̀ⲁⲛⲟⲥ
මුළු ජනගහණය
10 සිට 20 මිලියන දක්වා

කොප්ටික ඊජිප්තියානු පිරිමින් [1] (ඇස්තමේන්තු වෙනස් විය හැක)
සැලකිය යුතු තරම් ජනගහණයක් ඇති ප්‍රදේශ
 ඊජිප්තුවඇස්තමේන්තු මිලියන 5 සිට 15 දක්වා පරාසයක පිහිටයි[3]
(බලන්න ඊජිප්තුව තුල ආගම)
 සුඩානය0.5 මිලියන පමණ
 එක්සත් ජනපද0.2 සිට 1 මිලියන පමණ[4][5][6][7] [8]
 කැනඩාව0.2 මිලියන පමණ[විශ්වාසනීය නොවන මූලාශ්‍රය?][1][භින්න වූ සබැඳිය][9][භින්න වූ සබැඳිය]
 ඕස්ට්‍රේලියාව75,000 පමණ (2003)[10]
 ඉතාලිය30,000 පමණ
ආගම්
ප්‍රමුඛ වශයෙන්: කොප්ටික ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි ආගම.
සුළුතරයෝ: කොප්ටික කතෝලික ආගම; බොහෝ ප්‍රොතෙස්තන්ත සුළුතරයෝ
ධර්ම පුස්තක
බයිබලය
භාෂා
ඊජිප්තියානු අරාබි භාෂාව
දේවධර්මීය: කොප්ටික

කොප්ට්වරු යනු ඊජිප්තුවෙහි ස්වදේශීය ක්‍රිස්තියානිවරුන් (කොප්ටික: ⲟⲩⲢⲉⲙ̀ⲛⲭⲏⲙⲓ ̀ⲛ̀Ⲭⲣⲏⲥⲧⲓ̀ⲁⲛⲟⲥ ou.Remenkīmi en.Ekhristianos ; ඊජිප්තියානු අරාබි: اقباط, IPA: [[උදවු:ඊජිප්තියානු අරාබි සඳහා IPA [ɑʔˈbɑːtˤ]]]) වන අතර, ඊජිප්තුවෙහි ප්‍රධාන වාර්ගික-ආගමික කණ්ඩායමක් සහ එහි විශාලතම ක්‍රිස්තියානි කණ්ඩායම වෙයි.

ක්‍රි.ව. 400–800 දක්වා අතිමහත් බහුතරයක ආගම වූයේ ක්‍රිස්තියානි ආගම වූ අතර, මුස්ලිම්වරුන් විසින් යටත් කරගැනීමෙන් පසුව වුවද 10වන සියවසෙහි මැද භාගය වන තුරු බහුතරයකගේ ආගම එය වූ අතර [11] තවමත් සැලකිය යුතු සුළුතර ජනගහණයක ආගම ලෙසින් ක්‍රිස්තියානි ආගම පවතියි. ඓතිහාසික වශයෙන් සැලකූ කළ, ඔවුහූ, රෝමානු යුගයෙහි භාවිතාවූ ජනසම්මත ඊජිප්තියානු භාෂාවෙහි සෘජු පැවතෙන්නක් වන, කොප්ටික භාෂාව කතා කළ මුත්, දැනට එය අභාවයට-යන තරම් තත්ත්වයක පවතින අතර, 18 වන සියවසෙහි සිට බොහෝ ලෙසින් දේව මෙහෙය ආශ්‍රිත කටයුතු වලට පමණක් සීමා වි පවතියි. ඔවුහු දැන් අරාබි භාෂාව කතා කරති.

ඊජිප්තුවෙහි කොප්ට්වරුන් විසින් මැද-පෙරදිග විශාලතම ක්‍රිස්තියානි ප්‍රජාව සදන අතර, එය ප්‍රදේශයෙහි විශාලතම ආගමික සුළුතරයද වෙමින්, ඊජිප්තියානු ජනගහණය අතර ඇස්තමේන්තුගත 10% ප්‍රමාණයක් සහිත වෙති. [12]

බොහෝ කොප්ට්වරුන් විසින් අදහනු ලබන්නේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ කොප්ටික ඕර්තඩොක්ස් සභාව වෙයි. [13][14][15] 800,000 පමණවූ ඉතිරිය[16] කොප්ටික කතෝලික සහ බොහෝ කොප්ටික ප්‍රොතෙස්තන්ත සභාවන් අතර බෙදී සිටිති.

නම[සංස්කරණය]

අත්‍යන්තයෙහිදී, කොප්ට් යන පදය ව්‍යුත්පන්න වී ඇත්තේ, රෝමානු ඊජිප්තුවෙහි ස්වදේශීය ඊජිප්තු ජනගහණය (ග්‍රීකයන්, රෝමානුවන්, යුදෙව්වන්, ආදියට වෙනස් ලෙසින් ප්‍රකාශ කරමින්) හැඳින්වීමට ග්‍රීක භාෂාවෙන් භාවිතා කළ නම අනුසාරයෙනි. මුස්ලිම්වරුන් විසින් ඊජිප්තුව යටත් කර ගැනීමෙන් පසුව, මෙම පදය, ක්‍රිස්තියානි ආගම අදහන ඊජිප්තියානුවන් හැඳින්වීමට සීමිත වී ඇත. [17]

ඊජිප්තුව සඳහා වන ග්‍රීක වචනය, එයිබ්දුෂ්, පවා ව්‍යුත්පන්න වී ඇත්තේ ඊජිප්තියානු භාෂාවෙන් වන අතර, එය සිදුව ඇත්තේ පැරණි යුගයකදී බව හැඟවෙන්නේ, මයිසීනියන් ග්‍රීක භාෂාවෙහි a3-ku-pi-ti-jo (lit. "ඊජිප්තියානු"; මෙහි භාවිතා වන්නේ මිනිසෙකුගේ නමක් ලෙසිනි) යන භාවිතය නිසාය.

මයිනීසියානු පදය බොහෝවිට මධ්‍ය ඊජිප්තියානු [ḥwt-k3-ptḥ] Error: {{Lang}}: text has italic markup (help) ("Hut-ka-Ptah") වෙතින් විය හැකි අතර, වචනාර්ථය " ප්ටාහ්ගේ දිෂ්ටියේ භූමිය (හෝ 'නිවස') " (cf. ඇකාඩියන් [āluḫi-ku-up-ta-aḫ] Error: {{Lang}}: text has italic markup (help)), ප්ටාහ් දෙවියා සඳහා මෙම්ෆිස්හී ඉදිවී ඇති දේවාල සංකීර්ණය.

ඔවුන්ගේ භාෂාව වූ කොප්ටික භාෂාවෙන්, කොප්ට්වරු ඔවුන්ව හඳුන්වන්නේ, rem en kēme (Sahidic) ⲣⲙⲛⲕⲏⲙⲉ, lem en kēmi (Fayyumic), rem en khēmi (Bohairic) ⲣⲉⲙ̀ⲛⲭⲏⲙⲓ ලෙසින් වන අතර, එහි වචනාර්ථය වන්නේ "ඊජිප්තුවේ ජනතාව " හෝ "ඊජිප්තියානුවෝ" යන්නයි; cf. ඊජිප්තියානු rmṯ n kmt, ජනසම්මත ඊජිප්තියානු rmt n kmỉ.

qibṭ "කොප්ට්" යන අරාබි වදන, Κόπτος කොප්ටොස් නගරයේ ග්‍රීක නම (වර්තමානයේ Qifṭ; කොප්ටික Kebt සහ Keft) හා සම්බන්ධිතය. නම සඳහා අවසන් පදය ලෙසින් කොප්ට් යන්න ව්‍යවහාර වීම සඳහා මෙම සම්බන්ධතාවය හේතු පාදක වූවා විය හැකිය.[18]

20වන සියවසෙහිදී, පාරාවෝවාදය සන්දර්භය තුල ගැලුනු සමහරක් ඊජිප්තියානු ජාතිකවාදීන් හා ප්‍රාඥයින් විසින් qubṭ යන පදය ඓතිහාසික ලෙසින් භාවිතා කිරීම ඇරඹූහ. නිදසුනක් ලෙසින්, කොප්ටික කෞතුකාගාරයෙහි ආරම්භක, මාර්කෝස් පැෂා සෙමෙයිකා විසින්, ඊජිප්තියානු සිසුන් පිරිසක් අමතමින් කියා සිටියේ: "ඔබ සැම දෙනම කොප්ට්වරුය. ඔබෙන් සමහර දෙනෙක් මුස්ලිම් කොප්ට්වරුය, අනෙකුන් ක්‍රිස්තියානි කොප්ට්වරුය, එනමුදු ඔබ සියළු දෙනා පැවත එන්නේ පුරාතන ඊජිප්තියානුවන්ගෙන්ය ".[19]

ඉතිහාසය[සංස්කරණය]

කොප්ට්වරු
පිළිබඳ ලිපි මාලාවක කොටසකි
සංස්කෘතිය

ගෘහ නිර්මාණ ශිල්පය කලාව දින දසුන
කොප්ට්වේදය කුරුසය උපවාසය
ධජය ඉතිහාසය අනන්‍යතාව සාහිත්‍යය
සංගීතය ආශ්‍රමිකත්වය හිංසා කිරීම

ප්‍රදේශ

ඊජිප්තුව එක්සත් ජනපදය කැනඩාව
අප්‍රිකාව ආසියාව ඕස්ට්‍රේලියාව
යුරෝපය දකුණු ඇමරිකාව

ආගම්

ඕර්තඩොක්ස් ආගම කතෝලික ආගම
ධර්මදූතිකයෝ අනෙකුත් ප්‍රොතෙස්තන්තවාදීහු

භාෂා

ඊජිප්තියානු භාෂාව කොප්ටික භාෂාව

ලේඛන ක්‍රම

සංකේතරූප පූජකමය
ජනසම්මත කොප්ටික

ශුද්ධවූ මාර්ක් තුමාගේ කොප්ටික අයිකොනය

කොප්ට්වරු මැද පෙරදිග පැරණිතම ක්‍රිස්තියානි ප්‍රජාවන්ගෙන් එකකි. විශාලතම ඊජිප්තියානු ජාතිය සමග සම්මිශ්‍රණය වුවද, ඇස්තමේන්තු විටින් විට වෙනස් වුවද, ජනගහණයෙන් 10–20% පමණ ප්‍රමාණයක් සදමින්,[13][14][16][20][21][22][23][24][25] ප්‍රභින්න ආගමික ප්‍රජාවක් ලෙසින් පැවතී සිටීමට ඔවුහූ සමත්ව සිටිති. නොබිඳුනු පූජකපීතෘ දාමයක මූලිකයා විසින් ඇරඹි ඊජිප්තියානු සභාව අපෝස්තලිකව අනුයාතව පැවතීම පිළිබඳව ඔවුහූ සාඩම්බර වෙති. මෙම ප්‍රධාන මණ්ඩලය, සියවස් 16 ක් මුළුල්ලේ රෝමානු කතෝලික සභාව (රෝමයේ) සහ බොහෝ නැගෙනහිර ඕර්තඩොක්ස් සභාවන් හා සමග පූර්ණ ආගමික සම්බන්ධතාවයෙහි නොපවතියි.

ඊජිප්තියානු ක්‍රිස්තියානි සභාවේ සම්භවය[සංස්කරණය]

පුරාතන සම්ප්‍රදායයට අනුව, ඊජිප්තියානුවන්ට ක්‍රිස්තියානි ආගම හඳුන්වාදුන්නේ, of ක්‍රිස්තුස් වහන්සේගේ ස්වර්ගාරෝහණයෙන් ස්වල්ප කළකට පසුව සහ රෝමානු අධිරාජ ක්ලෝඩියස්ගේ රාජ්‍ය කාලයේදී ක්‍රිව 42 දී පමණ ඇලෙක්සැන්ඩ්‍රියාවේ, ශුද්ධවූ මාර්ක් තුමා විසිනි.[26] ශුද්ධවූ මාර්ක් තුමන්ගේ ඇලෙක්සැන්ඩ්‍රියානු ආගමනයෙන් අඩ සියවසක් තුලදී, ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිට ඊජිප්තුව පුරාවටම ක්‍රිස්තියානි ආගම පැතිරි ගිය බව පැහැදිලි වන්නේ, කොප්ටික භාෂාවෙන් ලියැවුණු, 2වන සියවසෙහි පළමු අඩ දක්වා දින ගණනය කළ හැකිවූ ජුවාම් තුමාගේ අස්නෙහි ශේෂයක්, ඉහළ ඊජිප්තුවෙන් සොයා ගැනීමත් සහ, ක්‍රිව  200 දක්වා කාල නිර්ණය කළ හැකි නව ගිවිසුම් ලියැවිලි මධ්‍යම ඊජිප්තුවෙහි, ඔක්සිරීකස්හී සොයාගැනීමත් නිසාය. 2වන සියවසෙහිදී, ක්‍රිස්තියානි ආගම ගම්බද පෙදෙස් වලට පැතිරීම ඇරඹුනු අතර, වර්තමානයේ කොප්ටික භාෂාව ලෙසින්ද, එකල ඊජිප්තියානු භාෂාව ලෙසින්ද හැඳින්වුනු, ස්වදේශීය භාෂාවන්ට ධර්ම ග්‍රන්ථ පරිවර්තනය කෙරිණි. ක්‍රිව 3වන සියවස ඇරඹීමත් හා සමගම, ඊජිප්තුවේ ජනගහණයෙන් බහුතරය ක්‍රිස්තියානිවරුන් වෙමින්, ක්‍රිස්තියානි ලෝකයේ අපෝස්තලික ශුද්ධාසන සතරෙන් එකක් ලෙස ඇලෙක්සැන්ඩ්‍රියාවේ සභාව සැලකුණු අතර, එයට වඩා ගෞරවයට පාත්‍ර වූයේ රෝමයේ සභාව පමණි. මේ අනුව, ඇලෙක්සැන්ඩ්‍රියාවේ සභාව, අප්‍රිකාවේ පැරණිතම ක්‍රිස්තියානි සභාව වෙයි.

ක්‍රිස්තියානි ආගමට දායකත්වයන්[සංස්කරණය]

ඊජිප්තියානුවෝ ක්‍රිස්තියානි සම්ප්‍රදායට අතිශයින් දායක වී ඇත. ඇලෙක්සැන්ඩ්‍රියාවේ කැතිකැටිකල් පාසැල්, ලෝකයේ පැරණිතම කැතිකැටිකල් පාසැල් වූහ. පැන්ටනේයියස් නම් විද්වතා විසින් ක්‍රිව  190 දී පමණ ඇරඹුනු ඇලෙක්සැන්ඩ්‍රියා පාසැලෙහි, ඇතනියගරස්, ක්ලෙමන්ට්, ඩිඩිමස්, සහ ව්‍යාඛ්‍යානය සහ සංසන්දන බයිබලීය අධ්‍යයන පිළිබඳවද සක්‍රීය දායකත්වයක් දැක්වූ හා දේවධර්මයේ පියා ලෙසින් නම් ලද, ඔරිජන් යන්නන් විසින් ශිෂ්‍යයන් උගෙනුම ලද අතර, , ආගමික ඉගෙනීම පිළිබඳ වැදගත් ආයතනයක් බවට පත් විය. කෙසේවෙතත්, පාසැලෙහි විෂය පථය දේවධර්මීය විෂයයන්ට පමණක් සීමා නොවීය; විද්‍යාව, ගණිතය සහ මානව ශාස්ත්‍ර ද මෙහිදී උගැන්වුනි. ව්‍යාඛ්‍යානය පිළිබඳ ප්‍රශ්න -සහ-පිළිතුරු ක්‍රමය මෙහිදී ඇරඹුනු අතර, බ්රේල්ගේ සොයාගැනීම් වලට සියවස් 15 කට පෙර, ලී-කැටයම් ක්‍රමවේද භාවිතා කිරීමෙන් අන්ධ ශිෂ්‍යයන්ට කියවීම සහ ලිවීම කළ හැකි විය.

ඊජිප්තියානුවරුන් විසින් ක්‍රිස්තියානි ආගම වෙත සිදුකරන ලද අනෙකුත් ප්‍රධාන දායකත්වය වූයේ, ආශ්‍රම ව්‍රතය ඇරඹීම හා සංවිධානය කිරීමය. ලෝක ව්‍යාප්ත ක්‍රිස්තියානි ආශ්‍රම ව්‍රතය, එක්කෝ සෘජු ලෙසින් නැත්නම් වක්‍ර ලෙසින්, ඊජිප්තියානු ඇරඹුමෙන් පැන නැගී ඇත. ආශ්‍රම ව්‍රත ව්‍යාපාරයෙහි ප්‍රමුඛ පුද්ගලයින් වූයේ මහා ඇන්තනී, තීබ්ස්හී පෝල්, මහා මකාරියස්, නායක පූජක ෂෙනවුඩා සහ ආරාමික පැචොමියස් යන්නෝ වූහ. 5වන සියවසෙහි අග වන විට, ආශ්‍රම සිය ගණනක් වූ අතර, ඊජිප්තියානු කාන්තාරය පුරා පැතිර පැවති කුටීර හා ලෙන් ගණන දහස ඉක්මවීය. එතැන් පටන් වන්දනාකරුවන් විසින් ඊජිප්තියානු කාන්තාර පියවරුන් හමුවූයේ ඔවුන්ගේ ධාර්මික, ශික්ෂිත ජීවිත අනුකරණය කරනු වස්ය. සුළු ආසියාවේ ආශ්‍රම ව්‍රත ව්‍යාපාරයෙහි ආරම්භක හා සංවිධායක වූ, සෙසාරියා මසාකාහී අගරදගුරුවරයාවූ ශුද්ධවූ මහා බැසිල් තුමා, ක්‍රිව   357 දී පමණ ඊජිප්තුවෙහි සංචාරය කළ අතර ඔහුගේ ආශ්‍රම ව්‍රත නීති නැගෙනහිර ඕර්තඩොක්ස් සභා විසින් අනුගමනය කරනු ලැබේ. බයිබලය ලතින් භාෂාවට පරිවර්තනය කළ, ශුද්ධවූ ජෙරොම් තුමා, ක්‍රිව 400 දී පමණ ජෙරුසලෙම වෙත ගමන් කරන අතරතුරෙහිදී ඊජිප්තුව වෙත පැමිණි අතර, එතුමාගේ අත්දැකීම් වල විස්තර එතුමාගේ හසුන් වල අඩංගුවී ඇත. ශුද්ධවූ බෙනඩික්ට් තුමා විසින් 6වන සියවසෙහිදී බෙනඩික්ටියානු නිකාය ඇරඹීමේදී ශුද්ධවූ පැචොමියස් තුමාගේ ආකෘතිය අනුගමනය කළ මුත්, එයට වඩා දැඩි මගක් අනුගමනය කළේය.

ධර්ම සංඝායනා හෙවත් ධර්ම මන්ත්‍රණ සභා[සංස්කරණය]

ආදි ක්‍රිස්තියානි දේවධර්මය සහ දෘෂ්ටිය සංස්ථාපනය කිරීම සඳහා ඇලෙක්සැන්ඩ්‍රියානු ආසනයේ දායකත්වය පිළිබඳ සාක්ෂි සපයනුයේ, ක්‍රිස්තියානි ආගමෙහි පළමු ධර්ම මන්ත්‍රණ සභා තුනම ඊජිප්තියානු පීතෘමූලිකයන්ගේ සභාපතිත්වයෙන් පවත්වා තීබීමෙනි. නයිසියා මන්ත්‍රණ සභාවෙහි (ක්‍රිව  325) සභාපතිත්වය දැරුවේ, කෝර්ඩෝබාහී ශුද්ධවූ හොසියුස් තුමා හා සමගින් ශුද්ධවූ ඇලෙක්සැන්ඩර් තුමා, ඇලෙක්සැන්ඩ්‍රියාවේ පිතෘමූලික විසිනි. මෙයට අමතරව, වර්තමානයේ, විවිධ නාමිකයන්ට අයත් බොහෝ ක්‍රිස්තියානි සභාවන්හී හඬනගා කියවෙන නයිසියා ඇදහිල්ල පිළියෙල කිරීමෙහි ප්‍රධාන භූමිකාවක් දැරූ, මන්ත්‍රණ සභාවේ ඉතාමත් ප්‍රමුඛ පුද්ගලයා වූයේ, අනාගත ඇලෙක්සැන්ඩ්‍රියාවේ පිතෘමූලික අතනාසියුස් විය. පාස්කු මංගල්‍යයේ තථ්‍ය දිනය ගණනය කොට එය අනෙකුත් සභාවන්ට වාර්ෂිකව ප්‍රකාශයට පත්කිරීමේ කාර්යය, ඇලෙක්සැන්ඩ්‍රියාවේ පිතෘමූලික වෙත පැවරීම, මන්ත්‍රණ සභාව ගත් එක් තීරණයකි. කොන්ස්තන්තිනෝපලයේ මන්ත්‍රණ සභාවේ (ක්‍රිව 381) සභාපතිත්වය දැරුවේ ඇලෙක්සදැන්ඩ්‍රියාවේ පිතෘමූලික තිමති තුමා විසින් වන අතර, එෆසස්හී මන්ත්‍රණ සභාවේ (ක්‍රිව  431) සභාපතිත්වය දැරුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිරිල් තුමා විසිනි.

කැල්සිඩන් මන්ත්‍රණ සභාව[සංස්කරණය]

ක්‍රිව 451 දී වූ, කැල්සිඩන් මන්ත්‍රණ සභාවට පසුව, ඇලෙක්සැන්ඩ්‍රියාවේ සභාව ශාඛා දෙකකට වෙන්විය. මන්ත්‍රණ සභාවේ කොන්දේසි වලට එකඟවූ අයවළුන් හැඳින්වුනේ කැල්සිඩෝනියානුවන් හෝ මෙල්කයිට්ස් ලෙසිනි. මන්ත්‍රණ සභාවේ කොන්දේසි අනුව ක්‍රියා නොකළ අයවළුන් හට පටබැඳුනේ කැල්සිඩෝනියානුවා-නොවන්නන් හෝ මොනොපයිසිට්වරුන් ලෙසින් වන අතර පසු කළෙක ජේකබ් බාර්අඩායි අනුව යමින් ජේකබයිට්වරුන් ලෙසිනි. කැල්සිඩෝනියානුවා-නොවන්නන්, කෙසේවෙතත්, මොනොපයිසිට්වරුන් යන නම වැරදි බව කියමින් බැහැර කළ අතර ඔවුන්ව හඳුන්වාගත්තේ මියාපයිසිට්වරුන් ලෙසිනි. ඊජිප්තියානුවන්ගෙන් බහුතරය අයත් වූයේ මියාපයිසිට් ශාඛාවට වූ අතර, මේ නිසාම ඊජිප්තුවේ බයිසැන්ටියන්වරුන් වෙතින් හිංසනයට ලක් වූහ.


අරාබි–මුස්ලිම් වරුන්ගේ ඊජිප්තු ආක්‍රමණය[සංස්කරණය]

කොප්ටික කයිරෝවෙහි එල්ලෙන දේවස්ථානය.

බයිසැන්ටියන් යුද්ධ හමුදාව හා සමගින් මුහුණට මුහුණලා දරුණු සටන් වල නිරතවූ අරාබිවරුන් විසින්, ක්‍රිව  641 දී ඊජිප්තුව ආක්‍රමණය කෙරුණු අතර, ස්වදේශීය ඊජිප්තියානු ජනගහණය වෙතින් සුළු ප්‍රතිවිරුද්ධයක් හෝ කිසිම ප්‍රතිවිරුද්ධයක් නොමැති තත්තවයකට මුහුණ දුන්හ. කෙසේවෙතත්, ඊජිප්තියානුවන් වෙතින් එල්ලවූ ස්වදේශීය ප්‍රතිවිරෝධය, එයින් ටික කලකට පසුව සිට ඇරඹී 9වන සියවස දක්වා ක්‍රියාත්මක විය. [27][28]

නූතන ඊජිප්තුවේ කොප්ට්වරු[සංස්කරණය]

ජනාධිපති නසර් විසින් කොප්ටික රදගුරුවරුන් නියෝජනයක් පිළිගනු ලබයි (1965)

අධෝසටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 "කොප්ටික් ඕර්තඩොක්ස් ක්‍රිස්ට්මස් ටු බී ලෝ-කී – ටයිට් සෙකියුරිටි: ඔන් එලර්ට් ආෆ්ටර් බොඹිං ඉන් ඊජිප්ට්". මොන්ට්‍රියල් ගැසට්. 4 ජනවාරි 2011. http://www.montrealgazette.com/life/Montreal+Coptic+Orthodox+Christmas/4054183/story.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 5 ජනවාරි 2011. 
  2. "ඊජිප්ෂියන් කොප්ටික් ප්‍රොටෙස්ටර්ස් ෆ්‍රීඩ්". බීබීසී. 22 දෙසැම්බර් 2004. http://news.bbc.co.uk/2/hi/middle_east/4117831.stm. 
  3. නිල ජනගහණ වාර්තා දක්වන්නේ කොප්ට්වරුන්ගේ සංඛ්‍යාව, ජනගහණයෙන් 16–18% පමණ යන බව වුවත්, සමහරක් කොප්ටික ප්‍රකාශයන් දක්වන්නේ එය 23% තරම් ඉහළ අගයක පවතින බවයි. සමහරක් උගතුන් විසින් නිල ජනගහණ සංගණන වාර්තා නිවැරැදි යැයි පිළිගත්තද (බලන්න. ඊ.ජේ.චිට්හැම්, ද කොප්ටික් කමියුනිටි ඉන් ඊජිප්ට්. ස්පේෂල් ඇන්ඩ් සෝෂල් චේන්ජ්, ඩර්හැම් 1986), බොහෝ උගතුන් සහ ජාත්‍යන්තර නිරික්ෂකයන් උපකල්පනය කරනුයේ ඊජිප්තියානු ජනගහණයේ ක්‍රිස්තියානු කොටස, ඊජිප්තියානු රජය විසින් ප්‍රකාශ කරන ප්‍රමාණයට වඩා ඉහළ බවයි. බොහෝ ස්වාධීන ඇස්තමේන්තු දක්වන්නේ 10% සිට 20% පරාසයක පවතින අගයක් වන අතර, , [2] නිදසුනක් වශයෙන් සීඅයිඒ වර්ල්ඩ් ෆැක්ට් බුක්, "ඊජිප්ට්". ද වර්ල්ඩ් ෆැක්ට් බුක්. සීඅයිඒ. සම්ප්‍රවේශය 27 අගෝස්තු 2010.,කයිරි අබාසා සහ මාක් නකාලා (25 ඔක්තොම්බර් 2005). "ද කොප්ට්ස් ඇන්ඩ් දෙයාර් පොලිටිකල් ඉම්ප්ලිකේෂන්ස් ඉන් ඊජිප්ට්". ද වොෂිංටන් ඉන්ස්ටිට්‍යුට්. සම්ප්‍රවේශය 27 අගෝස්තු 2010., එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා (1985), හෝ මැක්‍රොපීඩියා (15වන සංස්., චිකාගෝ) දැක්විය හැක. 2009දී ඊජිප්තියානුවෝ 83,000,000+ යන ප්‍රක්ෂිප්ත අගය සඳහා, මෙම උපකල්පනය ඉහත අගයයන් ගෙන දෙයි.
    2008 දී, තුන්වන ෂෙනවුඩා පාප් වහන්සේ සහ ෂබ්රාහී රදගුරු, මොර්කොස් රදගුරුවරයා, ප්‍රකාශයට පත් කළේ ඊජිප්තුවෙහි කොප්ට්වරු සංඛ්‍යාව මිලියන 12 ඉක්මවන බවයි. එම වසරෙහිදීම, කයිරෝවේ ප්‍රමුඛතම පූජකතුමා වූ මොර්කෝස් අසීස් පියතුමා ප්‍රකාශ කළේ කොප්ට්වරු සංඛ්‍යාව (ඊජිප්තුව තුල) මිලියන 16 ඉක්මවන බවයි. "?". යුනයිටඩ් කොප්ට්ස් ඔෆ් ග්‍රේට් බ්‍රිටන්. 29 ඔක්තොම්බර් 2008. සම්ප්‍රවේශය 27 අගෝස්තු 2010. සහ "?". العربية.نت. සම්ප්‍රවේශය 27 අගෝස්තු 2010. තවදුරටත්, මෑත පෙරදිග ප්‍රතිපත්තිය සඳහා වොෂිංටන් ආයතනය කයිරි අබාසා සහ මාක් නකාලා la (25 ඔක්තොම්බර් 2005). "ද කොප්ට්සම් ඇන්ඩ් දෙයා පොලිටිකල් ඉම්ප්ලිකේෂන්ස් ඉන් ඊජිප්ට්". සම්ප්‍රවේශය 27 අගෝස්තු 2010. එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා (1985), සහ මැක්‍රොෆීඩියා (15වන සංස්., චිකාගෝ) ඇස්තමේන්තු කරන්නේ ඊජිප්තුව තුල කොප්ට්වරුන්ගේ ප්‍රතිශතය 20% දක්වා විය යුතු බවයි.
  4. 2009 ඇමරිකන් කොමියුනිටි සර්වේ, එ.ජ. සංගණන කාර්යාංශය "ඕල් ඊජිප්ෂියන්ස් ඉන්ක්ලූඩිං කොප්ට්ස් 197,160"
  5. ප්‍රකාශිත ගිණුම් වාර්තා සහ කොප්ටික/එජ මූලාශ්‍ර කිහිපයක් පරිදී (එජ-කොප්ටික සංවිධානය ඇතුළුව), කොප්ටික ඕර්තඩොක්ස් සභාවෙහි සාමාජිකයෝ 700,000 සහ එක් මිලියනය අතර සංඛ්‍යාවක් එක්සත් ජනපදයෙහි සිටිති ( 2005–2007 පමණ)."වයි සීසීයූ?". කොප්ටික් ක්‍රෙඩිට් යූනියන්. සම්ප්‍රවේශය ජූනි 21, 2009. {{cite web}}: Check date values in: |date= (help)
  6. "කොප්ටික්ස් ෆ්ලොක් ටු වෙල්කම් 'බාබා' ඇට් පිට්ස්බර්ග් එයාර්පෝට්". පිට්ස්බර්ග් ට්‍රිබ්‍යුන් (2007). සම්ප්‍රවේශය ජූනි 21, 2009. {{cite web}}: Check date values in: |date= (help)
  7. "ස්ටේට්ස් ෆර්ස්ට් කොප්ටික් ඕර්තඩොක්ස් චර්ච් ඊස් අ වෙස්ල් ඔෆ් ෆේත්". JS Online (2005). සම්ප්‍රවේශය ජූනි 21, 2009. {{cite web}}: Check date values in: |date= (help)
  8. "කොප්ටික් ඩයැස්පරා". එජ-කෝප්ට්වරුන්ගේ සංවිධානය (2007). සම්ප්‍රවේශය ජූනි 21, 2009. 2007-02-20 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite web}}: Check date values in: |date= (help)
  9. [1]
  10. 2003 වසරෙහිදී, නිව් සවුත් වේල්සයෙහිදී පමණක් ඇස්තමේන්තුගත කොප්ට්වරු 70,000 සිටියහ: – "12 නොවැම්බර් 2003". පාර්ලිමේන්තු විවාද (හැන්සාඩ්). NSW පාර්ලිමේන්තුව– ව්‍යවස්ථාදායක සභාව: පිටුව: 4772: – කොප්ටික් ඕර්තඩොක්ස් චර්ච් (NSW) ප්‍රොපටි ට්‍රස්ට් ඇමන්ඩ්මන්ට් බිල්. 12 නොවැම්බර් 2003. {{cite journal}}: Cite has empty unknown parameters: |laydate=, |separator=, |laysource=, |layurl=, |trans_title=, and |month= (help)
  11. ඉබ්‍රහිම්, යුසෙෆ් එම්. (අප්‍රේල් 18, 1998). "යූ.එස්. බිල් හෑස් ඊජිප්ට්ස් කොප්ට්ස් ස්කර්ව්මිං". ද නිව්යෝර්ක් ටයිම්ස්. http://query.nytimes.com/gst/fullpage.html?res=9E02E5DC103DF931A25757C0A96E958260&sec=&spon=&pagewanted=1. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-10-08. 
  12. කෝල්, ඊතන් (ජූලි 8, 2008). "ඊජිප්ට්ස් ක්‍රිස්ටියන් -මුස්ලිම් ගැප් ග්‍රොවිං බිගර්". ද ක්‍රිස්ටියන් පෝස්ට්. සම්ප්‍රවේශය 2008-10-02.
  13. 13.0 13.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; U.S.Dept of State/Egypt නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  14. 14.0 14.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; FCO/Egypt/ නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  15. හූ ආ ද ක්‍රිස්ටියන්ස් ඉන් ද මිඩ්ල් ඊස්ට්?. බෙටී ජේන් බේලි. ජූනි 18, 2009. ISBN 978-0-8028-1020-5.
  16. 16.0 16.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; LOOKLEX Encyclopedia/Egypt/Religions&Peoples නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  17. "The people of Egypt before the Arab conquest in the 7th century identified themselves and their language in Greek as Aigyptios (Arabic qibt, Westernized as Copt); when Egyptian Muslims later ceased to call themselves Aigyptioi, the term became the distinctive name of the Christian minority." (“ (සිංහල) පරිවර්තනය: 7වන සියවසෙහිදී අරාබිවරුන් විසින් යටත්කරගැනුමට පෙර ඊජිප්තුවේ ජනයා ග්‍රීක භාෂාවෙන් ඔවුන්ව හා ඔවුන්ගේ භාෂාව හැඳින්වූයේ එයිකුප්ටියෝ ලෙසිනි(අරාබි කුපිට්, කොප්ට් ලෙසින් බටහිරකරණය ); ඊජිප්තියානු මුස්ලිම්වරුන් පසුව ඔවුන්ව එයිකුප්ටියෝ ලෙසින් හැඳින්වීම නැවැත්වූ විට, මෙම පදය ක්‍රිස්තියානු සුළුතරය හැඳින්වුනු පදය විය”)කොප්ටික් ඕර්තඩොක්ස් චර්ච්. එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා ඔන්ලයින්. 2007
  18. OED s.v. "Copt".
  19. qtd. in M. Hussein. el Ittigahat el Wataneyya fil Adab el Muʻaṣir [නැෂනල් ට්‍රෙන්ඩ්ස් ඉන් මොඩර්න් ලිට්‍රිචර්]. වෙළුම. 2. කයිරෝව, 1954
  20. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; The world factbook/Egypt/ නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  21. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; IPS News නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  22. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; christianpost.com නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  23. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; msn encarta/Egypt නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  24. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; washingtoninstitute.org නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  25. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; nlgsolutions1 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  26. සිසරියාවේ යුසීබියස්, සතරවන සියවසෙහි සාමයික ඉතිහාසයේ කතෘ වරයා, පවසන්නේ ශුද්ධවූ මාර්ක් තුමා ඊජිප්තුවට පැමිණියේ අධිරාජ ක්ලෝඩියස්ගේ රාජ්‍ය කාලයේ පළමු හෝ තුන්වන වසරේදී බවයි, එනම් ක්‍රිව 41 හෝ 43. "ටූ තවුසන්ඩ් ඉයර්ස් ඔෆ් කොප්ටික් ක්‍රිස්ටියැනිටි " ඔටෝ එෆ්.ඒ. මෙයිනාර්ඩස් පි28.
  27. Mawaiz wa al-'i'tibar bi dhikr al-khitat wa al-'athar (වෙළුම් 2., බුලාක්, 1854), by අල්-මක්රිසි
  28. නයිකියුහී ජෝන්ගේ වංශ කථා
"https://si.wikipedia.org/w/index.php?title=කොප්ට්වරු&oldid=566250" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි