නාලන්දා විද්‍යාලය, කොළඹ
| නාලන්දා විද්‍යාලය, කොළඹ | |
![]() |
|
|
"අපදාන ශෝභිනී පඤ්ඤා"
ප්‍රංඥාවෙන් චරිතය උපනැංවේ |
|
| ස්ථානය | |
|---|---|
| කොළඹ, ශ්‍රී ලංකාව |
|
| තොරතුරු | |
| වර්ගය | රාජ්‍ය පාසලකි |
| ස්ථාපිත | 1925 |
| විදුහල්පති | රන්ඡිත් ඦයසූන්දර |
| වෙබ් අඩවිය | නිළ වෙබ් අඩවිය |
නාලන්දා විද්‍යාලය, ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි බෞද්ධ පාසලකි. මෙය පී.ද.ඒස්. කුලරත්න මහතා විසින් ආනන්ද විද්‍යාලයේ අපශාඛාවක් ලෙස වර්ෂ 1925 නොවැම්බර් මස 1 වන දින පිහිටුවන ලදී. ආනන්ද විද්‍යාලය ලෙසම මෙම විද්‍යාලයද බුදු දහම වැලඳගත් ඇමරිකානුවකු වන කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා විසින් මෙහෙයවනු ලැබූ පරම විඥාණාර්ථ සංසදයේ සහය ඇතිව ආරම්භකරන ලදී.
වර්තමාන නාලන්දා විද්‍යාලය [සංස්කරණය]
කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුලත් වීමට තිබූ අධික ඉල්ලුම සපුරාලනු වස් එවකට විදුහල්පති පී.ද.ඒස්. කුලරත්න මැතිදා ආනන්ද විද්‍යාලයට යාබඳ කැම්බල් පෙදෙස ක්‍රීඩා පිටිය බද්දට ගෙන එහි උණ ලීයෙන් හා පොල් අතු සෙවිලිකල පංති කාමර තනා අමතර සිසුන් ඇතුලත් කරගන්නා ලදී.
අනතුරුව කොළඹ ආනන්ද විද්‍යාලයේ 39 වන සංවසර වන 1925 නොවැම්බර් පලමුදා පී.ද.ඒස්. කුලරත්න මැතිදා නාලන්දා විද්‍යාලය වෙනම පාසලක් ලෙස රජයේ ලියා පදිංචි කරන ලදී. විසිවන ශතවර්ෂයේ ශ්‍රිලංකාවේ ථෙරවාදී බුදුදහමේ විශිෂ්ඨ චරිතයක් වන බලංගොඩ ආනන්ද මෙත්‍රී හිමිපානන් මෙම නවතම පාසැලට "නාලන්දා" යන නම තැබූ අතර එහි උපදේශ වාක්‍යය "අපදාන ශෝභිනී පඤ්ඤා" ප්‍රංඥාවෙන් චරිතය උපනැංවේ තෝරාගන්නා ලදී.
එල්.එච්.මෙත්තානන්ද මහතා ආරම්භක විදුහල්පති වරයා වශයෙන් පත් කරන ලදී.
තවද පී.ද.ඒස්. කුලරත්න මැතිදා ආනන්ද විද්‍යාලයෙන් තෝරාගත් හොන්දම සිසුන් 330 නාලන්දා විද්‍යාලයේ ප්‍රාතමික හා උසස් පෙල සිසුන් ලෙස ඇතුලත් කරගන්නා ලදී.
අනතුරුව 1926 දී මහාචාර්ය ගුණපාල මලලසේකර මෑතිතුමා විදුහල්පති වීමෙන් පසු අනගාරික ධර්මපාල තුමාගේ සහයෝගයෙන් පංති කාමර ගොඩනැගිලි විශාල සංක්‍යාවක් තනනලදී. නාලන්දාවේ 1926 හිටපු විදුහල්පති මහාචාර්ය ගුණපාල මලලසේකර මෑතිතුමා සිහිවනු වස් නාලන්දා විද්‍යාලයයේ ශිෂ්‍ය රැස්වීම් ශාලාව මලලසේකර රඟහල නමින් නම් කරන ලදී.
එතැන් පටන් අද දක්වා නාලන්දාවෙන් සිප්සතර හැදෑරෑ සිසුන් අද ලංකාවේ පමනක් නොව මුලුමහත් ලොවටම මහංඟු සේවයක් කරති. මවුන් ඉගෙනීමට පමනක් නොව ක්‍රීඩාවටද අති දක්ෂයෝය.
වර්තමාන නාලන්දා සිසු දරුවෝ වසර 2011 දී ඇමරිකානු පරිඝණක ආයතන ඔරැකල් තින්ක්ක්වෙස්ට් මගින් පවත්වනු ලැබූ ජ්‍යාත්‍යන්තර පරිඝණක වැඩසටහන් නිර්මානය කිරීමේ තරගයෙන් ලොව පලමු තැන හිමිකර ගෙන ලංකාවට අතිමහත් කීර්තියක් ගෙනදුන්නාහ.
නාලන්දියයන්ගේ ආඩම්බරය - නාලන්දා කීර්තී ශී‍්‍ර ගෞරව සම්මානය [සංස්කරණය]
වර්තමාන නාලන්දියය සිසු දරුවන්ගේ චිත්ත ධෛර්ය වඩ වඩාත් උනන්දු කරනු වස්, ඒ ඒ රැකියාවෙහි විශේඥවූ කීර්තිමත් ආදි නාලන්දියයන් ශ්‍රී ලංකාව ඇතුලු මුලු මහත් ළොවට කරන්නාවු මහඟු සේවයට ප්‍රසංසාත්මක පිළිගැණීමක් වශයෙන් නාලන්දා විදුහල් මාතාව පුදන ගෞරව සම්මානය නාලන්දා කීර්තී ශී‍්‍ර ගෞරව සම්මානය නමින් හැඳින්වේ.
ආදි නාලන්දියය රුසියාවහි සෙන්ට් පීටර්ස්බර්ග් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජයවීරගේ සමන්ත මෙහි නිර්මාතෘ වරයාය්. මෙය වසර දෙදහස් තුනහිදි ඔහු ආදි නාලන්දියය බාලදක්ශ සංගමයට එහි සාමාජිකයකු වශයෙන් සිටියෙදී කරන ලද යෝජනාවක ප්‍රතිපලයකි.
නාලන්දා කීර්තී ශී‍්‍ර ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කීර්තිමත් ආදි නාලන්දියයන් පහත දැක්වෙ:
- ආචාර්ය හෙන්රි ජයසේන - ප්‍රවීන චිත්‍රපට නළු සහ වේදිකා නළු, නාටක කර්තෘ
- ගෞරවණීය අතිගරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 5 වන විධායක ජනාධිපතිවරයා
- දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බංඩාර - මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ ගිහි භාරකාර දියවඩන නිලමේ මහනුවර
- ආචාර්ය සරත් ගුණපාල - ඇමරිකන් නාසා අයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ අභෟවකාශ විද්‍යාඥ
- ආචාර්ය චන්දන ජයරත්න - භෞතික විද්‍යා පීඨ ආචාර්ය කොළඹ විශ්ව විද්‍යාලය කොළඹ
- පූජ්‍ය පාද කුප්පියවත්ත බෝධානන්ද තෙරණුවෝ - මිතුර මිතුරෝ සන්විධාන නිර්මාතෘ
- ආචාර්ය ගුණදාස අමරසේකර - ප්රවීන ශ්‍රී ලාංකික ලේඛකක, විශේඥ ධන්ත වෛද්‍ය
- මහාචාර්ය පත්මඡීව ගනේපොල - ශල්‍යකර්ම වෛද්‍ය මහාචාර්ය කොලොම්බියා විශ්ව විද්‍යාලය ඇමරිකාව
සමිති හා සංගම් [සංස්කරණය]
|
|
|
නාලන්දාවේ ක්‍රීඩා [සංස්කරණය]
|
|
|
|
නාලන්දාවේ විදුහල්පතිවරු [සංස්කරණය]
| නම | සිට | දක්වා |
|---|---|---|
| එල්.එච්.මෙත්තානන්ද |
|
|
| මහාචාර්ය ගුණපාල මලලසේකර |
|
|
| ජී.කේ.ඩබ්ලිව්.පෙරේරා |
|
|
| ජේ.එන්.ජිනේන්ද්‍රදාස |
|
|
| ඩී.සී.ලෝරිස් |
|
|
| එම් ද එස්.ජයරත්න |
|
|
| එම්.ඩබ්ලිව්.කරුණාරත්න |
|
|
| කේ.එම්.ඩබ්ලිව්.කුරුප්පු |
|
|
| ඩී.ජේ.එදිරිසිංහ |
|
|
| ගුණපාල වික්‍රමරත්න |
|
|
| සුගුනදාස අතුකෝරාල |
|
|
| ධර්මා ගුණසිංහ |
|
|
| ඩී.ජී.සුමනසේකර |
|
|
| එඩ්වඩ් රණසිංහ |
|
|
| හේමන්ත ප්‍රේමතිලක |
|
|
| රන්ඡිත් ඦයසූන්දර |
|
|
කීර්තිමත් ගුරුවරු [සංස්කරණය]
- බලංගොඩ ආනන්ද මෙත්‍රී හිමිපානන් - විසිවන ශතවර්ෂයේ ශ්‍රිලංකාවේ ථෙරවාදී බුදුදහමේ විශිෂ්ඨ චරිතයකි
- එස්. මහින්ද හිමි - ප්රවීන කවි රචක
- ආචාර්ය ඒ.ටී.ආරියරත්න - සර්වෝදය සභාවේ නිර්මාතෘ
- එඩ්වර්ඩ් ජයකොඩි - ප්‍රවීන ගායක හා ගීත රචක
- පියසේන රතුවිතාන - කීර්තිමත් ජ්‍යොතීර්වේදී,ප්‍රවීණ වාස්තු විද්‍යාඥ , කාව්‍ය රචක,ලේඛක , පත්‍ර කලාවේදී හා පරිපාලක
- වික්‍රම සෙනෙවිරත්න - කීර්තිමත් ටෙලි නාට්‍ය හා වේදිකා නට්‍ය නළු
- සෝමලතා සුභසින්හ - කීර්තිමත් ටෙලි නාට්‍ය හා වේදිකා නට්‍ය නළු
- ලයනල් අල්ගම - ප්‍රවීන සංගීතඥ
- ඔරුවල බන්දු - ප‍්‍රවීන ලේඛක
- ප්‍රේමසර ඈපාසිංහ - ප්රවීන ක්‍රිකට් ක්‍රීඩා ගුවන් විදුලි නිවේදක
- සිරි පෙරේරා (යූ. ඒ. එස්. පෙරේරා / සිරි අය්යා) - ප්‍රසිද්ධ ගුවන් විදුලි ළමා පිටිය වැඞසටහන් නිවේදක, හිටපු ගරු ශ්‍රී ලංකා තානාපති ඉන්දියාව
ආදි නාලන්දියයන් [සංස්කරණය]
කොළඹ නාලන්දා විද්‍යාලයේ පෙර ඉගෙනුම ලැබූ සිසුන් '"ආදි නාලන්දියයන්"නම්වේ. කීර්තිමත් සම්භාවනීය ආදි නාලන්දියයන් රැසක් අතුරින් කිහිප දෙනෙක් නම්:
- මහින්ද රාජපක්ෂ - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 5 වන විධායක ජනාධිපතිවරයා
- මෛත්‍රීපාල සේනානායක - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු නියෝජ්‍ය අගමැති
- මාපටුනගේ ජේම්ස් (ඇම්. ජේ) පෙරේරා - හිටපු කුලපති පේරාදෙනිය විශ්ව විද්‍යාලය, ප්‍රතම ශ්‍රී ලාංකික ඩිරෙක්ටර් ජෙනරාල්ර් ගුවන් ව්දුලි සංස්ථාව, ප්‍රතම සභාපති රූපවාහිනී සංස්ථාව
- ඉංජිනේරු බමුණුසිංහආරච්චිගේ දොන් (බි. ඩි) රම්පාල - ප්‍රතම ශ්‍රී ලාංකික ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු දුම්රිය දෙපාර්තමේන්තුව
- මහාචාර්ය එච්. එ. ද එස් ගුනසේකර - ප්‍රථම ශ්‍රී ලාංකික සිංහල ආර්ථික විද්‍යා මහාචාර්ය පේරාදෙනිය විශ්ව විද්‍යාලය පේරාදෙනිය
- දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා - ලෝක අක්ෂි දාන සංගමයයේ ආදි කර්තෘ හා ආරම්භක සභාපති, අක්ෂි ශල්‍ය වෛද්‍ය
- වෛද්‍ය වජිරනාත් ලක්ෂ්මන් ද සිල්වා - ශ්‍රී ලංකා සෞකඛ්යදාන ව්‍යාපාරයයේ ආදි කර්තෘ
- මහාචාර්ය අභය ඉඳුරුව - හිටපු ප්‍රථම ආරම්භක පරිගණක පීඨාධිපති මොරටුව විශ්ව විද්‍යාලය මොරටුව
- පූජ්‍ය පාද පියදස්සි තෙරණුවෝ - හිටපු බම්බලපිටිය වජිරාරාමාධිකාරි
- ගෞරවණීය දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බංඩාර - මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ ගිහි භාරකාර දියවඩන නිලමේ මහනුවර
- වෛද්‍ය ගුණදාස අමරසේකර - ප්රවීන ශ්‍රී ලාංකික ලේඛකක, විශේඥ ධන්ත වෛද්‍ය
- කරුණාරත්න අබේසේකර - ශ්‍රී ලංකා ප්‍රථම ගුවන් විදුලි වැඩසටහන සිංහල නිවේදක, ප්රවීන ගීත රචක
- ආචාර්ය හෙන්රි ජයසේන - ප්‍රවීන චිත්‍රපට නළු සහ වේදිකා නළු, නාටක කර්තෘ
- ආචාර්ය සරත් ගුණපාල - ඇමරිකන් නාසා අයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ අභෟවකාශ විද්‍යාඥ
ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගය [සංස්කරණය]
කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය අතර පවත්වන වාර්ශික ක්‍රිකට් ක්‍රීඩා තගරය ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයයි. ප්‍රතම වතාවට මෙය 1924 දී පවත්වන ලදී.
- මේ දක්වා ආනන්ද විද්‍යාලය හා නාලන්දා විද්‍යාලය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිලට දායාද කල ක්‍රිකට් ක්‍රීඩකයින් 30 දෙනෙකි.
- ශ්‍රී ලංකා ප්‍රතම ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්නපුර ආදි නාලන්දියකි.
- වර්තමාන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ආදි නාලන්දියකි.
- ලංකාවට ප්‍රතම ලෝක කුසලානය 1996 ගෙනදුන් ක්‍රිකට් කන්ඩායමහි නායකයා වූයේ ආදි ආනන්දීය අර්ජුන රණතුංගයි.
- ලෝකයේ ප්‍රතමයෙන්ම ගුවන් විදුලියෙන් සිංහල බසින් ක්‍රිකට් ක්‍රීඩා විචාරයක් පැවැත්වූයේද ආදි නාලන්දයීය කරුණාරත්න අබේසේකර මහතායි.
- ආදි නාලන්දිය හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක රොෂාන් මහානාම අද ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල එලය්ට් පැනල් විනිසුරුවරයෙකි.
- ආදි නාලන්දිය හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කුමාර ධර්මසේන ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල විනිසුරුවරයෙකි.
- ශ්‍රී ලංකාවට ජ්‍යාත්‍යන්තර ටෙස්ට් හා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරඟ වලින් එකම හා ප්‍රතම ලකුණු දස දහස රැස් කලේද ආදි නාලන්දිය මහේල ජයවර්ධනය.
ෆියුචර් මයින්ඩ්ස් [සංස්කරණය]
කොළඹ නාලන්දා විද්‍යාලයයේ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන, ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලත් අධ්‍යානික සංදර්ශනය ෆියුචර් මයින්ඩ්ස් නමින් හැදින් වේ.
නාලන්දා පාගමන [සංස්කරණය]
කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදී නාලන්දීය ක්‍රීඩා සංගමය මගින් නාලන්ද කනිෂ්ඨ ආදී ශිෂ්‍ය සංගමය හා අනිත් සියලු ආදී ශිෂ්‍ය සංගම් වල සහභාගිත්වයෙන් සංවිධානය කරනු ලබන වාර්ශෂික උත්සවයකි. මෙමගින් ලැබෙන සියලු ආදායම පාසලේ ඉදිරි ක්‍රීඩා කටයුතු ඉහල නැංවීම සඳහා යොදවනු ඇත.
නාලන්දා සෑය [සංස්කරණය]
2600 සම්බුද්ධත්ව ජයන්තියේ වෙහෙර විහාර දහසේ ව්‍යාපෘති වෙනුවෙන් කොළඹ නාලන්දා විද්‍යාලයේ සිසු දරුවන් විසින් තනන ලද විහාරස්ථානයයි. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට මායිම්ව සේරුවිල හා මැදවච්චියට මායිම්වයි පිහිටා තිබෙන පදවිය දලුක්ගල නමැති ගම්මානයේ මෙම විහාරස්ථානය තනවා ප්‍රදේශයේ බෞද්ධ ගම්වැසියනට 2011 හි ජූනි මාස පූජා කරන ලදී.
නාලන්දා ගුරු ප්රණාම පිං බිම [සංස්කරණය]
කොළඹ නාලන්දා විද්‍යාලයයේ බෞද්ධ සංගමය මගින් නාලන්දාවේ ගුරුවරුන්ට විශ්රාම යෑමෙන් පසු නවාතැන් ගැනිම සදහා කඩුවෙල ඉහළ බෝමිරියේ තනනු ලබන ගුරු උපහාර ගම්මානය මෙනමින් හදුන්වනු ලැබේ.
ආශ්‍රිත [සංස්කරණය]
- "අධිරාජ්‍යවාදී ධනයෙන් නොව පොදු මහජනතාවගේ සම්මාදමෙන් ගොඩනැඟුණු නාලන්දය යනු පාසලක් පමණක් නොව ශ්‍රේෂ්ඨ ජාතික වස්තුවක සංකේතයක් - ජනාධිපති මහින්ද රාජපක්ෂ". දිවයින පුවත්පත. 29 ඔක්තෝම්බර් 2009. http://www.divaina.com/2009/10/29/news23.html.
- "සතෙන් සතේ එකතු කර වෙහෙරක් තනා පූජා කළ නාලන්දා දරුවෝ". සිඵමිණ පුවත්පත. 2011/07/03. http://www.silumina.lk/2011/07/03/_art.asp?fn=as1107031.
- "මෘදුකාංග නිර්මාණයෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්". සිඵමිණ පුවත්පත. 2011/07/03. http://www.silumina.lk/2011/07/03/_art.asp?fn=aa1107034.
- "මෘදුකාංග වලින් වැඩ දාපු අපේ මල්ලිලා 4ක් ජාත්‍යන්තර කීර්තියට". අවකාශය. 2011/07/04. http://www.fmderana.lk/blog/?p=14660.
- "නාලන්දා පා ගමන 2012". නාලන්දා විද්‍යාලයයීය බෞද්ධ සංගමය. 2012 ජනවාරි 21. http://ncba.nalanda.sch.lk/?p=665.
- "‘‘රටට මානව සම්පත් ලබාදීමේදී නාලන්දා විදුහල දැක්වූ දායක්වය විශාලයි’’ – කෝට් 30ක් වටිනා ගුරු උපහාර ගම්මානයට මුල්ගල තබමින් ඇමති බැසිල් කියයි". ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය. 2011. http://med.gov.lk/sinhala/?p=5942.
- "නාලන්දාවේ රණ විරු පවුල්වල සාමාජිකයන් ආරක්ෂක ලේකම් හමුවේ". ශ්‍රී ලංකා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව. 2011 අගෝස්තු 03 වෙනි බදාදා. http://sinhala.news.lk/v2/index.php?option=com_content&view=article&id=24716:2011-08-03-07-36-31&catid=35:-&Itemid=50.
- "නාලන්දාවේ රණ විරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම අද". ශ්‍රී ලංකා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව. 2011 අගෝස්තු 02 වෙනි අඟහරුවාදා. http://sinhala.news.lk/v2/index.php?option=com_content&view=article&id=24696:2011-08-02-07-09-13&catid=35:-&Itemid=50.
- "ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනෙන යෝජනාව අනිවාර්යයෙන්ම පරාජයට පත්වනවා.....ආදි නාලන්දීයයෝ ජනපතිට පවසති". දිනමිණ පුවත්පත.. 2012/02/28. http://www.dinamina.lk/2012/02/28/_art.asp?fn=n1202283&p=1.
- "ආදි නාලන්දයීයන් රණවිරුවන් සමරයි". ශ්‍රී ලංකා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය. 2011/08/02. http://www.defence.lk/sinhala/arc.asp?fname=20110802.asp.
- "නාලන්දා ක්‍රීඩාංගණය හා ලකුණු පුවරුව ජනපති අතින් විවෘත වෙයි". ශ්‍රී ලංකා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව. 27පෙබරවාරි 2012. http://sinhala.news.lk/news/2011-09-14-04-26-45/2963-2012-02-27-10-08-53.
- "නාලන්දා විද්‍යාලය ඉතිහාසය". ncba.nalanda.sch.lk. /2011/05. http://ncba.nalanda.sch.lk/wp-content/uploads/2011/05/Nalanda1.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 20 August 2012.
- "අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා". සිඵමිණ පුවත්පත. 5 දෙසැම්බර් 2010. http://www.silumina.lk/2010/12/05/_art.asp?fn=ay1012051.
- "ප්රවීන ලේඛක ඔරුවල බන්දු අභාවප්‍රාප්ත වෙයි". SLNR Sri Lanka News Reader. Tuesday, Jun 05th. http://www.srilankanewsreader.com/index.php?option=com_content&view=frontpage&limitstart=5.
බාහිර සබැඳුම් [සංස්කරණය]
- නාලන්දා කණිෂ්ඪ ආදි ශිෂ්‍ය සංගමය
- අදි නාලන්දයීය බොදු හඞ
- නාලන්දා විද්‍යාලයයීය බෞද්ධ සංගමය
- අදි නාලන්දයීය වෛද්‍යවරුන්ගේ සංගමය
- නාලන්දා විද්‍යාලයීය බාලදක්ෂ සංගමය
- ආදි නාලන්දියය ක්‍රීඩා සංගමය
- ආනන්ද නාලන්දා සුලෝහිත සංග්‍රාමය
- නාලන්දා මව
- නාලන්දා අපේ මතකයන්
- නාලන්දා රණවිරු උපහාර
- නාලන්දා ගුරු උපහාර
- නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය ඇමරිකා එක්සත් ජනපදය
- නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය එන්ගලන්තය
- නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සිඩ්නි ඕස්ට්‍රේලියාව
- නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සිඩ්නි ඕස්ට්‍රේලියාව - නාලන්දා ඩිරෙක්ටරි 2012
- නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මෙල්බර්න් ඕස්ට්‍රේලියාව
- ලෝකයෙන් මුල් තැන කොළඹ නාලන්දා විද්‍යාලයට






