මෛත්‍රීපාල සේනානායක
| ගෞරවණීය මෛත්‍රීපාල සේනානායක | |
|---|---|
| පුද්ගලික තොරතුරු | |
| උපත | 17 ජූලි 1916 කංචුට්‌ටු කෝරළයේ කිවුලේකඩ, අනුරාධපුර |
| මරණය | 12 ජූලි 1998 කොළඹ |
| ජාතිකත්වය | |
| Occupation | දේශපාලනය |
| ආගම | බෞද්ධ |
ගෞරවණීය මෛත්‍රීපාල සේනානායක හිටපු නියෝජෘ අගමැති. වාරිමාර්ග, විදුලිබල හා මහාමාර්ග අමාත්‍ය. 1947 සැප්තැම්බර් 13 වැනි දින ප්‍රථමවරට මැදවච්චිය ආසනයේ මන්ත්‍රීවරයා ලෙස තේරී පත්වීමෙන් ආරම්භ කළ එතුමාගේ දේශපාලන ජීවිතය අපරාජිත එකක් විය. එය ලෝක වාර්තා තැබූ දේශපාලන භූමිකාවේ දිගු ගමනක ආරම්භය විය. එනම් 1947 සිට 1994 දක්‌වා වූ වසර 47 ක් පුරාවට එකම ආසනය නියෝජනය කරමින් (මැදවච්චිය ආසනය) ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේ තැබූ අනභිභවනීය වාර්තාව සමකළ හැකි කිසිවකු තවම පහළ වී නැත. මේ උදාරතර නායකයාණන්ගේ ජනතා සේවයේ උච්චතම අවස්‌ථාව හැටියට පෙන්වාදිය හැක්‌කේ මහවැලිය රජරටට හැරවීමයි. 1994 දී උතුරු මැද පළාත් ආණ්‌ඩුකාර ධුරයද මොහු හෙබවීය. උතුරට යාබද වාහල්කඩ වැව් ප්‍රතිසංස්‌කරණය ඔහු උරදුන් තවත් ශේ්‍රෂ්ඨ කාර්යයක් නිසාවෙන් මෙතුමා "වාහල්කඩ දෙවියෝ" නමින්ද වැඩිහිටියන් එතුමන් හැඳින්වූයේය.
ජීවන සටහන් [සංස්කරණය]
"රජරට නායක, අගමැති නොවූ අගමැති, ස්‌වදේශ කර්මාන්තවල පියා" යන ජනතාවගේ හදවත් තුළින්ම මතුවූ විරුදාවලි නාමයන්ගෙන් හැඳින්වූ මෛත්‍රිපාල සේනානායක මැතිතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.