එස්. මහින්ද හිමි
| පූජ්‍ය එස්. මහින්ද හිමි | |
|---|---|
| උපත | පෙම්පා ටෙන්ඩුපි සර්කි චෙරින් 1901 ගංටොක්, සිකිම් |
| මියගියේ | 1951 මාර්තු 16 දින ලංකාවේ, පානදුරේ, මහ බෙල්ලන |
| පදිංචිය | ලංකාව |
| වෙනත් නම් | සිකිම් මහින්ද හිමි, ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි |
| ජාතිය | සිකිමියානු |
| අධ්‍යාපනය | විද්‍යෝදය පිරිවෙන, මරදාන |
| ප්‍රසිද්ධ වන්නේ | කවියා, ගත් කතු වර, ශ්‍රී ලාංකික නිදහස් ව්‍යාපාරය |
| විශිෂ්ට කර්තව්‍යයන් | නිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රය, ලංකා මාතා, ජාතික තොටිල්ල, අද ලක් මාතාවගේ පුතු, නිදහස, විදේශිකයෙකුගෙන් ලක් මවට නමස්කාරයක්, සිංහල ජාතිය |
| ආගම | බෞද්ධ |
එස්. මහින්ද හිමි හෝ ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි ලෙසින් සාමාන්‍යයෙන් හැඳින්වෙන, සිකිම් මහින්ද හිමි යනු, සිකිම් රාජ්‍යයේ උපත ලබා බ්‍රිතාන්‍ය ලංකාවට සංක්‍රමණය වී මහණවූ බෞද්ධ භික්ෂුවකි. එතුමා, කවියෙකු සහ ගත් කතු වරයෙකු වන අතර, ශ්‍රී ලාංකික නිදහස් ව්‍යාපාරයට සම්බන්ධ වී කටයුතු කර ඇත. එතුමා පැමිණ ඇත්තේ සිකිම් වෙතින් වුවද, තමන් ටිබෙට් ජාතික යැයි එතුමන් විසින් පවසන්නට ඇත්තේ, බොහෝ විට ලංකාවේ ටිබෙටය බෙහෙවින් ජනප්‍රියව පැවති නිසා වන්නට ඇත.
තරුණ වියෙහි ලංකාවට (වර්තමානයෙහි ශ්‍රී ලංකාව) පැමිණි මහින්ද හිමි බෞද්ධ භික්ෂුවක් ලෙසින් පැවිදි බව ලැබීය. සිංහල භාෂාව ඉගෙනගත් එතුමා, කවියෙකු වී, ඔවුන්ගේ නිදහස වෙනුවෙන් සටන් කරන මෙන් ලාංකිකයන් පොළඹවමින්, ස්වදේශාලය ඔවුන් සිත් වල කාවද්දමින් සාහිත්‍ය කෘතීන් කිහිපයක් බිහි කලේය. එතුමා වර්තමානයෙහි ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙක් ලෙසින් සැලකෙයි.
පටුන |
මුල් දිවිය [සංස්කරණය]
1901 දී පමණ සිකිම් හී උපත ලද එස්. මහින්ද හිමි නම් ලැබුයේ පෙම්පා ටෙන්ඩුපි සර්කි චෙරින් ලෙසිනි.[1] එතුමාගේ පවුල ජීවත්වූයේ සිකිම් හී අගනුවර වන ගංටොක් හිදීය. එතුමාට සහෝදරයෝ තුන් දෙනෙක් වූහ; පළමුවැන්නා පසුව කල්කටා විශ්වවිද්‍යාලයෙහි කථිකාචාර්යවරයෙකු වූ අතර, දෙවැන්නා රජුගේ අග්‍රාමාත්‍යවරයා වෙමින්, තෙවැන්නා බෞද්ධ භික්ෂු ජීවිතයට ඇකුළුවිය. [2] එතුමාගේ කුඩා කල මිතුරා ටැෂි නැම්ජිල් පසුව සිකිම් හී රජු විය. එස්. මහින්ද හිමි එතුමාගේ එම නම ශ්‍රී ලංකාව තුල ආරූඨ නාමයක් ලෙසින් භාවිතා කල අතර එය නිසා එම නම එතුමාගේ නියම නම බවට විශ්වාසයක් ඇති විය.[1]
රුපියල් හයක වාර්ෂික දීමනාවක් හා සමගම, ලංකාවේ බුදුදහම උගෙනීමට ශිෂ්‍යත්වයක් සර්කි ලද අතර 1912 දී හෝ 1914 දී මෙහි ලඟා විය. එකල මෙම රට, බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවතිණි. ඒ වන විට බෞද්ධ භික්ෂුවක් වූ සිකිම් පුන්නජි නම්වූ එතුමාගේ වැඩිමහළු සොහොයුරු එතුමා සමග මෙහි වැඩම කළහ.[2]
බෞද්ධ භික්ෂුභාවය සහ ලංකාවේ ජීවිතය [සංස්කරණය]
දකුණු ලංකාවේ, පොල්ගස්දූවේ පන්සලක නවාතැන් ගත් සොහොයුරන් දෙදෙන ඥානාලෝක නමැති භික්ෂුවක් යටතේ බුද්ධාගම උගෙන ගත්හ. ඉන්පසු එතුමාව මරදානේ, විද්‍යෝදය පිරිවෙන වෙත යැවුණු අතර ඉංග්‍රීසි ඉගෙනගැනීම සඳහා පාසැලකට ඇතුළු කරන ලදි. ඉන් අනතුරුව, පොල්ගස්දූවේ පන්සල වෙත යළි පැමිණි එතුමා, සිංහල සහ පාලි භාෂා ඉගෙන ගත්හ. [2] පළමුවන ලෝක යුද්ධය ඇරඹෙත්ම, ජර්මන් ජාතිකයෙක් වූ, එතුමාගේ උපාධ්‍ය ඥානාලෝක හිමියන්, අත්අඩංගුවට පත් විය. මෙම කාලය වන විට එතුමාගේ සොහොයුරු සිකිම් පුන්නජි හිමියන් අපවත්ව සිටි බවක් පෙනෙන අතර,[2] රජය විසින් මහින්ද හිමියන් දෙවරක් සිර අඩස්සියේ ලන ලදි.[3]
එතුමා පසු කලෙක සිකිම් මහින්ද ලෙසින් අමරපුර නිකායේ පැවිදි බව ලැබූ මුත් එස්. මහින්ද (ඇස්. මහින්ද)ලෙසින් සිය නම භාවිතා කල සේක. 1930 ජූනි 16 දිනදී උන්වහන්සේ, ශ්‍යාමෝපාලී නිකාවෙහි යළි පැවිදිබව ලැබූ අතර එම වසරෙහි අග භාගයේදී උපසම්පදාව ලැබූහ. තමන්වහන්සේ ටිබෙට් ජාතිකයෙක් ලෙසින් හඳුන්වාගන්නට ඇත්තේ, එම රට ආසියාවේ ප්‍රමුඛ බෞද්ධ රටක් ලෙස එකල ලංකාවේ ප්‍රසිද්ධව පැවතීම නිසා විය හැක. [2] 1934 සිට 1936 දක්වා එස්. මහින්ද හිමියෝ කොළඹ, නාලන්දා විද්‍යාලයේ ගුරුවරුයෙකුව සේවය කළහ.[4]
සාහිත්‍යමය කර්තව්‍යයන් සහ ජාතිකවාදය [සංස්කරණය]
ඇස්. මහින්ද හිමියන් ඉතා ඉක්මණින් සිංහල භාෂාව පිළිබඳ නිපුණතාවය ලබාගත් අතර කවියෙකු මෙන්ම කතුවරයෙකු ලෙසද සිය ස්ථාවරත්වය ගොඩ නගා ගත්තේය. එතුමා පොත් 40කටත් වඩා රචනා කර ඇති අතර ඉන් බොහොමයක්ම දේශානුරාගය වඩවන ඒවා විය. මහින්ද හිමියන්ගේ පළමු පොත 'ඔවා මුතු දම වන අතර අවසන් පොත ලෙස 'ශ්‍රී පාද' විශ්වාස කෙරෙයි. [2] එතුමා බොහෝවිට ශ්‍රී ලංකාවේ අතීත ශ්‍රී විභූතිය සහ වර්තමාන ජනයාගේ දුර්වලකම් වෙත අවධානය යොමු කරමින් ඔවුන් නිදහස උදෙසා වැඩ කිරීමට පෙළඹවීම කෙරෙහි සිය අවධානය යොමු කළේය. මහින්ද හිමියන් ළමා පොත් කිහිපයක්ද රචනා කර ඇත. [5] [3] [2]
ඇස්. මහින්ද හිමියන්ගේ ප්‍රසිද්ධ කෘති [6]
- නිදහසේ දැහැන
- නිදහසේ මන්ත්‍රය
- ජාතික තොටිල්ල
- අද ලක් මවගේ පුත්තු
- විදේශිකයකුගෙන් ලක් මවට නමස්කාරයක්
- සිංහල ජාතිය
- ලංකා මාතා
- නිදහස
මහින්ද හිමියන් ශ්‍රී ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ පදනම වූ අමද්‍යප ව්‍යාපාරයේ සාමාජිකයෙකුද විය. 1948 දී නිදහස ලබා ගැනීමෙන් අනතුරුව එතුමන්ගේ නිදහස් ව්‍යාපාරය උදෙසා වූ සාහිත්‍යමය දායකත්වය සලකා ජාතික වීරයෙක් ලෙස ප්‍රකාශ කරන ලදී. [2]අති පූජ්‍ය ඇස්. මහින්ද හිමියෝ 1951 මැයි 16 වන දා අපවත් වී වදාළහ. [6]
ආශ්‍රිත [සංස්කරණය]
- ↑ 1.0 1.1 එදිරිසිංහ, පද්මා (20 මැයි 2009). "කර්ටන් ඕපන්ස් ඔන් වෙන් ටිබෙට් එස් මහින්දස් චයිල්ඩ්හුඩ්". ඩේලි නිව්ස්. http://www.dailynews.lk/2009/05/20/fea30.asp. සම්ප්‍රවේශය කෙරුණු දිනය 29 ජනවාරි 2010.
- ↑ 2.0 2.1 2.2 2.3 2.4 2.5 2.6 2.7 ආරියරත්න, සුනිල් (1989) (සිංහලයෙන්). පූජිත ජීවිත. ශ්‍රී ලංකාවේ සංස්කෘතික, අධ්‍යාපන සහ ප්‍රවෘත්ති අමාත්‍යාංශය. පිටු. 155–160.
- ↑ 3.0 3.1 Gunatilaka, Kumudu (14 September 2006). "Ven. S. Mahinda Patriot of Literary Fame". Budusarana. http://www.lakehouse.lk/budusarana/2006/09/14/Budu15.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 29 January 2010.
- ↑ "රිලිජස් ඉන්ස්ට්‍රක්ටර්ස්". නාලන්දා විද්‍යාල බෞද්ධ සංගමය - NCBA. http://ncba.nalanda.sch.lk/?page_id=76. සම්ප්‍රවේශය කෙරුණු දිනය 7 අගෝස්තු 2012.
- ↑ Herath, R. B. (2002). Sri Lankan Ethnic Crisis: Towards a Resolution. Trafford Publishing. pp. 101. ISBN 978-1-55369-793-0. http://books.google.lk/books?id=Aqcqn6M18TwC&pg=PA101#v=onepage&q=&f=false.
- ↑ 6.0 6.1 "S. Mahinda Thera: Poet and freedom fighter". Sunday Observer. 25 May 2008. http://www.sundayobserver.lk/2008/05/25/jun03.asp. Retrieved 29 January 2010.