මහින්ද රාජපක්ෂ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
Mahinda Rajapaksa
මහින්ද රාජපක්ෂ
President of Sri Lanka
වත්මන් තනතුරුධාරි
තනතුර දැරීම
19 November 2005
Prime Minister Ratnasiri Wickremanayake
පූර්වප්‍රාප්තිකයා Chandrika Kumaratunga
Prime Minister of Sri Lanka
නිලය දැරීම
6 April 2004 – 19 November 2005
ජනාධිපති Chandrika Kumaratunga
පූර්වප්‍රාප්තිකයා Ranil Wickremasinghe
අනුප්‍රාප්තිකයා Ratnasiri Wickremanayake
පුද්ගලික තොරතුරු
උපත Percy Mahendra Rajapaksa
18 නොවැම්බර් 1945 (1945-11-18) (වයස 66)
Madamulana, Hambantota, British Ceylon
දේශපාලන පක්ෂය UPFA (SLFP)
කලත්‍රයා(යන්) Shiranthi Rajapaksa (nee Wickremesinghe)
Children Namal, Yoshitha and Rohitha
උගත් ශාස්ත්‍රශාලාව Richmond College Galle
Nalanda College Colombo
Thurstan College Colombo
Sri Lanka Law College
වෘත්තිය Attorney
ආගම Buddhism
වෙබ් අඩවිය President's Official Website
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා
මහින්ද රාජපක්ෂ

ජනාධිපති ආචාර්ය මහින්ද රාජපක්ෂ මහතා සුප්‍රසිද්ධ දේශපාලන පරපුරකින් පැවතෙන්නෙකි. 1930 ගණන්වල දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය මන්ත්‍රණ සභිකයෙකු වූ “රුහුණේ සිංහයා” යන විරුදාවලි ලත් ඩී. එම්. රාජපක්ෂ මහතා ඔහුගේ මාමණ්ඩිය යි. වත්මන් ජනාධිපතිවරයා ද භාවිතා කරනු ලබන ආකාරයේ කුරහන් පැහැති සාටකයක් පැළඳි ඔහු එමගින් තමාගේ ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය මාර්ගය විදහා දැක්වී ය. වසර 30 තිස්සේ පැවති කුරිරු අමානුෂික කොටි ත්‍රස්තවාදය ලංකාවෙන් තුරන් කිරීම සඳහා මානූෂික මෙහෙයුමක් දියත් කර, වසර 3ක් තුළ කොටි සහමුලින් ම තුරන් කිරීමෙන් ඒකීය ලංකාවක් නිර්මාණය කළ අසහාය සේනාධිනායකයා මොහු ය. යුද ජයග්‍රහණයෙන් පසු 2010 ජනවාරී 26 දින පැවති ජනාධිපතිවරණයේ දී තමා විසින් ම පත් කරන ලද සරත් ෆොන්සේකා නම් හිටපු හමුදාපතිවරයා සමග තරගයට පිවිස මෙතුමා ඔහු ඉදිරිපත් කල සියළු චෝදනා පරාජය නරමින් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන නැවතත් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිතුමා බව‍ට පත්වීය.

කීර්තිමත් දේශපාලන චරිතයක් වන ඩී.ඒ.රාජපක්ෂ මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියාය. ඔහු අවංක, උද්‍යෝගිමත්, ධෛර්ය සම්පන්න පුද්ගලයෙක් වූ අතර තම සොහොයුරා මෙන් ම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකාවේ දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් විය.

ශිරන්ති වීක්‍රමසිංහ මෙනවිය සමඟ විවාහ වු ජනාධිපති රාජපක්ෂ මහතා පුතුන් තිදෙනෙකුගේ පියෙකි.

පටුන

අධ්‍යාපනය හා පූර්ව අවධිය

1945 නොවැම්බර් මස 18 වන දින වීරකැටියේ දී උපත ලද රාජපක්ෂ මහතා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් තම ප්‍රාථමික අධ්‍යාපනය ලැබීය. ඉන් අනතුරුව කොළඹ නාලන්ද හා තර්ස්ටන් විද්‍යාලය යන විද්‍යාලයන්ගෙන් ද්විතීය අධ්‍යාපනය ලැබූ එතුමා 1974 දී කොළඹ නීති විද්‍යාලයයෙන් නීතිය පිළිබඳ උපාධිය ලබා ගත්තේ මානව හිමිකම් සම්බන්ධයෙන් තිබූ සුවිශේෂී උනන්දුව නිසා ම ය.

1994 සිට 2001 දක්වා ඇමතිධූරයක් දැරූ කාල වකවානුව හැර තම පාර්ලිමේන්තු ජීවිතයේ දී පවා තංගල්ලේ සිට ඉතා කැපවීමකින් තම නීතිමය කාර්යයන් ද කර ගෙන යාමට එතුමා උත්සාහ කළේ ය.

ප්‍රතිපත්තිවලට සහ පක්ෂයට පක්ෂපාතිත්වය දැක්වීම රාජපක්ෂ මහතාගේ දේශපාලන දර්ශනයයි. පක්ෂපාතිත්වය ඔහු තම පියාගෙන් උරුම කර ගන්නා ලද්දකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා 1951 දී එක්සත් ජාතික පක්ෂය හැර දමා පළාත් පාලන ඇමති ධූරයෙන් සහ සභානායක පදවියෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීමට ගිය අවස්ථාවේ දී ඔහු පසුපසින් ගොස් විපක්ෂයේ අසුන්ගත් එකම මන්ත්‍රීවරයා වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියා වූ ඩී. ඒ. රාජපක්ෂ මහතා ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවූයේ ඉන් පසුවය. ඩී. ඒ. රාජපක්ෂ මහතා එහි පුරෝගාමී කිහිපදෙනාගෙන් කෙනෙකි.

මුල්කාලීන දේශපාලන ජීවිතය

රාජපක්ෂ මහතා 1970 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙලිඅත්ත ආසනයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය. එවකට 24 වෙනි වියේ පසු වූ එතුමා පාර්ලිමේන්තුවේ සිටි ලාබාලතම සාමාජිකයාය. එතුමාගේ පියා වන ඩී. ඒ. රාජපක්ෂ මහතා ද 1947 සිට 1965 දක්වා එම අසුන ම නියෝජනය කළේය.

1977 දී එක්සත් ජාතික පක්ෂය ලැබූ විශිෂ්ට ජයග්‍රහණයත් සමග ඔහුට තම පාර්ලිමේන්තු අසුන අහිමි විය. එහෙත් 1989 දී සමානුපාතික නියෝජනය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් නැවත වතාවක් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

තම දේශපාලන දිවිය ආරම්භයේ දී ම වමේ හා අතරමැද දේශපාලන රටාවක් තෝරාගත් රාජපක්ෂ මහතා කම්කරු අයිතිවාසිකම් හා මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් තමා විශිෂ්ටයෙක් බව පෙන්වා දුන්නේ ය. එතුමා මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර ආදර්ශමත් චරිතයකි.

නායකයෙකු වශයෙන් කීර්තියක් උසුලනු ලැබූ එතුමා 1988-1990 කාලයේ දී අතුරුදන්වූවන්ගේ මව්වරුන් විසින් අරඹන ලද මව්වරුන්ගේ පෙරමුණ නියෝජනය කළ මනෝරානි සරවනමුත්තු මහත්මිය සමඟින් එක් ව කටයුතු කළේය. ඉන්දියාවේ කල්කටා “විශ්ව භාරති” සරසවිය මගින් රාජපක්ෂ මහතාට මානව අයිතිවාසිකම් සුරැකීමේ කටයුතු වෙනුවෙන් සම්මාන ආචාර්ය පදවියක් ප්‍රදානය කරන ලදී.

පසුගිය වසර 25 මුළුල්ලේ ම පලස්තීනය හා ශ්‍රී ලංකාව අතර සාමූහිකත්ව කමිටුවේ සභාපති වන රාජපක්ෂ මහතා මැද පෙරදිග ප්‍රශ්නය විසඳීම සඳහා පලස්තීනයට හැකි සෑම සහයෝගයක් ම ලබා දීමට කටයුතු කළේය.

වර්ෂ 1994 සිට 2001 දක්වා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ රජයේ කම්කරු හා ධීවර කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා වූ රාජපක්ෂ මහතා එම අවධියේ දී සාගර කටයුතු පිළිබඳ විශ්වවිද්‍යාලයක් ආරම්භ කළ අතර වෙරළ ආරක්ෂණ අංශයක් ද ස්ථාපිත කළේය.

කම්කරු කැබිනට් අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කම්කරු ප්‍රඥප්තියක් කෙටුම්පත් කොට ඉදිරිපත් කළ ද කුමාරතුංග රජය යටතේ එය ක්‍රියාත්මක නොවිණි.

මීට අමතරව මාස තුනක පමණ කාලයක් වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එතුමා හම්බන්තොට නව වරායක් ඉදි කිරීම සඳහා මුල පිරුවේය.

ජනපති පදවිය දක්වා පැමිණීම

2002 මාර්තු මාසයේ දී රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා ලෙස තෝරා පත් කෙරිණි.

2004 අප්‍රේල් මාසයේ දී පැවති මැතිවරණයෙන් එක්සත් ජනතා සන්ධානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව 2004 අප්‍රේල් 06 වන දින ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ 13 වන අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කරන ලදී.

2005 නොවැම්බර් මස 17 වන දින පවත්වන ලද ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස තෝරා ගත් රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය දේශපාලන පක්ෂ 25ක් හා විවිධ ජනතා සංවිධාන විසින් ද පිළිගන්නා ලදී.

බහුතර ජනතාවගේ අනුමැතියෙන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ මහින්ද රාජපක්ෂ මහතා 2005 නොවැම්බර් 19 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 5 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

මේ අඩවිත් බලන්න

ආශ්‍රිත

"http://si.wikipedia.org/w/index.php?title=මහින්ද_රාජපක්ෂ&oldid=208589" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්