දෙවන ලෝක යුද්ධය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
දෙවන ලෝක යුද්ධය
Infobox collage for WWII.PNG
පිළිවෙලින් වම සිට දකුණට: චීන forces in the Battle of Wanjialing, Australian 25-pounder guns during the First Battle of El Alamein, German Stuka dive bombers on the Eastern Front winter 1943–1944, US naval force in the Lingayen Gulf, Wilhelm Keitel signing the German Surrender, Soviet troops in the Battle of Stalingrad
දිනය සැප්තැම්බර 1, 1939 – සැප්තැම්බර 2, 1945
ස්ථානය Europe, පැසිෆික්, Atlantic, South-East Asia, China, Middle East, Mediterranean and Africa
ප්‍රතිඵලය මිත්‍ර පක්ෂ ජයග්‍රහණය.
රණපත්හු
මිත්‍ර පක්‍ෂය

 සෝවියට් සංගමය (1941-45)
 එක්සත් ජනපද (1941-45)
 එක්සත් රාජධානිය
 චීන සමූහාණ්ඩුව (යුද්ධයෙහි නියැලීම 1937-45)
 ප්‍රංශය
 පෝලන්තය
 කැනඩාව
 ඕස්ට්‍රේලියාව
 නවසීලන්තය
දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාව
Flag of the Democratic Federal Yugoslavia.svg යුගෝස්ලාවියාව (1941-45)
 බෙල්ජියම (1940-45)
 නෙදර්ලන්තය (1940-45)
Flag of Greece.svg ග්‍රීසිය (1940-45)
 නෝර්වේ (1940-45)
සහ අනෙකුන්

අක්‍ෂ පක්‍ෂය

 ජර්මනිය
Merchant flag of Japan (1870).svg ජපානය (යුද්ධයෙහි නියැලීම 1937-45)
Flag of Italy (1861-1946) crowned.svg ඉතාලිය (1940-43)
Flag of Romania.svg රුමේනියාව (1941-44)
Flag of Hungary (1920–1946).svg හන්ගේරියාව (1940-45)
 ෆින්ලන්තය (1941-44)
Flag of Bulgaria.svg බල්ගේරියාව (1941-44)
Flag of Iraq (1921–1959).svg ඉරාකය (1941)
 තායිලන්තය (1941-45)
සහ අනෙකුන්

ආඥාපතියන් හා නායකයින්
මිත්‍ර පක්‍ෂ නායකයන්

සෝවියට් සංගමය ජෝසෆ් ස්ටාලින්
සෝවියට් සංගමය ජි‍යෝජි සුකෝව්
එක්සත් ජනපද ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්
එක්සත් ජනපද ජෝර්ජ් මාෂල්
එක්සත් රාජධානිය වින්ස්ටන් චර්චිල්
එක්සත් රාජධානිය ඇලන් බෲක්
තායිවානය චියැං කායි-ෂෙක්
නිදහස් ප්‍රංශ  බලකාය චාල්ස් ඩි ගෝල්
ප්‍රජාතන්ත්‍රවාදී ෆෙඩරල් යුගෝස්ලාවියාව ජොසිප් බ්‍රොස් ටිටෝ
සහ අනෙකුන්

අක්‍ෂ පක්‍ෂ නායකයින්

නාසි ජර්මනිය ඇඩොල්ෆ් හිට්ලර්
නාසි ජර්මනිය විල්හෙල්ම් කෙයිටල්
ජපාන අධිරාජ්‍යය හිරොහිතෝ
ජපාන අධිරාජ්‍යය හිඩෙකි ටෝජෝ
ඉතාලි රාජධානිය බෙනිටෝ මුසෝලිනී
හන්ගේරියානු රාජධානිය (1920–1946) මික්ලොස් හෝර්ති
රුමේනියානු රාජධානිය ඉයොන් ඇන්ටොනෙස්කු
ෆින්ලන්තය සී.ජී.ඊ. මැනර්හෙයිම්
සහ අනෙකුන්

ආපතිකයන් සහ හානි
හමුදාමය මරණ:
16,000,000 ට වැඩි
සිවිල් මරණ:
45,000,000 ට වැඩි
මුළු මරණ:
61,000,000 ට වැඩි (1937-45)
...වැඩිපුර විස්තර
හමුදාමය මරණ:
8,000,000 ට වැඩි
සිවිල් මරණ:
4,000,000 ට වැඩි
මුළු මරණ:
12,000,000 ට වැඩි (1937-45)
...වැඩිපුර විස්තර

ක්‍රි.ව. 1939 සැප්තැම්බර් මස සිට ක්‍රි.ව. 1945 අගෝස්තු දක්වා පුරා වසර හයක් පුරා පැවැතුණු මෙය ප්‍රථමයෙන් යුරෝපා රටවල ඇතිවී පසුව ක්‍රි.ව. 1941 නොවැම්බර් මස 07 දින ජපානය සහභාගී වීමත් සමඟ ලෝක මහා සංග්‍රාමයක් බවට පත්විණි. මෙය දැනට ලෝකයේ ඇතිවූ භයානක ම යුඬය යි. මෙය WWII ලෙස ද සංක්‍ෂිප්තව හඳුන්වනු ලබයි.

පටුන

දෙවන ලෝක මහා සංග්‍රාමයට හේතු[සංස්කරණය]

  • හිට්ලර්ගේ නැඟීම හා ක්‍රියාකලාපය - (හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කිරීම ආසන්න ම හේතුවයි.)
  • ඉතාලියේ මුසෝලිනීගේ ක්‍රියාකලාපය
  • ජපානයේ ආක්‍රමණකාරී ප්‍රතිපත්තිය
  • ජාතීන්ගේ සංගමයේ දුර්‍වලතා

හිට්ලර්ගේ නැඟීම හා ක්‍රියාකලාපය[සංස්කරණය]

ඉතාලියේ මුසෝලිනීගේ ක්‍රියාකලාපය[සංස්කරණය]

ජපානයේ ආක්‍රමණකාරී ප්‍රතිපත්තිය[සංස්කරණය]

ජාතීන්ගේ සංගමයේ දුර්‍වලතා[සංස්කරණය]

පාර්ශවකරුවන්[සංස්කරණය]

මිත්‍ර පක්‍ෂය අක්‍ෂ පක්‍ෂය
 ඇඑජ  ජර්මනිය
 බ්‍රිතාන්‍යය  ජපානය
 රුසියාව  ඉතාලිය
 ප්‍රංශය  හන්ගේරියාව
   රුමේනියාව

පාර්ශවකරුවන්ගේ දායකත්‍වය[සංස්කරණය]

හිට්ලර් විසින් ක්‍රි.ව. 1939 සැප්තැම්බර් මස 01 දින පෝලන්තය ආක්‍රමණය කිරීමත් සමග දෙවන ලෝක සංග්‍රාමය සඳහා පළමු පියවර තැබුවේ ජර්මනියයි.

ජර්මානු පාබල හමුදාව සහ සන්නද්ධ වාහන යුධ ප්‍රහාර එල්ලකරමින් සිටින අවස්ථාවකි, ඔක්තොම්බර් 1941

දෙවන ලෝක යුද්ධය පසුබිම[සංස්කරණය]

පළමුවන ලෝක යුද්ධයෙන් පසු පරාජයට පත් වූ ජර්මනිය වර්සේල්ස් ගිවිසුමට අත්සන් තැබීය. මේ හේතුව නිසා ජර්මනියට නව භූමි ප‍්‍රමාණයෙන් 13%ක්, එනම්, ඕස්ටි‍්‍රයාව, චෙකොස්ලෝවැකියාව, පෝලන්තය හා ඩැන්සිග් යන රටවල් අහිමි වූ අතර, ජර්මන් හමුදාවේ භට පිරිස 100,000ක් දක්වා සීමා කිරීමට සිදු විය. එසේම ගිවිසුම මගින් අනිවාර්ය හමුදා සේවය, ආයුධ නිෂ්පාදනය, ආයුධ ආනයනය සහ අපනයනය කිරීම තහනම් කරන ලද අතර, ජර්මනියට විශාල වන්දි නියම කරන ලදී.

රුසියාවේ සිවිල් යුද්ධය විසින් ජෝශප් ස්ටාලින්ගේ නායකත්වයෙන් යුත් සෝවියට් සංගමය නිර්මාණය කරන ලදී. ඉතාලියේ ‘නව රෝම අධිරාජ්‍යයක්’ගොඩ නැංවීමේ පොරොන්දුව මත බෙනිටෝ මුසෝලිනි නම් ෆැසිස්ට් පාලකයා බලය අත්පත් කර ගත්තේය. චීනයේ පාලක කුමන්ටැන්ග් පක්ෂය 1920 දශකයේ මැද භාගයේ දී විප්ලවකාරී හමුදා නායකයන්ට එරෙහිව එක්සත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ නමුත්, ඉක්මනින්ම එය මුල් කාලීන කොමියුනිස්ට් මිත‍්‍ර පක්ෂවලට එරෙහි සිවිල් යුද්ධයකට පැටළුණි. 1931 දී චීනය කෙරෙහි දැඩි බලපෑමක් කළ, අතිශය මිලිටරි බලය සහිත ජපානය ආසියාව පාලනය කිරීමේ පළමු පියවර තැබීය. ඔවුහු මුක්ඩන් සිදුවීම ආයුධයක් කර ගනිමින් මැන්චූරියාව ආක‍්‍රමණය කළහ. එම ජාතීන් දෙපළ 1933 ටැන්ගු සටන් විරාමය තෙක්ම කුඩා ගැටුම් රාශියක නිරතව සිටියහ.

1933 ජනවාරි මාසයේ දී ජාතිවාදී සමාජවාදීයකු වූ ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ නායකයා බවට පත් විය. ඔහු සීඝ‍්‍ර සන්නද්ධ ව්‍යාපාරයක් ඇරඹීය. මෙය කලින් යුද්ධවලදී පරාජයට පත් වූ ප‍්‍රංශය හා එක්සත් රාජධානිය බියට පත් කළ අතර, තම දේශ සීමාවලට තර්ජනයක් එල්ල වනු ඇතැයි ඉතාලිය බිය විය. නව මිත‍්‍ර පාක්ෂිකත්වය තහවුරු කර ගැනීම සඳහා ප‍්‍රංශය ඉතාලියට, ඉතියෝපියාව නිදහස් කොට දුන්නේය. 1935 මුල් භාගයේ දී සාර්ලන්තය නෛතිකව ජර්මනිය හා එක්වීමත්, හිට්ලර් වර්සෙල්ස් ගිවිසුම ප‍්‍රතික්ෂේප කරමින් සිය හමුදාවන්ට බලෙන් බඳවා ගැනීම සහ සන්නද්ධ වීම ඇරඹීමත් සමග තත්ත්වය තවත් බරපතල වන්නට විය. ජර්මනිය ද ඇතුලත් කර ගැනීමේ අපේක්ෂාවෙන් එක්සත් රාජධානිය, ප‍්‍රංශය හා ඉතාලිය එක්ව ස්ටෙ‍්‍රසා පෙරමුණ ඇති කර ගත්හ. නැගෙනහිර යුරෝපයේ විශාල ප‍්‍රදේශයක් අත්පත් කර ගැනීමට ජර්මනියට තිබූ ඉලක්කය හඳුනාගත් සෝවියට් සංගමය, ප‍්‍රංශය සමග අන්‍යොන්‍ය සහයෝගීතාව පිළිබඳ ගිවිසුමකට එළඹුණි.

ප‍්‍රංශ - සෝවියට් ගිවිසුම බලාත්මක වීම සඳහා ජාතීන්ගේ සංගමය මගින් අනුමත විය යුතු වූ අතර, 1935 ජුනි මස දී එක්සත් රාජධානිය සිය මුලින් තිබූ සීමා ලිහිල් කරමින් ජර්මනිය සමග ‘ස්වාධීන නාවික එකඟතාවකට’ එළඹුණි. එක්සත් ජනපදය මෙම තත්ත්වය නිරීක්ෂණය කරමින් අගෝස්තු මස දී මධ්‍යස්ථභාවයේ පනත සම්මත කළේය. ඔක්තෝම්බර් මාසයේ දී ඉතාලිය ඉතියෝපියාව ආක‍්‍රමණය කළ අතර, එයට සහයෝගය දුන් එකම රාජ්‍යය ජර්මනිය පමණි. ඉන්පසුව ඉතාලිය, ඔස්ටි‍්‍රයාව සිය පරිවාර රාජ්‍යයන් කර ගැනීම සඳහා ජර්මනියට තිබූ අපේක්ෂාව කෙරෙහි විරෝධය දැක්වීම නවතා දැමීය.

1936 මාර්තු මාසයේදී වර්සෙල්ස් හා ලොකාර්නෝ ගිවිසුම් සෘජුව උල්ලංඝනය කරමින් හිට්ලර් යළිත් රයින්ලන්තය සන්නද්ධ කළේය. අනෙකුත් යුරෝපා බලවතුන්ගෙන් මීට ලැබුණේ අවම ප‍්‍රතිචාරයකි. සෝවියට් සංගමය සහයෝගය දුන් ස්පාඤ්ඤ ජනරජයට එරෙහිව ෆැසිස්ට් ජනරාල්වරයකු වූ ෆ‍්‍රැන්සිස්කෝ ෆ‍්‍රැන්කෝ ජූලි මස දී ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ආරම්භ කළ විට, හිට්ලර් හා මුසලෝනී ඊට සහයෝගය දැක්වූහ. දෙපාර්ශවයම නව අවි ආයුධ හා සටන් ක‍්‍රම අත්හදා බැලීමට මෙම යුද්ධය පාවිච්චි කළහ.

නැඟී ආ ආතතීන් සමග බලතල ස්ථාපනය කිරීම සඳහා විවිධ උත්සාහයන් දරන ලදී. ඔක්තෝම්බර් මස දී ජර්මනිය හා ඉතාලිය එක්ව රෝම - බර්ලින් අක්ෂය පිහිටුවා ගත් අතර ඉන් මසකට පසුව කොමියුනිස්ට්වාදය (විශේෂයෙන්ම සෝවියට් සංගමය* තර්ජනයක් ලෙස දුටු ජර්මනිය සහ ජපානය එක්ව ‘කොමියුනිස්ට්වාදයට එරෙහි එකඟත්වයට’ අත්සන් තැබීය. ඉන්පසු වසරේදී එයට ඉතාලිය ද සම්බන්ධ විය. චීනයේ කුමමින්ටැන්ග් හා අනෙකුත් කොමියුනිස්ට් බලමුළු සටන් විරාමයකට එකඟව, ජපානයට එරෙහි එක්සත් පෙරමුණක් ගොඩනංවා ගැනීමට සැලසුම් කළහ.

යුද්ධයේ ආරම්භය හා ව්‍යාප්තිය[සංස්කරණය]

ජර්මනිය සිය යුරෝපා සාමාජික රටවල් හා පින්ලන්තය සමග එක්ව 1941 ජුනි මස අග දී සෝවියට් සංගමය ආක‍්‍රමණය කළේය. විශාල තුවාලකරුවන් සංඛ්‍යාවක් සහිත ව දෙසැම්බර් මස වන විට ඔවුහු මොස්කව් නගරයට සමීපව සිටි අතර, යටත් කර ගැනීමට ඉතිරිව තිබුණේ ලෙනින්ග‍්‍රෑඞ් හා සේවාස්ටෝපල් යන නගර පමණි. ශීත සමය තුළ ඔවුහු සිය ප‍්‍රහාරය මඳකට නතර කළ අතර, සේවියට් සංගමය ජපානයේ මන්චුකු ඕ අසල සිටි අමතර භට පිරිස් කැඳවා ප‍්‍රති ප‍්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේය.

මෙම ප‍්‍රහාරයෙන් පසුව එක්සත් රාජධානිය යළි සන්ධානගත වන්නට විය. ජූලි මසදී එක්සත් රාජධානිය හා සෝවියට් සංගමය එක්ව ‘ජර්මනියට එරෙහි හමුදා සහයෝගීතාව’ පිහිටුවා ගත් අතර, ඉන් ටික කලකට පසුව, පර්සියානු සැපයුම් මාර්ගය හා ඉරාන තෙල් නිධි ආරක්ෂා කර ගැනිම සඳහා ඉරානය ආක‍්‍රමණය කළහ.

අගෝස්තු මාසයේ දී එක්සත් රාජධානිය හා එක්සත් ජනපදය එක්ව පශ්චාත් යුද ලෝකය තුළ ජනතාවට සිය පාලන ක‍්‍රමය තෝරා ගැනීමට ඇති අයිතිය පිළිබඳව සඳහන් කරමින් ‘අත්ලන්තික ප‍්‍රඥප්තිය’ නිකුත් කළහ. නොවැම්බර් මස දී ජර්මනිය හා ඉතාලියට එරෙහිව පොදු රාජ්‍ය රටවල්වල හමුදාව කාන්තාරය තුළ ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීම ආරම්භ කළහ.

මේ අතර ආසියාව තුළ ජපානය යුද්ධයට සූදානම් වෙමින් පැවතුණි. අධිරාජ්‍ය ජනරාල් මූලස්ථානය සැලසුම් කලේ ගිනිකොණ ආසියාවේ සම්පත් භාවිත කරමින් ආරක්ෂක සටනකට සූදානම් වීම සඳහා සිය භුමි ප‍්‍රමාණය මධ්‍යම පැසිපික් කලාපය තුළ පුළුල් කර ගැනීමට ය. එමගින් එක්සත් ජනපද පැසිපික් බලමුළු මුලින්ම බල රහිත කරමින් සිය භූමිය ආරක්ෂා කර ගැනීමට ද ඔවුන්ට අවශ්‍ය විය. මේ සඳහා ජපානය 1941 දී දකුණු ඉන්දු- චීනය තුළ හමුදා බලය ලබා ගත්තේය. මේ නිසා එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය ඇතුලූ අනෙකුත් බටහිර ආණ්ඩු තමා සතු සියලූ ජපන් දේපළ සන්තකයට ගන්නා ලදී. දෙසැම්බර් 7 වන දින ජපානය බි‍්‍රතාන්‍ය, ලන්දේසි හා ඇමරිකානු භූමි වෙත ප‍්‍රහාර එල්ල කළ අතර, එම විටම ගිනිකොණ දිග ආසියානු හා මධ්‍යම පැසිපික් ප‍්‍රති ප‍්‍රහාර සහ පර්ල් හාර්බර් හි ඇමරිකානු නාවික මූලස්ථානයට එල්ල කළ ප‍්‍රහාරයද දියත් කළේය.


මේ හේතුවෙන් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, චීනය සහ අනෙකුත් බටහිර බලමුළු ජපානයට එරෙහිව යුද ප‍්‍රකාශ කළහ. ඉතාලිය, ජර්මනිය සහ ත්‍රෛපාක්ෂික සම්මුතියේ අනෙකුත් සාමාජිකයෝ එක්සත් ජනපදයට එරෙහිව යුද ප‍්‍රකාශ කළහ. ජනවාරි මාසයේ දී එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, සෝවියට් සංගමය හා චීනය තවත් කුඩා පිටස්තර ආණ්ඩු 22ක් සමග එක්ව එක්සත් ජාතීන්ගේ ප‍්‍රකාශනය :ෘැජක්ර්එසදබඉහ ඹබසඑැා භ්එසදබි* නිකුත් කළහ. මෙමගින් අත්ලාන්තික් ප‍්‍රකාශනය තහවුරු කරන ලද අතර, සිය ඒකරාශී වීම විධිΩමත් ලෙස ඉදිරිපත් කරන ලදී. එහෙත් සෝවියට් සංගමය සම්පූර්ණයෙන්ම මෙයට එකඟ නොවුණි. එය ජපානය සමග ඇතුලූ වී මධ්‍යස්ථභාවයේ ගිවිසුම පවත්වාගෙන ගිය අතර, ස්වයං - තීරණ මූලධර්මයෙන් බැහැර විය.

1942 අපේ‍්‍රල් මස වන විට ඉතා අවම හානියක් කරමින් ගිනිකොණ දිග ආසියාව යටත් කර ගැනීමට ජපානයට හැකිවිය. එහිදී අනෙකුත් පාර්ශවයන් බුරුමයෙන් එලවා දමා, පිලිපීනය, මලයාසියා, ලන්දේසි පෙරග ඉන්දීය හා සිංගප්පූරු සිරකරුවන් විශාල ප‍්‍රමාණයක් අත්පත් කර ගැනීමට ඔවුන්ට හැකි විය. එසේම ජපානය, ඕස්ටේ‍්‍රලියාවේ ඩාර්වින් හි නාවුක මූලස්ථානයට පහර දුන් අතර, දකුණු චීන මුහුදේ, ජාවා මුහුදේ හා ඉන්දියන් සාගරයේ නැව් විශාල ප‍්‍රමාණයක් ගිල්වා දමන ලදී. ජපානයට එරෙහිව කරන ලද ප‍්‍රහාරවලින් සාර්ථක වූයේ චගේෂා ප‍්‍රහාරය නැවැත්වීම සහ අපේ‍්‍රල් මාසයේදී ටෝකියෝ වෙත එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාරය මගින් ජපානය මානසිකව බිඳ වැට්ටවීම පමණි.

ඇමරිකාවට සබ්මැරින් යුද සටන් පිළිබඳ ව තිබූ නොහැකියාව ප‍්‍රයෝජනයට ගනිමින් ජර්මනිය ඇමරිකානු අත්ලන්තික් වෙරළට ආසන්න නැව් ගණනාවක් ගිල්වා දැමීය. ජනවාරි මාසයේ දී ඔවුහු කාන්තාරය තුළ ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීම ඇරඹු අතර, පෙබරවාරි මස මුල වන විට ගසාලා තීරය තුළින් බි‍්‍රතාන්‍ය හමුදා ඉවත් කර දැමූහ. සෝවියට් සංගමයේ මාර්තු වන විට ප‍්‍රහාර නතර වී තිබුණි. කාන්තාරය හා සෝවියට් සංගමය යන දෙකෙහිම බලමුළු ඉදිරි සටන්වලට සූදානම් වීමේ අරමුණින් තාවකාලිකව ජර්මනිය හා සටන් නවත්වා තිබුණි.

දෙවන ලෝක මහා සංග‍්‍රාමය ආරම්භය[සංස්කරණය]

Japanese naval landing forces blasting Chinese pillbox and marching with the naval flag, Canton Operation.jpg

දෙවන ලෝක මහා සංග‍්‍රාමය ආරම්භ වූයේ 1939 සැප්තැම්බර් 01 දින ඇඩොල්ෆ් හිට්ලර් පෝලන්තය ආක‍්‍රමණය කිරීමෙනි. සැප්තැම්බර් 03 දින වන විට බි‍්‍රතාන්‍ය හා ප‍්‍රංශය ද යුද ප‍්‍රකාශ කෙළේ ය. ජර්මනිය හා එක් ව සිටි ඉතාලිය හා ජපානය මුල දී සංග‍්‍රාමයට එකතු නො වූ නමුත්, පසු ව ඔවුහු ද ඊ එක් වූ හ; බි‍්‍රතාන්‍ය ප‍්‍රංශ හමුදා සමඟ එක් ව ජර්මන් හමුදාවන්ට මුහුණ දුන් ලුවී මවුන්ට් බැට්න් සාමි ජපානය චීන මුහුදේ හා ඉන්දියන් සාගරයේ යාත‍්‍රා කළ යුද නැව් කීපයකට බෝම්බ හෙළා විනාශකොට ලංකාවේ ති‍්‍රකුණාමලය සහ කොළඹ වරායට ද බෝම්බ හෙළී ය. මේ බෝම්බ හෙළීම සියැසින් දුටු පිරිස් අදත් ජීවතුන් අතර ඇත. ජපනුන් කළ වැරැද්ද නම් ඇමරිකානු එක්සත් ජනපදයටත් බෝම්බ හෙළීම ය.

Armia Czerwona,Wehrmacht 23.09.1939 wspólna parada.jpg

ධන බලයෙන්, පිරිස් බලයෙන් හා යුද බලයෙන් ද පරිපූර්ණ ව සිටි ඇමරිකානු එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යයට ද අවශ්‍ය අහස් යානා, නැව් සහ යුද අවි සපයා දී මේ සංග‍්‍රාමයට එක සේ මුහුණ දුන්නේ ය.

මේ වන විට බි‍්‍රතාන්‍ය අගමැති ව සිටි වින්ස්ටන් චර්චිල් මේ යුදය ජයග‍්‍රහණය කරා මෙහෙයවනු මිස, අතර මඟ සාමදානයකට නොයන ලෙස මතවාදයක් රටපුරා ගොඩනැංවී ය. බි‍්‍රතාන්‍ය රටවැසි සියලුදෙන එකහෙළා ඒ මතයට සහාය දැක්වූ හ. ඉංගී‍්‍රසින් කිසි ම විටෙක ජර්මන්වරුන්ට යටත් නොවිය යුතු ය යන මතයෙහි මුළු රට ම විය.

1944 වන විට බුරුමයේ රැඳී සිටි ජපන් හමුදාවෝ ඉන්දියාව ද ආක‍්‍රමණය කිරීම ඇරැඹී ය. බි‍්‍රතාන්‍ය හා ඉන්දීය හමුදාවන් එක් ව බුරුම රට ජපන් ආක‍්‍රමණයෙන් ගලවා ගැනීමට සමත් විය. මේ සංග‍්‍රාමය බි‍්‍රතාන්‍යයට ජයගැනීමට හැකි වූ තීරණාත්මක සාධකය වූයේ අග්නිදිග ආසියාවේ යුද මෙහෙයුම් බළඇණි මූලස්ථානය SEAC දුම්බර බිමෙහි පිහිටුවීමට ගත් තීරණය යි.

එදා බි‍්‍රතාන්‍යයේ අගමැති වූ වින්ස්ටන් චර්චිල් විසින් 1941 ඔක්තෝබර් 27 වන දා නැඟෙනහිර ආසියා බලකායේ ප‍්‍රධාන අණදෙන නිලධාරී වශයෙන් ලුවී මවුන්ට් බැට්න් නාවික හමුදා ජෙනරාල්වරයා පත් කරන ලදී

මවුන්ට් බැට්න් යනු ඔස්ටි‍්‍රයාවේ වියානා නුවර උපන්, මුල දී බැට්න්බර්ග් නමින් හැඳින් වූ වික්ටෝරියා මහ රැජින ගේ මුණුබුරකු මෙන් ම පස්වන ජෝර්ජ් රජු ගේ දෙවැනි ඥාති සොහොයුරු රාජකීයයෙකි.

යුදය ජයගත් පසු 1947 දී ඔහු එවකට සිටි බි‍්‍රතාන්‍ය අගමැති ක්ලෙම්න්ට් ඇට්ලී විසින් ඉන්දියාවේ වයිස්රෝයිවරයා වශයෙන් පත්කරන ලදී. අද පවතින පකිස්තානය වශයෙන් ඉන්දියාව දෙකඩ කිරීම ද ඔහු ගේ අධීක්ෂණය යටතේ 1947 අගෝස්තු මස 14, 15 දිනවල සිදුවුණු

ලුවී මවුන්ට් බැට්න් සාමි යුවළ ගාන්ධිතුමා සමඟ පකිස්තානය බෙදා වෙන් කිරීමේ දී බෙදා වෙන්කර පාලනය කිරීමේ සූක්ෂ්ම න්‍යායයේ ප‍්‍රතිඵලයකි. විශ‍්‍රාමික ජීවිතයක් ගතකරන අවස්ථාවක 1979 අගෝස්තු 27 දින අයර්ලන්ත ගරිල්ලා හමුදාව විසින් ස්ලීගෝ මුහුදු වෙරලෙහි දී ඔහු මරා දැමිණි. එදා SEAC නමින් හැඳින්වූ දුම්බර පිහිටි ආසියාවේ මේ යුද මූලස්ථානය භාර ව සිටියේ ලුවී මවුන්ට් බැට්න් යුද සෙනෙවියා ය.

ඔහු දුම්බර බිමේ මෙකී මූලස්ථානයේ සිට ජයග‍්‍රහණය දක්වා ම යුද මෙහෙයුම් කි‍්‍රයාත්මක කෙළේ ය. ජපානයේ හිරෝෂිමා නාගසාකි වැනි දූපත්වලට හෙළන ලද පරමාණු බෝම්බය වැනි බෝම්බයක් අප රටට ද හෙළුවේ නම් මේ කතාන්දරය ලියැවෙන්නේ නැත. අදත් හිරෝෂිමා හා නාගසාකිවල පරමාණු බෝම්බයෙන් දැවී ඇළුවුණු මිනී ඇටකටු නෂ්ටාවශේෂ දැකගත හැකි ය.

මෙතැන් සිට දුම්බර ජයබිමට ආසියාවේ හමුදා අණදෙන මූලස්ථානය ආවේ කෙසේ දැයි මතු පරම්පරාවේ දැනගැනීම සඳහා මෙසේ සටහන් තබමි.


අග්නිදිග ආසියාවේ යුද ආඥා මූලස්ථානය -SEAC[සංස්කරණය]

එදා ආසියාවේ මූලස්ථානයට යෝග්‍ය ප‍්‍රදේශ සොයමින් බි‍්‍රතාන්‍ය හමුදා ප‍්‍රධානයන් ආසියාකරය පීරමින් ඒ සඳහා සුදුසු ආරක්ෂක බිමක් සොයමින් සිටියෝ ය. පසු කලෙක ලංකාවේ ප‍්‍රථම මහාමාර්ග කොමසාරිස් වශයෙන් පත් වූ තෝමස් ස්කිනර් නම් ඉංජිනේරුවරයා මේ මූලස්ථානයට සුදුසු ප‍්‍රදේශයක් සොයා ගැනීමේ ප‍්‍රධාන ම භූමිකාව රඟපෑවේ ය.

හෙතෙම හමුදාවේ මේජර්වරයෙක් ද විය. තමාට සිංහල භාෂාව ඉගෙනීමට ආශාවක් ඇති වූ බැවින්, ඔහු ඒ පිළිබඳ ව එවකට මහනුවර ඒජන්ත ව සිටි ඊ.ජේ. ඩයිසන් ගේ සහාය පැතී ය.

මහනුවර සුදු ඒජන්ත ඩයිසන් ඒ සඳහා නිර්දේශ කළ ගුරුවරයා වූයේ එදා විද්‍යාර්ථ විද්‍යාලයේ සේවා කළ මහනුවර ප‍්‍රදේශයේ එවකට ප‍්‍රථම පන්තියේ සිංහල ගුරු සහතිකය මෙන් ම ඉංගී‍්‍රසි ගුරු සහතිකය ද ලබා සිටි එක ම ගුරුවරයා වූ ඇම්.බී.ඩබ්ලිව්. මැදිවක මහතා ය.

මැදිවක මහතා පසු ව පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ඇමැතිවරයකු හා සෙනෙට් මන්තී‍්‍රවරයකු වශයෙන් ද ප‍්‍රදේශයට විශාල සේවාවක් සිදු කෙළේ ය. මේ වන විට ස්කිනර් ඉංජිනේරුවරයා මහනුවර දිසාපතිවරයා හා මැදිවක මහතා කුලුපග මිතුරන් බවට පත් ව සිටියෝ ය. යුදයේ උච්චතම අවස්ථාව වන විට බි‍්‍රතාන්‍ය හමුදා මූලස්ථානය පිහිටුවා තිබුණේ නවදිල්ලියේ ය.

නවදිල්ලියෙන් මූලස්ථානය ඉවත්කර ගැනීමේ අවශ්‍යතාව ඉංගී‍්‍රසින්ට තදබල ලෙස දැනෙන්නට විය. ඉංගී‍්‍රසින්ට විශ්වාසවන්ත ව ලෝක සංග‍්‍රාමය වැනි දැවැන්ත මෙහෙයුමක දී අතිශයින් රහසිගත භාවය ආරක්ෂා කිරීමට හැකි සිංහලේ නායකයකු ගේ අවශ්‍යතාව ඔවුනට පෙනී ගියේ ය.

එපමණක් නො ව අදහස් සන්නිවේදනය කරගැනීමේ භාෂා නෛපුණ්‍යය මෙහි දී අවශ්‍ය ම අංගයක් විය. නිරායාසයෙන් ම ඉංගී‍්‍රසින් ගේ මතකයට යොමු වූයේ මැදිවක නාමය භ. ඉංගී‍්‍රසි කිරිටය පමණක් නො ව යටත් විජිත අධිරාජ්‍යයේ ම පැවැත්මේ තීරණාත්මක හෝරාව දැන් එළැඹ තිබේ.


කුණ්ඩසාලේ මූලස්ථානය[සංස්කරණය]

ඉංගී‍්‍රසින් ගේ යුද හමුදා මූලස්ථානය ආසියාවේ රටක ස්ථානගත කිරීමේ අදහස ආණ්ඩුකාරයා හරහා මහනුවර දිසාපති මඟින් මැදිවක මහතාට දැනුම් දෙනු ලැබිණි. සිංහලේ අන්තිම රජු වූ නරේන්ද්‍රසිංහ රජතුමා ගේ කුණ්ඩසාලේ නුවර අසල පිහිටි භූමිය මේ යුද හමුදා මූලස්ථානය සඳහා සුදුසු ම ස්ථානය ලෙස බි‍්‍රතාන්‍ය හමුදා නිලධාරීන්ට පෙන්වන ලද අතර, ඒ සඳහා ඔවුන් කැටුව, ක්ෂේත‍්‍ර පරීක්ෂණයන් ද සිදුකැරිණි. තැන්නේකුඹුර පාලමෙහි සිට රජවැල්ල දක්වා වූ භූමි ප‍්‍රමාණය මේ සඳහා යොදාගන්නා ලදි.

මේ ප‍්‍රදේශයෙහි පිහිටි ඉංගී‍්‍රසි කොම්පැනිවලට මෙන් ම ස්වදේශිකයන්ට අයිති සියලු ම ඉඩම් යුද නීතිය යටතේ හමුදාව වෙත පවරා ගැනිණි. මේ ප‍්‍රදේශය තුළ පදිංචිවීමට අවසර තිබුණේ හමුදාවේ පිරිස්වලට පමණි. අවශ්‍ය සියලු ම ගොඩනැඟිලි, හමුදා නිවාස, සිනමා ශාලා හා වෙනත් පොදු පහසුකම් ශීඝ‍්‍රයෙන් ඉදිවිය. මහවැලි ගඟින් මෙගොඩ අද පොල්ගොල්ලේ විවෘත විශ්වවිද්‍යාලයය පිහිටි ඉඩමෙහි රාජකීය ගුවන් හමුදා මූලස්ථානය ඉදිවිය.

යුද හමුදා මූලස්ථාන ගොඩනැඟිලි ඉදිවූයේ කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ රජමාලිගා භූමියෙහි ය. හමුදාවේ පොදු සමාජ ශාලාව General Mess පිහිටුවා තිබුණේ කුණ්ඩසාල වත්තේ ප‍්‍රධාන බංගලාවේ ය. අද ඒ භූමිය අයත් වන්නේ කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයට ය. ගැහැනු පිරිමි දෙපක්ෂයට ම කෘෂිකර්ම අභ්‍යාස විද්‍යාලයක් ද අද එහි පිහිටුවා ඇත. මෙහි පිරිමි සිසුන් සඳහා වූ නේවාසිකාගාරයෙහි එදා සිතියම් හා මුදල් ආදිය මුද්‍රණය කළ මුද්‍රණ යන්ත‍්‍ර පිහිටුවා තිබිණි.

කුණ්ඩසාලේ පිහිටි ආසියාවේ අණදෙන මූලස්ථානයට අතිරේක ව දකුණේ කටුකුරුන්ද, බූස්ස, වීරවිල, රත්මලාන ආදි ස්ථානවල මෙන් ම සීගිරිය, මින්නේරිය, හිඟුරක්ගොඩ, ති‍්‍රකුණාමලය ආදී ස්ථානයන්හි ද එක් එක් බළකායන්ට අයත් වූ කඳවුරු පිහිටුවා තිබිණි.

එදා යුද පිටියෙහි වූවෝ ඉංගී‍්‍රසි, ඇමෙරිකන්, ගුරුකා, කාපිරි, කළුඅපි‍්‍රකා, ඉන්දීය ආදි විවිධ රටවල යුද ගුවන් හා නාවික හමුදාවෝ ය. ඉබ්බන් දමා කටවල් වසා දැමූ සොල්දාදුවන් කොටසක් ද පාර තොටවල පාගමන් සංදර්ශනවල යෙදී සිටීම එදා අප දුටු සුලබ දසුන් ය. යුදයේ අතුරු ඵලයක් වූ කාබේරි දරුවන් මෙන් ම සුදු දරුවන් ද අපේ කාන්තාවන් වෙත දායාද කර තිබෙනු එදා අපට දක්නට හැකි විය.


යුද්ධය පැතිර යෑම[සංස්කරණය]

මේ අවස්ථාවේ ප‍්‍රධාන අණදෙන නිලධාරී වශයෙන් හමුදා මෙහෙයුම් භාර ව සිටි විලියම් ස්ලීම් 4 වන හමුදා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා ද විය. ඔහු ගේ ප‍්‍රධාන නිලධාරියා මේජර් ජෙනරාල් ස්රිලින්ග් විය. මීට අතිරේක ව තවත් අනුඛණ්ඩ භාර නිලධාරීන් බොහෝ දෙනෙක් ද යුද මෙහෙයුම්වල යෙදී සිටිය හ.

මේ වන විට දරුණු සටන් පැවැතියේ ඉන්දියාවේ උතුරු නැඟෙනහිරි ප‍්‍රදේශ, ජපානයේ කොහිමා දූපත, බුරුමය, මලයාසියාව, සිංගප්පූරුව එදා අරක්කන් දේශය නමින් හැඳින්වූ චිතගොන් සහ අද ඉන්දුනීසියාව නමින් දක්නා දූපත්වල ය. ඉන්දියාව හා ලංකාව මේ වන විට බි‍්‍රතාන්‍යයට අයත් ව තිබූ අතර බුරුමය, මැලේසියාව, සිංගප්පූරුව හා අද ඉන්දුනීසියාව නමින් දක්නා දූපත් රටවල් ජපානයට අයත් විය. ජපානය මේ සටන්වල ජයග‍්‍රාහී ස්ථාවරයක සිටියේ ය.

කුණ්ඩසාලේ හමුදා මූලස්ථානය අසල භූමියෙහි සංඥා බළකා මූලස්ථානය ද පිහිටුවා තිබුණේ ය. ඒ මූලස්ථානයට දිවා රෑ නොකඩවා දිනකට සංඥා දෙදහසක් පමණ ලැබීමට හා නිකුත් කිරීමට සිදු ව තිබිණි. සාමාන්‍ය සියලු ම මෙහෙයුම් භාර ව තිබුණේ ලංකා ඉන්ෆන්ටි‍්‍ර හමුදාවට ය. (CLI). එය දැනට හාරගම වත්ත නමින් දක්නා ප‍්‍රදේශයෙහි ස්ථාන ගතකර තිබිණි. මුලින් සඳහන් කළ පොල්ගොල්ල ගුවන් හමුදා මූලස්ථානයෙන් මින්නේරිය, සීගිරිය හා පලාලේ ගුවන් හමුදා කඳවුරු පාලනය විය.

යුදය පැවැති අවස්ථාවෙහි සිවිල් සම්බන්ධීකරණ කටයුතු ප‍්‍රධානයා ලෙස ඇම්.බී.ඩබ්ලිව්. මැදිවක මහතා පත්කරනු ලැබ හමුදා කඳවුර තුළ නිවාසයක රැඳී සිටීමට අවසරලත් එක ම සිවිල් පුරවැසියා හා සිංහලයා වූයේ ද මැදිවක මහතා ය. දෙවන ලෝක සංග‍්‍රාමය ජයගත් පසු කුණ්ඩසාලේ පිහිටි යුද හමුදා කඳවුරෙහි ඉන්දුනීසියාවෙන් අල්ලාගත් ලන්දේසි අනාථයන් රඳවා තබන ලදී.

යුදය මෙහෙයවූ විලියම් ස්ලීම් පසු ව ෆීල්ඩ් මාර්ෂල් තනතුරට පත් කැරිණි. හිරු නොබසින අධිරාජ්‍යය යැයි විරුදාවලිය ලත් මහා බි‍්‍රතාන්‍යයට මේ සංග‍්‍රාමයෙහි ජයග‍්‍රහණය අත්කර දුන්නේ දුම්බර ජය භූමිය යි. එය එසේ නො වූ වද අප රට ජර්මනියේ හෝ ඉතාලියේ යටත් විජිතයක් වනු නිසැක ය.

දෙවන ලෝක යුද සමයේ භාවිත කළ රසායනික හා බැක්ටීරියා විද්‍යාත්මක ආයුධ[සංස්කරණය]

ජපානය විසින් භාවිත කරන ලද රසායනික වායු තහනම් කරමින් 1938 මැයි 14 වන දින ජාතීන්ගේ සංගමය ගෙන ආ යෝජනාව හා අනෙකුත් ගිවිසුම් තිබියදී ද, අධිරාජ්‍යවාදී ජපන් හමුදාව රසායනික අවි නිරන්තරයෙන්ම භාවිත කළහ. කෙසේ වුවත්, පළිගැනීමට ඉඩ ඇති හෙයින් ඔවුන් බටහිර රටවල්වලට එරෙහිව මේවා භාවිත නොකළ අතර, අධිරාජ්‍යවාදී ප‍්‍රචාරණය තුළ ‘යටත්භාවය’ සාධාරණීකරණය කළ අනෙකුත් ආසියානු රටවලට එරෙහිව පමණක් භාවිත කරන ලදී. යොෂියති යොෂිමි සහ සෙයියා මත්සුනො යන ඉතිහාසඥයින්ට අනුව, මෙම රසායනික අවි භාවිත කිරීමට නම් හිරොහිතො අධිරාජ්‍යයා විසින්ම විශේෂ නියෝගයක් නිකුත් කළ යුතු විය. නිදසුනක් ලෙස, 1938 අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ සිදු වූ වුෂාන් ආක‍්‍රමණයේ දී 375 වතාවක් විෂ වායු භාවිත කිරීමට ඔහු අවසර දී තිබේ.

1936 දී අධිරාජ්‍ය නියෝගයකින් ක්වැන්ටුන්ග් හමුදාවට එක් කරන ලද අප‍්‍රසිද්ධ 731 ඒකකය :ඹබසඑ 731* වැනි, ජපාන හමුදාවේ විවිධ ඒකක මගින් මිනිසුන් යොදාගනිමින් ජීව විද්‍යාත්මක අවි අත්හදා බලා ඇත. මේවා ප‍්‍රධාන වශයෙන් චීනයට එරෙහිව ද, 1939 නොමොන් හැන් සිදුවීමේ දී මොන්ගෝලියානු හා සෝවියට් සෙබළුන්ට එරෙහිව ද භාවිත කොට තිබේ. 2004 ඕස්ටේ‍්‍රලියානු ජාතික ලේඛනාගාරයේ දී සොයා ගන්නා ලද යොෂිමි හා යුකි මනාකාගේ ලියකියවිලිවලට අනුව, 1944 නොවැම්බර් මස දී තායිපත්වල ඕස්ටේ‍්‍රලියානු හා ලන්දේසි සිරකරුවන් අතර සයනයිඞ් වායුව අත්හදා බලා තිබේ.

බෝම්බ දැමීම[සංස්කරණය]

නාගසාකියට පරමාණු බෝම්බ හෙලීම, 9 අගෝස්තු 1945

මිත‍්‍ර හා සතුරු පාර්ශවයන් විසින් සිදු කරන ලද මහා පරිමාණයේ බෝම්බ ලක්ෂ ගණන් සිවිල් ජනතාවගේ ජීවිත අහිමි කළේය. ජර්මන් නගරවල, විශේෂයෙන්ම ඩි‍්‍රස්මන් හි සිදු වූ ඇන්ග්ලෝ ඇමරිකානු බෝම්බ ප‍්‍රහාරවලින් සිවිල් ජීවිත 600,000ක් විනාශ වී ඇතැයි ගණන් බලා ඇත. 1940 සැප්තැම්බර් මස සිට 1940 මැයි මස දක්වා බි‍්‍රතාන්‍යයට එල්ල කරන ලද ජර්මන් ප‍්‍රහාර මාලාව තුළ ලන්ඩන් නගරයට බෝම්බ හෙළන ලදී. එක් අවස්ථාවකදී එක දිගට රාත‍්‍රී 57ක් නගරයට බෝම්බ හෙළා ඇත. න්‍යෂ්ටික ආයුධ භාවිත කළ ප‍්‍රථම හා එකම අවස්ථාව මෙයයි. එක්සත් ජනපදය විසින් හිරෝෂිමා වෙත ද, ඉන් දින 3කට පසුව නාගසාකි වෙත ද න්‍යාෂ්ටික බෝම්බ ප‍්‍රහාර එල්ල කරන ලදී. මෙමගින් සිදු වූ මරණ සංඛ්‍යාව 200,000ක් යයි ගණන් බලා ඇත.

අක්ෂය ඇදවැටීම - මිත්‍ර රටවල්වල ජයග්‍රහණය[සංස්කරණය]

1944 දෙසැම්බර් 16 දින ජර්මන් හමුදා ආර්ඩන්ස් හි දී බටහිර මිත්‍ර හමුදාවන්ට ප්‍රතිප්‍රහාර ඵල්ල කළේය. මිත්‍ර හමුදාවන්ට ඵම ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට සති හයක් ගත විය. සෝවියට්වරු හංගේරියාව හරහා පැමිණ පහර දුන්හ. ඵ් අතරේ දී ජර්මනිය, ග්‍රීසිය සහ යුගොස්ලෝවියාව අතහැර දැමුවේය. ඉතාලියේ දී මිත්‍ර හමුදා ජර්මන් හමුදාවල අරක්ෂක වැට ඉදිරියේ දුර්මුඛව සිටියේය.

1945 ජනවාරි මැද භාගයේ දී සෝවියට්වරු පෝලන්තයට පහර දුන්හ. ඔවුහු විස්ටුලා නදියෙන් ජර්මනියේ ඔඩර් නදියට ගොස් ඵතැනින් නැගෙනහිර පර්සියාව ද ඉක්මවමින් ඉදිරියට ගියහ. පෙබරවාරි 4 දින ඵක්සත් ජනපදය,බ්‍රිතාන්‍ය සහ සෝවියට් නායකයන් යෝල්ටාවේ දී මුණ ගැසුනාහ. ඔවුහු යුද්ධයෙන් පසු ජර්මනිය අත්කර ගැනීම ගැන ද ජර්මනියට ඵරෙහිව සෝවියට් සංගමය යුධ වදින්නේ කවදා ද යනුවෙන් ද ඵකඟතාවයකට පැමිණුනාහ.

පෙබරවාරියේ දී බටහිර මිත්‍ර හමුදා ජර්මනියට ඇතුළු වී රයින් නදිය වෙතට ළඟා වූහ. මේ අතර සෝවියට්වරු පොමරේනියාව සහ සිලේසියාව ආක්‍රමණය කළහ. මාර්තුවේ දී බටහිර මිත්‍ර හමුදා රයින් නදිය තරණය කොට රූර් පෙදෙසින් උතුරින් හා දකුණින් ජර්මන් හමුදා කොටුවන සේ වට කළහ. මේ අතර සෝවියට් හමුදා වියානා දක්වා ඉදිරියට පැමිණියහ. අප්‍රේල් මුලදී බටහිර මිත්‍ර හමුදා අවසාන වශයෙන් ඉතාලියෙන් ඉදිරියට ගොස් බටහිර ජර්මනිය ජයග්‍රහණය කළේය. මේ අතර අප්‍රේල් අගභාගයේ සෝවියට් හමුදා බර්ලිනයට පහර දී අල්ලා ගත්හ. අප්‍රෙල් 26 දින බටහිර හමුදා සහ සෝවියට් හමුදා ජර්මනියේ දී ඵකට ඵකතු වූහ.

අප්‍රෙල් 12 දින ඵක්සත් ජනපදයේ ජනාධිපති රුස්වෙල්ට් මිය ගියේය. ඔහුගෙන් පසු හැරී ටෲමන් ජනාධිපති පදවියට පත් විය. ඉතාලි පාක්ෂිකයින් විසින් අප්‍රේල් 28 දින මුසෝලිනි මරා දමනු ලැබීය. දෙදිනකට පසු හිට්ලර් වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගත්තේය. ජර්මානු හමුදා ඉතාලියේ දී අප්‍රේල් 29 දින යටත් වූ අතර මැයි 7 වෙනිදා ජර්මනිය යටත් විය.

පැසිපික් කලාපයේ දී 1944 අවසානයේ දී පමණ ‘ලෙයිටෙ’හි බාධක ඉවත් කරමින් ඇමෙරිකන් හමුදා ඉදිරියට ගියේය. ඔව්හු 1945 ජනවාරි ලූසෝන් වෙතද මාර්තුවේදී මින්දනාඕ වෙතද ගොඩ බැස්සාහ. බ්‍රිතාන්‍ය සහ චීන හමුදා ඔක්තෝබර් සිට මාර්තු දක්වා කාළය තුළ උතුරු බුරුමයෙන් ජපානය පලවා හැරියේය. අනතුරුව මාර්තු 3 වැනිදා වන විට බ්‍රිතාන්‍යය රැන්ගුන් දක්වා ඉදිරියට සීඝ්‍රයෙන් ගියේය.

නාගසාකි න්‍යෂ්ටික පිපිරුම[සංස්කරණය]

ඇමෙරිකන් හමුදාවන්ද ජපානය දෙසට ගියේ මාර්තු වන විට ‘ඉවො ජිමා’ සහ ජුනි වන විට ‘ඔකිනාවා’ ග්‍රහණය කර ගනිමිනි. ඇමෙරිකන් යුධ ගුවන් යානා ජපන් නගර වලට බෝම්බ ප්‍රහාර ඵල්ල කොට ඵ්වා විනාශ කළහ. ඇමෙරිකන් සබ්මැරීන් හමුදාව විසින් ජපානයේ ආනයන කටයුතු නවතා දැමුවේය. ඵහෙත් ජපන් නායකයින් දිගටම සටන් කළ යුතු යැයි තීරණය කළේ මිත්‍ර හමුදාවන් පරාජය කොට අනතුරුව සාම කථා පැවැත්වීමේ අදහසිනි.

ජුලි 11 දින මිත්‍ර රටවල්වල නායකයෝ ජර්මනියේ පෝට්ස්ඩෑම්හි දී හමූවූහ. ඔවුහු කලින් ජර්මනිය සම්බන්ධයෙන් තිබූ ගිවිසුමක් නැවත ස්ථිර කරමින් කොන්දේසි විරහිතව යටත්වන ලෙස ජපානයෙන් දිගින් දිගටම ඉල්ලා සිටියේ “ජපානයට ඉක්මන් විකල්පයක් සහ සම්පූර්ණ විනාශයක් අවශ්‍යයි” යනුවෙන්ද ප්‍රකාශ කරමිනි. මෙම සාකච්ඡා අතර වාරයේ බ්‍රිතාන්‍යය ඵහි මැතිවරණයක් පැවැත් වූ අතර ඵයින් චර්චිල් වෙනුවට ක්ලෙමන්ට් ඇට්ලි අගමැතිවරයා වශයෙන් තේරී පත් විය.

ජපානය පෝස්ට්ඩෑම් කොන්දේසි ප්‍රතික්ෂේප කළේය. ඇමරිකානු එක්සත් ජනපදය අගෝස්තු 6 හිරෝෂිමාවට ද අගෝස්තු 9 නාගසාකි නගරයට ද බෝම්බ දැමූහ. අගෝස්තු 8 වැනිදා සෝවියට් දේශය මැන්චූරියාව ආක්‍රමණය කළේ යෝල්ටාවේ දී ඵකඟ වූ පරිද්දෙනි. යුද්ධය නිමා කරමින් 1945 අගෝස්තු 15 දින ජපානය යටත්විය.

යුද අධිකරණ[සංස්කරණය]

1945 සිට 1951 දක්වා ජර්මන් හා ජපාන නිලධාරීහූ යුද අපරාධ පිළිබඳ ව චෝදනා ලැබූහ. එම චෝදනා වූයේ සාමයට එරෙහි අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, සටන්වලට මුල පිරීම හා වෙනත් ඒවාය. බොහෝ ජර්මානු නිලධාරීන් නියුරන්බර්ග් යුද අධිකරණය තුළ ද, ජපන් නිලධාරීන් ටෝකියෝ යුද අපරාධ අධිකරණය සහ ආසියා පැසිපික් කලාපයේ අනෙකුත් යුද අපරාධ අධිකරණවලදී ද විනිශ්චයට බඳුන් කෙරිණි. අනෙකුත් බොහෝ පහළ නිලධාරීන් නියුරන්බර්ග් විනිශ්චය සභාවට පසුව ඇති කළ විනිශ්චය සභා, ඩචවු අධිකරණය :ෘ්ජය්ම* සහ කබරොව්ස්ක් යුද අපරාධ අධිකරණය වැනි කුඩා අධිකරණ තුළ විනිශ්චයට ලක් කෙරිණි. ජාත්‍යන්තර නීතිය ඒකාබද්ධ උල්ලංඝනය කිරීම (විශේෂයෙන්ම 1939 පෝලන්තය විසින් සෝවියට් සංගමය ආක‍්‍රමණය කිරීම) හෝ ඒකාබද්ධ යුද අපරාධ සිදු කිරීම (සතුරු රටවලට බෝම්බ හෙළිම හෝ නැගෙනහිර යුරෝපය තුළ සෝවියට් කෲර ක‍්‍රියා) සම්බන්ධව සැලකිය යුතු විනිශ්චයන් සිදු නොවීය.

දෙවන ලෝක මහා සංග්‍රාමයේ ප්‍රතිඵල[සංස්කරණය]

දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසු[සංස්කරණය]

දෙවන ලෝක යුද්‍ධයෙහි නිමාව සිට දළ වශයෙන් 1960 දශකයෙහි අගබාගය හා 1970 දශ‍කයේ මුල් භාගය වන කාලය තුල ඇමෙරිකානු ඉතිහාසයේ ඉතාමත්ම ජනප්‍රිය කෘතින්ගේ එලිදැක්වීම සිදුවිය. අවසන් යථාර්තවාදි නුතන අදහස් දරන්නන් සහ හණමිටි සමාජය අප්‍රිය කළ කරුණු ප්‍රේමාන්විතයින් මේ කාලය තුල පෙරමුණ ගත් අතර, ඔවුන්ගේ කාර්යයට දෙවන ලෝක යුද්ධයට ඇරමරිකාව හවුල් කිරිමට විත්ත්කරුවන් වුවන්ගේ බලපෑම ද නොමැද විය.

ජේ.ඩී සැලින්ගර් හේ Nine Stories හා The Catcher හා the Rye වැනි කෘතින් ගේ සිට ශිල්පාය ප්ළාත්ගේ The Bell Jor වැනි කෘතින් දක්වා වු නිර්මාණ, ඇමරිකානු එක්සත් ජනපදයේ උමතුව ජාතියේ සාහිත්‍යමය ප්‍රමුඛස්ථානයට ගෙන ඒමට හවුල්විය. වෙනත් රටවලින් ඇමරිකානු එක්සත් ජනපදයට පදිංචියට පැමිණි එලදිමිර් නෝබෝකොන් වැනි කතුවරැන් Lolita වැනි කෘතින් මගින් මෙම මාතෘකාව ඉදිරියට ගෙන ගිය අතර, එම කාලය තුලදිම ඉහත දැක්වු තරුණ ප්‍රේමාන්විතයින් ඔවුන්ගේ Lost පුර්වජයන්ගෙන් සංවිධානාත්මක පියවරක් ඉවතට තැබීය.

නිව්යෝර්ක් නුවර හා කොලොම්බියා සරසවිය ආශ්‍රිතව ගොඩනැගී යම් කාලයකට පසු සැන් ‍ෆ්‍රෙන්සිස්කෝ නුවර නිල වශයෙන් පිහිටවනු ලැබු බුද්ධිමතුන්ගේ කව මගින් බිහිවු Beat Generation හි කවි හා ප්‍රබන්ධ කරලියට පැමිණියහ. Beat යන පදය 'ජෑස්' සංගීතයේ ප්‍රතිවරැද්ධ සංස්කෘතික රිද්මයටත්, යුද්ධයෙන් පසුවත් පැවති වෙනස්වීම් වලට ඇති අකමැත්ත කෙරෙහි වු කැරලිකාර ස්වභාවයත්, මත්ද්‍රව්‍ය, මත්පැන් දර්ශනවාසය හා සෙන් බෞද්ධාගම ප්‍රමුඛ ආගම් වලින් ලැබුනු නව ආත්මීය අත්දැකීමුත් සහ සියල්ලම හැදින්විමට සාමුහිකව භාවිත කරන ලදී. ඇලන් ජින්ස්බර්ග් විසින් ඔහුගේ Howl නම් කවිය මගින් මෙම යාන්ත්‍රණයට අවශ්‍ය තාලය සපයන ලදි. මාගේ පරම්පරාවේ සුවිශේෂම බුද්ධිමතුන් උමතුව මගින් විනාශ වනු මම දුටිමි... ලෙස ආරම්භ වු මෙම කවිය වෝල්ට් විට්මෑන්ගේ කෘතින්ට සමානකමක් දැක්විය. මේ කාලය තුලදීම ඇලන් ජින්ස්බර්ගේ මිත්‍රයෙකු වු ජැක් කොරොවුවැක් (1922-1969) ගේ ජනප්‍රියම නවකථාව වන The Road මගින් Beats ලෙස හැදින්වුවන්ගේ විනෝදකාමී, බාහිර බලපෑම් රහිත, ස්ථර පදිංචියක් පවා නැති ජීවින විග්‍රහ කරන ලදි. දෙවන ලෝක යුද්ධයට පසු සමය යුද්ධ නවකථා සම්බන්ධව නම් ඇමරිකානු එක්සත් ජනපදය තුල විශාල සංගීත්‍යමය පිබිදිමක් ඇති වු සමයක් විය. නෝමන් මේලර් ගේ The Naked and the dead (1948) ජෝසප් හෙලර්ගගේ Catch -22 (1961) සහ කර්ථ වොන්නෙගට් ජුනියර්ගේ Slaughter House- Five (1969) වැනි කෘතින් මේ කාලය තුලදී ඉතාමත් ජනප්‍රිය වු කෘතින් අතුරින් කිහිපයකි. බාබරා ගාර්කන් විසින් රචිත Mac Bird කෘතිය යුද්ධයෙන් නිරර්ථක භාවය විදහාපාන තවත් කෘතියක් විය.

සංසන්දනාත්මකව බැලු කල, ජෝන් අප්බයික් ඇමෙරිකානු ජීවිතයේ ගැමි ජීවිතය අලංකාරව විස්තර කිරිමක් ලෙස සැලකිය හැකි කෘතින් නිහඩ එහෙත් පෙරලිකාර රචනා ශෛලියකින් ඉදිරිපත් කලේය. ඇමෙරිකානු මධ්‍යම පන්තියෙහි කුඩා තොරතුරු පවා චරිතයට නැගීම නිසා 1960 දි රචිත Robbit Run නමැති කෘතිය නවමු අත්දැකිමක් විය. මෙම නවකථාව වර්ථමාන කාලය එහි කථා විස්තරයට යොදාගත් පළමු නවකතා කිහිපය අතරින් එකක් ලෙස ද සැලකේ.

ෆ්ලැන්නරි ඕ'කොනර් (උපත - මාර්තු 25, 1925 ජෝර්ජියාව, විපත - අගෝස්තු 3 1964 ජෝර්ජියාව) විසින්ද මාර්ක් ට්වේන් වැනි ඇමෙරිකානු සංහිත්‍රයේ ප්‍රමුඛ කතුවරැන්ට ඉතා සමීප මාතෘකාවක් වු දකුණු පලාත සහ මාතෘකාව පිරික්සීමට ලක්කොට සංවර්ධනය කරන ලදි.

ආශ්‍රිත[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

  1. පළමු ලෝක යුද්ධය

"http://si.wikipedia.org/w/index.php?title=දෙවන_ලෝක_යුද්ධය&oldid=311438" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි