ප්‍රංශය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ප්‍රංශ ජනරජය
ප්‍රංශය
උද්යෝග පාඨය: Liberté, Égalité, Fraternité
(ස්වාධීනත්වය, සමානාත්මතාවය, සහෝදරත්වය)
ජාතික ගීය: 

La Marseillaise
ප්‍රංශයේ පිහිටීම (තද කොළ). කොළ සහ තද අළු ප්‍රදේශවලින් යුරෝපා රටවල් ද, කොළ පැහැති ප්‍රදේශවලින් යුරෝපා සංගමයට අයත් රටවල් ද දැක්වෙයි.
ප්‍රංශයේ පිහිටීම (තද කොළ). කොළ සහ තද අළු ප්‍රදේශවලින් යුරෝපා රටවල් ද, කොළ පැහැති ප්‍රදේශවලින් යුරෝපා සංගමයට අයත් රටවල් ද දැක්වෙයි.
අගනුවර
(සහ විශාලතම නගරය)
පැරීසිය
48°51.4′N 2°21.05′E / 48.8567°N 2.35083°E / 48.8567; 2.35083
නිල භාෂාව(න්) ප්‍රංශ
ජාති නාමය ප්‍රංශ
රජය ඒකීය අර්ධ-ජනාධිපති ජනරජය
 -  ජනාධිපති නිකොලස් සාකෝසි
 -  අගමැති ෆ්‍රංසුවා ෆිලන්
ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුව
නිර්මාණය
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 674,843 කිමී2 (43 වැනියා)
260,558 සතරැස් සැත 
ජනගහණය
 -  2010 estimate 65,447,374 (20 වැනියා)
 -  ඝණත්වය 115/කිමී2 (89 වැනියා)
299/සතරැස් සැත
GDP (PPP) 2009 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $2.108 trillion[1] 
 -  ඒක පුද්ගල $33,678 
GDP (නාමික) 2009 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $2.676 trillion 
 -  ඒක පුද්ගල $42,747 
Gini (2008) 32.7
මධ්‍යම
HDI (2010) 0.872[2]
bug දෝෂය: අනීතික HDI අගයhttp://bugzilla.wikimedia.org/show_bug.cgi?id=දෝෂය: අනීතික HDI අගය · 14 වැනියා
ව්‍යවහාර මුදල යුරෝ (EUR)
වේලා කලාපය CET (UTC+1)
 -  ගිම්හාන (DST) CEST (UTC+2)
රිය පදවන්නේ දකුණ
අන්තර්ජාල TLD .fr
ඇමතුම් කේතය 33

ප්‍රංශයේ නිල නාමය 'ප්‍රංශ ජනරජය' යන්නය ප්‍රංශය යුරෝපා සංගමයේ සාමාජික රටක් වන අතර එහි බටහිර දිසාවේ පිහිටියේ ය. වෙනත් මහාද්වීපයන් හි සහ ඉන්දියන්, පැසිපික් හා අත්ලාන්තික් සාගරයන් හි පිහිට, සන්තක ප්‍රදේශයන් ද දූපත් ද ප්‍රංශයට අයත්ව තිබේ. ප්‍රංශය ඒකීය. අර්ධ පූර්ණ බලතල සහිත ජනාධිපති තනතුරකින් යුත් සමූහාන්ඩුවකි. (Semi presidential Republic) එම රටෙහි මුලික ප්‍රතිපත්තීන් 'මිනිසාගේ සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ප්‍රකාශනයේ' විස්තර කොට දැක්වේ. මෙට්‍රෙපොලිටන් ප්‍රංශය, මධ්‍යදරණි මුහුදේ සිට ඉංග්‍රීසි ඕඩය හා උතුරැ මුහුද දක්වා ද රයින්හි සිට අත්ලාන්තික් සාගරය දක්වා ද විහිදෙයි එය බොහෝ විට හදුන්වනු ලබන්නේ 'හෙක්සගෝන්' (The Hexagon) යනුවෙනි. එසේ අමතනු ලබන්නේ එහි ඇති ජ්‍යාමිතික හැඩය හේතුවෙනි. උතුරැ දිශාවේ සිට දක්ෂිණාවර්තව එහි ‍දේශසීමාවන් මෙසේ වෙයි. බෙල්ජියම, ලක්ෂිවර්ගය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, ඉතාලිය, මොනාකො, ස්පාඤ්ඤය, සහ ඇන්ඩොරා (Andorra) ප්‍රංශයට අයත් විදේශිය පාලන ප්‍රදේශ සහ රාශිභූත ප්‍රාන්ත වෙන්කෙරෙන ගොඩබිම් දේශසීමාවූවන් වන බ්‍රසීලය, ප්‍රංශ ගිනනියා දේශසීමාවේ පිහිටි සවුරිනාමය (Suriname), සාන්ත මාටින් මායිම් වන නෙදර්ගන්තයේ ඇන්ටිලස් දෙපාර්ශව විසින්ම පොදුවේ පරිහරණය කෙරේ. ඉංග්‍රීසි ඕඩය යටින් දිවෙන උමං මගින් ප්‍රංශය එක්සත් රාජධානිය හා සම්බන්ධ කෙරේ.

භූමි ප්‍රමාණය අනුව බැලූ විට, යුරෝපා සංගමයේ රටවල් අතුරින් විශාලතම රට වනුයේ ප්‍රංශයයි. එසේම, රැසියාව හා යුක්රේනය හැරැනු විට විශාලත්වයෙන් යුරෝපයේ තෙවන ස්ථානය ලබන්නේ ද ප්‍රංශයයි. ප්‍රංශ ගිනියා වැනි යුරෝපයේ පිහිටි ඔවුන් සන්තක අතිරේන ප්‍රාන්තයන් ද එක්කළහොත් ප්‍රංශය, විශාලත්වයෙන්දෙවන ස්ථානය ගනු ඇත. ප්‍රංශය සතුව පවතින ශක්තිමත් ආර්ථිකය ද සංස්කෘතික හමුදාමය හා දේශපාලනමය වශයෙන් බලපෑම් කළ හැකි තත්ත්වයක පැවතීම ද හේතු‍‍කොට ගෙන සියවස් ගණනාවක සිට ප්‍රංශය බලසම්පන්න රටක් බවට පත්ව තිබේ. 17 සහ 18 වන ශතවර්ෂයන් තුලදී උතුරැ ඇමෙරිකාවේ සැලකිය යුතු කොටසක් ප්‍රංශය විසින් ස්වකීය යටත් විජිතයක් බවට පත්කරගෙන තිබිනි. උතුරැ බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ අග්නිදිග ආසියාවේ විශාල භුමි ප්‍රදේශයක් ද බොහෝ පැසිපික් දූපත් ද මෙම අධිරාජ්‍යයට අයත් වී තිබින.

ප්‍රංශය, අධි සංවර්ධිත රටවලින් එකකි. නාමික දළ ජාතික නිෂ්පාදිතය අනුව, පස්වන තැන ගන්නා ප්‍රබල ආර්ථික ප්‍රංශය සතු වේ. මිලදී ගැනිමේ හැකියාවේ සමානතාවය සලකා බැලූ විට ඊට සතවන ස්ථානය අයත් වේ. ප්‍රංශය, උසස් ජිවන තත්ත්වයන් ද ඉහල මට්ටමක පවතින පොදු අධ්‍යාපන ක්‍රමයන් ද භුක්ති විඳී. එය ඉතා පුළුල් ලෙස ගෝලීයකරණය වූ ජාතීන් ගෙන් එකකි. 2009 වසරේ දී විශිෂ්ට ජාත්‍යන්තර කීර්තිය ලබාගත් රටවල් අතුරින් දෙවන ස්ථානය ප්‍රංශය සතුකරගෙන තිබේ. ලොව හොදම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමය ලෙස, ප්‍රංශ සෞඛ්‍ය සේවය වර්ගිකරණය කර ඇති අතර, වැඩිම ජිව්‍ය කාලය භුක්ති විදින රටවල් අතරින් ප්‍රංශය එකක් වේ.

ඉතා විශාල සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණෙන ලොව එකම රට ප්‍රංශයයි. වාර්ෂික විදේශ සංචාරක සම්ප්‍රාප්තිය මිලියන 82 ක් වෙයි. ප්‍රංශය යුරෝපා සංගමය ආරම්භ කළ සාමාජික රටවලින් එකක් වේ. එය එක්සත් ජාතීන්ගේ රටවලින් එකක් වේ. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමෙන් ද ආරම්භක සාමාජිකයෙක් වන්නේ ය. තවද ප්‍රංශ කථා කරන්නන්ගේ හවුල (Francophonie) 8 කණ්ඩායම (G 8) 20 කණ්ඩායම ( G 20), නේටෝ (NATO), ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සදහා වූ සංවිධානය (OECD), ජාත්‍යන්තර වෙළද සංවිධානය (WTO), සහ ලතින් සංගමය (Latin Union), යනාදී සංවිධානයන් හි සාමාජිකත්වය දරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය නිත්‍ය නියෝජිතයින් පස් දෙනාගෙන් ප්‍රංශය කෙනෙකි. ලොව සතුව පවතින න්‍යෂ්ටික අවි සංඛ්‍යාව සලකා බැලීමේ දී තෙවන විශාලතම අවි සංඛ්‍යාව හිමිව තිබෙන්නේ ‍ ප්‍රංශ රජ්‍යයටයි. තවද, න්‍යෂ්ටික බලාගාර වැඩිම ප්‍රමාණය ඇත්තේ ද ප්‍රංශයේය.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "France". International Monetary Fund. http://www.imf.org/external/pubs/ft/weo/2010/01/weodata/weorept.aspx?sy=2007&ey=2010&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=132&s=NGDPD%2CNGDPDPC%2CPPPGDP%2CPPPPC%2CLP&grp=0&a=&pr.x=22&pr.y=10. සම්ප්‍රවේශය කෙරුණු දිනය 21 April 2010. 
  2. "Human Development Report 2010" (PDF). United Nations. 2010. http://hdr.undp.org/en/media/HDR_2010_EN_Table1.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 5 November 2010. 
"http://si.wikipedia.org/w/index.php?title=ප්‍රංශය&oldid=248294" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි