ජාතීන්ගේ සංගමය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
|
|||||||||||||||||||||||||||||||||||||
පළමුවන ලෝක සංග්‍රාමයෙන් පසු ලෝකයේ සාමය ආරක්‍ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සංගමයක අවශ්‍යතාව බලවත්ව දැනෙන්නට විය. ඊට ප්‍රධාන වශයෙන් ම දායකත්‍වය සැපැයූයේ එවකට ඇමරිකා එක්සත් ජනපදයේ ජනපතිවූ ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට් මහතා ය.
පටුන |
[සංස්කරණය] ජාතීන්ගේ සංගමය පිහිටුවීමේ අරමුණු
- ජාතීන් අතර ඇතිවන ආරවුල් සාකච්ඡා මඟින් විසඳාගැනීම.
- ආර්ථික සම්බාධක පැනවීම මඟින් ආක්‍රමණ වැළැක්වීමට කටයුතු කිරීම.
- මානව වර්ගයාගේ සාමකාමී පැවැත්ම සඳහා අවශ්‍ය වෙනත් පියවර ගැනීම.
- ජාත්‍යන්තර සහයෝගය සහ අවබෝධය ගොඩනැංවීම.
- කුඩා රාජ්‍යයන්ගේ නිදහස හා ස්වාධීනත්‍වය ආරක්‍ෂා කරගැනීම.
[සංස්කරණය] සාමය සඳහා දැරූ ප්‍රයත්න
- සංගමය පිහිටුවීමෙන් පසු ඉදිරියට වසර 20ක් පමණ කාලයක් යුඬ ඇතිවීම වළක්වා ගැනීම.
- ග්‍රීසිය හා ඉතාලිය අතර ඇතිවූ මතභේද විසඳීමට මැදිහත්වීම.
- ජාතික සංගමයේ භාරකාරත්‍වයට පත්කොට තිබූ යටත්විජිතවල පරිපාලන කටයුතු සාර්ථකව අධීක්‍ෂණය කිරීම.
- ඔස්ට්‍රියාව, හන්ගේරියාව හා ග්‍රීසිය යන රටවලට ආර්ථික ආධාර ලබාදුන් අතර සරණාගතයන් පුනුරුත්ථාපනය කෙරිණි.
- ලෝක යුඬයෙන් පසු පැතිරුණු ලෙඩරෝග මර්දනය හා නීති විරෝධී හා මත්ද්‍රව්‍ය වෙළඳාම මර්දනය කිරීම.
[සංස්කරණය] ජාතීන්ගේ සංගමය අසාර්ථකවීමට හේතු
- මෙම සංගමය නිමැවීමට මුල්වූ ඇමරිකාව පවා මෙහි සමාජිකයෙකු නොවිණි.
- රටවල් 55ක් පමණ මීට අයත්ව තිබුණ ද පළමු ලෝක යුඬයේ වැරදිකරුවූ ජර්මනියට ද රුසියාවට ද සාමාජිකත්‍වය අහිමිවිය.
- සාමාජික රටවල ආක්‍රමණික කටයුතු වැළැකීමට අවශ්‍ය හමුදා ශක්තියක් සංගමය සතු නොවීය.
- ඉතාලිය ඇබිසීනියාව ආක්‍රමය කළ අවස්ථාවේ සංගමය සම්බාධක පැනැවූව ද ඉතාලියට විරුඬව ඇබිසීනියාවට ආධාර කිරීමට සංගමය අපොහොසත් විය.
- ව්‍යවස්ථාව අනුව තීරණ ගැනීමේදී ඒකමතික තීරණයන්ට එළඹීමේදී අපොහොසත් වීම.
- අභ්‍යන්තර ආරක්‍ෂාවට පමණක් ආයුධ පවත්‍වා ගැනීමට රටවලට අවසර දුන්න ද එය ක්‍රියාත්මක කිරීමට අවැසි නිරායුධ කොමිසමක් කිසිදිනෙක පත් නොකෙරුණි.
[සංස්කරණය] මේවාත් බලන්න