පළමුවන ලෝක යුද්ධය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
පළමුවන ලෝක යුඬය
WW1 TitlePicture For Wikipedia Article.jpg
Clockwise from top: Trenches on the Western Front; a British Mark IV Tank crossing a trench; Royal Navy battleship HMS Irresistible sinking after striking a mine at the Battle of the Dardanelles; a Vickers machine gun crew with gas masks, and German Albatros D.III biplanes
දිනය 28 July 1914 – 11 November 1918 (Armistice)

Treaty of Versailles signed 28 June 1919

ස්ථානය Europe, Africa, the Middle East, and the Pacific Islands (briefly in China)
Result Allied victory
Belligerents
Allied (Entente) Powers

ප්‍රංශය France
United Kingdom British Empire
 Russian Empire (1914–17)
 Italy (1915–18)
 United States (1917–18)
 Japan
 Romania (1916–18)
 Serbia
 Belgium
 Greece (1917–18)
Portugal Portugal (1916–18)
Montenegro Montenegro (1914–16)
and others

Central Powers

 German Empire
සැකිල්ල:රටේ දත්ත Austria-Hungary
සැකිල්ල:රටේ දත්ත Ottoman Empire
 Bulgaria (1915–18)

නායකයින් හා අණ දෙන නිළධාරීන්
Leaders and commanders

ප්‍රංශය Aristide Briand
ප්‍රංශය Georges Clemenceau
ප්‍රංශය Ferdinand Foch
United Kingdom H.H. Asquith
United Kingdom David Lloyd George
Russian Empire Nicholas II
Russia Alexander Kerensky
Kingdom of Italy (1861–1946) Antonio Salandra
Kingdom of Italy (1861–1946) Vittorio Orlando
එක්සත් ජනපද Woodrow Wilson
Kingdom of Romania Ferdinand I
Kingdom of Serbia Peter I
and others

Leaders and commanders

German Empire Wilhelm II
German Empire Paul von Hindenburg
German Empire Erich Ludendorff
Austria–Hungary Franz Joseph I
Austria–Hungary Karl I
Ottoman Empire İsmail Enver
Kingdom of Bulgaria Ferdinand I
and others

යුධ බලය
Allies

Russian Empire 15,000,000

ප්‍රංශය 8,317,000

Kingdom of Italy (1861–1946) 5,200,000

United Kingdom 5,000,000+

එක්සත් ජනපද 4,000,000

Kingdom of Romania 660,000

Kingdom of Serbia 420,000

බෙල්ජියම 267,000

Kingdom of Greece 250,000

Montenegro 40,000+

Portugal 33,000

Total: 39,087,000+ (estimated) [තහවුරු​ කරන්න]

Central Powers

German Empire 13,000,000

Austria–Hungary 7,800,000

Ottoman Empire 2,000,000+

Kingdom of Bulgaria 1,200,000

Total: 24,000,000+ (estimated) [තහවුරු​ කරන්න]

Casualties and losses
Military dead:
5,525,000
Military wounded:
12,831,500
Military missing:
4,121,000
Total:
22,477,500 KIA, WIA or MIA ...further details.
Military dead:
4,386,000
Military wounded:
8,388,000
Military missing:
3,629,000
Total:
16,403,000 KIA, WIA or MIA ...further details.

20වැනි සියවසේ ක්‍රි.ව. 1914 ජුලි මස 28 දින සිට ක්‍රි.ව. 1918 නොවැම්බර් මස 11 දින දක්වා වසර හතරකට වැඩි කාලයක් පැවැතුණු මෙය පසුව යුරෝපා රටවල යටත් විජිත කරා ද වක්‍රාකාරව ව්‍යාප්ත විණි. මෙය කෙටියෙන් WWI ලෙස ද හඳුන්වනු ලබයි.

පටුන

[සංස්කරණය] පළමුවන ලෝක මහා සංග්‍රාමයට තුඩුදුන් හේතු

මීට හේතු වූ කරුණු 19වන සියවසේ සිට ම ගොනු විණි.

  • ඇල්සාස් - ලොරේන්ස් ප්‍රශ්ණය
  • බිස්මාර්ක්ගේ ගිවිසුම් ප්‍රතිපත්තිය
  • යටත් විජිත සඳහා වූ තරගය
  • නැ. යුරෝපයේ පැවැති තත්‍වය
  • ජර්මනියේ අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිය
  • යුරෝපය දෙපිලකට බෙදීම
  • සරයේවෝ සිඬිය

[සංස්කරණය] ඇල්සාස් - ලොරේන්ස් ප්‍රශ්ණය

ක්‍රි.ව. 1871දී විසිරී තිබූ රාජ්‍ය ගණනාවක් එක්කොට ජර්මනිය නමැති නව රාජ්‍යය ගොඩනැගිනි. ජර්මනිය එක්සත් කිරීමේ ව්‍යාපාරයේදී ප්‍රංශය හා ජර්මනිය අතර යුඬ හටගැණිනි. එහිදී ප්‍රංශය සතුව පැවැති ඇල්සාස් හා ලොරේන්ස් ප්‍රදේශ ද ජර්මනියට ඇඳාගැණිනි. ඒ අනුව ජර්මනියෙන් පළිගැනීම හා එම ප්‍රදේශ නැවත ලබා ගැනීම ප්‍රංශයේ අරමුණ වීය.

[සංස්කරණය] බිස්මාර්ක්ගේ ගිවිසුම් ප්‍රතිපත්තිය

ජර්මනිය එක්සත් කිරීමේ මූලිකයා වූ දක්ෂ රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු වූ ඔටෝ වොන් බිස්මාර්ක්අලූත ගොඩ නැගු එක්සත් ජර්මනිය ආරක්ෂා කරගැනීම සඳහා උපායශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය. ජර්මනියට එරෙහිව නැගී සිටීමට ඉඩ ලැබෙන පරිදී ප‍්‍රංශයට මිතුරන් ඇතිකර ගැනීමට ඉඩ නොදී ප‍්‍රංශය යුරෝපයේ තනි කිරීම ඔහුගේ උපක‍්‍රමය විය. ඒ අතර යුරෝපයේ මිතුරන් මිතුරන් කීප දෙනෙකු සමග සම්බන්ධතා ඇති කර ගනිමින් ජර්මනිය ශක්තිමත් කිරීමටද පියවර ගත්තේය. එමගින් යුරෝපයේ රටවල් අතර ඇතිකරගත් රාජ්යෝපාය සම්බන්ධතා වල කේන්ද‍්‍රස්ථානය බවට ජර්මනිය පත්කර ගැනීමටද ඔහු සමත් විය. ක‍්‍රි ව 1873 දී බිස්මාර්ක් රුසියාව සහ ඔස්ට‍්‍රියාව සමඟ එකතු වී අධිරාජ්‍යවාදීන් තිදෙනාගේ සංගමය සාදා ගන්නා ලදී . ටික කලකින් රුසියාව එම හවුලෙන් ඉවත් වුවත් රුසියාව සමඟ දිගටම සම්බන්ධතා පවත්වා ගැනීමට ඔහු වග බලා ගත්තේය. අනතුරුව ඔස්ට‍්‍රියාව හා ජර්මනිය අතර යුධ ගිවිසුමක් ඇතිකර ගත් අතර එයට ඉතාලියද ඈඳා ගෙන 1882 දී මධ්‍යම යුරෝප බලවතුන්ගේ මිත‍්‍ර හවුල ගොඩ නැගිය. යුරෝපය පිල් දෙකකට බෙදීමට හේතු වූ මෙම ගිවිසුම් ක‍්‍රමය දක්ෂ ලෙස ක‍්‍රියාත්මක කිරීමට ද බිස්මාර්ක් සමත් විය. 1890 ඔහු බලයෙන් පහ වීමෙන් පසුව ජර්මනියේ පාලකයන්ට උපායශීලිව මෙම ගිවිසුම් ක‍්‍රියාත්මක කිරීමට නොහැකි විය. එහි ප‍්‍රතිපලය වුයේ ප‍්‍රංශයටද මිතුරන් එකතු කරගෙන ප‍්‍රබල පිලක් සැදීමයි.එමගින් 20 වන සියවස මුල් දශකය වන විට ලෝක යුද්ධයකට තුඩු දෙන අයුරින් යුරෝපය පිල් දෙකකට බෙදී යාමට මෙය හේතු විය.

[සංස්කරණය] යටත් විජිත සඳහා වූ තරගය

19 වන සියවසේ මද භාගය වන විට යුරෝපයේ සියලුම රටවල් පාහේ කාර්මීකරණය වීම හේතු කොටගෙන නිමි ද්රටව්යල අලෙවි කිරීම හා අමුද්ර වුය ලබා ගැනීම සඳහා වෙළඳපොල අවශ්යු විය. ඒ හේතුකොටගෙන යුරෝපා රටවල් අතර යටත් විජිත පිහිටුවා ගැනීම සඳහා තරඟය වර්ධනය විය. ආසියානු හා අප්රිරකානු ප්රගදේශ වල මෙසේ යටත් විජිත පිහිටුවා ගත අතර වැඩිම යටත් විජිත සංඛ්යාෙවක හිමිකරුවා වුයේ බ්රි තාන්ය යි. ප්රංයශය, පෘතුගාලය ,ස්පාඤ්ඤය හා ඕලන්දය යන රටවල්ද යටත් විජිත හිමිකරුවෝ වුහ. එක්සත් ජර්මන් රාජ්ය යක් බිහිවීමෙන් පසුව ඇල්සාස් හා ලොරෙන්ස් ප්රිදේශවලින් ලබාගත සම්පත්ද උපයෝගි කරගනිමින් ජර්මනිය සීග්ර් කාර්මික දියුණුවක් උදා කරගෙන තිබුණි. මේ නිසා නිමි ද්රරව්යම අලවි කිරීම සඳහා වෙළඳපොල සොයාගැනීම ජ්ර්මනියටද අවශ්යව විය ආසියා අප්රිිකා රටවල් වෙත ජර්මනියේ සම්ප්රාලප්තිය එතෙක් බලවතා වශයෙන් සිටි බ්රියතාන්යපයට තර්ජනයක් විය. රුසියාව හා ජපානය අතර චීනයේ වෙළඳ අයිතිය ලබා ගැනීමට වූ මතබේදය , උතුරු අප්රි කාවේ යටත් විජිත සම්බන්ද ප්රං ශය හා ජර්මනිය අතර මතබේද ආදි යටත් විජිත සඳහා වූ තරඟය ප්රතතිවිරුද්ද බලවතුන්ගේ විරුද්දවාදී හැගිම් පෝෂණය කිරීමට සමත් විය.

[සංස්කරණය] නැ. යුරෝපයේ පැවැති තත්‍වය

බල්ගේරියාව, සර්බියාව , රුමේනියාව වැනි බෝල්කන් ප්රනදේශවල එක එක රාජ්ය තුල විවිද ජාතිකයෝ කීපයක් වාසය කළහ. ඔවුන් එකිනෙක විරෝදතා හා ආරවුල් ඇතිකර ගැනීම නිසා රටවල් නිරතුරුව ව්යා කුලව පැවතුනි බෝල්කන් ප්රනදේශයට ව්යානප්ත වීමට මාන බලමින් සිටි රුසියාවේ ක්රිරයා මාර්ගය කෙරෙහි ඔස්ට්රිායාව ප්රංරශය ජර්මනිය වැනි සෙසු රටවල් විමසිලිමත්ව සිටියහ.පළමු ලෝක යුද්ධයට තුඩුදුන් ආසන්නම හේතුව වූ ඔස්ට්රිවයාවේ ඔටුන්න හිමි කුමාරයා සරයෙවෝහි දී මරාදැමීමද සිදුවුයේ නැගෙනහිර යුරෝපයේදීය.

[සංස්කරණය] ජර්මනියේ අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිය

1888 ජර්මනියේ කෛසර් තනතුරට පත් වූ දෙවන විලියම්ට බිස්මාර්ක් ගේ දක්ෂ රාජ්යෝපාය ප්රසතිපත්තිය අවබෝධ කරගැනීමට නොහැකි විය. ඔහුට වුවමනා වුයේ හැකි ඉක්මනින් ජර්මනිය විශාල අධිරාජ්යටයක් බවට පත්කොට ගැනීමයි . ඒ සඳහා ඔහු මුලින්ම බිස්මාර්ක් බලයෙන් පහ කොට පාලන කටයුතු තමා විසින්ම මෙහෙය වීමයි. විලියම් කෛසර් මොරොක්කෝව සම්බන්ධයෙන් ප්රංටශය හා ස්පාඤ්ඤ අතර වූ තරන්ගයේදී ප්රං ශයට අවාසි වන ලේස ස්පාඤ්ඤයට උදවු උපකාර කළේය. සුළු ආසියාව හා මොරොක්කෝව හරහා පර්සියානු බොක්ක දක්වා බර්ලින් බැග්ඩෑඩ් දුම්රිය මාර්ගය ඉදිකිරීමට ජර්මනිය තුර්කියට ආOdර දුන්නේය. එමගින් ජර්මනියේ බලය ආසියාවට පැතිර වීමට මඟ පාද ගැනීම ජර්මනියේ බලාපොරොත්තුව විය.

[සංස්කරණය] යුරෝපය දෙපිලකට බෙදීම

[සංස්කරණය] සරයේවෝ සිඬිය

ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමරු ආච්ඩියුක් ‍ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් සහ ඔහුගේ බිරිඳ සර්බියාවේ සරයේවෝ නුවරදී සාහසිකයින් විසින් ඝාතනය කරනු ලැබීම ඔස්ට්‍රියාව කුපිත ‍කරවන්නක් විය. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අල්ලා වහා තමන් වෙත භාර දෙන මෙන් ඔස්ට්‍රියා රජය සර්බියාවට නිවේදනය කරන ලදී. ඒ පිළිබඳ ව නිකුත් කරන ලද අවසාන ඉල්ලීම ද සර්බියාව විසින් ප්‍රතික්ෂේප කළ බැවින් ඔස්ට්‍රියාව සර්බියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන ලදී.

[සංස්කරණය] යුද්ධයේ ආරම්භය

පළමු ලෝක යුඬයට සහභාගීවූ රටවල්

පළමු වන ලෝක සංග‍්‍රාමය ඇති වූයේ ක‍්‍රි. ව 1914 වන විට යුරෝපයේ ප‍්‍රධාන බලවතුන් විසින් ඇතිකරගෙන තිබු මිත‍්‍ර පිල හා මධ්‍යම බලවතුන්ගේ පිල යන දෙපාර්ශවය අතරයි

  • මිත‍්‍ර පිලේ රටවල්- මහා බ‍්‍රිතාන්‍යය, ප‍්‍රංශය, රුසියාව සහ ඇමෙරිකාව
  • මධ්‍යම බලවතුන්ගේ පිල- ජර්මනිය, ඔස්ට‍්‍රියාව, ඉතාලිය, තුර්කිය බල්ගේරියාව සහ හංගේරියාව

පළමු වන ලෝක මහා සංග‍්‍රාමයේ ප‍්‍රථම ගැටුම සිදු වුයේ සර්බියාව හා ඔස්ට‍්‍රියාව අතරයි. ඉන් පසු එම දෙරටේ මිත‍්‍ර පක්ෂ ක‍්‍රමයෙන් යුද්ධයට අවතීර්ණ වුහ. ඒ අනුව ඕස්ට‍්‍රියාවට ආධාර පිණිස ජර්මනියත් සර්බියාවට ආධාර පිණිස රුසියාව හා ප‍්‍රංශයත් ප‍්‍රධාන පාර්ශවකරුවෝ ලෙස යුද්ධයට එකතු වුහ. ආරම්භයේදී බ‍්‍රිතාන්‍යය යුද්ධයට සම්බන්ධ නොවිය. එහෙත් ජර්මන් හමුදා බෙල්ජියමට කඩා වැදීම නිසා තවදුරටත් සංග‍්‍රාමයෙන් ඉවත්ව සිටීම බ‍්‍රිතාන්‍යයට කල නොහැකි විය. 1912 දී ප‍්‍රංශය හා බ‍්‍රිතාන්‍යය අතර ඇති කොට ගෙන තිබු ගිවිසුම අනුව උතුරු මුහුද ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබුනේ බ‍්‍රිතාන්‍යයටයි. ඒ අනුව ක‍්‍රි. ව 1914 අගෝස්තු 04 වන දින මහා බ‍්‍රිතාන්‍යය ජර්මනියට එරෙහිව යුද ප‍්‍රකාශ කරමින් යුද්දයේ පාර්ශව කරුවෙකු බවට පත්විය. අගෝස්තු 12 වන දින මහා බ‍්‍රිතාන්ය ,ඔස්ට‍්‍රියාව හංගේරියානු අධිරාජ්‍යයට විරුද්ධව යුද ප‍්‍රකාශ කරන ලදී. මෙසේ බ‍්‍රිතාන්‍යය අධිරාජ්‍යය යුද්ධයට සම්බාන්ධ වීම නිසා යුරෝපයේ යුද්ධ උණුසුම ලොව විසු ජාතීන්ගේ වැඩි කොටසකට ඍජුව මෙන්ම වක‍්‍රවද පැතිරී ගියේය.


[සංස්කරණය] යුද්ධයේ ව්‍යාප්තිය

බෙල්ජියම එල්ල කල බාධා මද පැවැත්වූ ජර්මනිය පහසුවෙන්ම බෙල්ජියම හරහා ප‍්‍රංශයට ඇතුළු විය. ඔස්ට‍්‍රියාව ජර්මන් ආධාර ඇතිව රුසියාවට හා සයිබීරියාවට පහර දී එම රටවල් වල හමුදා පසුබෑමට ලක් කළේය. සයිබීරියාවට ආධාර පිණිස මිත‍්‍ර පාක්ෂික හමුදාවන්ට එරටට ඇතුළු වීමට නොහැකි වුයේ ජ්ර්මනියේ පක්ෂය ගෙන සිටි ග‍්‍රීසිය විසින් එම මාර්ගය අවහිර කිරීම නිසාය. මුලදී මධ්‍යම බලවතුන්ගේ පිලේ සාමාජිකයෙකු වූ ඉතාලිය යුද්ධයේ ආරම්භයත් සමගම මධ්‍යස්තව සිටියේය. පසුව රහස් ගිවිසුමක් මගින් එරට මිත‍්‍ර පාක්ෂික පිලට එකතු විය. ඉතාලිය පසුව එසේ පිල් මාරු කොට යුද්ධයේ කොටස් කරුවෙකු වුයේ ප‍්‍රදේශ කීපයක් තම රට සතු කරගැනීමේ අරමුණ ඇතිවී. ඒ අනුව ක‍්‍රි. ව 1915 මයි මාසයේ ඉතාලිය ඔස්ට‍්‍රිය හංගේරියානු අධිරාජ්‍යයට එරෙහිව යුධ ප‍්‍රකාශ කරන ලදී. අති නවීන යුධ්ධායුද ප‍්‍රයෝජනයට ගනිමින් දීර්ග සටන්වල යෙදුනු ජර්මන් හමුදාවන්ටත් මිත‍්‍ර පාක්ෂික හමුදාවන්ටත් අපේක්ෂිත ජයග‍්‍රහණය ලැබිය නොහැකි වුවද දෙපාර්ශවයෙන්ම කලේ අලූත් මිත‍්‍රයන් දිනා ගැනීමේ උත්සාහයක නිරත වීමයි. ඒ අනුව ජර්මනිය තුර්කි අධිරාජ්යයත් බල්ගේරියාවත් සිය පක්ෂයට දිනාගත් අතර බ‍්‍රිතාන්‍යය ප‍්‍රමුඛ මිත‍්‍ර පාක්ෂිකයෝ ඉතාලිය අමතරව පෘතුගාලයත් ජපානයත් තම කඳවුරට එකතු කර ගත්හ. ජපන් නාවික හමුදා විසින් ජර්මනියට අයත්ව තිබු චීනයේ කියෝතෝ ප‍්‍රන්තයද ශැන්ටුන් අර්දධ්ද්වීපයද අත්පත් කරගත්හ දෙපාර්ශවය අතර ගොඩබිම සටන්ද මුහුදු සටන්ද ඇතිවිය. යුධ උපකරණ පමණක් නොව ආහාර ද‍්‍රව්‍ය ලබා ගැනීමේදී පවා ජර්මනිය විසින් බ‍්‍රිතාන්‍යයට අවහිර කරන ලදී. බ‍්‍රිතාන්‍යයට අවශ්‍ය ද‍්‍රව්‍ය ගෙන එන මිත‍්‍ර පාක්ෂික නැව්වලට අනතුරු නොඅඟ ව පහර දෙන බව නිවේදනය කල ජර්මනිය ඒ සමඟ නැව්වලට පහර දීම වේගවත් කළේය. ඒ හේතුවෙන් බ‍්‍රිතාන්‍යය වරායන්ගෙන් පිටත්වන සැම නැව් හතරෙන් එකක් වත් ජර්මනියේ සබ්මැරීන ප‍්‍රහාර වලට ගොදුරු විය.  

[සංස්කරණය] යුද්ධයේ ප්‍රතිඵල

  • මධ්‍යම බලවතුන් පරාජයවීම හා මිත්‍රපිල ජයගැනීම.
  • විශාල වශයෙන් මනුෂ්‍ය ඝාතන හා දේපල විනාශ වීම.
  • විද්‍යාත්මක හා තාක්‍ෂණික යුඬෝපාය මාර්‍ග බෙහෙවින් භාවිතා වීම.
  • ලොව මහා බලවතා වීමට අවශ්‍ය ධනය, බලය හා ශක්තිය ඇමරිකාව විසින් ලබාගැනීම.
  • වරදකරු ලෙස ක්‍රි.ව. 1919 ජුනි 28 දින ජර්මනියට වර්සෙල්ස් ගිවිසුම පැනැවිණි.
  • යුරෝපයේ වූ ඒකාධිපති රාජ්‍ය බිඳවැටී ජාතිකත්‍ව මූලධර්‍මය පදනම්වූ නව රාජ්‍ය බිහිවිණි.
ඒවානම්, පෝලන්තය, චෙකොස්ලෝවැකියාව, පින්ලන්තය, රුමේනියාව, යුගොස්ලෝවියාව

[සංස්කරණය] පළමු ලෝක යුඬයේ කාලතුවක්කු ප්‍රහාර

පලමු වතාවට කාලතුවක්කු ප්‍රහාර ආරම්භ වුයේ Loos සටනේදිය. මෙහිදි පලාබල හමුදාවක් ක්‍රියා කලේ නැත. Somme සටනේ දි ප්‍රථම විශාල කාලතුවක්කු දිස් වු අතර, මෙහිදි පාබල හමුදාව ද එයට සහය දැක්විය. පහලොස්වන (xv) බල ඇණියේ කාලතුවක්කු පෙර සකසා තිබුණේ විනාඩියකට යාර 50 කට එකගවිමට. අවාසනාවකට එම කාලතුවක්කු පාබල හමුදාව ආරක්ෂා කිරිමට අසමත් වුයේ, පාබල හමුදාව හමුදා දෙකට මැදි වු අර්බුදකාරි බිමක් තරණය කිරිමේදිය. තවද Somme පෙරමුණේදි පාබල හමුදාවට කාලතුවක්කු සමග පියවර තැබිමට අපහසු විය. 1916 සැප්තැම්බර් සිට පාබල හමුදාව ප්‍රහාර වලදි භාවිතා වු උපායශිලි මෙහෙයුම වුයේ බිම ඇනො කාලතුවක්කුය. එම උපක්‍රමය ප්‍රංශ හමුදාවට විහිදුනු අතර 1916 නොවැම්බර් මස verdun හි Vaux බලකොටුව ප්‍රංශය නැවත ජයග්‍රහණය කිරිමට මෙය උපකාරි විය. Somme සටන‍ේ අවසාන බාගය වන විට බ්‍රිතාන්‍ය හමුදාවන් කාලතුවක්කු අසල සිටිමේ අනිසංසා දැන ගත්හ. BEF Aerial නිරික්ෂකයෙකුගේ වාර්තාවක PERFECT WALL OF FIRE සංකල්පයට ප්‍රකාශනිය තොරතුරැ ඇතුලත් වි තිබිණ. එහිදි බ්‍රිතාන්‍ය හමුදාවේ 50 වන කණ්ඩයේ පාබල හමුදාවට කාලතුවක්කු වලට යාර 50 ක් සිට කටයුතු කිරිටෙමන්, ‍ගමක් අවම විරෝධ හමුවේ අත්පත් කර ගැනිමට හැකිවිය. වාර්තාවකට අනුව අත්දැකිම් තුලින් පිළිබිඹු වනුනේ, විශාල තුවාලකරැවන් ප්‍රමාණයන් බෝම්බ වරඑැසාවන් ගැන ‍සෝදිසි නොවිමෙන් තුවාල ලබන වඩා සුළු තුවාලකරැවන් ප්‍රමාණයක් ත.මන්ගේ කාලතුවක්කු වලින් ඉදහිට තුවාල ලැබිම උචිත බව පවසිණි.

ප්‍රථමයෙන් බ්‍රිතාන්‍ය කාලතුවක්කු සමන්විත වනුයේ උණ්ඩ කැබලි වලිනි. පසුව සැම ප්‍රමාණයේ ගිලියම් ද යොදා ගැනිනි. පසුව සම‍හර අවස්ථාවලදි කොපුද යොදා ගැනිනි. මෙම ඇදි යන කාලතුව්ක්කු විනාඩියකින්. විනාඩි 6ක් අතර යාර 100 ක් ගමන් කළේය. එම වේගයට වම් පෙදෙස මෙන්ම එහි තත්වය ද බලපැවේය. විනාඩි 6 ක කාලයක් ඇතුලත මෙම දුර ගමන් කිරිම මන්දගාමි ලෙස සැළකිණි.

1917 වසරේ Arros සටන් සමයේ මෙම බිම ඇදියන කාලතුවක්කු ඉතා විශාල හා සංකිර්න විය. එහි වෙඩි තැබිම lines 5ක් ‍ෙ‍තා්රා ගන්නේ තිබු අතර එය යාර 200 ක ගැඹුරක් පාබල හමුදාවට ඉදිරියෙන් ආවරණය කළේය. සතුරා මිත්‍ර චේතනාවෙන් රැවටිමට හා ඔවුන්ගේ ස්ථානයේ ආනාවරණය කිරිමට වානිජ කාලතුවක්කු ප්‍රහාර යොදා ගැනිණි. බිම ඇදෙන කාලතුවක්කු ප්‍රහාර කැනඩා වැටිය ජයග්‍රහණය කිරිමට බොහෝ සේ උදව් විය.

Col george Bruchmuller නැගෙනහිර යුධ පෙරමුණෙහි ද්වන්ධ බිම ඇදෙන කාලතුවක්කු ප්‍රහාර ආරම්භ කල අතර එහි පළමු පෙළ සැකසි තිබුණේ වායුමය පටක වලිනි. ඔහුගේ අදහස් 1918 වසරේ ජර්මානු වසන්ත සමයේ ආක්‍රමණය වලදි භාවිතා කෙරිණි.

බටහිර ජාතින් අතර විශාල මුලික කාලතුවක්කු ප්‍රහාර බාවිතය පළමු ‍ෙ‍ලා්ක යුධ් සංග්‍රාමය සමග අවසන් වුයේ ඉස්තරම්ම ප්‍රතිඵල ලබා ගතක හැකි වනුයේ සතුරාට විවෘත රණකාමය පටන් ගැනිමේ බ්‍රිතාන්‍යන් එම දුවන කාලතුවක්කු වලින් එල්ල කල ප්‍රහාර අවම කල අතර වැඩිපුර‍ lifts සහ concentrations යොදා ගැණිනි.

යුධ ටැංකි මගින් ප්‍රහාර එල්ල කිරිමේදි සමාන තරම් කාලතුවක්කු හමුදාවක් අවශ්‍ය ‍නොවේ. 1917 cambrai සටන් දි එක් කාලතුවක්කු ප්‍රහාරයක හෝ මුළු ඉදිරි ආක්‍රමණයේ බාවිතයේදි අත්හරින ලදි. නවින වෙඩි තැබිමේ පාලන ක්‍රම මගින් පාබල හමුදාව, කාලතුවක්කු ප්‍රහාර වල සහාය ඍජුව ලබා ගැනිම අඩු කළ අතර එම බාගය හදුනාගත් සතුරැ ස්ථාන ඉලක්ක කිරිමේදි යොදා ගැනිමට ද අවම කෙරිනි.

එහෙත් කාලතුවක්කු මගින් නොනවත්තා වෙඩි තැබිම භාවිතයේ රැදි තිබින. 1918 අ‍ගෝස්තු 31 ප්‍රහාරයේද් ඇමරිකානු 32 වන හමුදාංශයේ පෙරමුණ ගත්තේ පදිංක කාලතුවක්කුය පළමුව ජර්මානු මග පසු කිරිමෙන් අනතුරැව කාලතුවක්කු දෙවතාවක් නැවත පැමිණියේ. හමුදා බිංගේ තලින් තම ප්‍රහාරක ස්ථාන වලට පැමිණෙන ප්‍රතිවිරැද්ධ ආරක්ෂකයන් අල්ලා ගැනිමට තැත් කිරිම හා ආරක්ෂකයන් නියම ප්‍රහාර ආරම්භයේදි පොලෙව යටම තැබිමටය

[සංස්කරණය] මේවාත් බලන්න

  1. දෙවන ලෝක යුද්ධය
"http://si.wikipedia.org/w/index.php?title=පළමුවන_ලෝක_යුද්ධය&oldid=208417" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්