ඇඩොල්ෆ් හිට්ලර්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඇඩොල්ෆ් හිට්ලර්
ජර්මනියේ ෆියුරර්
නිලය දැරීම
2 අගෝස්තු 1934 – 30 අප්‍රේල් 1945
පූර්වප්‍රාප්තිකයා Paul von Hindenburg
(as President)
අනුප්‍රාප්තිකයා Karl Dönitz
(as President)
ජර්මනියේ රයිස්කාන්ස්ලර් (චාන්සලර්)
නිලය දැරීම
30 January 1933 – 30 අප්‍රේල් 1945
පූර්වප්‍රාප්තිකයා Kurt von Schleicher
අනුප්‍රාප්තිකයා Joseph Goebbels
පුද්ගලික තොරතුරු
උපත 20 අපේ‍්‍රල් 1889
Braunau am Inn, Austria–Hungary
මරණය 30 අප්‍රේල් 1945 (වයස 56)
Berlin, ජර්මනිය
Citizenship Austrian (1889–1932)
ජර්මානු (1932–1945)
ජාතිකත්වය Austrian citizen until 1925[1] German citizen after 1932
දේශපාලන පක්ෂය National Socialist German Workers Party (NSDAP)
කලත්‍රයා(යන්) ඊවා බ්‍රොන්
(married on 29 April 1945)
ජීවනෝපායය දේශපාලනඥයා, කලාකාරයා
අත්සන
හමුදා සේවය
පක්ෂපාතිත්වය ජර්මානු අධිරාජ්‍යය German Empire
සේවාව/අංශය War Ensign of Germany 1903-1918.svg Reichsheer
සේවා වසර ගණන 1914-1918
තනතුර Gefreiter
ඒකකය 16th Bavarian Reserve Regiment
සටන්/යුද්ධ ලෝක යුද්ධය I
ප්‍රදාන Iron Cross First and Second Class
Wound Badge
බෙනිටෝ මුසෝලිනී සහ ඇඩොල්ෆ් හිට්ලර්

ඇඩොල්ෆ් හිට්ලර් ( ඉංග්‍රීසි: Adolf Hitler ) හිටපු ජර්මානූ චාන්සල්වරයෙකි.

ළමාවිය[සංස්කරණය]

1889 අප්‍රේල් 20 ඕස්ට්‍රියා-හන්ගේරියාවේදී උපත ලැබීය.

දේශපාලන දිවිය[සංස්කරණය]

ජර්මානූ දේශපාලඥයෙක් ලෙස කටයුතු කරන ලදි. ඔහු ජර්මානූ ජාතික සමාජවාදි කම්කරු පක්ෂයේ ( නාශි පක්ෂය ) නායකයාද විය. ( ජර්මානූ : Nationalsozialistische Deutsche Arbeiterpartei ). ඔහු 1933 සිට 1945 දක්වා ජර්මානූ චාන්සල්වරයා ලෙස කටයුතු කරනු ලැබු අතර එමෙන්ම 1934 දි ජර්මානූ රජයේ නායකයාද බවට පත් වී Führer und Reichskanzler ලෙස ජර්මානූ රාජ්‍යයේ ඒකාධිපති පාලනයක් ගෙන ගියේය.


ඇඩොල්ෆ් හිට්ලර් උපත ලැබුවේ 1889 අප්‍රේල් මස 20 වන දා ය. ඔස්ට්‍රියාව හා ජර්මනිය අතර පිහිටි කුඩා ගම්මානයක් වූ බ්‍රෝනාවූ ඔහුගේ උපන් ගම විය. 52 හැවිරිදි ඔස්ට්‍රියානු රේගු නිලධරයකු වූ ඇලෝයිස් ශිකල්ගෲබර් හිට්ලර් ගේ පියා වූයේ ය. ඔහුගේ මව ඒ වනවිට වයස විසි ගණනක් වූ ක්ලේරා පෝල්සල් නම් ගැමි කාන්තාවක වූවා ය.

ඇලෝයිස් ගේ දිවිය එතරම් ප්‍රසන්න වූවක් නොවී ය. ඔහුගේ පළමු බිරිය වූ ඇනා ග්ලසල් රෝගී ව සිට මිය ගියා ය. ඉන්පසු ඔහු විවාහ වූයේ ඒ වනවිටත් ඔහුට දාව දරුවකු ලබා සිටි ෆ්‍රන්සිස්කා මත්සෙල්බර්ගර් සමඟ ය. ඇය ද ක්ෂය රෝගය වැළඳී මිය ගියා ය. ඉන් පසු සිය නෑනා වූ, ඔහුට වඩා විසිතුන් වසරක් බාල ක්ලේරා පෝල්සල් හා විවාහ විය. ඇඩොල්ෆ් හිට්ලර් ගේ ද මව වූ ඇය ඇලොයිස්ට දාව දරුවන් පස් දෙනෙකු ම බිහි කළා ය.

ගුස්ටාව්, අයිඩා, ඇඩොල්ෆ්, එඩ්මන්ඩ් හා පෝලා එම දරුවන් විය. ඉන් තිදෙනෙකු ම මිය ගියේ ඇඩොල්ෆ් හා ඔහුගේ නැඟණිය වූ පෝලා පමණක් ඉතිරි කරමිනි. අනෙක් දරුවන්ට වඩා වෙනස් ගති පැවතුමෙන් හෙබි ඇඩොල්ෆ් කෙතරම් මවගේ ආදරයට පාත්‍ර වූවත් නිතර ම අසන්තෝෂයෙන් යුත් කලකිරීමෙන් හා නපුරුකමින් ජීවත් වූ දරුවෙක් විය. සිය සැමියා සමඟ පැවැති නොහොඳ නෝක්කාඩු සහිත කනස්සලු ජීවිතයට ක්ලේරා නොදැනුවත් ව ම හෝ තම පුතු යොමු කර තිබුණා ය.

එය ඔහු වෙතින් සමස්ත ලෝකයට ම දායාද කෙරුණි. ඇඩොල්ෆ්ගේ රුදුරු ජීවන දැක්මට, නොහික්මුණු රළු පරළු ඔහුගේ පියා ඔහුට බෙහෙවින් බලපෑවේ ය. පියා, ඇඩොල්ෆ් බෙහෙවින් බියට පත් කළේ ය. අසාර්ථක විවාහ තුනකින් කනස්සල්ලට හා හුදකලාවට පත් ඇලොයිස් අස්වැසිල්ලක් ලැබුවා නම් ඒ මත්පැනින් පමණි.

1895 ඇඩොල්ෆ් හය හැවිරිදි ව සිටිය දී, නිසි කාලය එළඹීමටත් කලින් 58 හැවිරිදි පියා රජයේ සේවයෙන් විශ්‍රාම ගත්තේ ය. වහා කිපෙන සුළු කුරිරු මිනිසකු බවට පත් හේ, තම දරුවන්ට නිතර ම පහර දුන්නේ ය. පසු කලෙක ඇඩොල්ෆ් තුළ සමාජය කෙරෙහි පැන නැඟුණු බද්ධ වෛරය ඔහු පියා කෙරෙහි දැක්වූ සතුරු ආකල්පය මෝරා යාමක් ලෙස සැලකිය හැකි ය. එමෙන් ම ඔහු ළමාවියේ දී ම උගත් එක් දෙයක් විය. එනම් යුක්තිය සැමවිට ම ශක්තිවන්තයාගේ පැත්තේ බව ය.

1903 ජනවාරි 03 දා 65 හැවිරිදි ඇලොයිස් හදිසියේ මිය ගියේ පෙණහළුවලට ලේ ගැලීමේ රෝගයකිනි. සිය වැන්දඹුව හා ජීවත් වූ දරු දෙදෙනාට ඔහු ඉතිරි කර ගිය එකම ධනය ඔහුගේ සුළු විශ්‍රාම වැටුප පමණකි.

චිත්‍ර ශිල්පියකු වීමට ඇඩොල්ෆ් තුළ තිබූ කැමැත්ත ඔහුගේ මව තුළ කනස්සල්ලක් ඇති කළේ ය. දැඩි ආගමික ශක්තියෙන් යුක්ත වූ කාන්තාවක වූ ඕ, තම පුත්‍රයා ලම්බාක්හි ආගමික පාසලකට යැව්වේ ඇඩොල්ෆ් පූජකයකු වනු දැකීමට ඈ තුළ වූ අපේක්ෂාව මුදුන්පත් කර ගන්නට ය. එහෙත් එවැනි ආකල්පයක් ඇඩොල්ෆ් තුළ නොවී ය. එම පාසලේ දුම්පානය කොට අසුවීම නිසා ඔහු පාසලින් පලවා හරිනු ලැබිණි.

මව මිය ගිය පසු ඉදිරි පස් වසර තුළ ඇඩොල්ෆ් ජීවත්වූයේ අනුන්ගෙන් පිනට ලැබුණු දෙයකින්, ඉඳහිට කළ සුළු සුළු රැකියාවලින් හා ඔහුගේ චිත්‍ර සටහන් විකිණීමෙනි.

1914 පෙබරවාරි මාසයේ දී හමුදා සේවයට සුදුසු ද යන්න පරික්ෂා කර බැලීම සඳහා හිට්ලර් තාවකාලික ව ඔස්ට්‍රියාවට කැඳවන ලද නමුදු අවි දැරීමට තරම් ශක්තියක් නොමැති දුර්වලයකු සේ සලකා ඒ සඳහා ඔහු තෝරා නො ගැනිණ. 1914 අගෝස්තු මස යුද්ධය ආරම්භ වූ පසු බැව්රියාවේ රජුට ලිපියක් යවමින් ඔහුගේ හමුදාවෙහි සේවය කිරීමට ඉඩ දෙන ලෙස හිට්ලර් ඉල්ලා සිටියේ ය.

ඒ අනුව බෙහෙවින් ශිෂ්‍ය ස්වේච්ඡා භටයන්ගෙන් සමන්විත වූ 16 වැනි බැවේරියානු පාබල හමුදාවට ඔහු බඳවා ගනු ලැබීය. සති කීපයක පුහුණුවකින් පසු ඔහු යුද පෙරමුණට යවන ලදී. එහි දී තමා දක්ෂ හා නිර්භීත සෙබළකු බව ඔහු තහවුරු කළේ ය. 1916 වනතුරු හිට්ලර් හමුදා පණිවුඩකරුවකු ලෙස සේවය කළ අතර පසුව පණිවුඩ යවන්නකු ලෙස කටයුතු කළේ ය. සිව් වසරක් තුළ ඔහු සටන් 47 කට සහභාගි විය.

මේවායින් වැඩි ප්‍රමාණයක් දරුණු සටන් විය. දෙවරක් ම ඔහු තුවාල ලැබී ය. 1914 දී ඔහු තම පළමු වන පදක්කම වන යකඩ කුරුසය (දෙවැනි පන්තිය) දිනා ගත්තේ ය. ඉන්පසු ජර්මන් අධිරාජ්‍යවාදී හමුදාවේ සාමාන්‍ය සෙබළෙකුට ලැබිය හැකි දුලබ සම්මානයක් වූ යකඩ කුරුසය (පළමු පන්තිය) 1918 අගෝස්තු 4 දා ඔහුට හිමි විය. දෙවැන්න ඔහුට හිමිවූයේ සතුරු නිලධාරියකු හා පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීම නිසා ය. කෙසේ වෙතත් ලාන්ස් කෝප්රල් නිලයෙන් ඔබ්බට හිට්ලර් කිසි දිනෙක උසස් කරනු නො ලැබී ය.

පළමුවන ලෝක යුද්ධයෙන් ජර්මනිය අන්ත පරාජයක් ලැබීමෙන් පසු හිට්ලර් යළි මියුනික් බලා ආවේ ය. ජර්මනියේ සිදුවූ ආණ්ඩු පෙරළිය හා වියෙමාර් ජනරජයේ නැඟීමෙන් කුපිත වූ හෙතෙම වර්සේල්ස් ගිවිසුමට හා නව ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ක්‍රියාත්මක වීමට දේශපාලනයට පිවිසියේ ය.

තම පැරණි රෙජිමේන්තුවේ රාජකාරි ලේඛනයට ඇතුළත්ව සිටි ඔහුට දේශපාලන පක්ෂ ගැන ඔත්තු බැලීමේ කාර්යය පැවරිණි. ජර්මානු කම්කරු පක්ෂයේ ජාතිකවාදී ප්‍රවීණයන්ගෙන් යුත් සුළු කණ්ඩායමක් ගැන සොයා බැලීමට 1919 සැප්තැම්බර් මාසයේ දී ඔහුට අණ ලැබිණි.

මේ පක්ෂයට කිසිදු වැඩ පිළිවෙළක් හා ක්‍රියාත්මක සැලැස්මක් නොවී ය. (එය රජයට එරෙහි වූවක් පමණක් විය) පක්ෂ භාණ්ඩාගාරයේ මුළු වත්කම ඩොලර් දෙකක් පමණක් විය. එහෙත් පක්ෂයේ නිශ්චිත මතවාද කීපයක් බෙහෙවින් ඔහු සිත් ගත්තේ ය. ඒ ඒවා ඔහුගේ අදහස් හා සමාන වූ බැවිනි.

ඒ අනුව ඔත්තු බැලීම පසෙක තබා ඔහු එම පක්ෂයේ අංක 55 හිමි සාමාජිකයා ලෙස පක්ෂයට එකතු වූයේ ය. පසුව එම පක්ෂයේ විධායක කමිටුවේ හත්වැනියා ලෙස ඔහු පත් විය. දේශපාලන උද්ඝෝෂණ හා සංවිධාන කටයුතු පිළිබඳ ව තමා සතු හැකියාව යෙදවිය හැකි සුදුසු ම ස්ථානය, අවසානයේ දී ඔහුට හමු වී තිබිණි. පිරිසක් එක් රොක් වූ ඕනෑ ම තැනක දී ඔවුන් ඇමතීමට ලත් අවස්ථාව ඔහු අත් නො හළේ ය.

දෙවරකදී හිට්ලර් මේ කුඩා පක්ෂයේ නායකත්වය කරා ළඟා වූයේ ය. එහි නම ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ෂය ලෙස ඔහු වෙනස් කළේ ය.(ව්චබඪධදචත ඉධජඪචතඪඵබ ට්ඥපථචද එධපඬඥපඵ) පසුව එය ප්‍රසිද්ධ වූයේ ව්ඉච්ඒර්‍ථ යනුවෙනි. නට්සි(ව්ඒඛධ්) යන වචනය ද ව්චබඪදචත ඉධලතචතඪඵබ) යන්නේ මුලකුරුවලින් සැදුනක් විය. හිට්ලර් හමුදාවෙන් ඉවත් වූයේ නව පක්ෂය ගොඩනැඟීමට ඔහුගේ පූර්ණ කාලීන දායකත්වය ලබාදෙනු පිණිස ය.

ඒ වනවිට පැවති තත්ත්වය ඔවුනට වාසිදායක විය. ආර්ථිකමය වශයෙන් රටේ කලකිරීමක් පැතිර තිබිණ. 1920 පෙබරවාරි 24 දා ප්‍රකාශයට පත් කළ කරුණු 25 කින් යුත් ඔහුගේ වැඩ පිළිවෙළේ දී වියනාවේ සිටිය දී ඔහු තුළට කා වැඳී තිබූ අදහස් හිට්ලර් අවධාරණය කළේ ය.

ඒ අනුව සෙමිටික් විරෝධය, අන්ත ජාති මමත්වය, ආර්යයන් ගේ වාර්ගික ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ සංකල්පය, මධ්‍යස්ථ, (ලිබරල්) ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ඇති පිළිකුල හා නායකත්වයේ මූලධර්මය වැනි දෑ එහි අඩංගු විය.

හිට්ලර්ගේ බොහෝ අදහස් නව සංකල්ප නොවී ය. එහෙත් ඔහු ඒවා අසාමාන්‍ය අලංකාරණයකින් හා ව්‍යක්ත බවින් වර්ණවත් කළේ ය. නට්සි පක්ෂයට ස්වස්තික සංකේතය මෙන් ම ආචාර කිරීමේ නව ක්‍රමය ද ඔහු නිර්මාණය කළේ ය. එහෙත් ඒ දෙක ම පැරණි වාර්ගික කණ්ඩායම්වලින් ණයට ගත් ඒවා විය. ඔහුගේ රැස්වීම්වල ආරක්ෂාව සඳහා ‘කුණාටු බලඇණිය’ නම් දුඹුරු කමිස හමුදාවක් නිර්මාණය කළේ ය. ඔහු තමාගේ පෞද්ගලික ආරක්ෂක හමුදාවක් ලෙස දැඩි විනයකින් යුත් ‘කළු කමිසධාරි’ (ඉඉ) ආරක්ෂක බලඇණිය නමින් දෙවන ඒකකයක් ද නිර්මාණය කළේ ය. එම බලඇණිය දිවි හිමියෙන් තම නායකයා රැකීමට ප්‍රතිඥා දී තිබිණි.

1923 නොවැම්බර් 8 දා මියුනිච්හි පැවති බීරහල් කුමන්ත්‍රණයේදී අත්අඩංගුවට පත් හිට්ලර් 1924 පෙබරවාරි 26 දා රාජද්‍රෝහිවීමේ චෝදනාව යටතේ අධිකරණය ඉදිරියට පමුණුවන ලදී. මෙහි දී මෙම නඩු විභාගය තම ප්‍රචාරාත්මක ජයග්‍රහණයක් බවට පෙරළා ගැනීමට හිට්ලර් සමත් වූයේ ය.

නඩු විභාගයෙන් හිට්ලර් ට පස් අවුරුදු සිර දඬුවමක් නියම විය. නඩුවේ දී ඔහු ඊට මුහුණ දුන් විලාසය ජර්මන් ජනතාව තුළ දැඩි හැඟීමක් ඇති කිරීමට හේතු වූයෙන් ජනතාව ඔහු ජාතික වීරයකු කොට සලකන්නට පටන් ගත්හ. පසුකලෙක නට්සි ව්‍යාපාරයේ දේශපාලන බයිබලය බවට පත් ‘මගේ සටන’ (Mein Kampf) හි පළමු වෙළුම, සිය සගයා වූ රුඩොල්ෆ් හෙස්ට ලිවීම සඳහා කියවන ලද්දේ ලෑන්ඩ්ස්බර්ග් සිරගෙදරදී ය. ‘මගේ සටන’ අන්තර්ගතය කුමක් වුව ද එය ලොව වැඩියෙන් ම අලෙවි වන ග්‍රන්ථය බවට පත් විය. 1939 වනවිට එය භාෂා 11 කට පරිවර්තනය වී පිටපත් පනස් දෙලක්ෂයක් පමණ අලෙවි විය. එහි කර්තෘභාගයෙන් ලත් ආදායම හිට්ලර් ධනවතකු කළේ ය.

1930 වනවිට නට්සි ව්‍යාපාරයේ අවිවාදාත්මක ව පිළිගත් නායකයා ඔහු විය. 1928 පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී කොමියුනිස්ට්වාදීන් ලබාගත් ආසන 54 කට එරෙහි ව නට්සි පක්ෂයට දිනාගත හැකි වූයේ ආසන 12 ක් පමණි. එහෙත් 1930 මැතිවරණයේදී NSDAP ය ඡන්ද 60 ලක්ෂයක් පමණ දිනා ගනිමින් ව්‍යවස්ථාදායක මණ්ඩලයට (රයිෂ්ටාගයට) ජනතා නියෝජිතයන් 107 ක් යැවීමට සමත් විය. එමඟින් එය රටේ දෙවන ප්‍රධාන පක්ෂය බවට ද පත් විය. මෙහි දී කොමියුනිස්ට්වාදී නියෝජිතයන් 77 දක්වා ඉහළ නැංගේ ය.

1932 ජූලි මස පැවති මහා මැතිවරණයේදී නට්සි පක්ෂය රයිෂ්ටාගයේ ආසන 230 දිනා ගනිමින් ජර්මනියේ ප්‍රබල ම දේශපාලන පක්ෂය බවට පත් විය. 1933 ජනවාරි 30 දා ෆොන් හින්ඩර්බර්ග් දැඩි නොකැමැත්තෙන් වුව සභාග ඇමැති මණ්ඩලයක් සහිත ව හිට්ලර් ජර්මන් චාන්සලර් ලෙස නම් කළ අතර ඔහුට අසාමාන්‍ය ලෙස බලතල ලබාදීම ප්‍රතික්ෂේප කළේ ය. හිට්ලර් තම සහායකයන් ගැන දැඩි සෙවිල්ලෙන් සිටි අතර කිසිදු පෞද්ගලික සංවිධානයකට ඔහුගේ බලයට අභියෝග කිරීමට තරම් වන ශක්තියක් ඇති නො වීමට වග බලා ගත්තේ ය. සමස්ත ජර්මානු රාජ්‍යය ම දැවැන්ත සිරකඳවුරක් බවට පත් විය. නට්සි රහස් පොලිසිය (Gestapo) මැදියම් රැයේ නිවාසවලට කඩා පැන මිනිසුන් අත්අඩංගුවට ගන්නට වූහ.

ත්‍රස්තවාදයෙන් ජර්මනිය තුළ සිය නායකත්වය වර්ධනය කරගත් හිට්ලර් ‘මගේ සටන’ කෘතියෙන් දැක්වුණු ඔහුගේ අරමුණු සපුරා ගනිමින් යුරෝපය පුරා ජර්මන් බලය ව්‍යාප්ත කිරීම ඇරඹුවේ ය. ඔහුගේ මුල් ම අවධානය යොමු වුණේ රට යළි සන්නද්ධ කිරීමට ය. 1937 අවසාන වනවිට හිට්ලර්ගේ ව්‍යාප්තවාදී ප්‍රතිපත්තිය මුළුමනින් ම ක්‍රියාත්මක වෙමින් පැවතිණි. පෝලන්තය, හිටිලර්ගේ මීළඟ ගොදුර බවට පත්වෙමින් තිබුණේ ය. 1939 සැප්තැම්බර් 1 දා ජර්මානු හමුදා පෝලන්තය ආක්‍රමණය කිරීමත් සමඟ වසර පහමාරක් තිස්සේ ඇවිලුණු, මිලියන 55 කට අධික ජනතාවකට මරු කැඳවූ, දෙවන ලෝක යුද්ධය ආරම්භ විය. ඔහු බොහෝ රටවල් තම රාජ්‍යයට ඈදා ගත්තේ ය.

1942 උදාවත් ම සියල්ල ආපසු හැරී නැවත ගමන් කිරීම ඇරඹෙන්නට විය. මිත්‍ර හමුදා විසින් හිට්ලර් පරාජය කිරීමේ දැවැන්ත මෙහෙයුම අරඹා තිබිණි. හිට්ලර්ගේ කීර්තිමත් කාලය කෙමෙන් අවසානය කරා ළඟා වෙමින් තිබුණේ ය. අනපේක්ෂිත ලෙස යුද්ධයෙන් පරාජය වූ හිට්ලර් ඔහුගේ මූලස්ථානය බර්ලිනයට ගෙන ගියේ ය. එහි චාන්සලර් මන්දිර භූමියේ තැනූ භූගත බංකරයට වී සිය අවසන් දින කිහිපය ගත කළේ ය.

සිය දිවි නසා ගැනීමට හිට්ලර් තීරණය කළේ ය. ඔහු විසින් ඉටු කළ යුතු තවත් කාර්යයන් දෙකක් ඉතිරි ව තිබිණි. 1945 අප්‍රේල් 29 දින උදයේ එහෙත් ඔහුගේ අනියම් බිරිය වී සිටි ඊවා බ්‍රොන් විවාහ කර ගත්තේ ය. ඒ සමඟ ම තම අන්තිම කැමැති පත්‍රය හා දේශපාලන අන්තිම කැමැති පත්‍රය ලියා ගැනීම සඳහා කියැවී ය. එහි දී සිය ජීවිත කාලය තුළ ඔහු කළ කී දෑ යුක්තියුක්ත කළේ ය. පසුදින තම කුටියට වැදුණු හිට්ලර් වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගත් අතර ඊවා බ්‍රොන් ද වස පානය කොට දිවියෙන් සමුගත්තා ය. හිට්ලර්ගේ උපදෙස් අනුව මළ සිරුරු දෙක ම චාන්සලරි උයනේ පිහිටි සතුන්ගේ ආහාර වළකට ඇද දමා ඉන්ධන වත්කොට ගිනි තබන ලදී.

Footnotes[සංස්කරණය]

  1. "Hitler ersucht um Entlassung aus der österreichischen Staatsangehörigkeit", 7 April 1925 (in ජර්මානු). Translation: "Hitler's official application to end his Austrian citizenship". NS-Archiv. Retrieved on 2008-08-19
"http://si.wikipedia.org/w/index.php?title=ඇඩොල්ෆ්_හිට්ලර්&oldid=302823" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි