එක්සත් ජාතීන්ගේ සංවිධානය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
එජා සාමාජීක රාජ්‍යයන් සහ (එජා අනුව) ඒවායේ එජා-පිළිගත් පරායත්ත-රාජ්‍යයන් දක්වන සිතියම
එජා සාමාජීක රාජ්‍යයන්
සහ (එජා අනුව) ඒවායේ එජා-පිළිගත් පරායත්ත-රාජ්‍යයන් දක්වන සිතියම
මූලස්ථානය නිව්යෝක් නගරය, මැන්හැටන් හි, ජාත්‍යන්තර භූමිප්‍රදේශය
නිල භාෂාවන් අරාබි , චීන , ඉංග්‍රීසි , ප්‍රංශ , රුසියානු , ස්පාඤ්ඤ
සාමාජිකත්වය 193 සාමාජීක රාජ්‍යයන්
නායකයෝ
 -  මහ-ලේකම් බැං කි-මූන්
පිහිටුවීම
 -  එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය 1945 ජූනි 26 
 -  ප්‍රඥප්තිය අපරානුමත කිරීම 1945 ඔක්තෝබර 24 
වෙබ් අඩවිය
http://www.un.org/
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංඡනය

එක්සත් ජනපද ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී. රෝසවෙල් යෝජනා කළ "එක්සත් ජාතින්" යන නාමය බලවතුනට එරෙහි ව අඛන්ඩව සටන් කරන බවට ප්‍රතිඥා  දෙමින් ජාතීන් 26 ක නියෝජිතයන් දෙවැනි ලෝක යුධ සමයේ 1942 ජනවාරි 01 වැනිදා කළ එක්සත් ජාතින්ගේ ප්‍රකාශනයෙහි මුල් වරට භාවිතා කරනු ලැබීය.

අර්බුද සාමකාමී ලෙස සමථයකට පත් කිරීම, යුද්ධ වැලැක්වීම සහ සංග්‍රාම නීති සංග්‍රහකරණය සඳහා වන විධික්‍රම විස්තර කොට දැක්වීම පිණිස ප්‍රථම අන්තර් ජාතික සාම සමුළුව 1899 දී හේග් නගරයේදී පවත්වන ලදී.අන්තර්ජාතික ආරවුල් සාමකාමී ලෙස සමථයකට පත් කිරීම පිළිබඳ සම්මුතිය සම්මත කොට ගත් එය 1902 දී ක්‍රියාත්මක වූ ස්ථාවර බේරුම් උසාවිය ස්ථාපනය කළේය.

එක්සත් ජාතීන්ගේ පෙර ගමන්කරු වූයේ ජාතීන්ගේ සංගමය යි.ප්‍රථම ලෝක යුද්ධය වලක්වා ලීමට අසමත් වීම නිසා ජාතීන්ගේ සංගමය සිය ක්‍රියාකාරීත්වය අවසන් ‍කළේ ය.එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සම්පාදනය කරනු වස් රටවල් 50 ක නියෝජිතයෝ 1945 දී සැන් ‍ෆ්‍රැන්සිස්කෝ හි පැවති අන්තර්ජාතික සංවිධානය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවවේ දී හමුවූ අතර 1945 ජුනි 26 වැනිදා රටවල් 50 ක නියෝජිතයෝ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අත්සන් තැබූහ. සමුළුවට සහභාගී නොවූ පෝලන්තය පසුව ඊට අත්සන් තැබීමෙන් ආරම්භක සාමාජික රාජ්‍යයන් 51 අතරට එක් විය.

එක්සත් ජාතීන්ගේ සමුළුව

චීනය, සෝවියට් දේශය , එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ සෙසු අත්සන්කරුවන්ගෙන් බහුතරය 1945 ඔක්තෝඹර් 24 දා ප්‍රඥප්තිය සනාථ කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන් නිල වශයෙන් උපත ලැබී ය.සෑම වසරකම ඔක්තෝඹර් 24 දින එක්සත් ජාතීන්ගේ දිනය සමරනු ලැබේ.


එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සාමාජික රාජ්‍යයන්ගේ අයිතිවාසිකම් හා වගකීම් නිශ්චය කරන්නාවූත් එක්සත් ජාතීන්ගේ අයවැය හා ක්‍රියාපටිපාටීන් ස්ථාපනය කරන්නාවූත් ප්‍රඥප්තිය සංවිධානයේ ව්‍යවස්ථාමය ලේඛනයයි.අන්තර්ජාතික ගිවිසුමක් වන ප්‍රඥප්තිය රාජ්‍යයන්ගේ ස්වෛරී සමානාත්මතාවයෙන් පටන් ගෙන අන්තර්ජාතික සබඳතාවලදී බලය යෙදවීම තහනම් කිරීම දක්වා විහිදෙන අන්තර්ජාතික සබඳතා පිළිබඳ ප්‍රධාන මූලධර්ම සංග්‍රහ කරයි.


අරමුණු[සංස්කරණය]

ප්‍රඥප්තියේ සඳහන් අන්දමට එක්සත් ජාතීන්ගේ අරමුණු මෙසේ ය.


1.ජාත්‍යන්තර වශයෙන් සාමය හා ආරක්ෂාව පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියාකාරීත්වය සහතික කිරීමේ පියවර ගැනීම හා සාමයට ඇති තර්ජන ඉවත් කිරීම.

2.ජාත්‍යන්තර වශයෙන් පවතින ආර්ථික , සාමාජීය, සංස්කෘතික, මානුෂීය ගැටළු විසඳීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම.

3.පොදු අයිතිවාසිකම් පදනම් කරගෙන ජාතීන් අතර හොඳ හිත වර්ධනය කර ගැනීම.

4.ඉහත සඳහන් අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා සංයෝජනය කර ගැනීමේ මධ්‍යස්ථානයක් වශයෙන් කටයුතු කිරීම


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලධර්ම[සංස්කරණය]

1.සියළුම සාමාජික ජාතීන්ගේ ස්වාධිපති අයිතිය මත මේ සංවිධානය බිහි වී ඇත.

2.සාමාජික රටවල් සියල්ල ප්‍රඥප්තියෙන් තමා වෙත පැවරී ඇති වගකීම් ඉටු කළ යුතු ය.

3.එක්සත් ජාතීන්ගේ සංවිධානයට බැඳී නැති රටවල් පවා මෙම සංවිධානයේ මූලධර්මවලට අනුකූලව කටයුතු කරවා ගැනීම.

4.සාමාජික රටවල් අන්‍යෝන්‍ය වශයෙන් තමන් අතර වන ගැටළු සාමකාමීව විසඳාගත යුතු ය.

5.සාමාජික රටවල් තමන්ගේ ජාත්‍යන්තර ක්‍රියාවලිය තුළ යම් රටක භෞමික අඛණ්ඩතාවයට එරෙහිව තර්ජනයක්ව කටයුතු කිරීමෙන් වැලකී සිටීම.

6.සියළුම සාමාජිකයින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියට අනුකූලව ගන්නා තීරණවලට සහයෝගය දිය යුතු ය.

7.එක්සත් ජාතීන්ගේ සංවිධානය රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමෙන් වැලකී සිටීම.


භාෂාව[සංස්කරණය]

ප්‍රඥප්තියෙන් පිළිගෙන ඇති පරිදි චීන, ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියානු හා ස්පාඤ්ඤ භාෂා එක්සත් ජාතීන්ගේ නිළ භාෂාවෝ වෙති.මහා මණ්ඩලයේ, ආරක්‍ෂක මණ්ඩලයේ සහ ආර්ථික හා සාමාජීය මණ්ඩලයේ නිළ භාෂාවක් ලෙස අරාබි බස ද එක් කරනු ලැබී ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අංග[සංස්කරණය]

එක්සත් ජාතීන්ගේ ප්‍රධාන අංග 6 ක් ප්‍රඥප්තියෙන් ස්ථාපනය කෙරිණ.

1.මහා මණ්ඩලය (මහා මන්ත්‍රණ සභාව)

2.ආරක්‍ෂක මණ්ඩලය

3.ආර්ථික හා සමාජීය මණ්ඩලය

4.භාරකාරත්ව මණ්ඩලය (ආහෝසිකරනු ලැබීය)

5.අන්තර්ජාතික අධිකරණය

6.ලේකම් කාර්යාලය

වශයෙනි.නියෝජිත ආයතන 15 කින් වැඩසටහන් සහ මණ්ඩල ගණනාවකින් සැදුම් ලත් එක්සත් ජාතීන්ගේ පවුල (The United Nation System ) මීට බොහෝ සෙයින් විශාල වූවකි.ඒ සඳහා එක්සත් ජාතීන්ගේ ෙල්ඛම් කාර්යාලය, එක්සත් ජාතීන්ගේ වැඩසටහන් සහ අරමුදල් (UNICEF සහ UNDP )සහ විශේෂිත ආයතන එක් වීමෙන් නිර්මාණය වී තිබේ.

එක්සත් ජාතීන්ගේ මණ්ඩලය[සංස්කරණය]

එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට ඉඩමක් ගන්නවත් මුදල් නො තිබිණි. රොක්පෙලර් ඉඩමටත් ගොඩනැගිල්ලටත් සල්ලි දුන්නා. ලයි එදා එම ප්‍රශ්නය නිසා ලයිට පදවියෙන් යන්නට වුණා. ඔහු එ.ජ.ම. දක්ෂම මහ ලේකම් ලෙස පිළිගන්නවා. එක්සත් ජාතීන්ගේ මණ්ඩල ඉතිහාසයේ පළමු වැනි වතාවට අල්ලස් චෝදනා කොරියාවේ එය දිනපතා සිදුවෙන දෙයක්.


එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට දැන් වයස අවුරුදු 61කි. එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට නමක් ලෝකයට නිවේදනය කළේ 1942දී ඇමෙරිකාවේ සැන් ප්‍රැන්සිස් කෝවේ සිටයි. එක්සත් ජාතීන්ගේ මණ්ඩලය යන නම යෝජනා කළේ ඇමෙරිකාවේ ජනාධිපති ප්‍රැන්ක්ලින් රූස්වෙල්ට් මහතාය. පළමු වැනි නිවේදනයටද ඇමෙරිකාව වෙනුවෙන් අත්සන් කළේ රූස්වෙල්ට් මහතා 1945 වර්ෂයේ මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සිටියේ.


1995 වනවිට සාමාජිකයන්ගේ ගණන 185කි. සාමාජිකයන් අතර වැඩිම ජනගහනයක් ඇත්තේ චීනයේ බව හෙළිවී ඇත. බිලියන 1.2 ක් ඒ රටේ ජීවත්වෙති. පලව් රටේ ජිවත්වන්නේ 16,000ක ජනතාවක් පමණයි. චීනයට ලැඛෙන්නා වූ පහසුකම් ඒ රටටත් ලැබේ. භාෂා පරිවර්තකයින් 526 දෙනෙක් සේවය කරති. ප්‍රංශ, ඉංග්‍රීසි, ස්පාඤඤ, රුසියන්, අරාබි සහ චීන භාෂාවලටද මේ පරිවර්තකයෝ කතා පරිවර්තන කරති. එක්සත් ජාතින්ගේ මණ්ඩලයේ සේවකයන්ගේ ගණන 53,589 කි. සාමාන්‍යයෙන් අවුරුද්දේ අය වැය ඩොලර් බිලියන 5ක් පමණය. ලෝකයේ නොයෙක් රටවල අනාථයින් මිලියන 27ක් නඩත්තු කරන අතර සාම නිලධාරීහු 64,000ක් නඩත්තු කරති. නිතර මාධ්‍යයෙන් පෙන්වා දෙන්නේ එක්සත් ජාතින්ගේ මණ්ඩලය යනුවෙන්ය.


කෙසේ වෙතත් අවුරුදු 61ක් මණ්ඩලයට පවරා ඇති සෑම අවශ්‍යතාවක්ම ඉටුකර ඇත. 1945දී මණ්ඩලය වෙත පැවරූ අවශ්‍යම කාර්යය වූයේ ඉඩමක් සොයාගෙන ගොඩනැගිල්ලක් ඉදි කිරීමටයි. එය ඉතාමත් අමාරු කාර්යයක් වූයේ ඒ කාලේ ඇමෙරිකාවේ ඉඩම් මිල වැඩි වූ නිසායි.


සැන් ප්‍රැන්්සිස්කෝ නගරයේ ඉඩමක්. ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ එයට විරුද්ධ වූයේ රුසියාවයි. රුසියාව කියා සිටියේ මොස්කව් සිට සැන් ප්‍රැන්සිස්කෝ නගරය පිහිටා ඇත්තේ ඉතාමත් දුෂ්කර පළාතක බවත් එය මොස්කව් සිට ප්‍රැන්සිස්කෝ අතර දුර ප්‍රමාණය වැඩි බවත්ය. කෙසේ වෙතත් මහ ලේකම්වරයකු පත්කිරීම පවා තීරණය කළේ එංගලන්තයේදීය.


ඉන්පසු ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකානු දානපතියෙකුව සිටි ජෝන් රොක්ෆෙලර් මණ්ඩලය ඉදිකිරීමටත් ඉඩමටත් ඩොලර් බිලියන 8,500,000 තෑගි කළේය. ඔහු එය මිලදී ගෙන ඇත්තේ විලියම් සෙකස්ටොප්ගෙනි. ජෝන් රොක්ෆෙලර් මහතාගේ පුත් නෙල්සන් රොක්ෆෙලර් කීප වරක්ම ජනාධිපති තරගයට ඉදිරිපත් වූවත් ඔහුට කිසි දිනක ජයගත හැකිවූයේ නැත. ඔහුට කිසිම දිනක එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ අසුනක් ගැනීමටද නොහැකි විය.


1946 දී මහලේකම් වශයෙන් පත්වූයේ නොර්වේ ජාතික ට්‍රයිග්වේ ලයි මහතාය. පළමුවැනි සභාපති ලෙස පත්වූයේ ඛෙල් ජියම් ජාතික හෙන්රි ස්පැක් මහතාය. ලයි මහතා කලින් සිය තනතුරෙන් ඉල්ලා අස්වූ නිසා ස්වීඩන් ජාතික ඩැග් හැමර්ෂල්ස් මහතා පත්විය. කලින් සිටි මහ ලේකම්වරයා සහ සභාපතිවරයා දෙදෙනාම ඒ රටවල දක්ෂ විදේශ ලේකම්වරු ලෙස කටයුතු කළහ. හැමර්ෂල්ස් මහතා විශ්ව විද්‍යාලයක කථීකාචාර්යවරයෙක් විය. 1961 සැප්තැම්බර් 18 වැනිදා හැමර්ෂල්ස් මහතා ගමන් කළ ගුවන් යානාව ගිනිබත් විය. ඔහුගේ දෙවෙනියා ලෙස කටයුතු කළ බුරුම ජාතික ඌ තාන්ට් මහතා එම තනතුරට පත්විය.


ආසියාවෙන් පත්වූ මහලේකම්වරයා ඔහුය. අවුරුදු 39කට පසුව ආසියාවෙන් පත්වූ මහලේකම්වරයා දකුණු කොරියාවේ විදෙAශලේකම් බෑන් කී මුන් මහතාය. මහලේකම් තනතුර මෙතෙක් ලැබුණේ බලවත් රටවල සහයෝගය දෙන රටකට ඒ රට නම් කරන පුද්ගලයාටය. —සීතල˜ යුද්ධය තිඛෙන කාලය ඇමෙරිකාව සහ රුසියාව අතර තරග තිබුණත් බොහෝ රටවල නියෝජිතයෙකු පත්වූයේ වැඩි වශයෙන් නිතරගයෙනි. ඔස්ටි්‍රයාවෙන් ඊජිප්තුවෙන්, ආජන්ටිනාවෙන්, ඝානාවෙන් නියෝජිතයින් මෙතෙක් කල් එම තනතුර මුදල් වියදම් කර ලබාගත් තනතුරක් ලෙස සිදු වූ දෙයක් ලෙස වාර්තා වී නැත. ආසියාවෙන් ඉදිරිපත්වූයේ ඉන්දියාවෙන්, ජපානයෙන් සහ › ලංකාවෙන්ය. එහෙත් දිනුවේ දකුණු කොරියාවෙන්ය. දකුණු කොරියාව අල්ලස් දීමටත් ගැනීමටත් ප්‍රසිද්ධ බව නොරහසකි. ඒ රටේ ජනාධිපතිවරු අගමැතිවරුන් මැති ඇමැතිවරුන් නිලධාරීන් වෙළෙඳ ව්‍යාපාරිකයින්ට අල්ලස් චෝදනාවලට නඩු පවරා ඇත. සමහරු තවත් සිර අඩස්සියේ පසුවෙති.


ආසියාවේ බොහෝ රටවල මේ අල්ලස් නඩු උසාවිවල අසන්නේ වැඩි ප්‍රසිද්ධියක් නැතිවයි. එහෙත් දකුණු කොරියාවේ ඒ අල්ලස් නඩු අසන්නේ විශේෂ ටෙලිවිෂන් චැනලයකින්ය. මේ අල්ලස් නඩු අසන දිනවල නගරවල විශේෂ ස්ථානවල ටෙලිවිෂන් යන්ත්‍ර පවා ඉදිකොට ඇත. දිනපතා දහස් ගණනින් ජනයා මේ නඩු ඇසීමට රොක්වෙති. මේ නිසා මේ නඩුවලට විශේෂ ප්‍රසිද්ධියක් දෙන්නේ ආණ්ඩුවෙන්මය. 1947දී මාදුටු දෙයක් නම් අපේ රටේ අල්ලස්වලට අල්ලා ගන්නා කම්කරුවන්ට, ගුරුවරුන්ට, සාත්තු සේවකයන් වැනි සූළු සේවකයින්ට මාධ්‍යයේ විශේෂ ප්‍රසිද්ධියක් දෙයි. ලංකාවේ වාර්තා අනුව අපේ රටේ අල්ලස් ගන්නේ දුප්පතුන් පමණි. ලොක්කන් එනම් බලවතුන් දෙන්නෙත් නැත. විශේෂයෙන් ගන්නෙත් නැත. මෙය ලෝක වාර්තාවකි.


මේ සේවය නිසා දකුණු කොරියාවේ නියෝජිතයා අල්ලස් දීලා එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ මහ ලේකම් තනතුර ලබා ගැනීම පුදුමයට පත්නොවිය යුතුයි. දකුණු කොරියානු නියෝජිතයා අල්ලස් දුන් බවට කිසිම කෙනෙකුට නොදැනීමට උපදෙස් ලබා ගත යුත්තේ අපේ රටේ අල්ලස් චෝදනාවලට ප්‍රසිද්ධ කෙනෙකුගෙන්ය. ඒ උපදෙස් හරියට ගත්තේනම් බෑන් කී මුන් මහතාට දැන් දැන් මාධ්‍යවල පළවෙන පුවතක් තරම් වත් නොවන බව නිසැකයි. කෙසේ වූවත් ඒ ලංකාවෙන් උපදෙස් ගන්නා පුද්ගලයා දේශපාලඥයෙකු හෝ සංස්ථා සභාපතිවරයෙකු විය යුතුය. එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ පළමුවැනි මහලේකම්වරයා පත්වූ ආකාරය පැසසුම් කළ යුතුය. එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ මුල්ම රැස්වීම පවත්වා ඇත්තේ 1946 ජනවාරි 16 වැනිදාය. මුල්ම සැසිවාරයේ න්‍යාය පත්‍රයේ මුලින්්ම සඳහන් වූයේ මහලේකම්වරයෙකු සහ සභාපතිවරයකු පත්කිරීමයි. රැස්ව සිටි සාමාජිකයන් අතර එකඟතාවයකින් තෝරා ගැනීමට නොමැකි වූ නිසා තරගයක් වැවැත්වීමට සිදුවිය.


කෙසේ වෙතත් නම් දෙකක් ඉදිරිපත් විය. ඒ නොර්වේ ජාතික එම රටේ විදේශ ඇමැති වූ ටි්‍රග්වේලයි මහතා සහ ඛෙල්ජියම් ජාතික හෙන්රි ස්පාක් මහතාය. ඔහු ද ඒ රටේ විදේශ ඇමතිවරයාය. මේ නිසා ඡන්දයකින් සභාපති ලෙස පත් කිරීමට සිදුවිය. ඡන්ද විමසීමේදී ලයි මහතාට ඡන්ද 23ක්ද ස්පාක් මහතාට ඡන්ද 28ක්ද ලැබු‚. මේ ඡන්ද විමසීමෙන් පසුව ස්පාක් මහතා එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ පළමුවැනි සභාපති ලෙස පත්විය.


ලයි මහතාට ඡන්දය දී ඇත්තේ ඇමෙරිකාව බි්‍රතාන්‍යය සහ ඒ රටවල හිතවතුන්ය. රුසියාවට සම්බන්ධ රටවල් සියල්ල ඡන්දය දී ඇත්තේ ස්පාක් මහතාටයි. න්‍යාය පත්‍රයේ දෙවැනි අංකය ලෙස සඳහන් වූයේ මහ ලේකම්වරයෙකු පත්කිරීමයි. එම තනතුරට ඉදිරිපත් වූයේ කැනඩාවේ විදේශ ඇමැති ලෙස්ටර් පියර්සන් මහතාය. කලින් සභාපති ධුරයට පත් වූ ලයි මහතාද ඉදිරිපත්විය. මේ දෙදෙනාගේම නම් ඉදිරිපත්විය.


මේ සටනේදී බි්‍රතාන්‍ය වෙන නමක් ඉදිරිපත් කළේය. ඒ ›මත් ග්ලැඩ්න්ග් ජෙබ් මහතාගේ නමයි. රුසියාවද ඉදිරිපත් කළේ ඇමෙරිකාවේ සිටි යුගෝස්ලාවියානු තානාපති ස්ටෝප් මහතාය. ඇමෙරිකාව නෙදර්ලන්තය වෙනිසියුලාව යන රටවල් ඉදිරිපත් කළේ ලෙස්ටර් පියර්සන් මහතාය. මේ තරගයේ විස්තර අන්තර් ජාතික මාධ්‍ය කියා සිටියේ කිසිම ප්‍රශ්නයක් නැතිව ලෙස්ටර් පියර්සන් මහතා පත්වෙන බවයි. ලයි මහතාගේ නම විටින් විට සඳහන් වූ නමුත් ඔහු ජයගන්නා බව කිසිම විටක මාධ්‍යයේ සඳහන් නොවීය. මේ තත්ත්වය තිබියදී රුසියාව වෙනත් අදහසක් ඉදිරිපත් කළේය. රුසියාවට සහ රුසියාවට සම්බන්ධ රටවල් උතුරු ඇමෙරිකාවේ සහ දකුණු ඇමෙරිකාවේ නියෝජිතයෙකුට සහයෝගය නොමැති බවයි. යුරෝපයේ නියෝජිතයෙකුට සහයෝගය දුන්නත් බි්‍රතාන්‍යයට සම්බන්ධ කෙනෙකුට සහයෝගය නොදෙන බවයි.


ඉන්පසු රුසියාවේ විදේශ ඇමති ඇන්ඩ්‍රෝ ග්‍රොමිකෝ ඇමෙරිකානු විදේශ ඇමති අමතා කියා සිටියේ රුසියාව පියර්සන් මහතාගේ පත්වීමට විරුද්ධ බවයි. ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගෙන් වැඩිම සුදුසුකම් තිබුණේ පියර්සන් මහතාට බව මාධ්‍ය කියා සිටියහ. පසුව ඇමෙරිකානු විදේශ ඇමති ආරක්ෂක මණ්ඩලයේ ස්ථීර සාමාජිකයින්ගේ රැස්වීමක් කැඳවන ලදී.


ඒ බි්‍රතාන්‍ය, ප්‍රංශය, පාකිතානය, රුසියාව සහ ඇමෙරිකාවේ නියෝජිතයින්ගේ රැස්වීමක් මේ අවස්ථාවේදී ඇමෙරිකාව ඉදිරිපත් කළේ ලයි මහතාගේ නමයි. ලයි මහතා නිතරගයෙන් පත්විය. රුසියාවද නිහ~විය. ඒ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ පළමු මහලේකම් ලෙස පත්වූ හේ නොර්වේ රජයේ විදේශ ඇමති ලයි මහතාය. ඔහුගේ පත්වීමට එකඟත්වයට පත්වූයේ 1946 පෙබරවාරි 1 වැනිදා පැවැත්වූ මහා මණ්ඩලයේ රැස්වීමෙන් පසුය. ඒ අවස්ථාවේදී ඡන්දයක් පවත්වන ලදී. ලයි මහතාට ඡන්ද 46ක්, රටවල් 4ක් ඔහුගේ පත්වීමට විරුද්ධ විය. රුසියාව සහ ඇමෙරිකාව පළමුවෙනි වතාවට එකඟ වී වැඩක් කළ බව දේශපාලන විචාරකයින්ගේ මතය විය. නොර්වේ ජාතික ලයි මහතා එක්සත් ජාතින්ගේ මණ්ඩලයේ මහ ලේකම් ලෙස පත්වූයේ ඇමෙරිකාව, රුසියාව, ප්‍රංශය, බි්‍රතාන්‍යය ජාතික චීනය එකතුව ඔහු පත්කළ නිසායි.


ලයි මහතා දුප්පත් වඩුවෙකුගේ පුතෙකි. වයස අවුරුදු 16දී ලයි මහතා ආතර් ප්‍රදේශයේ කම්කරු පක්ෂයේ සභාපති ලෙස පත්විය. ඔස්ලෝ විශ්වවිද්‍යාලයේ ඉගෙනගත් ලයි මහතා දිගින් දිගටම කම්කරු පක්ෂයේ දේශපාලන කටයුතුවල යෙදී සිටියේය. ඔහු ජනප්‍රිය පුද්ගලයකුද විය. පසුව නීතිඥයකු ලෙස සමත්වූ ඔහු පක්ෂයේ ලේකම් ලෙස ද පත්විය. නොර්වේ රජයේ ඇමති මණ්ඩලයට වරින් වර පත්විය. වරක් ඔහු කම්කරු ඇමතිවිය. තවත් වරක් අධිකරණ ඇමතිවරයා ලෙසද කටයුතු කළේය. ඔහු වරක් නැව් 1000ක් යොදවා මුළු යුරෝපයට කෑම සැපයුවේ දෙවැනි මහා යුද්ධ කාලයේදීය. ලෝකයේ තිබුණු විශාලම නැව් සමාගම පිහිටුවන ලද්දේ ලයි මහතාගේ දක්ෂකම නිසා බව බොහෝ දෙනෙකු පිළිගනිති.


දෙවැනි ලෝක මහා යුද්ධයේදී නෝර්වේ රට අක්‍රමණය කළ පසුව රටින්් පිට වෙනම ආණ්ඩුවක් පිහිටවූ අවස්ථාවේ ලයි මහතා බි්‍රතාන්‍ය සමග සම්බනAධකම් ඇතිකොට විශාල සේවයක් ඉටුකළ බව ලියකියවිලිවල සඳහන් වෙයි. ලයි මහතා මහලේකම් ලෙස පත්වූ කාලය තුළදී ඔහුට බරපතළ අන්තර් ජාතික ප්‍රශAනවලට මුහුණ දීමට සිදුවිය. විශෙAෂයෙන්ම ඇමෙරිකානු රුසියානු බල අරගලය නිසාය. එක් ප්‍රශ්නයක් වූයේ කොරියානු යුද්ධයයි. ඔහු ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන් ගත් තීරණ විවේචනයට ලක්විය. එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විවේචනය කරන්නට විය. ජර්මනිය දෙකට ඛෙදීම තවත් ප්‍රශ්නයක් විය. ග්‍රීක් රටේ සිවිල් යුද්ධය මෙන්ම බෑරෑරුම් ප්‍රශ්නය වූයේ චීන ප්‍රශ්නයයි. චියැන්ෂික්ගේ චීනයට එක්සත් ජාතීන්යගේ මණ්ඩලයේ ආසනයක්දීම ගැනයි. මෙය අන්තර්ජාතික ප්‍රශ්නයක් විය. මේ අවස්ථාවේ ලයි මහතා එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ දක්ෂ නීතිඥයින් දෙදෙනෙකු පත්කළෙA නිදහස් තීරණයක් ගැනීම සඳහාය. ඒ බලධාරීන්ගේ වාර්තාවේ සඳහන් වූයේ එම ජනතාව පාලනය කිරීමට, චීන ජනතාවගේ විශ්වාස දිනාගත් කොටසට එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ අසුන දිය යුතු බවයි. චීන කොමියුනිසට් පක්ෂය මුළු චීනයේම බලය අල්ලා තිබුණු නිසා මාඕසේතුන්ගේ කොමියුනිසට් පක්ෂයේ නියෝජිතයාට අසුන දිය යුතු බව වැඩිමතය විය. ඇමෙරිකාව මෙයට සහයෝගය දුන්නේ නැත.


මේ කාලයේදී එක්සත් ජාතීන්ගේ මණAඩලයේ ඇතිවූ සෑම ප්‍රශ්නයකටම මුහුණ දීමට සිදුවුණේ ලයි මහතාටය. ඔහු නිර්භයව පැති නොගෙන සේවය කරීම නිසා ඔහුට විරුද්ධව එක් කණ්ඩායමක් දිගින් දිගටම ඔහුව විවේචනය කළේය. කොමියුනිස්ට් පක්ෂයට ආසනයක් නොදීම නිසා රුසියාව එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ රැස්වීම්වලට සහභාගිවීම වර්ජනය කළේය. රුසියාවට සහයෝගය දුන් රටවලදී ඒ අනුවම ක්‍රියා කළේය.


රුසියාව සහ අනෙක් රටවල් මාස 6ක්ම මේ වර්ජනය නැවැත්වූයේ නැත. මේ ප්‍රශ්නය සමතයකට පත්කර ගැනීමට නොහැකි වූ නිසා ලයි මහතා මෙවැනි තත්ත්වයක් තිබියදීත් ඇමෙරිකාවත් තවත් රටවල් කීපයක්ම කියාසිටියේ ලයි මහතා විශේෂයෙන්ම ඒ ප්‍රශ්නයේදී රුසියාවට සහයෝගය දුන් බවයි.


ලයි මහතා එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කළේය. එනම් අවුරුදු විස්සකට ලෝක සාමය ඇති කිරීමේ සැලැස්මය. එය ඔහු ඉදිරිපත් කළේ 1956 මාර්තු 21 වෙනිදාය. මේ සංදේශයත් පිළිනොගත්තේ ඔහු කළ සෑම දෙයකටම විරුද්ධ වූ කණ්ඩායමයි. ඔහු දක්ෂයෙකු ලෙස පිළිගත් කොටසක්ද මේ සංදේශය පිළිගත්තේ නැත. පලස්තීන ප්‍රශ්නයේදී ඉරාන ප්‍රශ්නයේදී ඔහු නිදහස් අදහස් පළ කළේය.


මේ ප්‍රශ්න විසඳීම සඳහා ඉදිරිපත් කර ඇත්තේ ලෝක සාමය රැකගැනීම සඳහා යැයි ඔහු වරින් වරම කියා සිටියේය. ඔහු ඉදිරිපත් කළ සැලසුම්වලට විශෙAෂයෙන්ම පලස්තීනුවන් ඔහුට තාමත් ගරු කරන බව නොරහසකි. 1952 නොවැම්බර් 10 වැනිදා ලයිි මහතා සිය සේවා කාලය නිමවීමට පෙර ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත්තේ ඔහු සමග මහපුටුවට තරග කළ ලෙස්ටර් පියර්සන් මහතාටය. පියර්සන් මහතා මණ්්ඩලයේ සභාපති ලෙස කටයුතු කළේය. ඔහුගේ පදවියට පත්වූයේ ස්වීඩනය හැරෙන්නට කිසිම රටක් දැනගෙන නොසිටි ඩෑග් හැමර්ෂල්ඩ් මහතාය. ඔහු එම පදවිය බාරගැනීම සඳහා පැමි‚ දිනයේදී මාධ්‍යයටත් මණ්ඩලයේ නිලධාරින්ටත් ඔහුව හඳුනාගැනීමට නොහැකිවිය. කෙසේ වෙතත් ගුවන් යානා අනතුරකින් මිය ගිය ඒ මහතා දක්ෂ උගත් පාලකයෙකු ලෙස පිළිගන්නා බව මණ්ඩලයේ ෙජ්්‍යෂ්ඨයන් අදත් පිළිගන්නා බව නොරහසකි.

අරමුදල් ලබාදීම[සංස්කරණය]

Top 10 donators to the UN budget, 2011[1]
සාමාජික රටවල් දායකත්වය
(% of UN budget)
 ඇමරිකානු එක්සත් ජනපද 22.000%
 ජපානය 12.530%
 ජර්මනිය 8.018%
 එක්සත් රාජධානිය 6.604%
 ප්‍රංශය 6.123%
 ඉතාලිය 4.999%
 කැනඩාව 3.207%
 චීන මහජන සමූහාණ්ඩුව 3.189%
 ස්පාඤ්ඤය 3.177%
 මෙක්සිකෝව 2.356%
අනෙකුත් සාමාජික රටවල් 27.797%
  1. "Assessment of Member States' contributions to the United Nations regular budget for the year 2011" (PDF). UN Secretariat. 28 December 2010. http://daccess-dds-ny.un.org/doc/UNDOC/GEN/N10/708/33/PDF/N1070833.pdf?OpenElement. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2012-02-16. 

ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

  1. එක්සත් ජාතීන්ගේ පවුල
  2. එක්සත් ජාතීන් (අන්තර් ජාතික සාමය හා ආරක්‍ෂාව)

මෙයත් බලන්න[සංස්කරණය]

  1. එක්සත් ජාතින්ගේ මෙහෙවර