ක්‍රිකට් 20-20 ලෝක කුසලානය 2009
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| ICC 20-20 ක්‍රිකට් ලෝක කුසලානය 2009 | |||
|---|---|---|---|
| 200px 2009 ක්‍රිකට් 20-20 ලෝක කුසලානයේ නිල ලාංඡනය |
|||
| කාලය | ජුනි 5 – ජුනි 21 | ||
| සංවිධායක | අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය | ||
| ක්‍රිකට් තරඟ ආකෘතිය | 20-20 ජ්‍යාතයන්තර තරඟ | ||
| තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් සහ පිලිමළුන් පිටුදැකීම | ||
| සත්කාරකත්වය | |||
| ශූරයන් | |||
| සහභාගීත්වය | 12 | ||
| තරඟ | 27 | ||
| තරඟාවලියේ වීරයා | |||
| වැඩිම ලකුණු | |||
| වැඩිම කඩුළු | |||
| නිල වෙබ් අඩවිය | cricket.yahoo.com | ||
|
|||
20-20 ක්‍රිකට් ලෝක කුසලානයේ දෙවන තරඟාවලිය 2009[1] ජුනි මස එංගලන්තයෙදී පවත්වන ලදී. 2007 ලෝක කුසලානය පැවති ආකාරයෙන්ම මෙම තරඟාවලියත් ටෙස්ට් කණ්ඩායම් 9ක් හා ටෙස්ට් වරම් නොලද කණ්ඩායම් 3ක් ලෙස මුලු කණ්ඩායම් 12ක් ඛාණ්ඩ 4ක් යටතේ පළමු වටයේ තරඟ වදින ලදී. මෙම තරඟාවලියේ විශේෂත්වයක් ලෙස කාන්තා 20-20 ක්‍රිකට් ලෝක කුසලානයත් මේහා සමගාමීව පැවැත්විය.
තරඟ නීති හා කොන්දේසි [සංස්කරණය]
තරඟාවලිය සඳහා බලපැවැත්වූ තරඟ නීති හා රෙගුලාසි පළමු තරඟාවලිය ආකාරයේ උවත් තරඟයක් ලකුණු සමවීම නිසා අවසන් වුවහොත් ජයග්‍රාහකයා තිරණය කිරීම සඳහා සුපිරි ඕවරය යැවීම සිදු කරන ලදී.
ක්‍රීඩාංගනයන් [සංස්කරණය]
- ලෝ(ර්)ඩ්ස් ක්‍රීඩාංගනය, ලන්ඩන්
- කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගනය, ලන්ඩන්
- ටෙන්ට්බ්‍රිජ් ක්‍රීඩාංගනය, නොටින්ග්හම්
ආශ්‍රිත [සංස්කරණය]
- ↑ "ICC 20-20 ක්‍රිකට් ලෝක කුසලානය 2009". espncricinfo.com. http://www.espncricinfo.com/wt202009/content/series/335113.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-07-19.