2007 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ක්‍රිකට් 20-20 ලෝක කුසලානය 2007 වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
ICC 20-20 ක්‍රිකට් ලෝක කුසලානය 2007
200px
2007 ක්‍රිකට් 20-20 ලෝක කුසලානයේ නිල ලාංඡනය
කාලය සැප්තැම්බර් 11 – සැප්තැම්බර් 24
සංවිධායක අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය
ක්‍රිකට් තරඟ ආකෘතිය 20-20 ජ්‍යාතයන්තර තරඟ
තරඟාවලි ආකෘතිය රවුන්ඩ් රොබින් සහ පිලිමළුන් පිටුදැකීම
සත්කාරකත්වය South Africa දකුණු අප්‍රිකාව
ශූරයන් India ඉන්දියාව (1 වන හිමිකම)
සහභාගීත්වය 12
තරඟ 27
තරඟාවලියේ වීරයා Pakistan ෂහිඩ් අෆ්‍රෙඩි
වැඩිම ලකුණු ඕස්ට්‍රේලියාව මැතිව් හේඩන් (265)
වැඩිම කඩුළු Pakistan උමාර් ගුල් (13)
නිල වෙබ් අඩවිය cricket.yahoo.com
(ඊළඟ තරඟාවලිය) 2009

අන්තර්ජාතික ක්‍රිකට් වංශකතාවේ නව පරිච්චේදයක ඇරඹුමක් ලෙස පන්දුවාර 20-20 ක්‍රිකට් තරඟ සඳහා ලෝක කුසලාන තරඟාවලිය වර්ෂ 2007 දී දකුණු අප්‍රිකාවේදී පළමුවරට පවත්වන ලදී. ලෝ වටා විසිරී සිටින ක්‍රිකට් ලෝලීන් හට නවමු අත්දැකීමක් ලබාදෙමින් මෙම තරඟාවලිය 2007 සැප්තැම්බර් 11 සිට 24 දින දක්වා දකුණු අප්‍රිකානු ක්‍රීඩාංගන 3ක පැවැත්විය. මෙම තරඟාවලිය සඳහා ටෙස්ට් වරම් ලද කණ්ඩායම් 10ත් එක්දින ජ්‍යාත්යන්තර වරම් ලද කෙන්යාව සහ ස්කොට්ලන්තය සමඟ කණ්ඩායම් 12ක් ඛාණ්ඩ 4ක් යටතේ පළමුව තරඟ කරන ලදී. පළමුවන 20-20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට ඉන්දියාව සහ පාකිස්තානය අවසාන මහා තරඟයේදී ගැටුනු නමුදු තියුණු තරඟයකින් පසු ඉන්දියාව ජයග්‍රහණය කරන ලදී.

තරඟ නීති හා කොන්දේසි[සංස්කරණය]

සෑම තරඟයක් සඳහාම ජයග්‍රාහී කණ්ඩායමට ලකුණු 2ක් පිරිනැමෙන අතර තරඟයේ විසඳුමක් නොමැතිනම් කණ්ඩායම් 2 සඳහා ලකුණු 1 බැඟින් පිරිනමනු ලැබුණි. පරාජිත කණ්ඩායම සඳහා ලකුණු පිරිනොනැමින. නමුත් යම් තරඟයක් ලකුණු සමවීමෙන් අවසන් වුවහොත් ඒ සඳහා බෝල්-අවුට් ක්‍රමය මඟින් ජයග්‍රාහකයා තෝරාගනු ලැබූ අතර මෙම තරඟාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර පැවති මූලික වටයේ තරඟයේ තීරණය මේ ආකාරයෙන් ලබාදෙන ලදී.

පළමු වටයේ සහ සුපිරි 8 වටය සඳහා කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම සඳහා පහත දැක්වෙන ආකාරයේ නිර්ණායකයන් භාවිතා කරන ලදී.

1. එම ඛාණ්ඩයේ වැඩිම ලකුණු ලබාගත් කණ්ඩායම්.
2. ලකුණු සම නම්, අදාල ඛාණ්ඩයේ වැඩිම ජයග්‍රහනයන් ලබාගත් කණ්ඩායම්.
3. ජයග්‍රහනයන් සම නම්, අදාල ඛාණ්ඩයේ ශුද්ධ ලකුණු ලබාගැනීමේ වේගය මත.
4. ශුද්ධ ලකුණු ලබාගැනීමේ වේගය සම නම්, අවම පන්දුයැවීමේ වේගය මත.
5. එහි ප්‍රතිඵලය සම නම්, එම කණ්ඩායම් දෙක අතර තරඟයේ ජයග්‍රහනය කළ කණ්ඩායම අනුව.

ඛාණ්ඩයන්[සංස්කරණය]

පළමු වටයේ ඛාණ්ඩ 4ක් යටතේ තරඟ 12ක් පවත්වන ලද අතර ඛාණ්ඩයේ කණ්ඩායම් අතරින් වැඩිම ලකුණු ලබාගන්නා පලමු කණ්ඩායම් 2 සුපිරි 8 වටය සඳහා සුදුස්සන් බවට පත්විය.

A ඛාණ්ඩය[සංස්කරණය]

B ඛාණ්ඩය[සංස්කරණය]

C ඛාණ්ඩය[සංස්කරණය]

D ඛාණ්ඩය[සංස්කරණය]

සුපර් 8 තරඟ වටය[සංස්කරණය]

සුපිරි 8 වටයේ කණ්ඩායම් තරඟ සඳහා එක් ඛාණ්ඩයකට කණ්ඩායම් 4 බැගින් E සහ F වශයෙන් ඛාණ්ඩ 2ක් යටතේ ලීග් තරඟ 12ක් පවත්වන ලදී. ඒ අනුව එම ඛාණ්ඩයන්හි වැඩිම ලකුණු ලබාගන්නා කණ්ඩායම් 2 පිළිමළුන් පිටුදැකීමේ වටයට තෝරාගන්නා ලදී.

E ඛාණ්ඩය[සංස්කරණය]

F ඛාණ්ඩය[සංස්කරණය]

පිලිමළුන් පිටුදැකීමේ තරඟ වටය[සංස්කරණය]

ක්‍රීඩාංගනයන්[සංස්කරණය]

1. නිව්ලෑන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනය, කේප් ටවුන්.
2. කින්ග්ස්මීඩ් ක්‍රීඩාංගනය, ඩර්බන්.
3. ද වොන්ඩරස් ක්‍රීඩාංගනය, ජොහැන්ස්බර්ග්.