ජුනයිඩ් සිද්දික්

විකිපීඩියා වෙතින්

ජුනයිඩ් සිද්දික් (උපත:1992 දෙසැම්බර් 6) යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන පකිස්ථානයේ උපන් ක්‍රිකට් ක්‍රීඩකයෙකි.[1] සිද්දික් උපන්නේ පකිස්ථානයේ මුල්තාන් නගරයේය.[1] ඔහු 2014 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත සංක්‍රමණය විය [2]

2019 ඔක්තෝම්බර් මාසයේදී, ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 2019 ICC T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචිතයට එක් කරන ලදී.[3] ඔහු 2019 ඔක්තෝබර් 18 දින ඕමානයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් ඔහුගේ විස්සයි20 ජාත්‍යන්තර (වි20ජා) මංගල තරගය සිදු කළේය.[4] 2019 දෙසැම්බරයේදී, ඔහු 2019 එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුන්කොන් තරඟාවලිය සඳහා එක්දින ජාත්‍යන්තර (එදිජා) සංචිතයට නම් කරන ලදී.[5] ඔහු 2019 දෙසැම්බර් 8 වන දින එක්සත් ජනපදයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් සිය මංගල එක්දින තරඟය සිදු කළේය.[6] 2020 දෙසැම්බර් මාසයේදී, එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලය විසින් වසරක පූර්ණ කාලීන කොන්ත්‍රාත්තුවක් පිරිනැමූ ක්‍රිකට් ක්‍රීඩකයින් දස දෙනාගෙන් කෙනෙකි.[7]

යොමු කිරීම්[සංස්කරණය]

  1. 1.0 1.1 "Junaid Siddique". ESPN Cricinfo. සම්ප්‍රවේශය 14 October 2019.
  2. Radley, Paul (4 January 2020). "Junaid Siddique overcomes obstacles to emerge as new-look UAE's senior bowler". The National. සම්ප්‍රවේශය 4 February 2022.
  3. "Unexplained withdrawals, Raza left holding the chalice. UAE T20 World Cup Qualifier preview". Emerging Cricket. සම්ප්‍රවේශය 14 October 2019.
  4. "4th Match, Group B (N), ICC Men's T20 World Cup Qualifier at Abu Dhabi, Oct 18 2019". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 October 2019.
  5. "ECB announce team to represent the UAE in ICC Men's WCL2". Emirates Cricket Board. සම්ප්‍රවේශය 5 December 2019.
  6. "1st Match, ICC Men's Cricket World Cup League 2 at Sharjah, Dec 8 2019". ESPN Cricinfo. සම්ප්‍රවේශය 8 December 2019.
  7. "Rameez Shahzad omitted from latest list of centrally contracted UAE cricketers". The National. සම්ප්‍රවේශය 17 December 2020.
"https://si.wikipedia.org/w/index.php?title=ජුනයිඩ්_සිද්දික්&oldid=561695" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි