ලන්ඩන්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(London) එක්සත් රාජධානිය හා එංගලන්තය යන රටවල අගනුවර වේ. ලන්ඩන් නගරය ලොව ප්‍රමුඛතම මූල්‍ය මධ්‍යස්ථානයකි. විවිධ ජාතීන්, සංස්කෘතීන් හා ආගම්වල සම්මිශ්‍රණයක් පවතින ලන්ඩන් නගරයේ භාෂා 300කට අධික ප්‍රමාණයක් භාවිතා වන බව පැවසෙයි. 2007 ජුලි මස දී මෙහි ජනගහණය 7,556,900ක් විය. ලන්ඩන් හීත්රෝ ගුවන්තොටුපොළ මගීන් සංඛ්‍යාව අතින් ලොව කාර්යබහුලම ගුවන්තොටුපොළ ලෙස සැළකෙයි.