Jump to content

ඔසාමා බින් ලාඩන්

විකිපීඩියා වෙතින්
ඔසාමා බින් ලාඩන්
أسا‌مة بن لا‌د‌ن
බින් ලාඩන් ආ. 1997–98
අල්-කයිඩා හි පළමු එමීර්
In office
1988 අගෝස්තු 11 – 2011 මැයි 2
අනුප්‍රාප්තිකයාඅයිමන් අල් සවාහිරි
Personal details
උපත
ඔසාමා බින් මොහොමඩ් බින් අවඩ් බින් ලාඩින්[1]

මාර්තු 10, 1957(1957-03-10)
රියාද්, සවුදි අරාබිය
විපතMay 2, 2011(2011-05-02) (වයස 54)
ඇබොටාබෑඩ්, පාකිස්ථානය
හේතුව of deathවෙඩි තැබීමකින් ඇතිවූ තුවාලය
පුරවැසිභාවයසවුදි අරාබියානු (1957–1994)
උස1.95 m (6 ft 5 in)[6]
කලත්‍රයා(s)නජ්වා ඝානෙම් (වි. 1974; sep. 2001)
ඛදීජා ෂෙරිෆ් (වි. 1983; දි. 1990)
කයිරියාහ් සබර් (වි. 1985)
සිහාම් සබර් (වි. 1987)
අමාල් අහ්මඩ් අල්-සදාහ් (වි. 2000)
ළමයි20–26;
දෙමාපිය(s)මොහොමඩ් බින් අවඩ් බින් ලාඩන්
හමීදා අල්-අතාස්
ඥාතීන්බින් ලාඩන් පවුල
ආගමඉස්ලාම් (වහාබ්වාදය/සලාෆිවාදය)[2][3][4][5]
Military service
පක්ෂපාතීත්වය Maktab al-Khidamat (1984–1988)
අල්-කයිඩා (1988–2011)
සේවා කාලය1984–2011
නිලයඅල්-කයිඩා හි ජෙනරාල් ඒමීර්
සටන්/ යුද්ධඇෆ්ගන් සෝවියට් යුද්ධය

ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය

ඔසාමා බින් මොහොමඩ් බින් අවඩ් බින් ලාඩන්[7] (1957 මාර්තු 10[8] – 2011 මැයි 2[9]) යනු අල්-කයිඩා නම් සර්ව-ඉස්ලාමීය සටන්කාමී සංවිධානයේ නිර්මාතෲ ය. අල්-කයිඩා සංවිධානය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය (NATO), යුරෝපා සංගමය සහ රටවල් ගණනාවක් විසින් ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කර ඇත. බින් ලාඩන් ගේ නායකත්වය යටතේ අල්-කයිඩා විසින් එක්සත් ජනපදයේ සැප්තැම්බර් 11 ප්‍රහාර ඇතුළුව ලොව පුරා ප්‍රහාර ගණනාවක් සිදු කරන ලදී.[10][11]

බින් ලාඩන් පවුල ලෙස හැඳින්වෙන ධනවත් පවුලක උපත ලැබූ ඔහු 1994 තෙක් සෞදි අරාබියානු පුරවැසියෙකු විය.[12] බින් ලාඩන්ගේ පියා වූ මොහොමඩ් බින් අවඩ් බින් ලාඩන් යනු යේමනයේ මිලියනපති ව්‍යාපාරිකයෙකු සහ සෞදි බින්ලාඩින් නම් ඉදිකිරීම් ආයතනයේ නිර්මාතෲ ද විය. ආලියා ඝනෙම් නම් ඔහුගේ මව සිරියාවේ මධ්‍යම පාන්තික පවුලක කාන්තාවක් විය. සවුදි අරාබියේ ඉපදුනු බින් ලාඩන් 1979 තෙක් රටේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ අතර, ඉන්පසු ඔහු ඇෆ්ගනිස්ථානයේ සෝවියට්වරුන්ට එරෙහිව යුද්ධ කරමින් සිටි මුජහයිදීන් හමුදාවට බැඳුනේය. ඔහු අරාබියේ සිට ඇෆ්ගනිස්ථානයට අවි ආයුධ, මුදල් සහ සටන්කරුවන් ගෙන්වා මුජහයිදීන් හමුදාව ශක්තිමත් කළේය. 1988 දී ඔහු අල්-කයිඩා සංවිධානය බිහි කළේය. 1992 දී ඔහුව සවුදි අරාබියෙන් නෙරපන ලද අතර ඔහු තම මූලස්ථානය සුඩානයට මාරු කළේය. එහෙත් 1996 දී එක්සත් ජනපදයේ පීඩනය මත ඔවුන්ට සුඩානයෙන් ද ඉවත් වීමට සිදු වුනි. ඇෆ්ගනිස්ථානයේ නව මූලස්ථානයක් පිහිටුවා ගත් පසු ඔහු, බෝම්බ ප්‍රහාර සහ තවත් ප්‍රහාර මාලාවක්ම දියත් කරමින් එක්සත් ජනපදය ට එරෙහිව යුද්ධය ප්‍රකාශ කළේ ය.[13] 1998 එක්සත් ජනපද තානාපති කාර්යාල බෝම්බ ප්‍රහාර වලින් පසුව ඔහු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ වඩාත්ම අවශ්‍ය කරන (Most Wanted) ත්‍රස්තවාදීන් දස දෙනාගේ ලැයිස්තුවේ ඇතුලත් විය.[14]

සැප්තැම්බර් 11 ප්‍රහාර වල මහ මොළකරු ලෙස බින් ලාඩන් සැළකේ. සැප්තැම්බර් 11 ප්‍රහාර මගින් එක්සත් ජනපදයෙහි 3,000 ක් පමණ ජනයා මරණයට පත් වූ අතර, ජනපති ජෝර්ජ් බුෂ් ගේ අණ යටතේ "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය" සහ ඇෆ්ගනිස්ථාන යුද්ධය ආරම්භ වීමට හේතු විය. මෙයින් පසු ඔහුව අල්ලා ගැනීම සඳහා දශකයක් තිස්සේ ජාත්‍යන්තර වශයෙන් සංවිධානාත්මක "මිනිස්-දඩයමක්" ද විය. 2001 සිට 2011 දක්වා බින් ලාඩන් එක්සත් ජනපදයෙහි ප්‍රධාන ඉලක්කයක් වූ අතර, ෆෙඩරල් විමර්ශන කාර්යාංශය ඔහු ගැන තොරතුරක් වෙනුවෙන් එ.ජ.ඩොලර් මිලියන 25ක ත්‍යාගයක් පිරිනමන බව සඳහන් කළේය.[15] 2011 මැයි 2 වැනිදා, පාකිස්ථානයේ ඇබොටාබෑඩ් හි පුද්ගලික නේවාසික සංකීර්ණයකදී, එක්සත් ජනපද නාවික හමුදා සීල් කණ්ඩායමක් විසින් ඔසාමා බින් ලාඩන් වෙඩි තබා ඝාතනයට ලක් විය.[16] මෙම රහසිගත මෙහෙයුම එක්සත් ජනපද නාවික විශේෂ යුද්ධ සංවර්ධන කණ්ඩායම (6 වැනි සීල් කණ්ඩායම) සහ මධ්‍යම බුද්ධි ඒජන්සියේ SAD/SOG මෙහෙයුම්කරුවන් විසින් ජනපති බැරැක් ඔබාමා ගේ නියෝග යටතේ සිදු කර ඇත.[17]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Davies, William D.; Dubinsky, Stanley (2018). Language Conflict and Language Rights: Ethnolinguistic Perspectives on Human Conflict. Cambridge University Press. p. 74. ISBN 978-1-107-02209-6.
  2. ^ Fair, C. Christine; Watson, Sarah J. (February 18, 2015). Pakistan's Enduring Challenges. University of Pennsylvania Press. p. 246. ISBN 978-0-8122-4690-2. January 31, 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. Osama bin Laden was a hard-core Salafi who openly espoused violence against the United States in order to achieve Salafi goals.
  3. ^ Brown, Amy Benson; Poremski, Karen M. (December 18, 2014). Roads to Reconciliation: Conflict and Dialogue in the Twenty-first Century. Routledge. p. 81. ISBN 978-1-317-46076-3. January 31, 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  4. ^ Osama Bin Laden (2007) Suzanne J. Murdico
  5. ^ Armstrong, Karen (July 11, 2005). "The label of Catholic terror was never used about the IRA". The Guardian. December 26, 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  6. ^ "Usama BIN LADEN". FBI.gov. May 26, 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය October 5, 2015.
  7. ^ ඩේවිස්, විලියම් ඩී.; ඩුබින්ස්කි, ස්ටැන්ලි (2018). ලැන්ග්වේජ් කන්ෆ්ලික්ට් ඇන්ඩ් ලැන්ග්වේජ් රයිට්ස්: එත්නොලින්ග්විස්ටික් පර්ස්පෙක්ටිව්ස් ඔන් හියුමන් කන්ෆ්ලික්ට්. Cambridge University Press. p. 74. ISBN 978-1-107-02209-6.
  8. ^ "උසාමා බින් ලාඩන්". ‍රිවඩ්ස් ෆෝ ජස්ටිස්. 2006 දෙසැම්බර් 29. Archived from the original on December 29, 2006.
  9. ^ "FBI – USAMA BIN LADEN". 2012 සැප්තැම්බර් 25. Archived from the original on September 25, 2012.
  10. ^ "ඩෙත් ඔෆ් ඔසාමා බින් ලාඩන්". පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යංශ්‍ය. 2011 මැයි 1. Archived from the original on May 4, 2011. Retrieved January 9, 2012.
  11. ^ බේකර්, පීටර්; කූපර්, හෙලන්; මැසෙටි, මාර්ක් (2011 මැයි 1). "බින් ලාඩන් ඩෙඩ්, යූ එස් ඔෆීෂියල්ස් සේ". The New York Times. Archived from the original on May 5, 2011.
  12. ^ ෂුවර්, මයිකල් (2008 පෙබරවාරි 7). "යේමන් ස්ටිල් ක්ලෝස් ටු අල් කයිඩා'ස් හාට්". Asia Times Online. Archived from the original on July 2, 2016. Retrieved May 6, 2011.
  13. ^ ෆිස්ක්, රොබට් (2005). The Great War for Civilisation. p. 22.
  14. ^ "FBI ටෙන් මෝස්ට් වෝන්ටඩ් ෆුජිටිව්ස්". FBI.gov. Archived from the original on January 3, 2008. Retrieved May 26, 2010.
  15. ^ "Fbi – උසාමා බින් ලාඩන්". Fbi.gov. August 7, 1998. Archived from the original on May 15, 2011. Retrieved May 15, 2011.
  16. ^ "ද නේවි සීල් වූ ෂොට් බින් ලාඩන් ඉස්: රොබ් ඕ'නීල් ෆ්‍රොම් බට් මොන්ටානා". Soldier of Fortune Magazine. 2014 නොවැම්බර් 6. Archived from the original on December 3, 2014. Retrieved July 8, 2015.
  17. ^ "යූ.එස්.එස්. කාල් වින්සන්: ඔසාමා බින් ලාඩන්'ස් බරියල් ඇට් සී". USA: ABC News. May 1, 2011. Archived from the original on May 4, 2011. Retrieved May 1, 2011.
"https://si.wikipedia.org/w/index.php?title=ඔසාමා_බින්_ලාඩන්&oldid=491878" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි