Jump to content

ශ්‍රී ලංකාභිමාන්‍ය

විකිපීඩියා වෙතින්
(Sri Lankabhimanya වෙතින් යළි-යොමු කරන ලදි)

සිරි ලක්මාන (සිංහල භාෂාවෙන්),ශ්‍රී ලංකාභිමාන්‍ය (සංස්කෘත භාෂාවෙන්),(ඉංග්‍රීසි: Sri Lankabhimanya, siri lakmana) යනු පුද්ගලයෙකු විසින් "ජාතිය වෙනුවෙන් විදහා පෑ කැපීපෙනෙන සහ විශිෂ්ඨ සේවය" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්‍රී ලංකාවේ ඉහළම සිවිල් ජාතික ගෞරව අභිධානයයි. එය සමස්ථ රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් පිළිගන්වනු ලබයි.[1] මෙම ගෞරවාභිධානය සමකාලීනව දැරිය හැක්කේ ශ්‍රී ලාංකිකයන් පස්දෙනෙකුට පමණක් වන අතර, පුද්ගලයෙකුගේ මරණයෙන් අනතුරුවද මෙම අභිධානය පිරිනැමිය හැකි වේ.[2] සාම්ප්‍රදායිකව අභිධානලාභියාගේ නාමය ඉදිරියෙන් දේශබන්ධු යන්න, පදවි නාමයක් හෝ උපසර්ග නාමයක් ලෙස භාවිතා කරනු ලැබේ. 1986 වර්ෂයේ සිට මේ වන විට මෙම ගෞරව නාමය පුද්ගලයෝ අට දෙනෙකුට පමණක් පිරිනමා තිබේ.

ශ්‍රී ලංකාභිමාන්‍ය ගෞරවාභිධාරීන් ලැයිස්තුව
වසර අභිධානලාභියා ක්ෂේත්‍රය ජනාධිපති
1986 රණසිංහ ප්‍රේමදාස දේශපාලනයජේ.ආර්. ජයවර්ධන
1993 ඩිංගිරි බණ්ඩා විජේතුංග දේශපාලනයරණසිංහ ප්‍රේමදාස
2005 ආතර් සී. ක්ලාක් විද්‍යාවචන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
2005 ලක්ෂ්මන් කදිර්ගාමර් දේශපාලනයචන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
2007 ඒ.ටී. ආරියරත්න සිවිල් සේවයමහින්ද රාජපක්ෂ
2007 ලෙස්ටර් ජෙම්ස් පීරිස් සිනමාවමහින්ද රාජපක්ෂ
2007 ක්‍රිස්ටෝපර් වීරමන්ත්‍රී අධිකරණයමහින්ද රාජපක්ෂ
2017 අමරදේව[3] සංගීතයමෙෙත්‍රීපාල සිරිසේන
2023 කරු ජයසූරිය දේශපාලනයරනිල් වික්‍රමසිංහ

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ↑ ගුණවර්ධන, චාල්ස් A. (2005). එන්සයික්ලොපීඩියා ඔෆ් ශ්‍රී ලංකා. ස්ටර්ලින් පබ්ලිෂර්ස් ප්‍රයිවට්. ලිමිටඩ්. p. 254.
  2. ↑ "ශ්‍රී ලංකාභිමාන්‍ය අවෝර්ඩ් ෆෝර් ටූ ඩිස්ටින්ග්විෂ්ඩ් ශ්‍රී ලංකන්ස්". අයිලන්ඩ්. සම්ප්‍රවේශය 10 ජූලි 2013.
  3. ↑ "නැෂනල් ඕනර්ස් – 2017". ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව) (ඉංග්‍රීසි බසින්). ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 21 මාර්තු 2017. සම්ප්‍රවේශය 21 මාර්තු 2017.
"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකාභිමාන්‍ය&oldid=698642" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි