ලෙස්ටර් ජෙම්ස් පීරිස්
ශ්‍රී ලංකාභිමාන්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස් | |
|---|---|
| උපත | අප්‍රේල් 5, 1919 |
| මරණය | 2018 අප්‍රේල් 28 (වයස 99) |
| වෘත්තියs | චිත්‍රපට අධ්‍යක්ෂක, චිත්‍රපට නිෂ්පාදක, තිර රචක |
| සක්‍රීය වසර | 1949–2018 |
| Spouse | සුමිත්‍රා පීරිස් (1964– වර්ථමානය තෙක්) |
ශ්‍රී ලංකාභිමාන්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස් (උපත 1919 අප්‍රේල් 5) ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, තිර රචකයෙක් මෙන් ම චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. 1949 සිට හේ චිත්‍රපට 28කට වඩා නිෂ්පාදනය කර තිබේ. ඔහු රේඛාව, ගම්පෙරළිය, නිධානය, ගොළු හදවත, කලි යුගය, අවරගිර සහ යුගාන්තය වැනි චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් විශාල ගෞරවයක් දිනා ගත්තේය. එතුමා ගේ චිත්‍රපට ශ්‍රී ලාංකීය පවුල් සංස්ථාවේ ගැමි ජීවිත තුළින් ලබා ගත් අත්දැකීම් අනුසාරයෙන් නිෂ්පාදනය වී ඇත.
1919 අප්‍රේල් 05 වන දින දෙහිවල දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා උපත ලැබීය. ඔහු ගේ පියා වෛද්‍ය ජේම්ස් ෆ්‍රැන්සිස් පීරිස් මහතා වූ අතර ඈන් ගෙස්ට්‍රියට් විනිෆ්‍රච් ජයසූරිය මැතිණිය ඔහු ගේ මව වූවාය. ලෙස්ටර් මහතාට සහෝදරයයෝ ති දෙනෙක් සිටිය හ.
පීරිස් පවුල ඉංග්‍රීසි රෝමානු කතෝලික පවුලකි. හැදෙන වැඩෙන කාලයේ දී පටන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඉංග්‍රීසි භාෂාව පමණක් කතා කළේය.
ඔහු පසුව කොළඔ ශාන්ත පීතර විද්‍යාලයට ඇතුලු වී උගත්තේ ය. 1939 දී ඔහු ටයිම්ස් ඔෆ් සිලෝන් පතෙහි ඉන්දියානු සංස්කාරකවරයකු වූ ෆ්‍රෑන්ක් වොරේස් යටතේ සේවය කළේය. ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කෙටි කාලයක් වැඩ කළේය. ඔහු ගේ චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳව දැනුම තව තවත් පුළුල් වූයේ ඔහු නාට්‍ය මණ්ඩලයේ කණ්ඩායමට එකතු වූ පසුය.
මාර්ටින් වික්‍රමසිංහ මහතා ලියූ ජනප්‍රිය නවකතාවක් වූ ගම්පෙරළිය නවකතාව ඇසුරෙන් 1964 දී සෑදුණු ගම්පෙරළිය චිත්‍රපටය ඉතාමත් ප්‍රබල ය. එ වැනි චිත්‍රපට බොහෝ ද සහ එ වැනි චිත්‍රපට රැසක් සෑදුවේය. ඔහු චිත්‍රපට 20කට අධික සංඛ්‍යාවක් අධ්‍යයනය කළේය. අප රටට උසස් සේවයක් කළ මෙතුමා 2018 අප්‍රේල් 28 දා දැයෙන් සමුගත්තේය.
සිනමාව
[සංස්කරණය]අධ්‍යක්ෂණයන්
[සංස්කරණය]| වසර | චිත්‍රපට | කරුණු |
|---|---|---|
| 1956 | රේඛාව | |
| 1960 | සංදේශය | |
| 1964 | ගම්පෙරළිය | |
| 1966 | දෙලොවක් අතර | |
| 1967 | රන්සළු | |
| 1968 | ගොළු හදවත | |
| 1969 | අක්කර පහ | |
| 1970 | නිධානය | |
| 1972 | දෑස නිසා | |
| 1975 | ද ගොඩ් කිං | ඉංග්‍රීසි චිත්‍රපටය |
| 1976 | මඩොල් දූව | |
| 1978 | අහසින් පොළවට | |
| 1979 | පිං හාමි | විස්තරාත්මක චිත්‍රපටය |
| 1979 | වීර පුරන් අප්පු | |
| 1980 | බැද්දේගම | |
| 1982 | කලියුගය | |
| 1983 | යුගාන්තය | |
| 1995 | අවරගිර | |
| 2003 | වෑකන්ද වලව්ව | |
| 2006 | අම්මාවරුනේ |
2018 ||වෛෂ්ණාවී
නිෂ්පාදනයන්
[සංස්කරණය]| වසර | චිත්‍රපට | කරුණු |
|---|---|---|
| 1956 | රේඛාව | |
| 1978 | ගැහැනු ළමයි | |
| 1984 | මායා |
තිර රචනයන්
[සංස්කරණය]| වසර | චිත්‍රපට |
|---|---|
| 1956 | රේඛාව |
| 1988 | සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා |
සංස්කරණයන්
[සංස්කරණය]| වසර | චිත්‍රපට | කරුණු |
|---|---|---|
| 1972 | නිධානය |
සම්මාන
[සංස්කරණය]- 1981 - බැද්දේගම - ප‍්‍රංශ කාන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
- 1981 - බැද්දේගම - ලන්ඩන් සිනමා උළෙල නියෝජනය
- 1982 - කලියුගය -ප‍්‍රංශ කාන්ස් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
- යුගාන්තය - ජනාධිපති සම්මානය - හොදම අධ්‍යක්‍ෂණය
- 1985 - යුගාන්තය - මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය
- පිං හාමි - මොස්කව් ළමා චිත‍්‍රපට උළෙල නියෝජනය හා ප‍්‍රථම ත්‍යාගය ලැබීම.
- 1997 ජනාධිපති සම්මාන උළලේ ‘ගෝල්ඩන් ලයන්’ (ස්වර්ණ සිංහ සම්මානය)
- 2000 ‘දිල්ලි’ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය- මයුර සම්මානය
- 2001 ‘ස්වර්ණ පද්ම’ සම්මානය- ආසියානු සිනමාවට දැක්වූ දායකත්වය වෙනුවෙන්
- 2002 ආසියානු සිනමා සංස්කෘතිය පිළිබඳ වූ සම්මානය
2002 අප්‍රේල් 5 වන දා ඔහු වෙනුවෙන් මුද්දරයක් ද නිකුත් කැරිණි. 2003 වසරේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් ඔහුට ගෞරව ආචාර්ය පදවියක් ද පිරිනැමිණි.
මූලාශ‍්‍ර
[සංස්කරණය]- ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ මෑණියන් සංරක්ෂණය කළ පිටපත 2011-12-11 at the Wayback Machine
- http://www.priu.gov.lk සංරක්ෂණය කළ පිටපත 2015-08-10 at the Wayback Machine (පින්තූරය)