වායු දූෂණය
(Air pollution වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search

පොසිල ඉන්ධන විදුලි බලාගාරයක් මගින් සිදුවන වායු දූෂණය
මිනිසාගේ බොහෝ කි‍්‍රයාකාරකම් හේතුවෙන් පෘථිවි වායුගෝලයට හානි සිදුවෙයි. මිනිසා ප‍්‍රථමයෙන් ම කෘෂිකර්මයට උෂ්ණත්වය ලබාගැනීමට සහ ආහාර පිසීමට ගින්දර භාවිතා කිරීම ඇරඹූ දා පටන් වාතය දූෂණය වීමද ඇරඹිණි. කෙසේ නමුත් 18 සහ 19 වැනි සියවස්වල සිදුවූ කාර්මික විප්ලව සමය තුළ වායුගෝලය දූෂණය වීම ප‍්‍රධාන පාරිසරික ගැටළුවක් වන තරමට උග‍්‍රවිය. කාබන්මොනොක්සයිඩ් වායුව සහ ගල් අඟුරු වැනි ඉන්ධනවල අසම්පූර්ණ දහනයෙන් පිටවන කාබනික ද්‍රව්‍ය සංයෝගවීමෙන් සහ අපවිත‍්‍ර ඉන්ධන වලින් පිටවන සල්ෆර් ඩයොක්සයිඩ් වැනි ඒවා බොහෝවිට වාතය දූෂණය සඳහා හේතු වෙයි.