කුණාටු

විකිපීඩියා වෙතින්

කුණාටු වර්ග[සංස්කරණය]

කුණාටු වර්ග විවිධ නම් වලින් හා වර්ගවලින් හැඳින්වේ

tiny globe
කැලිෆෝනියාවේ පැසිෆියාහි ඇතිවූ මුහුදු කුණාටුව
  • අයිස් කුණාටුව - අයිස් කුණාටු යනු ශීත සෘතු කාලගුණයේ භයානකම තත්ත්වයකි. මෙහිදී පෘෂ්ඨීය උෂ්ණත්වය හිමි මිදෙන උෂ්ණත්වයට වඩා අඩු නමුත් එම උෂ්ණත්වට වඩා වැඩි උෂ්ණත්වයකින් යුත් ඝන වායු ස්ථරයක් ඉහළින් පිහිටන විට වැටෙන වර්ෂාව හිම මිදෙන ස්ථරයට වැටී මිදීමට ලක්වේ. සාමාන්‍යයෙන් 8mm (1/4 අගල්) ප්‍රමාණයෙන් විශේෂිත සුළග සහිත වාතාවරණයත් සමග එක්වු විට විදුලි රැහැන් මෙන්ම ගස් අතුද කඩ බිද දැමීම ප්‍රමාණවත් වේ. අයිස් කුණාටු නිසා මාර්ගවල ලිස්සන සුළු ස්වභාවයක් ඇතිකර වාහන ගමන් කිරීම අපහසු කරයි. අයිස් කුණාටු පැය කිහිපයක සිට දින කිහිපයක් වුවද පැවති ය හැකි අතර එයින් කුඩා නගර මෙන්ම විශාල නාගරික කෙන්ද්‍රවල ක්‍රියාකාරිත්වය වුවද අඩාල කළ හැකිය.
  • හිමකුණාටු - හිම කුණාටුවක් කාලය හා ප්‍රදේශය අනුව හදුන්වන අකාරයද වෙනස් වේ. චණ්ඩ මාරුත, තද හිම (පැයකට 5cm (අගල් 02) පමණ ශීඝ්‍රතාවයක් ලැබෙන) හා අධික ශීතල තත්ත්වය (1000C හෙවත් 140F ට වඩා අඩු) සමග හිම කුණාටු ඇතිවිය හැකිය. නමුත් එක්සත් ජනපදයට මෙම උෂ්ණත්වය බලනොපායි.
  • හිමකුණාටු - පැයකට (පැයකට 5cm (අගල් 02) ට වඩා වැඩි ශ්‍රීඝතාවයකින් යුතු තද හිමපතනයක් පැය කිහිපයක් පැවතීම. ඉහළ ද්‍රව සමතුලිතතාවන් හා සුළං සහිත අවස්ථාවලදී හටගන්නා හිමකුණාටු මගින් විදුලි රැහැන් කඩා වැටීම,විදුලි බලය ඇනහිටීම හා විශාල ප්‍රදේශයක මාර්ග අවහිර වීම සිදු විය හැකිය.
  • සාගර කුණාටු - මුහුදේ ඇතිවන කුණාටුවක් යනු ස්නොට් 48 (55 mph හෝ 90km/n) ට වඩා වැඩි වේගයකින් යුත් සුළගකි. මෙය හැඳින්වීමට බොහෝ විට කුණාටු යන නම සමාන්‍යයෙන් භාවිතා වන අතර ඕනෑම වර්ගයක හෝ ප්‍රමාණයක යාත්‍රාවක් ගිල්වා දැමීමේ හැකියාව ඊට ඇත.
  • අග්නි කුණාටු - අග්නි කුණාටු යනු ඉතා අධික ත්‍රීව්‍රතාවයකින් හටගන්නා ලැව්ගින්නකි. එහි බලවත් භාවය නිසා තමන්ගේ සුළං පද්ධතියක් ඇති කර ගනී. මෙය විශාල ලැව්ගිනි හේතුවෙන් ඇතිවන ස්වභාවික සංස්දිධියකි. ඩ්‍රෙස්ටොන් හා ටොකියෝ නගරවලට දෙවන ලෝක යුධ සමයේ එල්ල වු ගුවන් බෝම්බ නිසා අග්නි කුණාටු ඇතිවිය. න්‍යෂ්ටික පිපිරිම් මගින් අග්නි කුණාටු හට ගනී.
  • වැලි කුණාටු (Dust devil) කුඩා නොපැතිරුණු ඉහළට ගමන් ගන්නා උඩු වායු දහර
  • සුළං කුණාටු - අඩු වර්ෂාපතනයක් රහිත තද සුලඟක් ඇති දරැණු කාලගුණික ලක්ෂණයක්. උදා. යුරෝපිය සුළං කුණාටු
  • වාසුළි - මිනිත්තුවක් පමණ කාලයක් පවතින අවම වශයෙන් ක්නොට් 165 (30 km/n) පමණ වු සුළගේ වේගය වැඩිවීමක් වාසුලි නම්වේ.
  • චණ්ඩ මාරුතය - ක්නොට් 34-38 (39-55 mph හෝ 63 -90 km/n) පමණ සුළගක් සහිත බහිර් නිවර්තන කුණාටුවක්
  • අකුණු කුණාටුව - ගිගිරුම් සහිත විදුලි කෙටීම් ඇතිවන කුණාටු වර්ගයකි. මෙය සමාන්‍යයෙන් තද වර්ෂාව සමග ඇති වේ. අකුණු කුණාටු ලෝකයේ ඕනෑම ස්ථානයක ඇතිවිය හැකි අතර වැඩිපුරම ඇතිවන්නේ නිවර්තන වැසි වනාන්තරවලය. මෙයට හේතුව එහි අධික ආර්ද්‍රතාවයක් හා උෂ්ණත්වයක් මෙන්ම අසමතුලිත වායුගෝලීය තත්ත්වයක්ද පැවතීමයි. මෙම කුණාටු ඇතිවන්නේ අසමතුලිත විශාල වායු පරිමාවක් ඝනීභවනය වී වායුගෝලයේ ඉහළට වේගවත් චලනයන් ඇතිවීමෙනි. තාප ශක්තිය උරාගැනීම නිසා, සංවහනය නිසා ඉහළ නගින වායු ධාරා අපරිවර්තී මණ්ඩලය වෙතට ගමන් කරයි. එවිට අවපීඩන කලාප හටගන්නා අතර වැඩි පීඩන කලාපවල සිට වේගවත් සිසිල් වායු ධාරා ඒ වෙත පැමිණෙයි. කුණාටුවේ ශක්තිය අවසාන වු විට වායු ධාරා නැතිවී යන අතර එය යටි දහර වලාකුළු බවට හැරේ. කුණාටු වලාකුළු 2-10 km පමණ දිගු විය හැකිය.
  • නිවර්තන කුණාටු - මෙය අඩු පීඩන මාධ්‍යයක් වටා සංවෘත සංසරණයක් සහිත, තෙත් වායු ඉහළ නැගීම හා ඝනීභවනය වීම නිසා හටගත් උණුසුමෙන් බලවත් වු කුණාටු පද්ධතියකි. මේවා නිවර්තන ප්‍රදේශවල ඇති වීම හා එහි ඇති කුණාටු ස්වභාවය මෙම නම ලැබීමට හේතු වයි. මෙම කුණාටු වර්ගය නෝර් ඊස්ටර් (Nor easter) හා ධ්‍රැවක කුණාටුවලින් වෙනස් වෙයි. ඒ මෙම සුළි හටගැනීමට බලපාන උෂ්ණත්ව ක්‍රියාවලි හේතුවෙනි. මේවා උණුසුම වායු සහිත කුණාටු පද්ධති වේ.
tiny globe
හොංකොං හි සන්වු ටයිෆුනය මගින් ඇති වු චණ්ඩ කුණාටුව. මෙය 2005 දී නගරය හරහා ගමන් කර පළමු ටයිෆුනයයි.

තත්ත්ව යහපත් නම් නිවර්තන කුණාටු සාගරයේද ඇතිවේ. එහි බලය හා හටගන්නා ස්ථානය අනුව නිවර්තන අවපීඩනය, නිවර්තන කුණාටු, හරිකේන් හා ටයිෆුන් වැනි විවිධ නම් යෙදේ.

• හිම කැට කුණාටු - මෙම කුණාටුවේ අයිස් කුට්ටි පවතී. මේවා සාමාන්‍යයෙන් හටගන්නේ වැසි කුණාටු සමගය. බොහෝ විට වලාකුළුවලින් ගැවසි පවතින විට ඇතිවන මෙම හිම කැට කුඩා හා හානිකර නොවන නමුත් විෂ්කම්භය අගල් 2 ට වඩා වැඩි ප්‍රමාණයකින් යුතු හිමකට වැටිමෙන් විශාල හානි හා තුවාල සිදුවු අවස්ථාද වාර්තාවේ.

• ටෝර්නෙඩෝ - ටෝර්නෙඩෝ යනු දරුණු විනාශකාරි ගොඩබිමෙහි ඇතිවන සුළඟකි. එය සාමාන්‍යයෙන් අදුරු පුනීල හැඩැති කුණාටුවක් ලෙස නැතහොත් මෙය සාමාන්‍යයෙන් ගිගිරුම් සහිත කුණාටුවක් හා ඝන වලාකුළු තත්ත්ව සමග ඇතිවේ. මෙම කුණාටු වර්ග ඉතාම විනාශකාරි කුණාටු වර්ගය වන අතර ඒවා ලෝකයේ ඕනෑම ස්ථානයක ඇතිවිය හැකිය. එක්සත් ජනපදයේ අභ්‍යන්තරයේ ටෝර්නෙඩෝ වැඩිපුර ඇතිවේ. ඒ අතර මෙයින් ටෝර්නෙඩෝ ඇලී (Tornedo Alleg) ප්‍රදේශය විශේෂ වේ.

අමතර අවධානයට[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කුණාටු&oldid=621352" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි