පරිසර දූෂණය

විකිපීඩියා වෙතින්

ස්වභාවික පරිසරයේ අංගයන‍්ට අහිතකර බලපෑමක් එල්ලවන ආකාරයට පාරිසරික බිඳ වැටීම පරිසර දූෂණය නම්වේ. අන් අයුරකින් කිව හොත් පරිසර දුෂණය යනු, පරිසරයේ වෙසෙන ජීවීන්ට හා පුද්ගලයනට හානිදායක ප්‍රමාණ වලින් හා හානිදායක විය හැකි කාල පරාසයක් තුළ ද්‍රව්‍ය හා ශක්තිය පරිසරයට නිදහස් කිරීමයි.

වාතය දුෂණය දෙවන ලෝක සංග්‍රාමය සමයේදී

යම්කිසි පරිසර පද්ධතියකට ගලා එන විෂ සහිත ද්‍රව්‍යය හේතුවෙන් ඒ තුළ ජීවත් වන ජීවීන්ට හෝ භෞතික දේවලට අස්ථායී බව , අපිළිවෙල, පීඩාව අපහසු බව ඇති කරයි නම් එය පරිසර දුෂණය ලෙස හඳුන්වාදිය හැක. පරිසර දූෂණය රසායනික ද්‍රව්‍ය හෝ ශබ්දය, තාපය, ආලෝකය යන ශක්ති ප්‍රභේද පරිසයට එක් වීමෙන් ද සිදු විය හැක. ස්වාභාවිකව ඇති විය හැකි එවන් දුෂණ කාරකවලින් සිදුවන විෂ හෝ වෙනත් බාධකවල ස්වාභාවික මට්ටම යම්කිසි මට්ටමකට වඩා වැඩි වුවහොත් පමණක් ඒවා දුෂක ලෙස ගැනේ. Point source & non point source pollution ලෙස කොටස් 2 කට කාණ්ඩ කළ හැකිය. තවත් විධියකට පද්ධතියක් තුළ අස්ථායී බව ඇති කරන හෝ ජීවීන්ගේ හෝ ඔවුන්ගේ ප්‍රජනන ක්‍රියාවලීන්ගේ බිඳවැටීම්වලට හේතු වන යම්කිසි ද්‍රව්‍යයක් එම පරිසරයට හඳුන්වාදීම දුෂණය ලෙස හැඳින්විය හැක. ජලය වැනි පොදු සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න ද්‍රව්‍යයක් වුවත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ලබාගත් විට දුෂණ කාරකයක් විය හැක. උදාහරණයක් ලෙස මිනිසෙකු ඉතා වැඩි ප්‍රමාණයක් ජලය පානය කළ හොත් කායික පද්ධති පීඩාවට ලක්වී ඒවායේ බිඳවැටීම් හේතුවෙන් මරණය ළඟා කරවීමට එය හේතු විය හැක. සිය දිවි නසාගැනීමට තැත් කිරීම‍‍ට, සහ ඒවා සාර්ථක කරගැනීමට ද හේතු කාරක වන ලෙස ජලය භාවිතා කළ අවස්ථා ඇත.

මෙම සංකල්පය වඩාත් පුළුල්ව භාවිතයෙන් අධික ශබ්දයට නිරාවරණය වීමෙන් හමුදා අභ්‍යාසවල යෙදෙන අයගේ අධික ශබ්දයට මානසික අසමතුලිතතා ඇති වීම යම්කිසි කාර්යයක නිසියාකාරව යෙදීමට නොහැකි වීම සහ මනෝ විකෘතිතාවයන් ඇතිවීම වටහා ගත හැක.

'==පරිසර දූෂණයට ලක්වන අංශයන්== පරිසර දුෂණය, පරිසරයේ සෑම අංශයක් කෙරෙහිම බලපායි. එනම් මිනිසා විසින් සාදන ලද පද්ධති වලට හෝ ස්වභාවික පද්ධති වලට මෙය බලපායි. මෙය සිදු වන්නේ මිනිසාගේ ක්‍රියා කාරකම් නිසා පරිසර දූෂණය සිදු වේ.

වායුගෝලීය දූෂණය[සංස්කරණය]

අප වටා ඇති හිස් අවකාශය වායුගෝලයයි.මෙහි විවිධ වායු වර්ග ඇත.තවද මෙම වායුගෝලය තුළ විවිධ චක්‍ර වර්ග අඩංගු වේ.ඒවා නම් ඔක්සිජන් චක්‍රය, කාබන්ඩයොක්සයිඩ් චක්‍රය ,ජල චක්‍රය වශයෙන් වේ.‍මේවා ස්වභාවික චක්‍ර ලෙස ක්‍රියා කරයි.මේවාට අනුකූල නොවන ආකාරය‍ට වායුගෝලයේ කො‍ටස් නිදහස් කරීම මෙන්ම අමතර වායූන් මෙන්ම වෙනත් ඝණ අංශු වර්ග වායුගෝලයට නිදහස් කිරීම සිදුවෙයි.මෙමඟින් වායුගෝලයේ තුල්‍යතාවය බිඳවැටේ.මෙය වායුගෝලීය දූෂණය නම් වේ. වෙනත් ලෙසකින් කිවහොත් වායු දුෂණය යනු, සෞක්‍යයට හානිදායක, පරිසරයට අහිතකර බලපෑම් ඇති කරන හා ස්වභාවික ක්‍රියාකාරිත්වයට බලපාන ද්‍රව්‍ය සහ ශක්තිය නිදහස් කිරීම නිසා වාතයේ තත්වය පිරිහී යාමයි.

වායු දුෂක සහ ඒවායේ ප්‍රභව[සංස්කරණය]

  1. කර්මාන්ත - CO, CO2, SO2, NO2, CFC, බර ලෝහ වර්ග, දුම් වර්ග, හයිඩ්රෝකාබන් වර්ග
  2. කෘෂිකර්මාන්තය - පලිබෝධනාශක (කෘමි නාශක, දිලීර නාශක, වල් නාශක)
  3. වනාන්තර ගිනි තැබීම - CO2, CO, දුම් වර්ග
  4. ස්වභාවික හේතුන්
    1. වනාන්තර වල ලැව් ගිනි - CO2, CO, දුම් වර්ග
    2. ගිනි කඳු පිපිරීම් - CO2, CO, දූවිලි
    3. සුළඟ - දූවිලි
    4. වගුරු බිම් වල ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයන් - CH4
  5. ගෘහස්ත ක්‍රියාකාරිත්වයන්
    1. පොසිල ඉන්ධන දහනය - CO2, CO, දුම් වර්ග
    2. දර දහනය - CO2, CO, දුම් වර්ග
    3. කැලි කසල දහනය - CO2, CO, දුම් වර්ග

වායුගෝලීය දූෂණය‍ට බලපාන වායු වර්ග[සංස්කරණය]

වායු වර්ගය ඇතිවන ආකාරය බලපෑම
කාබන්මොනොක්සයිඩ් දැව හා ඉන්ධන අර්ධ දහනය වීම නිසා සතුන්ගේ වායු සංසරණයට බාධා ඇති වේ.
කාබන්ඩයොක්සයිඩ් ඉන්ධන දහනය, පෙට්‍රල්, භූමිතෙල්,ගල්අගුරු හරිතාගාර වායුවක් නිසා වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යයි.
සල්පර්ඩයොක්සයිඩ් ඉන්ධන දහනය, ගල්අගුරු දහනය විෂ වායුවකි.ස්වසන ආබාධ අධික දුර්ගන්ධය, අම්ල වර්ෂා ඇති කරයි
නයිට්‍රජන්ඩයොක්සයිඩ්,නයිට්‍රජන්ඔක්සයිඩ් ගල් අගුරු ඛනිජතෙල් ,දහනය නයිට්‍රජන් අඩංගු පොහොර භාවිතය අම්ල වර්ෂා ඇති කරයි.ඕසෝන් වියනට හානි සිදුවීම
ක්ලෝරොෆ්ලූරොකාබන් ශීතකරණ හා වායුසමීකරණ වල ඕසෝන් වියනට හානි සිදුවීම
කාබන්ටෙට්රාක්ලෝරයිඩ්,මෙතිල්බ්‍රෝමයිඩ් ඕසෝන් වියනට හානි සිදුවීම
හයිඩ්‍රොකාබන් ඉන්ධන වල අර්ධ දහනය ස්වසන ආබාධ ඇති කරයි
දූවිලි අංශු රථවාහන ධාවනය,කලුගල් පිපිරවීම ස්වසන ආබාධ ඇති කරයි
ඊයම් අංශු ඊයම් සහිත පෙට්‍රල් දහනය පිළිකා ඇති වීම

අහිතකර වායු වර්ග වායුගෝලයට නිදහස් වන්නේ[සංස්කරණය]

ගොනුව:Air polution.jpg
ගොනුව:Air poliution.jpg
ගොනුව:Polution by car.jpg
  • අධික කාර්මීකරණය
  • රථවාහන භාවිතය අධික ලෙස වැඩිවීම නිසාය

වායුගෝලීය දුෂණයෙන් ඇතිවන අහිතකර බලපෑම්[සංස්කරණය]

01.හුස්ම ගැනීමේ අපහසුතා

02.ඇස් දැවිල්ල ඇතිවීම

03.ස්වසන මාර්ගය හා රුධිරය ආශ්‍රිත රෝග

04.මන්ද බුද්ධික දරුවන් බිහිවීම

05.ස්නායු ආබාධ ඇතිවීම

06.බෙලහීනතා තත්ව

07.පිලිකා තත්ව

කාබන්මොනොක්සයිඩ් වල බලපෑම[සංස්කරණය]

  1. රුධිරයේ ඔක්සිජන් පරිවහන ධාරිතාව අඩු කරයි.
  2. උත්තේජන සංජානනය (දැනීම) දුබල වීම.
  3. දෘෂ්ටියට බාධා ඇති වීම.
  4. නිදිමත ඇති වීම.
  5. පේශි සමායෝජනය දුර්වල වීම.
  6. ඔක්කාරය
  7. දිගු කාලයක් ඉහළ කාබන්මොනොක්සයිඩ් සාන්ද්‍රණ වලට නිරාවරණය වීම මරණය ඇති කරයි.

සල්ෆර්ඩයොක්සයිඩ් වල බලපෑම[සංස්කරණය]

  1. ඇදුම
  2. බ්‍රොන්කයිටිස්
  3. පෙනහළු පිළිකා ඇති වීම.
  4. අම්ල වැසි ඇති වීම.

නයිට්රජන්ඩයොක්සයිඩ් වල බලපෑම[සංස්කරණය]

  1. රුධිරයේ ඔක්සිජන් පරිවහන ධාරිතාව අඩු කරයි.
  2. උග්‍ර පුප්පුශීය ශෝටය. (පෙනහළු තුළ තරල එක් රැස් වීම.)
  3. ප්‍රභා රසායනික දුමාරය

හයිඩ්රෝකාබන් වල බලපෑම[සංස්කරණය]

  1. ප්‍රභා රසායනික ධුමිකා ඇති කරයි.
  2. ඇස් වල උද්දිපතාව ඇති කරයි.
  3. නිදිමත ඇති කරයි.
  4. ඇතැම් විට පිළිකා කාරක විය හැක.
  5. සමහරක් පෙනහළු පිළිකා ඇති කරයි.

CFC වල බලපෑම[සංස්කරණය]

පොලොව මට්ටමේදී හානියක් නැත. නමුත් ඉහළ වායු ගෝලයේදී ඕසෝන් ස්ථරයට හානි කරයි.

අතිරික්ත කාබන්ඩයොක්සයිඩ් වල බලපෑම[සංස්කරණය]

හරිතාගාර ආචරණය වැඩි කිරීම මගින් ගෝලීය උණුසුම වැඩි කරයි.

ඕසෝන් වායුවේ බලපෑම[සංස්කරණය]

මෙය ද්විතියික පරිසර දුෂක වායුවකි. මේවා, පොසිල ඉන්ධන දහනයේදී නිදහස් වන හයිඩ්රෝකාබන සුර්යයාලෝකයේ ඇති UV කිරණ සමඟ ප්‍රතික්‍රියා කර ප්‍රබල ඔක්සිකාරක ගුණයක් ඇති ද්විතියික දුෂක සෑදේ. මෙම ද්විතියික දුෂක නැවත ප්‍රාථමික දුෂක සමඟ ප්‍රතික්‍රියා කර ඕසෝන්, පෙරොක්සි ඒසයිල් නයිට්රේට (PAN) වැනි ප්‍රභල වායු දූෂක සෑදේ.

  • ඕසෝන් මගින්,
  1. සතුන්ට ශ්වසන රෝග ඇති කරයි.
  2. කැස්ස, හුස්ම හිර වීම.
  3. නිවුමෝනියා තත්ත්ව.
  4. ඇදුම වැඩි වී පෙනහළු ක්‍රියාකාරිත්වයට බාධා කිරීම.
  • ශ්වසන රෝග වලින් පීඩා විඳින අයට මෙය වඩාත් හානි කරයි.

අංශුමය ද්‍රව්‍ය නිසා ඇති වන බලපෑම[සංස්කරණය]

  1. ශ්වසන රෝග ඇති කිරීම.
  2. පිළිකා කාරක වීම.
  3. පෘථිවියට ලැබේ සූර්ය කිරණ ප්‍රමාණය අඩු කිරීම.

වායු දුෂණය නිසා ඇති වන (ගෝලීය) පාරිසරික ගැටළු[සංස්කරණය]

  1. අම්ල වැසි ඇති වීම.
  2. ඕසෝන් ස්ථරය ක්ෂය වීම.
  3. හරිතාගාර ආචරණය.
  4. ප්‍රකාශ රසායනික ධුමිකාව.

අම්ල වැසි ඇති වීම[සංස්කරණය]

අම්ල වැසි ඇති වීම යනු, මිනිසාට, වෙනත් ජීවීන්ට හා පරිසර පද්ධති වලට හානිකර තරමටම ආම්ලික වූ (PH අගය 5.2 ට අඩු) ජලය, හිම හෝ පිණි පතනය වීමයි. වායු දුෂණය නිසා වායු ගෝලයට එකතු වන සල්ෆර්ඩයොක්සයිඩ් හා නයිට්රජන්ඩයොක්සයිඩ් වැනි වායු වර්ෂා ජලයේ දිය වීම නිසා සල්ෆියුරික් අම්ලය සහ නයිට්‍රික් අම්ලය ප්‍රතිඵල වේ. මේවා වැසි ජලය, හිම හෝ පිණි වල දිය වී අම්ල වැසි ඇති වේ.

අම්ල වැසි වල බලපෑම[සංස්කරණය]
  1. වනාන්තර විනාශ වීම.
  2. පස ආම්ලික වීම.
    1. Ca, Mg වැනි ලෝහ ක්ෂීරණයට ලක් වේ. මේ නිසා ශාක වලට මුල ද්‍රව්‍ය ඌන වී වර්ධනය බාල වේ.
    2. බැර ලෝහ දිය වී ශාක මගින් අවශෝෂණය කරයි.
    3. ක්ෂීරණය වන ලෝහ අයන ජල මාර්ග ඔස්සේ මිරිදිය ජලාශ වලට එකතු වේ.
  3. ජලාශ ආම්ලික වීම නිසා මිරිදිය ජීවීන් මරණයට පත් වේ. මත්ස්‍ය බිත්තර විනාශ වේ.
  4. ජෛව විවිධත්වය අඩු වේ.
  5. පාංශු ක්ෂුද්‍ර ජීවීන් ගේ වියෝජන ක්‍රියා වලියට බාධා ඇති වේ. (ඛනිජ චක්‍රීකරණයට බාධා ඇති වී පස නිසරු වේ.)
  6. ලෝහමය ප්‍රතිමා, කිරිගරුඬ ප්‍රතිමා, හිරිගල් ප්‍රතිමා ඛාදනයට ලක් වෙමින් පවතී.

ඕසෝන් ස්ථරය ක්ෂය වීම[සංස්කරණය]

අපවර්තී ගෝලය තුළ ඕසෝන් ස්ථරය පිහිටයි. ඔසොන්ස්තරය මගින් සුර්යාලෝකයේ කෙටි තරංග ආයාම සහිත UV කිරණ වලින් 97% - 99% ප්‍රමාණයක් අවශෝෂණය කර ගනී. මේ නිසා පොළොවට ලැබෙන UV කිරණ වලින් 99% ක් ම දිගු තරංග ආයාම සහිත UV කිරණ වේ. මේවා කෙටි තරංග ආයාම සහිත UV කිරණ තරම්ම හානිකර නොවේ. මිනිසා ඇතුළු අනෙකුත් ජීවීන්ට ඕසෝන් ස්ථරය නිසා ආරක්ෂාවක් ලැබේ. මෙම ස්ථරයට හානිදායක වන ප්‍රධානම වායු දුෂකය CFC වේ. වායු සමීකරණ යන්ත්‍ර, ශීතකරණ අලුත්වැඩියා වේදී හා ඉසින සුවඳ විලවුන් ආදියෙන් ලැබෙන CFC ක්‍රමයෙන් ඉහළ අවකාශයට ගමන් කර ඕසෝන් ස්ථරය බිඳ දමයි. එවිට කෙටි තරංග ආයාම සහිත UV කිරණ වැඩි ප්‍රමාන වලින් පෘථිවියට ලැබේ.

ඕසෝන් ස්ථරය ක්ෂය වීම නිසා ඇති වන බලපෑම්[සංස්කරණය]
  1. චර්ම පිළිකා ඇති වීම.
  2. ඇසේ සුද ඇති වීම.
  3. ජලාශ වල ශාක ප්ලවාංග ප්‍රමාණය අඩු කරයි.
  4. භෞමික ශාක වල ප්‍රභාසංස්ලේෂණය අඩු කරයි.

හරිතාගාර ආචරණය[සංස්කරණය]

  1. පෘථිවියට ලැබෙන සුර්යයාලෝකය කෙටි තරංග ආයාම සහිත කිරණ වලින් ලැබේ.
  2. මෙයින් 50% ක් පමණ වලාකුළු මගින් පරාවර්තනය කර නැවත අභ්‍යවකාශයට නිදහස් කරයි.
  3. ඉතිරි 50% පෘථිවි පෘෂ්ටය සහ එහි ඇති දේවල් මගින් අවශෝෂණය කරයි.
  4. මේ නිසා පෘථිවි පෘෂ්ටය සහ එහි ඇති දේ උණුසුම් වේ.
  5. උණුසුම් වු පෘථිවි පෘෂ්ටය හා එහි ඇති දේ වලින් දිගු තරඟ ආයාම සහිත IR කිරණ නිදහස් කරයි.
  6. මෙම IR කිරණ H2O, CO2, CH4, O3, N2O සහ CFC යන වායූන් මගින් අවශෝෂණය කරයි.
  7. මේ නිසා වායුගෝලය උණුසුම් වේ.
  8. මෙම වායු හරිතාගාර වායු නම් වේ.
  9. මෙම වායූන් මගින් අවශෝෂණය කරන IR කිරණ නැවත සාම දිශාවකටම නිදහස් කරයි.
  10. ඉහලට නිදහස් කරන කිරණ අභ්‍යවකාශයට ගමන් කරයි.
  11. පහලට නිදහස් කරන කිරණ නිසා වායුගෝලයේ පහල කොටස් උණුසුම් වේ.
  12. මෙම සංසිද්ධිය හරිතාගාර ආචරණයයි.
  13. මේ නිසා ගෝලීය උණුසුම වැඩි වේ.
ගෝලීය උණුසුම වැඩි වීම නිසා ඇති වන අහිතකර බලපෑම්[සංස්කරණය]
  1. ධ්‍රැව ප්‍රදේශ වල අයිස් කඳු හා ග්ලැසියර දිය වීම.
  2. සාගර ජාල මට්ටම ඉහළ යාම.
  3. මුහුද ආසන්නයේ පහත බිම්, වෙරළ ජලයෙන් යාට වීම.
  4. ජෛව විවිධත්වයට හානි වීම.
  5. වෙරළාසන්න ධීවර කරමාන්තයට බලපෑම් ඇති වීම.
  6. වර්ෂාපතන රටාව, සුළං රටාව වෙනස් වීම.
  7. සුළි සුළං ආදී තත්ත්ව ඇති වීම. (විවිධ දේශගුණික සාධක වෙනස් වීම.)
  8. නියං තත්ත්ව වැඩි වීම, වාරි මාර්ග ඉල්ලුම වැඩි වීම.
  9. ලැව් ගිනි ඇති වීම.
  10. මිනිසාගේ සෞක්‍යය කෙරෙහි උෂ්ණත්වය නිසා ඇති වන රෝග මගින් කරන බලපෑම වැඩි වීම.
  11. නිවර්තන කලාප වල ඇති රෝග සෞම්‍ය කලාප වලට පැතිරී යාම.
  12. වැඩි වන උෂ්ණත්වයට අනුවර්තනය විය නොහැකි ජීව විශේෂ නෂ්ට වීම.
  13. වෘක්ෂ ලතා වල සංයුතිය හා ව්‍යාප්තිය වෙනස් වීම.

ප්‍රකාශ රසායනික ධුමිකාව[සංස්කරණය]

දුම් සහ මීදුම එකතු වීම නිසා ධුමිකා ඇති වේ. වාහන වල පොසිල ඉන්ධන අසම්පුර්ණව දහනය වීම නිසා කුඩා අංශු නිදහස් වේ. තවද වායුගෝලයේ උෂ්ණත්වය අඩු වීම නිසා මීදුම ඇති වේ. මෙම කුඩා අංශු සහ මීදුම එකට එකතු වී ධුමිකා ඇති වේ. මෙය ප්‍රභා රසායනික ධුමාරයයි. මෙය කර්මාන්ත අධික සෞම්‍ය කලාපික ප්‍රදේශ වල බහුලය.

ප්‍රකාශ b රසායනික ධුමිකා නිසා ඇති වන අහිතකර බලපෑම්[සංස්කරණය]
  1. ශ්වසන අපහසුතා
  2. ශ්වසන රෝග
  3. පිළිකා තත්ත්ව

ජල දූෂණය[සංස්කරණය]

පරිසරය තුළ ජලයේ පැවතීම විවිධාකාර වේ.මතුපිට ජලය,භූගත ජලය,ජල වශ්ප හා මිදුනු ජලය ලෙස පවතියි.මීට අමතරව ජලය කරදිය ,මිරිදිය,කිවුල් දිය වශයෙන් තුන් ආකාරයක‍ට බෙදා දැක්විය හැක.

  • කරදිය -ලවණ ප්‍රතිශතය ඉහළ අගයක් ගනී.
  • මිරිදිය -සුළු ලවණ ප්‍රතිශතයක් ඇත.
  • කිවුල් දිය -මැග්නීසියම් සල්පේට්,කැල්සියම් සල්පේට් ,අඩංගු වේ.අමුතු රසයකින් යුක්ත වේ.මෙහි දැක්වෙන ජලය ආකාර තුනෙන් එකක හෝ සංයුතියෙහි සිදුවන වෙනස්වීම් ජල දූෂණය ලෙස හැඳින් වේ.

ජලය දූෂණය වූ විට හදුනා ගත හැකි ආකාරය[සංස්කරණය]

  1. ජලයේ අනවශ්‍ය රසායනික කොටස් අඩංගු වීම
    1. උදා-ක්රෝමියම් ,තෙල් හා ග්‍රීස් ,රසදිය.
  2. ජලයේ වර්ණය වෙනස් වීම
  3. ගන්ධයක් ඇති වීම
  4. රසය වෙනස් විම

ජල දූෂණයට හේතු වන කරුණු[සංස්කරණය]

  1. කර්මාන්තශාලා වලින් පිටකරන අපද්‍රව්‍ය ජල මාර්ග වලට යොමු කිරීම.
  2. කාබනික අපද්‍රව්‍ය ජලයට එකතුවීම.
  3. සුපෝෂණය ඇති වීම නිසා ජලාශ දූෂණය වීම.
  4. කෘෂි රසායනික ද්‍රව්‍ය වගාබිම් හරහා ජලයට එකතුවීම.
  5. තෙත්බිම් වල කුණු කසල පිරවීම නිසා වන ජල දූෂණය.
  6. පොලිතින් ආදී දිරා නොයන අපද්‍රව්‍ය ජලයට එකතු වීම නිසා වන දූෂණය.
  7. හදිසි අනතුරු නිසා වන ජල දූෂණය.
    1. උදා-කොළඹ වරාය අවට තෙල් නැව් වලින් ඇති වන අනතුරු
  8. රෝග කාරක විෂ බීජ එකතු වීම වන ජල දූෂණය.
  9. කඳු හා උස් බිම් සෝදා පාලුව නිසා ජලයේ බොරතාවය ඉහළයාම.
  10. සතුන්ගේ මල පහ ආදිය ජලයට එකතු වීම මගින්ද ජලය දූෂණය වීම සිදු වේ.
  11. මිනිසුන් විසින් ඇළ මාර්ග වලට මුහුදු වලට දමා යන කැළි කසල මගින්ද ජලය දූෂණය වීම සිදු වේ.

ජල දූෂක, ඒවායේ ප්‍රභව සහ ජල දූෂක වල බලපෑම්[සංස්කරණය]

ප්‍රභවය දුෂකය බලපෑම
කර්මාන්ත ශාලා
  • විෂ රසායනික ද්‍රව්‍ය
  • බැර ලෝහ
  • රසායනික ද්‍රව්‍ය කෙලින්ම ජලජ ජීවීන්ට විෂ සහිත විය හැක.
  • බැර ලෝහ වර්ග ආහාර දාම ඔස්සේ ජෛව සාන්ද්‍රණයක ට ලක් වේ.
  • එමගින් ඉහළ පෝෂි මට්ටම් වල ජීවීන්ට හානි කරයි.
උණු ජලය
  • ජලාශයේ උෂ්ණත්වය වැඩි කරයි.
  • ජලජ ජීවීන්ට අහිතකර වී ඔවුන් මිය යයි.
  • ජලය වාෂ්පීභවනය වැඩි වේ.
  • ඛනිජ පෝෂක වල සාන්ද්‍රණය වැඩි වේ.
  • මේ නිසා සුපොෂිකරණය ඇති වීමට දායක වේ.
ඛනිජ තෙල්
  • ප්‍රවාහන කටයුතු, කර්මාන්ත ශාලා, තෙල් පිරිපහදු වලින් ජලයට ඛනිජ තෙල් නිදහස් විය හැක.
  • මේ නිසා වායුගෝලීය ඔක්සිජන් ජලය සමඟ ගැටීම වැළකේ.
  • මෙනිසා වායුගෝලීය ඔක්සිජන් ජලයේ දිය වීම අඩු වේ.
  • ජලාශයේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වේ.
  • මෙය ස්වායු ජලජ ජීවීන්ට බලපායි.
  • තවද ඛනිජ තෙල් ජලජ ජීවීන්ට කෙලින්ම විෂ සහිත වීමට පුළුවන.
  • මත්ස්‍ය දේහ පටක වල තෙල් තැන්පත් වීම නිසා මසුන් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයකට පත් වේ.
  • මෙය ධීවර කර්මාන්තයට බලපායි.
  • ජලජ පක්ෂීන්ගේ පිහාටු වල තැවරීම නිසා ඒවා එකට ඇලීම සිදු වේ.
විකිරණ ශීලී ද්‍රව්‍ය
  • ස්වභාවික ප්‍රභව වලින්, යුධමය සහ වාණිජ කටයුතු වලදී, න්‍යෂ්ටික ශක්ති ජනනය සහ න්‍යෂ්ටික අවි භාවිතයේ දී ජලාශ වලට විකිරණශීලී ද්‍රව්‍ය එකතු විය හැකිය.
  • පිළිකා, ලියුකේමියා වැනි තත්ත්ව ඇති විය හැකිය.
දිරාපත් නොවන ද්‍රව්‍ය
  1. ප්ලාස්ටික්
  2. පොලිතීන්
  • මේවා ක්ෂුද්‍ර ජීවීන් මගින් වියෝජනයට ලක් නොවේ.
  • මෙම ද්‍රව්‍ය ජලාශ වල පතුලේ තැන්පත් වේ.
  • ජලාශ වල ධාරිතාවය අඩු වේ.
  • මත්ස්‍ය අභිජනක ස්ථාන විනාශ වේ.
  • ජලාශයක සෞන්දර්යාත්මක අගය අඩු කරයි.
ඩයි වර්ග
  • ජලාශයේ ආලෝකය විනිවිද යන ප්‍රමාණය අඩු වේ.
  • ජලාශයේ ප්‍රාථමික නිෂ්පාදනය අඩු වේ. O2 සාන්ද්‍රණය ද අඩු වේ.
  • ඩයි වල ඇති රසායනික ද්‍රව්‍ය කෙලින්ම ජලජ ජීවීන්ට හානි කරයි.
කෘෂි කාර්මික කටයුතු පලිබෝධ නාශක
  • මෙම ද්‍රව්‍ය වලින් සමහරක් ජෛව හායනයකට ලක් නොවේ.
  • ආහාර දාම ඔස්සේ ඉහලට සාන්ද්‍ර වී ඉහළ පෝෂී මට්ටම් වල ජීවීන්ට හානි කරයි.
ගෘහස්ත මළ ද්‍රව්‍ය හා ක්ෂාලක
  • මේවා මගින් නයිට්රේට් හා පොස්ෆේට් අයන අධික ප්‍රමාණයක් ජලයට එකතු වේ.
  • මේවා දිගු කාලයක් ජලාශ වල එකතු වීම නිසා ජලය සුපෝශීකරණය වේ.
ස්වභාවික රොන් මඩ, අවලම්භිත ද්‍රව්‍ය
  • ජලාශයේ බොරතාවයක් ඇති වේ.
  • ඒ නිසා ජලාශයේ ආලෝකය විනිවිද යාම අඩුය.
  • එවිට ජලජ ශාක වල ප්‍රභාසංස්ලේෂණය අඩු වේ.
  • ජලයේ O2 සානද්‍රණය අඩු වේ.
  • ස්වායු ජලජ ජීවෙන්ට බලපෑම් ඇති වේ.
  • ජලජ ජීවීන්ගේ දේහ වලට තුවාල ඇති වීම.
  • මත්ස්‍යයන්ගේ අභිජනන ස්ථාන විනාශ වේ.
  • ජලාශයේ ධාරිතාව අඩු වේ. (රොන් මඩ ජලාශයේ පතුලේ තැන්පත් වීම නිසා)
රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන් මිනිසා ඇතුළු ජලය පරිභෝජනය කරන ජීවීන්ට මෙමගින් රෝග ඇති කරයි. උදා: කොළරාව, උණසන්නිපාතය
කාබනික ද්‍රව්‍ය
  • කාබනික ද්‍රව්‍ය මත ස්වායු ක්ෂුද්‍ර ජීවීන් ක්‍රියා කර ඒවා වියෝජනයට ලක් කරයි.
  • එවිට ජලාශයේ ජීවීන් O2 සඳහා දක්වන ඉල්ලුම වැඩි වේ.
  • ජලයේ දිය වූ O2 සාන්ද්‍රණය අඩු වේ.
  • ස්වායු ජලජ ජීවීන් මිය යාම සිදු වේ.
  • නිර්වායු ක්ෂුද්‍ර ජීවීන් නිර්වායු වියෝජනය සිදු වේ.
  • CH4, H2S, NH3 වැනි දුර්ගන්ධයක් ඇති කරන වායු පිට වේ.

ජල දූෂණයේ ප්‍රතිවිපාක[සංස්කරණය]

  1. ලෙඩ රෝග ඇති වීම.
  2. මිනිසුන්ගේ අවශ්‍යතාවලට යොදා ගැනීමට නොහැකිවීම.
  3. ජලාශ වලින් ආහාර කෙරෙහි මිනිසාට ලැබෙන පිටිවහල අවම වීම.
  4. නිසි ජල සැපයුමක් නොමැති වීම, පිරිසිදු පානීය ජලය නොමැතිවීම.
  5. ගංගා දූෂණය වීම නිසා උදරාබාධ වලින් ලෝක ජනතාව වසරකට මිලියන 5ක් පමණ මිය යති.

සුපෝෂීකරණය[සංස්කරණය]

ශාක වර්ධනයට අවශ්‍ය නයිට්රේට් හා පොස්ෆේට් වැනි ඛනිජ පෝෂක ජලාශයේ අධික සාන්ද්‍රණ වලින් එක රැස් වීම සුපෝෂීකරණයයි. ජලාශයක් තුළ අධික ලෙස මෙම ඛනිජ පෝෂක එක් රැස් වීම නිසා සයනොබැක්ටිරියා සහ බැක්ටීරියා ජලාශයේ මතුපිට ඇල්ගී උඩු මණ්ඩි ලෙස පාවේ. ජලාශය කොළ පැහැයට දිස් වේ. මෙහිදී බහුල වන්නේ Mycrocystis නම් බැක්ටීරියාවයි. ජලාශ වල වර්ධනය වන ඇල්ගී මගින් O2 භාවිතයට ගනී. මේ නිසා රාත්‍රී කාලයේදී ජලාශයේ O2 ඌණතාවයක් ඇති වේ. මෙය ස්වායු ජලජ ජීවීන්ට බලපායි. තවද නිර්වායු වියෝජනයක් සිදු වීම නිසා දුර්ගන්ධයක් ඇති විය හැකිය. වර්ෂාව අඩු කාල වල දී ජලාශ වල මෙවැනි තාවකාලික සුපෝෂීකරණ තත්ත්ව ඇති වේ.

ජලාශ වලට නයිට්රේට්, පොස්ෆේට් වැනි ඛනිජ පෝෂක එකතු වන ක්‍රම[සංස්කරණය]
  1. නයිට්රේට්, පොස්ෆේට් අඩංගු රසායනික පොහොර
  2. මළ ද්‍රව්‍ය
  3. ක්ෂාලක
  4. කාර්මික අපසන්දන

ගොඩබිම දූෂණය[සංස්කරණය]

මෙහිදී විශේෂයෙන්ම කතා කරන්නේ පස දූෂණය වීම සම්බන්ධවයි.පසේ ව්‍යුහය හා රසායනික ද්‍රව්‍යවල ඇතිවන වෙනස පස දූෂණය වීම ලෙස හැඳින්වේ.

පස දූෂණය වන ක්‍රම[සංස්කරණය]

  • පසේ ලවණතාවය වෙනස් වීම
  • නොදිරන කොටස් පසට එකතු වීම

උදා-පොලිතීන්,ප්ලාස්ටික්

  • විෂ රසායන පසේ එක්රැස් වීම
  • පසේ ජල පරිමාව වෙනස් වීම
  • පාංශු ඛාදනය
  • අපද්‍රව්‍ය එකතු වීම
  • කැටායන හුවමාරුව බිඳ වැටීම

පස දූෂණයේ ප්‍රති විපාක[සංස්කරණය]

  • පසේ සාරවත් බව අඩු වීම හා අස්වැන්න අඩු වීම.
  • විෂ රසායනික ද්‍රව්‍ය ආහාර තුළට එකතු වීම.
  • පස තුළ අපද්‍රව්‍ය එකතු වීම නිසා පාංශු ජීවි විනාශ වීම.
  • ජලාශ තුළ රොන් මඩ එකතු වීම හේතුවෙන් රඳවාගත හැකි ජල ප්‍රමාණය අඩු වීම.
  • නියං කාල වලදී ජල උල්පත් සිඳීයාම.

ශබ්ද දූෂණය[සංස්කරණය]

සාමාන්‍ය පරිසරයේ ඇති වන ශබ්දයන් නිසා ජීවින්ට අපහසුතාවක් ඇති නොකරයි.නමුත් මිනිසා මැදිහත් වීමෙන් මිනිසා විසින් ඇතිකරන ශබිද දරා ගැනීම‍ට අපහසුතාවයක් ඇති වේ.මෙය ශබ්ද දූෂණය ලෙස හැඳිනිවේ.

ශබ්ද දූෂණය ඇති වීමට හේතු[සංස්කරණය]

  1. කර්මාන්ත ශාලා ක්‍රියාකාරිත්වය
  2. වාහන අධික ශබ්දය නිස
  3. ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය.

ශබ්ද දූෂණයේ ප්‍රතිවිපාක[සංස්කරණය]

  1. මානසික කරදරකාරි වටපිටාවක් ඇති වීම
  2. ශ්‍රවනාබාධ ඇති වීම
  3. වමනය හා හිසරදය
  4. අස්ථායිභාවය

ශබ්ද දූෂණය වැලැක්වීම වෙනුවෙන් දැනට පවත්නා පනත් සහ රෙගුලාසි[සංස්කරණය]

  • පනත්
  1. 1980 අංක 47 දරන ජාතික පරිසර පනත සංරක්ෂණය කළ පිටපත 2020-07-12 at the Wayback Machine
  2. 1988 අංක 56 දරන ජාතික පරිසර (සංශෝධිත) පනත
  3. 2000 අංක 53 දරන ජාතික පරිසර (සංශෝධිත) පනත සංරක්ෂණය කළ පිටපත 2020-07-12 at the Wayback Machine
  • රෙගුලාසි ( ශබ්දය )

(සටහන- කර්මාන්ත මගින් සිදු කෙරෙන ශබ්ද දූෂණය)

(සටහන - 1996.05.23 දින අංක 924/12 දරන ගැසට් නිවේදනයට සිදු කරන ලද සංශෝධනය)

(සටහන - ජාතික පාරිසරික (රථ වාහන නළා හැඬවීම) රෙගුලාසි)


2. ශබ්ද විකාශන බලපත්‍ර විස්තර චක්‍රලේඛය


ව්‍යාපෘති උදෙසා ඉඩකඩ අවශ්‍ය වීම නිසාද වනාන්තර අහිමි වේ.

වනාන්තර විනාශයෙන් වන පරිසර හානි.[සංස්කරණය]

  1. කාලගුණය වෙනස් වීම
    1. උදා-ගෝලීය උෂ්ණත්වය වැඩි වීම,ඍතු කාල සීමාව වෙනස් වීම
  2. ජෛව විවිධත්වය විකාශ වීම
ගොනුව:Costal polution.jpg

වෙරළ දූෂණය[සංස්කරණය]

වෙරළ සංරක්ෂණ පනතේ වෙරළ කළාපය ලෙස දක්වා ඇත්තේ මධ්‍ය වඩදිය ඉම සිට ගොඩබිම දෙසට මීටර 300 ක සීමාවක් හා මධ්‍ය බාදිය ඉම සිට මුහුද දෙසට කිලෝමීටර ‍2 ක සීමාව ඇතුළත පිහිටි ප්‍රදේශයයි.තවද ගංගා, කලපු, දියපාරවල්ද ඊට අයත් වේ.මේ ආශ්‍රිතව ඇති වෙන යම් යම් අහිතකර බලපෑම් වෙරළ දූෂණය යන්නේ අදහස් වේ.

වෙරළ දූෂණය වන ක්‍රම[සංස්කරණය]

  1. වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම්
  2. කැලි කසල බැහැර කිරීම
  3. ඉස්සන් වගාව
  4. කොරල් පර විනාශය

වෙරළ කලාපයේ සංවර්ධනය නිසා ඇතිවන අහිතකර බලපෑම්[සංස්කරණය]

  1. මහජනයාට වෙරළට යාමට ඇති අයිතිය උල්ලංඝනයවීම.
  2. වෙරළ කලාපයට අහිතකර බලපෑම් ඇතිවීම.
  3. ධීවර කටයුතු වලට බාධා වීම.
  4. විෂ හෝ අප ද්‍රව්‍ය ප්‍රමිතීන් ඉක්මවා යාම.

ඉස්සන් වගාව නිසා වෙරළ කලාපයේ ඇති වන ගැටළු[සංස්කරණය]

  1. කඩොලාන විනාශවීම.
  2. නව ඇළ මාර්ග තැනීම නිසා පසෙහි ලවණ තාවය වැඩිවීම.
  3. භූගත ජල සම්පත අඩු වීම.
  4. ඉස්සන් වගාවේ අපවිත්‍ර ජලය කෙලින්ම කලපුවට මුදාහැරීම.
  5. ගංවතුර තර්ජන ඇති වීම.

කොරල් පර විනාශය නිසා වෙරළ කලාපයේ ඇති වන ගැටළු[සංස්කරණය]

  1. වෙරළ ඛාදනය ඉහළයාම.
  2. වෙරළ සුන්දරත්වය නැතිවීම.
  3. සංචාරක කර්මාන්තයට බාධා ඇති වීම.

ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

මේවාද බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පරිසර_දූෂණය&oldid=628968" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි