ටෝනාඩෝ

විකිපීඩියා වෙතින්
ටෝනාඩෝ වලාවක්

ටෝනාඩෝ කුණාටුවක් යනු විශාල කුණාටු වලාකුලක පහල මායිමේ සිට භූමිය දෙසට ගිලා බසින, එමෙන්ම වේගයෙන් කැරකෙන සුළං සහිත, ඇඹරෙන පුනීලයක් බඳු සුළං ප්‍රවාහයකි. ටෝනාඩෝව මධ්‍යයෙහි ඇත්‍‍‍තේ අඩු පීඩන සලාවකි.මෙම සලාව මගින් අවට වාතය වේගයෙන් ඒ දෙසට ඇද ගනී.වේගයෙන් භ්‍රමනය වෙමින් පැයට කි.මී 400-500 ත් අතර වේගයකින් හමායන මේ සුළං වලට නිවාස මුළුමනින්ම ගලවා දැමීමටත්, විශාල ට්‍රක් රථ,දුම්රිය පෙට්ටි වැනි දෑ ඉහලට ඔසවා විසි කිරීමටත් විශාල වෘක්ෂයන් උදුරා විනාශ කර දැමීමටත් හැකිය. ටෝනාඩෝ යුරෝපයේ , ආසියාවේ, ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශ වල බහුලව හා ප්‍රචණ්ඩව ක්‍රියාත්මක වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙහිය.


ටෝනාඩෝ නිර්මාණය වනුයේ කොතැනද? කවර වේලාවකද? යන්න නිවැරදිව පුරෝකතනය කිරීමට තවමත් විද්‍යාඥයින්ට හැකියාවක් නොමැත.එහෙත් මෙතෙක් කර ඇති අධ්‍යන වලින් පැහැදිලි වනුයේ ඒවා ශීත වාතස්කන්ධයට යටින් පිහිටි උණුසුම් වාතය විසින් ඉහල නැගීමට දරන පහර දීම තුලින් නිර්මාණය වන බවයි.එකිනෙකට ප්‍රතිවිරුද්ධ ගුණාංග සහිත වාතස්කන්ධ හමුවීම කැළඹුම් සහිත කුණාටු වලාකුළු නිර්මාණයට අවශ්‍ය සුළිමය සුළං තත්වයක් බිහි කරයි.මේ සුළිමය ස්වභාවය තීව්‍රවෙත්ම,සලාව වලාකුලේ පත්ලෙන් මතුවී පොළව හා ගැටීම සිදුවනුයේ ටෝනාඩෝවක පරිද්දෙනි.සරළ ටෝනාඩෝවක් පුනීලයක හැඩය ගනී.එහෙත් එය සුන්බුන් රැස්කර ගන්නා තෙක් අහසේ තිබේදැයි දෘෂ්‍යමාන නොවේ.ටෝනාඩෝවට ඝණ අඳුරු පැහැය එක්වනුයේ එලෙස එකතු වන සුන්බුන් මගිනි.ටෝනාඩෝවක විනාශය රුඳෙනුයේ එහි සුළගේ වේගය හෝ විශ්කම්භය මත පමනක් නොවේ.එය බල පවත්වන කාලය හා එය ගැටෙන භූමියේ ස්වභාවය අනුවද වේ.

ටෝනාඩෝ තීව්‍රතාවය මැනීම[සංස්කරණය]

ටෝනාඩෝ කුණාටු වල තීව්‍රතාවය මැනීම සඳහා Fujita පරිමාණය යොදා ගැනේ.( F-පරිමාණය ) යොදා ගැනේ. පරිමාණය සුළං වේගය අනුව F 0 සිටF 5 දක්වා වෙනස් වන සුළුය. F0යනු පැයට කි.මී 64 -116 අතර වේ.F 5යනු සුළං වේගය පැයට කි.මී 419 - 512 අතර වේ.

ඇමරිකා එක්සත් ජනපදයේ ටෝනාඩෝ[සංස්කරණය]

1950 -1999 අතර කාල පරිච්ඡේදයේදී එක්සත් ජනපදය විසින් ටෝනාඩෝ කුණාටු 40,522ක් වාර්තා කොට තිබේ. එම ප්‍රමාණයේ සාමාන්‍ය වසරක‍ට කුණාටු 810 කි.මේවා අතුරින් දළ වශයෙන් සියයට 43ක් වනාහි F2 (පැයට කි.මී 181 -253 වේගය ) හා F3 (පැයට කි.මී 254 -332 වේගය ) පරිමානයට අයත් ඒවාය.1916 සහ 2000 අතර කාලයේදී එක්සත් ජනපදයේ පුද්ගලයින් 12,766ක් ටෝනාඩෝ බලපෑමෙන් මිය ගියේය.

Occluded mesocyclone tornado5 - NOAA.jpg


එක්සත් ජනපදයට බලපෑ ප්‍රබල ටෝනාඩෝ[සංස්කරණය]

  • Tri-State ටෝනාඩෝව - එක්සත් ජනපදය 1925


1925 මාර්තු 18 වැනි දින ඉතාමත් වේගයෙන් චලනය වන ටෝනාඩෝවක් විසින් ඇමරිකානු ප්‍රාන්ත 3 ක් වන මිසුරි ,ඉලිනොයිස් සහ ඉන්දියානාවල 689 ක් ජීවිතක්ෂයට පත් කොට 1980 කට තුවාල සිදු කරන ලදී.ටෝනාටඩෝව ඇනාපොලිස් හරහා යන විට එහි මාර්ගය තරමක් පුළුල් සහිත වූ අතර එමගින් ප්‍රාන්තයට තරමක් හානි සිදු විය.ටෝනාඩෝව වටා අහස අඳුරු පැහැයකින් යුක්ත විය.අවසන් අවස්ථාව එළඹෙන තෙක් ටෝනාඩෝවේ පුනීල ලක්ෂණ දක්නට නොලැබිණ.

  • ජැරල් ටෝනාඩෝව - එක්සත් ජනපදය 1997


1997 මැයි 27 දින ජැරල් වලින් උතුරට වන්නට දරුණු අකුණු කුණාටු වර්ධනය වීමට පටන් ගත්තේය.ටෝනාඩෝව වැකෝ ආසන්නයේදී භූමිය හා ගැටී නිවාස කිහිපයක් විනාශ වී තිබිණ.මීට ටික වේලාවකට පසුව තවත් ටෝනාඩෝවක් භූමිය හා ගැටීමෙන් මැරිනාහි මුහුදු යාත්‍රා 50 ක් විනාශ විය.

Union City Oklahoma Tornado (mature).jpg
Dimmitt Tornado1 - NOAA.jpg

ටෝනාඩෝ විපත් අවම කර ගැනීම[සංස්කරණය]

විනාශකාරී ටෝනාඩෝ කුණාටු වලින් සිදුවන විශාල විනාශය හා හානි අවම කර ගැනීම සඳහා ඒවා කල් තියා හඳුනා ගෙන ජනතාවට අනතුරු හැඟවීමේ උපක්‍රම දියුණු කරනු සඳහා එක්සත් ජනපද රජය(rew)විසින් ටෝනාඩෝ වලට භාජනය වන බොහෝ ප්‍රදේශයන්හි කාලයක සිට විශාල උත්සාහයක් දරමින් සිටී.1977 සිට කාලගුණ විද්‍යාඥයින් ලබා ඇති සාර්ථකත්වය නම් ටෝනාඩෝ වලාකුල තුලින් සලාව මතුව ඒමට විනාඩි 25 කට කලින් Droppler Radar මගින් එය හඳුනා ගැනීමට හැකියාව තිබීමයි.මෙය අනතුරුහැඟවීම් තරමක් කල්තියා ප්‍රකාශ කිරීමටත්, අනතුරට මුහුණ දෙන ජනතාව‍ට තම නිවෙස් ගම්බිම් අත්හැර ආරක්ෂිත ස්ථාන කරා යාමටත් තරමක් ඉඩකඩ සලසයි.

ටෝනාඩෝ සිදුකල විපතක්

ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

  • ධනපාල ඒ.එච්(2008) ස්වභාවික විපත් ,තරංජි ප්‍රින්ට්ස්

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

පින්තූර ගැලරිය[සංස්කරණය]

ටෝනාඩෝ වලාවන් කිහිපයක්




ටෝනාඩෝ විපත් කිහිපයක්

"https://si.wikipedia.org/w/index.php?title=ටෝනාඩෝ&oldid=536018" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි