සුසන්තිකා ජයසිංහ

විකිපීඩියා වෙතින්
පදක්කම් වාර්තාව

සුසන්තිකා ජයසිංහ
 ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගකරු
කාන්තා මලල ක් at the 2000 Summer Olympics|2000 Sydney
World Championships
රිදී 1997 Athens 200 m
ලෝකඩ 2007 Osaka 200 m
Asian Athletics Championships
රන් 2007 Amman 100 m
රන් 2007 Amman 200 m
රන් 2002 Colombo 100 m
රන් 2002 Colombo 200 m
රන් 1995 Jakarta 200 m
රන් 2000 Jakarta 4 x 100 m
රිදී 1995 Jakarta 100 m
Asian Games
රන් 2002 Busan 100m
රිදී 2006 Doha 100m
රිදී 1994 Hiroshima 200m
ලෝකඩ 2006 Doha 200m
Continental Cup
ලෝකඩ 2002 Madrid 100 m
Lusophony Games
රන් 2006 Macao 100 m
රන් 2006 Macao 100 m

සුසන්තිකා ජයසිංහ (උපන්දිනය - 1975/12/17, උපන් ස්ථානය අත්නාවල, ශ්‍රී ලංකාව) මීටර 100 හා මීටර 200 ඉසව් ප්‍රගුණ කර ඇති කෙටි දුර ධාවන ශූරියකි. ඇය ඔලිමිපික් පදක්කමක් දිනා ගත් එකම සිංහල පුද්ගලයාය. 2000 වසරේ ඔලිම්පික් උළලේදී ඇය ලෝකඩ පදක්කමක් (පසුව එහි රිදී පදක්කම ඇයට හිමිවිය) දිනා ගත්තාය.

කොළඹින් කිලෝ මීටර 60 පමණ උතුරින් පිහිටි කුඩා ගම්මානයක දිළිඳු පවුලකට දාව සුසන්තිකා උපත ලැබුවාය. ඇයට දිවීමට අවශ්‍ය සපත්තුවල මිල තම පවුලේ මාසික ආදායමටද වඩා මිලෙන් අධික වූ අතර, ඇයට සුදුසු පුහුණුකරුවන් හෝ උපකරණ කුඩාකල නොතිබිණ. එසේවුවත් මෙම බාධක සියල්ල පරදවා ඇය ග්‍රීෂ්ම ඔලිම්පික් තරඟ හා IAAF ලෝක ශූරතා තරඟවල පදක්කම් ලබාගැනීමට තරම් තත්වයකට ඇය පත් වූවාය. ඇය මෙම ජයග්‍රහණ ලබාගත්තේ ස්ව-උත්සාහයෙන් පැමිණි ගමන තුළදීය. ඇයට 1997දී IAAF හි ලද ජයග්‍රහණයෙන් අනතුරුව, ඇමරිකා එක්සත් ජනපදයේ පුහුණු වීම් සදහා යාමට අවස්ථාව උදාවිය.

ශ්‍රියත් සුභාෂ් දිසානායක, දමයන්ති දර්ශා හා සුගත් තිලකරත්න වැනි අනිකුත් දක්ෂ ශ්‍රී ලාංකික ක්‍රීඩාකරුවන් සමඟ එකතුව වසර 2000 දී පැවති ඔලිම්පික් තරඟවලදී ශ්‍රී ලාංකිකයන්ට අන්තර්ජාතික තරඟකරුවන් සමඟ හොඳින් තරඟ කිරීමට හැකි බව ඇය ලොවට පෙන්වූවාය. වර්ෂ 1948 න් පසුව පළමු වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් මීටර් 200 කාන්තා ඉසව්වෙන් ඔලිම්පික් පදක්කමක් දිනාගැනීමට එම තරඟාවලියේදී ඇයට හැකිවිය. එහිදී ඇය මේරියන් ජෝන්ස් (Marion Jones) හා පවුලින් ඩේවිස්-තොම්සන්(Pauline Davis-Thompson) ට පිටුපසින් තරඟය නිමකර ලෝකඩ පදක්කම දිනාගත්තාය. නමුත් පසුව මේරියන් ජෝන්ස් හට තහනම් උත්තේජක චෝදනා එල්ල වීම හේතුවෙන් තරඟයෙන් ඉවත් කෙරුනු බැවින් පවුලින් ඩේවිස්-තොම්සන් හට රන් පදක්කමත්, ඇය හට රිදී පදක්කමත් හිමි වූවාය.

සුසන්තිකාගේ ක්‍රීඩා දිවිය මතභේදාත්මක හා දුෂ්කර එකකි. වසර 1998 දී ඇයට තහනම් උත්තේජක භාවිතා කරන ලදැයි පවසා තරඟ තහනමක්ද පනවන ලදී. ඇයගේ දේශපාලනික ස්ථාවරයත්, ක්‍රීඩා නිලධාරීන් සමඟ ඇතිවූ ආරවුල් මේ තත්ත්වයට මුල්වූ බව සුසන්තිකා කියා සිටියාය.

පසුව ඇයව මෙම වරදින් නිදහස් කරන ලදී. ඇය ඔලිම්පික් පදක්කම දිනාගෙන සිය රටට පැමිණීමෙන් අනතුරුව පිරිමි ධාවන ක්‍රීඩකයෙකුගේ පහර කෑමකට ද ලක්විය. මෙයට හේතුව ඇය ඡන්ද ව්‍යාපාර කටයුතු වලදී කලින් පැවති රජයට සහය දීම බව ඇයගේ විශ්වාසයයි.

ජාතික මලල ක්‍රීඩා සංගමයේ සහයක් නොමැතිවූ හෙයින් ඇයට අගහිඟකම් වලට මුහණ දීමටත්, වසර 2000 ඔලිම්පික් තරඟ වලට සහභාගී වීමටත් සිදුවිය. එනමුත් වසර 2000 ඔලිම්පික් ජයග්‍රහණ‍යත් සමඟ ඇයට ජාතික වශයෙන් අරමුදල් එකතු කර සහය දැක්වීමක් සිදුවිණී. එසේ වුවත් ඇය රට අතහැර ඇමරිකාවේ Los Angeles නගරයේ පදිංචියට ගියාය. කෙසේ වුවත් නැවත ලංකාවට වර්තමානයේදී ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරයි.

ඇය නාගලිංගම් එතිර්වීරසිංහම් (ආසියානු ක්‍රීඩා උස පැනීමේ 1958 රන් පදක්කම් ලාභී හා දෙවරක්, 1952 හා 1956 දී, ඔලිම්පික් ක්‍රීඩක) සමඟ පුහුණුවීමට Los Angeles නගරයට ගියාය. ඉන් ටික කලකට පසුව ඇය වසර 2007 ජෝර්දානයේ (Jordan) හි පැවති මීටර 100 හා මීටර 200 ආසියානු මලල ක්‍රීඩා තරඟවල රන් පදක්කම් ලැබීමටත් හා එම වසරේම පැවති ලෝක ශූරතා තරඟාවලියේ දී ලෝකඩ පදක්කමක් ලැබීමටත් සමත් වූවාය. එම ලෝක ශූරතාවය ඇය ජයග්‍රහණය කරනු ලැබුවේ ලෝක ශූරතාවයක් දිනා දස වසරකට පසුවය. දැනට (2007 අගෝස්තු 13 දිනට පෙර) IAAF ශ්‍රේණිගත කිරීම් අනුව මීටර 100 ඉසව්වෙන් ලොව 18 වන ස්ථානයටත්, මීටර 200 ඉසව්වෙන් ලොව 20 වන ස්ථානයටත් පත්ව සිටියාය.

2009 වසරේ පෙබරවාරි 05 දින මවක් වීමේ බලාපොරොත්තුව සාර්ථක කරගැනීම සඳහා සිය විශ්‍රාම යාම ප්‍රකාශ කලාය. ඇය එම වසරේම මාර්තු 31 දින කුඩා පිරිමි දරුවෙකු බිහි කලාය.

සුසන්තිකා ජයසිංහ 2010 වසරේ නොවැම්බර් මස නැවත ක්‍රීඩා ක්ෂේත්‍රයට පිවිසෙන බව ප්‍රකාශ කලාය.


            Kuruppuarachchi

පෞද්ගලික හොදම ප්‍රතිඵල[සංස්කරණය]

දිනය තරගය ස්ථානය කාලය
9,සැප්තැම්බර් 2000 මීටර 100 යොකොහමා, ජපානය 11.04
28,සැප්තැම්බර් 2000 මීටර 200 සිඩ්නි, ඕස්ට්‍රේලියාව 22.28

ජයග්‍රහන[සංස්කරණය]

වසර තරගාවලිය ස්ථානය ප්‍රතිඵලය තරගය
1994 Asian Games 2nd 200 m
1997 IAAF World Championships ඇතන්ස්, ග්‍රිසිය 2nd 200 m
1999 IAAF Grand Prix Final මියුනිච්, ජර්මනිය 8th 200 m
2000 2000 Summer Olympics සිඩ්නි, ඕස්ට්‍රේලියාව 3rd 200 m
2001 IAAF World Indoor Championships ලිස්බො, පෘතුගාලය 4th 200 m
2002 IAAF World Cup මැඩ්රිඩ්, ස්පාඤ්ඤය 3rd 100 m
2002 Asian Championships කොළඹ, ශ්‍රී ලංකාව 1st 100 m
2002 Commonwealth Games මැන්චෙස්ටර්, මහා බ්‍රිතාන්‍ය 4th 100 m
2002 IAAF World Cup මැඩ්රිඩ්, ස්පාඤ්ඤය 4th 200 m
2002 Asian Championships කොළඹ, ශ්‍රී ලංකාව 1st 200 m
2006 Asian Games දෝහා, කටාර් 2nd 100 m
2006 Asian Games දෝහා, කටාර් 3rd 200 m
2007 Asian Championships අම්මාන්, ජෝර්දානය 1st 100 m
2007 Asian Championships අම්මාන්, ජෝර්දානය 1st 200 m
2007 IAAF World Championships ඔසාකා, ජපානය 3rd 200 m

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

සටහන්[සංස්කරණය]


බාහිර සබැදි[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=සුසන්තිකා_ජයසිංහ&oldid=564487" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි