දමයන්ති දර්ශා

විකිපීඩියා වෙතින්
පදක්කම් වාර්තාව
කාන්තා මළල ක්‍රීඩා
ආසියානු ශූරතාවලිය
රිදී 1993 මැනිලා මීටර් 200
රන් 1998 Fukuoka මීටර් 400
රන් 2000 ජකර්තා මීටර් 200
රන් 2000 ජකර්තා මීටර් 400
රන් 2005 Incheon මීටර් 200
ආසියානු ක්‍රීඩා උළෙල
ලෝකඩ 1994 හිරෝෂිමා මීටර් 200
රන් 1998 බැංකොක් මීටර් 200
රන් 1998 බැංකොක් මීටර් 400
රන් 2002 බූසාන් මීටර් 400

දමයන්ති දර්ශා (1975 පෙබරවාරි 13) යනු ශ්‍රී ලංකාවේ, මීටර් 200 සහ මීටර් 400 දිවීමේ ඉසව්ව නියෝජනය කල මළල ක්‍රීඩිකාවකි.

වයස අවුරුදු 16 දී, එනම් 1991 වර්ෂයේ කොළඹදී පැවැත්වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ඇය මීටර 100 දිවීමේ ඉසව්වේ නව වාර්ථාවක්ද සමගින් රන් පදක්කම දිනා ගත්තාය. එම වසරේම පැවැති ආසියානු කණිෂ්ඨ ශූරතාවලියේදී මීටර 100 දිවීමේ ඉසව්වේ රන් පදක්කමද දර්ශා දිනා ගත්තාය.

1994 වසරේදී ජපානයේ හිරෝෂිමා හී පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර 200 දිවීමේ ඉසව්ව වෙනුවෙන් ඇය ලෝකඩ පදක්කම හිමි කරගත්තාය. චීන තායිපේ ක්‍රීඩිකාවක් වූ Wang Huei-Chen සහ සුසන්තිකා ජයසිංහ එම තරගයේ ඇයට ඉදිරියෙන් වූ දෙපල වූහ.

2007 ජුලි මසදී, දර්ශා සිය මළල ක්‍රීඩා දිවියට සමුදෙන බව නිල වශයෙන් ප්‍රකාශ කර සිටියාය.[1]

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දමයන්ති_දර්ශා&oldid=592257" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි