සුමානය
සුමානය හෙවත් සතිය යනු කාලය මැනීමේ ඒකකයකි. දවස ට වඩා දීර්ඝ වන අතර මාසය ට වඩා කෙටිය. සාමාන්‍යයෙන් වැඩකරන දවස් (සතියේ දවස්) සහ විවේක දවස් (සති අන්ත දවස්) තීරනය වන්නේ සුමාන පාදක චක්‍රයකිනි. වර්තමානයේ බොහෝ සමාජයන් භාවිතා කරන්නේ දවස් 7ක සුමාන සම්මතයකි.
දවස් හතේ සුමාන[සංස්කරණය]
යුදෙවු ක්‍රිස්තියානි දිනදසුන් වල සුමානය[සංස්කරණය]
යුදෙවු-ක්‍රිස්තියානි සම්ප්‍රදායේ වත්මන් සහ අතීත සියළු දින දසුන්වල සුමානයට දවස් 7කි.
දවස මධ්‍යම රාත්‍රිෙයන් ඇරඹී මධ්‍යම රාත්‍රිෙයන් අවසන් වන බැවින් සුමානයද නිතැතින්ම මධ්‍යම රාත්‍රියකින් ඇරඹී මධ්‍යම රාත්‍රියකින් අවසන්වේ.
සිංහල දින දසුනේ සුමානය[සංස්කරණය]
ප්‍රධාන ලිපිය: සූර්ය උදයාදී ක්රමයේ දවස්
සිංහල දින දසුන් ක්‍රමය අනුව සුමානයට දවස් 7කි.
හිරු උදාව සමග දවස ඇරඹී පසුදුනට හිරු උදාව සමග අවසන් වන බැවින් සුමානයද නිතැතින්ම හිරු උදාවක් සමග දවස ඇරඹී හිරු උදාවකින් අවසන්වේ .