තත්පරය

විකිපීඩියා වෙතින්
(තප්පර වෙතින් යළි-යොමු කරන ලදි)
තත්පරයකට එක් වතාවක් බබළන ආලෝකයක්

තත්පරය (SI සංකේතය: s) යනු අන්තර්ජාතික ඒකක පද්ධතිය (SI) අනුව කාලයෙහි පාදක ඒකකය සහ [1] අනෙකුත් මිනුම් පද්ධති වල කාලය සඳහා ඒකකයක්ද වන අතර (කෙටි කර දැක්වීම s හෝ sec;[2]) පැයක් හැටෙන් බෙදීම දෙවරක් සිදු කළ විටද, විනාඩියක් හැටෙන් බෙදීම එක්වරක් සිදු කළ විටද ලැබෙන්න වෙයි. [3] 1000 (අල්-බිරුනි විසින් තත්පරය භාවිතා කළ කාලයේදී) සහ 1960 අතරතුර, තත්පරය අර්ථදැක්වුනේ මධ්‍යන්‍යය සූර්ය දවසකින් 1/86,400 ලෙසින් විය (මෙම අර්ථදැක්වීම, සමහරක් තාරකාවිද්‍යාත්මක සහ නීතිමය සන්දර්භයන්හී තවමත් භාවිතා වෙයි). [4][5] 1960 සහ 1967 අතරතුර, එය අර්ථදැක්වුනේ, 1900 දී සූර්යයා වටා පෘථිවියෙහි කක්ෂ කාලාවර්තය අනුසාරයෙන් වන අතර,[6] වර්තමානයේ එය වඩාත් නිරවද්‍ය ලෙසින් අර්ථදැක්වෙන්නේ පරමාණුක කරුණු ඇසුරෙනි. යාන්ත්‍රික, විදුලි හෝ පරමාණුක ඔරලෝසු භාවිතයෙන් තත්පර මැන ගත හැක.

මධ්‍යන්‍යය සූර්ය දවස සෙමින් නමුත් මිනිය හැකි ප්‍රමාණ වලින් දිගු වන බවත්, ඒ අතරම නිවර්තන වසරක දිග පිළිබඳ කිසිසේත් අනාවැකි කිව නොහැකි බවද 19වන සහ 20වන සියවස්හී තාරතාවිද්‍යාත්මක නිරික්ෂණ තුලින් එළිදරවු වී ඇත; එබැවින්, අර්ථ දැක්වීම සඳහා සුදුසු පදනමක් ලෙසින් සූර්ය–පෘථිවි චලනය තව දුරටත් නොසැලකෙයි.


මූලාශ්‍ර[සංස්කරණය]

  1. "යුනිට් ඔෆ් ටයිම් (සෙකන්ඩ්)". එස්අයි බ්‍රෝචර්. BIPM. සම්ප්‍රවේශය 2012-03-24.
  2. සෙක්, මෙරියම් වෙබ්ස්ටර් ඩික්ෂනරි, සම්ප්‍රවේශය 2012-03-24
  3. ඔන්ලයින් එටිමොලොජ් ඩික්ෂනරි
  4. International System of Units from NIST සම්ප්‍රවේශය 25 මාර්තු 2012.
  5. al-Biruni (1879). The chronology of ancient nations: an English version of the Arabic text of the Athâr-ul-Bâkiya of Albîrûnî, or "Vestiges of the Past". Sachau C Edward. pp. 147–149.
  6. "ලීප් සෙකන්ඩ්ස්". වේලා සේවා දෙපාර්තමේන්තුව, එක්සත් ජනපද නාවුක නිරික්ෂණාගාරය. සම්ප්‍රවේශය 2012-03-24.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=තත්පරය&oldid=395921" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි