නිකපිටියේ බණ්ඩාර කුමාරයා

විකිපීඩියා වෙතින්
සීතාවක නිකපිටියේ බණ්ඩාර කුමාරයා
සීතාවක අවසාන රජ
සුරීය දේවිය
රාජ්‍ය සමය1594
පූර්වප්‍රාප්තිකයාමහා බිසෝ බණ්ඩාර දේවිය
භූමදානයගෝව
වංශයකෝට්ටේ රජ පවුල
රාජවංශයසිරි සඟබෝ රාජ වංශය

රාජසුරිය රජුගේන් පසු රජ මහා බිසෝ බණ්ඩාර දේවියගේ මුණුබුරෙකි. රාජසුරිය රජුමරා දැමු අරිට්ඨ කී වෙණ්ඩු පෘතුගීසීන් සමඟ එක්ව ළාබාල වියේ රාජ්‍ය පාලන කටයුතු සිදුකරමින් සිටි නිකපිටියේ බණ්ඩාර කුමාරයත්,මහා බිසෝ බණ්ඩාර දේවියයත් අල්ලා ගෝවට පිටත් කරනු ලැබිය.ජනප්‍රවාදයේ සඳහන් වන්නේ රාජ්‍ය කටයුතු හරි ආකාරව නොදන්නා ඉතාම කුඩා නිකපිටියේ බණ්ඩාර වෙනුවට රාජ්‍ය කටයුතු සිදුකරන ලද්දේ ඔහුගේ මව වූ මත්තම්ගොඩ බිසව බවය. අල්ලාගෙන ගිය නිකපිටියේ බණ්ඩාර කුමාරයා 1608 දි ගෝවේදී මියගිය අතර එයින් සීතාවක රාජධානියයේද අවසානය ද සනිටුහන් විය.(සීතාවක පරපුරට අයත් අප්‍රකට අන්ත:පුර සාමාජිකයන් සහ යකඩදෝලි දරුවන් පිළිබඳ පුවත් නැත්තාද නොවේ.සීතාවකට ඈඳාගත් රයිගම යකුන්දූවේ සහ වස්කඩුවේ විසුවා වූ ධර්මසේන බණ්ඩාරවලිය නිදසුනකි- වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍ර)

නිකපිටියේ බණ්ඩාර ලෙස පෙනීසිටි නිකපිටිය ගමේ සිට පැමිණි බණ්ඩාර තරුණයා[සංස්කරණය]

නිකපිටියේ බණ්ඩාර කුමරු ගෝවට පිටත් කර සති කිහිපයක් තුල රජරට දිසාවෙන් නිකපිටිය බණ්ඩාර තමා බව පවසමින් පුද්ගලයෙකු පැමිණ තිබේ. ඔහු හුදෙක්ම රාජකීයෙකු නොවූ අතරම කටුපොත රාජ්‍යයේ මුළුතැන් අරක්හැමියෙකු ලෙසින් කාර්‍ය කළ අයෙකු විය. ගෝවට පිටමන් කළ නිකපිටියේ බණ්ඩාර යළි ස්වදේශීය ජනයාට පිහිට වීමට පැමිණ ඇති ලෙස වැරදි වැටහීමක් ඇතිකරගත් දේශානුරාගී බොහෝ පිරිසක් ඔහුවටා ඒක රාශී විය.රාජකීය වෙසින් දකුණේ වැලිතර විසුවා වූ ප්‍රතිගාල් විරෝධී විජේසේකර මුදලි සමීපයට පැමිණි නව නිකපිටියේ බණ්ඩාර වෙත උපකාර කළ හැකි තවත් ප්‍රබලයෙකු මුණ ගැසුනේ රයිගම වත්මන් කළුතර ට නුදුරු වස්කඩුවේ පොතුපිටිය ග්‍රාමයේ දීය. ඔහු ආඩම්බර හේවගේ දොන් සුසෙව් නම් විය. ඔහුගේ පියා වුල්ෆන්ඩාල් ග්‍රාමයේ සිට විත් පොතුපිටිය ග්‍රාමයේ පදිංචි වී ඇත්තේ වීදියේ බණ්ඩාර වෙත උපකාරයට පැමිණි ගමනේ දීය. රාජ උරුමය සහිත අයෙකු වෙත තම දියණිය විවාහ පත් කර දීම තම නම්බුවට මහත් රුකුලක් යැයි සිතූ දොන් සුසෙව් විසින් තම දියණිය වූ දෝන ඇල්වීනා පෙරේරා නම් තැනැත්තිය නව නිකපිටියේ බණ්ඩාර වෙත විවාහ කරවා දුන්නේය. පොතුපිටිය ග්‍රාමයේ සිට සේනා සංවිධානය කළ නව නිකපිටියේ බණ්ඩාර පානදුරේ පරංගි කොටුවට ප්‍රහාර එල්ල කළේය. එහිදී ස්වදේශීයන් විසින් සිදුකළ පාවාදීමක් හේතුවෙන් නව නිකපිටියේ බණ්ඩාර මරණුවට පත් විය. වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍ර ග්‍රන්ථයේ සඳහන් වන්නේ එසේ නව නිකපිටියේ බණ්ඩාරව ඝාතනය කරවන ලද්දේ වස්කඩුවේ අගම්පොඩි නම් කුලී හේවායා බවය. නව නිකපිටියේ බණ්ඩාර වෙත සහය දැක්වීම නිසාවෙන් පොතුපිටිය නම් ග්‍රාමය නිරුවත් කුලහීනයන් වාසය කළ යුතු ග්‍රාමයක් ලෙසින් ප්‍රතිගාලුන් නම් කරන ලද්දේ ඉන් පසුවයි. දොන් සුසෙව් සහ ඔහුගේ ඥාතීන් ග්‍රාමය වෙත දඬුවම් කරවීමට මත්තෙන් පළා ගිය අතර වත්මන් මොල්ලිගොඩ ගමේ පදිංචි විය. වර්තමානය දක්වා මෙම ප්‍රදේශ වල වෙසෙන (ආඩම්බර හේවගේ) සුසෙව්හේවගේ පිරිස් දොන් සුසෙව් පරපුරේ සාමාජිකයන් බව මූලාශ්‍ර ප්‍රකට කරයි. මූලාශ්‍ර මගින් සනාථ නොවන්නා වූ වස්කඩු ප්‍රදේශයේ ජනප්‍රවාදයක සඳහන් වන්නේ සලාගම කුලයේ හින්න උපකුලයේ සුත්ත නම් උපවර්ගයට අයත් වූ පුලහිංගගේ දොන් පිලිප්පු අප්පු විසින් එසේ තම දියණිය නව නිකපිටියේ බණ්ඩාර වෙත විවාහ කරවා දුන් බවය. පිලිප්පු අප්පුහාමිගේ පුතුන් සිව් දෙනා වූ සුසෙව් මිගෙල් බස්තියන් ජසෙන්තු යන හේවායන් නව නිකපිටියේ බණ්ඩාර ගේ ප්‍රධාන හේවා පාලකයන් වූ බව එම මතයයි. සුසෙව් හේවා මිගෙල් හේවා බස්තියන් හේවා ජසෙන්තු හේවා පරපුරු ආරම්භය එසේ සිදුවූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. අන්තර් කුල උපවර්ග අතර විවාහය සිදු නොවූ සමයක කෞරව වංශික නිකපිටියේ බණ්ඩාර තරුණයා සලාගම වංශිකයෙකු සමග විවාහ වීම සිදු විය හැක්කක් නොවන නිසාවෙන් සහ නව නිකපිටියේ බණ්ඩාර දෝන ඇල්වීනා පෙරේරා නම් සොලී වංශික කාන්තාව සමඟ වූ විවාහය වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍ර වස්කඩු බද්ද විවරණය ධර්මසේන බණ්ඩාරවලිය ආදී මූලාශ්‍ර ප්‍රකාරව සනාත වන බැවින් සලාගම විවාහයේ ජනප්‍රවාදය පරණවිතානයන් විසින් බැහැර කරවා ඇත. තවද පරණවිතානයන් විවරණය කරන්නේ සුසෙව්හේවගේ වාසගම හැර අනෙක් සලාගම වාසගම් තුන අතීතයේ එම ප්‍රදේශයේ පැවත ඇත්තේ මිගෙල්හිංග බස්තියන්හිංග ජසෙන්තුහිංග ලෙසින් බවත් 1767 වසරට ආසන්න සමයක දී බෞතීස්ම සිදුකරන විටක නව හේවගේ නාමයන් ආටෝප කරවාගෙන පවතින බවත් ය. නව නිකපිටියේ බණ්ඩාර තැනැත්තා ගෙ ඥාතීන් ලෙසන් පැවැතෙන බව කියන සලාගම කුලයේ හින්න උපකුලය ට අයත් පුද්ගලයන් වෙත සනාථ නොවන යම් සබඳතාවක් පවතින්නට ඇති බව තව දුරටත් සඳහන් වේ. ඒ පිළිබඳ ජනප්‍රවාදයේ හැර මූලාශ්‍ර ප්‍රකාරව තහවුරු කළ නොහැකි බව එයට හේතුවයි.

පරණවිතාන ශූරීන්ට පසුව විද්වතුන් බොහෝ පිරිසක් විසින් සිදුකළ පර්‍යේක්ශන මගින් සනාත වී ඇත්තේද නව නිකපිටියේ බණ්ඩාර ලෙසින් පානදුරේ කොටුවට පහර දුන් පුද්ගලයා රාජකීයෙකු නොවන බවය.(කටුපොත ප්‍රාදේශීය රාජධානියේ මුළුතැන් අරක්හැමියෙකු බවය) රජරට දිසාවෙන්(පොළොන්නරුව)පැමිණි අයෙකු බව වර්ථමාන පිළිගැනීමයි