සීගිරි ගීයෙහි භාෂා ලක්‍ෂණ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සීගිරිය

ශ්‍රී ලංකාවේ මාත‍ලේ දිස්ත්‍රික්කයේ ඉනාමළු කෝරළයේ ‍වගපනහපල්ලේ සියපත්තුවේ පිහි‍ටි සීගිරිය නම් වු මීටර් 180 ක් පමණ උස් වු පර්වත ශිඛරය වර්තමානයේ දෙස් විදෙස් පතල වු ඓතිහාසික කලාගාරයකි. මෙ‍ම කලාගාරයේ නිර්මාතෘ ක්‍රි:ව: 473-491 දක්වා ලක්දිව රජ කළ I වන කාශ්‍යප රජුයි. කාශ්‍යප රජුගේ කාලයෙන් පසු අභාවය‍ට යන මෙම රාජධානිය, පසු කාලීනව කලාකාමී පොදුජනතාවගේ, සෞන්දර්යාත්මක චින්තනය හෙළි පෙහෙළි කර ලූ ඓතිහාසික සිහිවටනයක් බවට ද පත් වෙයි. ඒ සීගිරි කැටපත් පවුරේ සටහන් වන සීගිරි කුරුටු ගී මඟිනි.

සීගිරි බිතුසිතුවම්

සීගිරි බිතුසිතුවම්[සංස්කරණය]

මෙම සීගිරි ගී බොහොමයකට වස්තු විෂය වූයේ "සීගිරි බිතුසිතුවම් "ය. සාහිත්‍ය අගයෙන් අනූන පද්‍ය බොහොමයක් සීගිරි කැටපත් පවුරෙන් හමු වේ. මෙම ගී බොහොමයක දැකිය හැක්කේ සීගිරි පැමිණිවුන් එහි වූ ලලනා රූ දැක තම සිත තුළ නිපන් අදහස කවියට නැගීමකි. මෙම සීගිරි බිතුසිතුවම් සම්ප්‍රදායික සිංහල කලා කෘතිවලට ආගන්තුක බව පැහැදිලි වන කරුණකි. එමෙන් ම මෙම සීගිරි ගීත ද සම්ප්‍රදායික සාහිත්‍ය සම්ප්‍රදායට ද අනුගත වූ බවක් නොපෙනේ.සීගිරි ගී බොහොමයක්ම ශෘංගාර රසය දනවයි. මෙම සීගිරි ගී කවීන් නිදහස් කාව්‍ය සම්ප්‍රදායක් අනුගමනය කළ අතර එබැවින් සීගිරි ගී නිර්මාණ හරහා අනුරාධපුර යුගයට අයත් ය‍ම් යම් සමාජිය ලක්‍ෂණ මෙන්ම අනුරාධපුර යුගයේ භාවිතා වු භාෂාවේ ඇතැම් භාෂාත්මක ලක්‍ෂණ පිළිබඳව වු තොරතුරු ද සීගිරි ගී අතුරින් හඳුනා ගත හැකි ය.

අනුරාධපුර යුගයයට අයත් සාහිත්‍ය හා භාෂාව පිළිබඳව තොරතුරු හෙළි කරන සීගිරි ගී මේ ‍අනුව වැදගත් වේ. මෙම භාෂා ලක්‍ෂණ පිළිබඳව ප්‍රථම වරට අ‍වධානය යොමු වන්නේ 1895-1905 තෙක් කාලය තුළ සීගිරිය තුළ පුරාවිද්‍යා පර්යේෂණ කටයුතු සිදු කළ ප්‍රථම පුරා විද්‍යා කොමසාරිස් වන "එච්. සී. පී. බෙල් " මහතාගේ කාලයේ දී ය. 1930 දී සීගිරි ගී කියවීම ඇරඹෙන අතර එහි පු‍රෝගාමියා වුයේ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතායි. 1956 දී "Sigiri Graffiti " යනුවෙන් එතුමා විසින් කාණ්ඩ දෙකකින් පළ කරන ලද කෘතියේ ගී 685 ක් ඇතුලත් වේ.

සිංහල ප්‍රාකෘතයට පසු‍ව පහළ වුණු "පුරාතන සිංහලය " පිළිබඳ වටිනා තොරතුරු සමුදායක් ලබා ගත හැකි හොඳ මූලාශ්‍රයක් ලෙසින් ද "සීගිරි කුරුටු ගී " සමුච්චය , මහාචාර්ය ‍ජේ. බී. දිසානායක මහතා විසින් දක්වා ඇත. සීගිරි ගීවලින් මතු වන සිංහලය "සීගිරි සිංහලය" ලෙස වෙසෙසා හැඳින්විය යුතු බව ද එතුමා පවසයි. එසේ වන්නේ සීගිරි සිංහලයේ දක්නට ලැබෙන ඇතැම් ලක්‍ෂණ , තත්කාලීන වෙනත් ලේඛනවල දැකිය නොහැකි බැවිනි. සීගිරි ගීයෙහි හඳුනා ගත හැකි ලක්‍ෂණ කීපයක් ම මහාචාර්ය ජේ.බී.දිසානායක මහතා, "සිංහල අක්‍ෂර විචාරය " නැමැති කෘතියේ දක්වයි.

සීගිරි ගී වල වැදගත්කම[සංස්කරණය]

සීගිරි ගී කිහිප ආකාරයකින් ම ලාංකික ඉතිහාසය තුළ වැදගත්කමක් උසුලයි. එනම්,

  • මෙරට පැවති සමෘද්ධිමත් හා උසස් සභ්‍යත්වයක් පැවති අනුරාධපුර යුගයට අයත් සම්භාව්‍ය සාහිත්‍ය හා භාෂාව පිළිබඳ තොරතුරු ලබා ගත හැකි මුලාශ්‍රයක් ලෙස සීගිරි ගී ‍වැදගත් වේ. පසුකාලීනව ඇති වන විවිධ වසංගත , සතුරු ආක්‍රමණ ආදිය නිසා මේ යුගයට අයත් බොහෝ සාහිත්‍ය ග්‍රන්ථ අභාවයට පත් වී ඇති බැවින් සිගිරි ගී අනුරාධපුර යුගයට අයත් වැදගත් සාහිත්‍ය මූලාශ්‍රයකි.
  • සීගිරි ගී බහු කතෘක මූලාශ්‍රයකි. එම ගී නිර්මාණය වන්නේ සීගිරිය නැරඹීමට පැමිණි පොදු ජනයා අතින් නිසා සීගිරි ගී මඟින් නිරූපනය වන්නේ ‍එකල පැවති පොදු ජන රුචිකත්වයයි.
  • මෙතෙක් වු ආගමික සාහිත්‍යයෙන් බැහැර වු කෘතියක් වීම. සම්භාව්‍ය සාහිත්‍ය තුළ දී වස්තු විෂය තීරණය වීමේ දී ආගමික බලපෑමක් තිබූ මුත් සීගිරි කාව්‍ය සම්ප්‍රදාය එම ආකෘතියෙන් බැහැර වූවකි.
කැ‍ටපත් පවුර

සීගිරි සිංහලය[සංස්කරණය]

සීගිරි ගී වඩා වැදගත‍් වනුයේ , එම ගී ලියූවන්ගෙන් වැඩි පිරිස එදා මෙරට වාසය කළ බහුතර පොදු ජනයා වීමයි. එසේ ම මෙම සීගිරි ගී තවත් අතකින් වැදගත් වනුයේ එතෙක් පැවති ආගමික සාහිත්‍යට ගැති නොවී කළ නිර්මාණ ලෙසයි. එසේ ම කැ‍ටපත් පවුර වැනි සීමිත ඉඩක සංක්‍ෂිප්තව කළ මේ ගී මුක්තක ගී ගණයට වැටේ. එය ද මෙහි විශේෂත්වයයකි. මෙහි දී සීගිරි සිංහලය හරහා මතු වන කරුණු කීපයක් හඳුනා ගත හැකිය. එනම්

  • එකල වු පොදු ජනයා භාවිතා කළ නම් , ග‍ම් මින් හඳුනා ගත හැක. මින් සමහරක් අල් අකුරකින් ද සමහරක් ස්වරයකින් ද අවසන් වේ.

උදාහරණ:

අල් අකුරකින් අවසන් වන නම් : අග්බොය් , සලමෙය් , කිතල්
ස්වරයකින් අවසන් වන නම් : කසබ , කිතල , අනුරා


  • උපමා රෑපක ආදි කාව්‍යාලංකාර බිහි කිරීමට සිංහල භාෂාව දක්වන සමර්ථතාව.

උදාහරණ:

ස්වස්ති, අග්බොයි මි ලීමි.
නිල් කට්රොළ මලෙකැ ඇවුණු වැ‍ට්කොළ මල සෙයි
සැන්‍දැගැ සිහි වෙන්නෙය් මහනෙල්වන හ‍ය් රන්වන හුන්. (334)


අග්බොයිමි ලීමි.
මහනෙල් මලක් ගැනැ සුරතත්නි මන්‍ද් බැල්මෙන්
ගැසු නිල් මහනෙල් කැලුම් කිම දැ කුම් සෙය් ත මන වෙය. (483)

අල් අකුරු බහුලව යෙදී‍මේ රීතිය :[සංස්කරණය]

සීගිරියේ දක්නට ලැබෙන කලා කෘති පොදු සිංහල සංස්කෘතියට ආගන්තුක වන්නා සේම සීගිරි සිංහලය ද ඊටම ආවේනික වු

ලක්‍ෂණ දරයි. අල් අකුරු බහුලව යෙදීමේ රීතිය ද එවැන්නකි.


  • නූතන සිංහලයේ මූර්ධඡ - ණ අල් වී නොයෙදුනත් සීගිරි සිංහලයේ මූර්ධඡ ණ් යෙදේ.


උදාහරණ:

අද එදා
අමුණ -- අමුණ්
මුහුණ -- මුහුණ්


  • නුතන සිංහ‍ලයේ මූර්ධජ - ළ අල් වී නොයෙදේ. නමුත් සීගිරි සිංහලයේ මූර්ධඡ ළ් බහුල ය.


උදාහරණ:

අද එදා
ඇසළ -- ඇසෙළ්
කොමළ -- කොමුළ්


  • සිංහලයේ අල්පප්‍රාණ අක්‍ෂර 10 කි. නමුත් නුතන සිංහල පදයක අවසානයේ දී වැඩිපුර ම යෙදෙනුයේ ක් - යන්න හා ත් යන්න පමණි. නමුත් සීගිරි සිංහලයේ වෙනත් අල්පප්‍රාණ අක්‍ෂර ද පදාවසානයේ හමු වේ.


උදාහරණ:

ග් ජ් ට් ඩ් ද් ප් බ්
අද -- අග ඇවිත් තුටු කොමඩු අද අපි කලබ
එදා -- අග් අවුජ් තුට් කොමඩ් අද් ඇප් කලබ්


  • සම්ප්‍රදාන විභක්ති ප්‍රත්‍ය වන ට - යන්න ද සීගිරි ගී වල අල් - ට ලෙස යෙදීම.


උදාහරණ:

අද එදා
අපට -- අපට්
කුමට -- කුමට්


  • නුතන සිංහලයේ පද අවසානයේ අල් නොවන ය - යන්න හා ර - යන්න ද සීගිරි සිංහලයේ අල් වී යෙදේ.


උදාහරණ:

අද එදා
(ය්) අග්බෝ -- අග්බොය්
(ර්) උතුරු -- උතුර්

නව ප‍්‍රාණාක්‍ෂර දෙකක්[සංස්කරණය]

සීගිරි ගී වෙතින නව ප්‍රාණාක්‍ෂර දෙකක් ද , පිළි දෙකක් ද හමු වෙයි. එනම් " " සහ "" වේ. මෙහි දී,


  • කෙටි "" යන්න සහිත පද කීපයක් සීගිරි ගී අතුරින් හමු වේ.

උදාහරණ,
ළ ඇත්තන් , දිග ඇසිනි


  • දික් "" සහිත පද කීපයක් ද හමු වන අතර එවැනි පද විරල වේ.

උදාහරණ,
ළ ඇ තුබු සෙය්


  • මෙහිදි "ඇ" විභක්ති ප්‍රත්‍යක් ලෙස ද පූර්ව ක්‍රියා ප්‍රත්‍යක් ලෙස ද සීගිරි ගීවල යෙදී තිබීමෙන් සිංහලයාගේ භාෂා ප්‍රභූත්වය පැහැදිලි වේ.


උදාහරණ:

අද එදා
ආධාර විභක්ති ප්‍රත්‍යක් ලෙස අතෙහි -- අතැ
පූර්ව ක්‍රියා ප්‍රත්‍යක් ලෙස ගෙන -- ගෙනැ

නව ගාත්‍රාක්‍ෂර :[සංස්කරණය]

  • එතෙක් සිංහලයහි ව්‍යවහාර නොවූ ‍ගාත්‍රාක්‍ෂර කීපයක් ද සීගිරි සිංහලයෙන් හමු වේ. පසු කලෙක " සඤ්ඤක අක්‍ෂර " ලෙස හඳුන්වනු ලැබුණේ මේ ගාත්‍රාක්‍ෂරයි. මේ අකුරු සීගිරි ගී අතර බහුල වේ. සඤ්ඤක - ග භාවිත ගී දෙකකට උදාහරණ.

"පලාවතුවෙලැ අරම්බ් තැනු සඟපල් බතීමි මෙ ගීය ලීමි"    (17)

" වහගලු පිරිවෙන් වැසි සඟල් පැවිජ්ජෙමි මෙ ගී ලීමි"    (552)


  • අද සිංහල‍යේ බහුලව යෙදෙන සඤ්ඤක අක්‍ෂර හතර වන ( , , , ) සහිත පද ද සීගිරි සිංහලයේ හමු වේ.


උදාහරණ:

අද එදා
(ඟ) මඟ -- මංග
(ඬ) කඬ -- කාණ්ඩ
(ඳ) මඳ මරු -- ‍මන්‍ද ‍මරු
(ඹ) අරඹ -- අරම්බ්

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

දිසානායක ජේ.බී, "සිංහල අක්‍ෂර විචාරය" , කොළඹ, සුමිත ප්‍රකාශකයෝ 2006

බාහිර සබැදි[සංස්කරණය]