Jump to content

සීගිරි ගී

විකිපීඩියා වෙතින්
සීගිරි ලළනාවෝ චිත්‍රය

ක්‍රිස්තු වර්ෂ 473 සිට 491 දක්වා රජ කළ මහා කාශ්‍යප රජ සමයේ දී කල සීගිරියේ චිත්‍ර පසුව ජගත් පූජිත කලා නිර්මාණ බවට පත් විය. සීගිරිය ශ්‍රී ලාංකීය ඉතිහාස‍යේ සුවිශේෂ ස්ථානයක් ගනු ලබන අතර ම සිංහල සාහිත්‍යය හා භාෂාව ගැන කතා කරන විට සුවිශේෂ ස්ථානයක් සීගිරි කුරුටු ගීවලට හිමි වේ. මෙම ගීවලින් බොහොමයක් 8, 9 හා 10 වැනි සියවස්වලට අයත් වේ. සීගිරි ගී ලියා ඇත්තේ සීගිරියේ කැටපත් පවුර මත ය.

පැරණි සිංහල සාහිත්‍යය අතුරින් විශිෂ්ට කවීත්වයක් හා අපුර්ව ප්‍රතිභා ශක්තියක් සීගිරි ගී තුළින් පිළිබිඹු වේ. මේ තුළින් එකළ කවීන්ගේ අව්‍යාජ කවීත්වය හා අනූන ස්වාධීනත්වය හෙළි වේ. මතුපිටින් පෙනෙන අදහසට වඩා ගැඹුරු අදහසක් මෙම ගී තුළින් මතු වේ. සීගිරි ගී ‍‍බොහොමයක් අපුර්ව චමත්කාරයක් ද විශිෂ්ට කවීත්වයක් ද ඉමහත් ප්‍රතිභා ශක්තියක් ද ගැබ් වී ඇත. සීගිරි බිතුසිතුවම්වලින් විචිත්‍රණය කොට ඇති කතුන් ද අවට පරිසරය ආදී විවිධ තේමාවන් ද යොදා ගෙන මේ ගී රචනා කොට ඇත. මෙකල කවීන් තම සිත් තුළ පහළ වූ අදහස් කෙටි කොට පිඬු කොට දක්වා ඇත්තේ සීගිරි කැටපත් පවුරේ ගී ලිවීම අතිශයින් ම දුෂ්කර හෙයිනි. කවිය පිළිබඳ මහා පරිචයක් කාව්‍යකරණයේ ඉමහත් හැකියාවක් හා භාෂා පටුත්වයක් මින් හෙළි වේ. ව්‍යංගාර්ථයෙන් හා ව‍ක්ක්‍රෝක්තියෙන් ද පිරිපුන් ගී විශේෂයක් ලෙස සිගිරි ගී හැදින්වේ.

මෙම සිගිරි ගීවලින් වැඩි කොටසක් ම ගීති නම් ඡන්දස් අලංකාරවලින් රචනා කරන ලද පද්‍ය යයි. යහ ගී පියුම් ගී මත්වල ගී කව් ගී උමතු ගී දුවඟ ගී යොන් ගී ආදී විවිධ විරිත්වලින් බැඳි මේ සීගිරි ගී පද්‍ය සංහ්‍රයක් ලෙස විභාග කර බැලිය හැක. එසේ සීගීරි ගී රචකයෝ තමන් ලියූ ගීවලට යටින් තමන්ගේ නම් ගොත් හා ග්‍රාම නාම සඳහන් කළහ. තවෙකෙක් සිය නාමය යෙදීමට ප්‍රථම තම රැකියාව පවා සඳහන් කර ඇත. මෙසේ රචිත වූ සීගීරි ගී මෙරට විශිෂ්ට පුරා විද්‍යා ඉතිහාසඥයකු වන සෙනරත් පරණ විතාන ශුරීන් දශක දෙකක පමණ කාලයක් තුළ කියන සීගීරි ගී 685න් මුද්‍රණය කොට ඇත.

සීගිරි ගී වල වැදගත්කම

[සංස්කරණය]

සීගිරි ගී කිහිප ආකාරයකින් ම ලාංකික ඉතිහාසය තුළ වැදගත්කමක් උසුලයි. එනම්,

  • මෙරට පැවති සමෘද්ධිමත් හා උසස් සභ්‍යත්වයක් පැවති අනුරාධපුර යුගයට අයත් සම්භාව්‍ය සාහිත්‍ය හා භාෂාව පිළිබඳ තොරතුරු ලබා ගත හැකි මුලාශ්‍රයක් ලෙස සීගිරි ගී ‍වැදගත් වේ. පසුකාලීනව ඇති වන විවිධ වසංගත, සතුරු ආක්‍රමණ ආදිය නිසා මේ යුගයට අයත් බොහෝ සාහිත්‍ය ග්‍රන්ථ අභාවයට පත් වී ඇති බැවින් සිගිරි ගී අනුරාධපුර යුගයට අයත් වැදගත් සාහිත්‍ය මූලාශ්‍රයකි.
  • සීගිරි ගී බහු කතෘක මූලාශ්‍රයකි. එම ගී නිර්මාණය වන්නේ සීගිරිය නැරඹීමට පැමිණි පොදු ජනයා අතින් නිසා සීගිරි ගී මඟින් නිරූපනය වන්නේ ‍එකල පැවති පොදු ජන රුචිකත්වයයි.
  • මෙතෙක් වු ආගමික සාහිත්‍යයෙන් බැහැර වු කෘතියක් වීම. සම්භාව්‍ය සාහිත්‍ය තුළ දී වස්තු විෂය තීරණය වීමේ දී ආගමික බලපෑමක් තිබූ මුත් සීගිරි කාව්‍ය සම්ප්‍රදාය එම ආකෘතියෙන් බැහැර වූවකි.
කැ‍ටපත් පවුර

සීගිරි සිංහලය

[සංස්කරණය]

සීගිරි ගී වඩා වැදගත‍් වනුයේ, එම ගී ලියූවන්ගෙන් වැඩි පිරිස එදා මෙරට වාසය කළ බහුතර පොදු ජනයා වීමයි. එසේ ම මෙම සීගිරි ගී තවත් අතකින් වැදගත් වනුයේ එතෙක් පැවති ආගමික සාහිත්‍යට ගැති නොවී කළ නිර්මාණ ලෙසයි. එසේ ම කැ‍ටපත් පවුර වැනි සීමිත ඉඩක සංක්‍ෂිප්තව කළ මේ ගී මුක්තක ගී ගණයට වැටේ. එය ද මෙහි විශේෂත්වයයකි. මෙහි දී සීගිරි සිංහලය හරහා මතු වන කරුණු කීපයක් හඳුනා ගත හැකිය.

  • එකල වු පොදු ජනයා භාවිතා කළ නම්, ග‍ම් මින් හඳුනා ගත හැක. මින් සමහරක් අල් අකුරකින් ද සමහරක් ස්වරයකින් ද අවසන් වේ.

උදාහරණ:

අල් අකුරකින් අවසන් වන නම් : අග්බොය් , සලමෙය් , කිතල්
ස්වරයකින් අවසන් වන නම් : කසබ , කිතල , අනුරා


  • උපමා රෑපක ආදි කාව්‍යාලංකාර බිහි කිරීමට සිංහල භාෂාව දක්වන සමර්ථතාව.

උදාහරණ:

ස්වස්ති, අග්බොයි මි ලීමි.
නිල් කට්රොළ මලෙකැ ඇවුණු වැ‍ට්කොළ මල සෙයි
සැන්‍දැගැ සිහි වෙන්නෙය් මහනෙල්වන හ‍ය් රන්වන හුන්. (334)


අග්බොයිමි ලීමි.
මහනෙල් මලක් ගැනැ සුරතත්නි මන්‍ද් බැල්මෙන්
ගැසු නිල් මහනෙල් කැලුම් කිම දැ කුම් සෙය් ත මන වෙය. (483)

අල් අකුරු බහුලව යෙදී‍මේ රීතිය

[සංස්කරණය]

සීගිරියේ දක්නට ලැබෙන කලා කෘති පොදු සිංහල සංස්කෘතියට ආගන්තුක වන්නා සේම සීගිරි සිංහලය ද ඊටම ආවේනික වු ලක්‍ෂණ දරයි. අල් අකුරු බහුලව යෙදීමේ රීතිය ද එවැන්නකි.

  • නූතන සිංහලයේ මූර්ධඡ - ණ අල් වී නොයෙදුනත් සීගිරි සිංහලයේ මූර්ධඡ ණ් යෙදේ.


උදාහරණ:

අද එදා
අමුණ -- අමුණ්
මුහුණ -- මුහුණ්


  • නුතන සිංහ‍ලයේ මූර්ධජ - ළ අල් වී නොයෙදේ. නමුත් සීගිරි සිංහලයේ මූර්ධඡ ළ් බහුල ය.


උදාහරණ:

අද එදා
ඇසළ -- ඇසෙළ්
කොමළ -- කොමුළ්


  • සිංහලයේ අල්පප්‍රාණ අක්‍ෂර 10 කි. නමුත් නුතන සිංහල පදයක අවසානයේ දී වැඩිපුර ම යෙදෙනුයේ ක් - යන්න හා ත් යන්න පමණි. නමුත් සීගිරි සිංහලයේ වෙනත් අල්පප්‍රාණ අක්‍ෂර ද පදාවසානයේ හමු වේ.


උදාහරණ:

ග් ජ් ට් ඩ් ද් ප් බ්
අද -- අග ඇවිත් තුටු කොමඩු අද අපි කලබ
එදා -- අග් අවුජ් තුට් කොමඩ් අද් ඇප් කලබ්


  • සම්ප්‍රදාන විභක්ති ප්‍රත්‍ය වන ට - යන්න ද සීගිරි ගී වල අල් - ට ලෙස යෙදීම.


උදාහරණ:

අද එදා
අපට -- අපට්
කුමට -- කුමට්


  • නුතන සිංහලයේ පද අවසානයේ අල් නොවන ය - යන්න හා ර - යන්න ද සීගිරි සිංහලයේ අල් වී යෙදේ.


උදාහරණ:

අද එදා
(ය්) අග්බෝ -- අග්බොය්
(ර්) උතුරු -- උතුර්

නව ප‍්‍රාණාක්‍ෂර දෙකක්

[සංස්කරණය]

සීගිරි ගී වෙතින නව ප්‍රාණාක්‍ෂර දෙකක් ද , පිළි දෙකක් ද හමු වෙයි. එනම් " " සහ "" වේ. මෙහි දී,


  • කෙටි "" යන්න සහිත පද කීපයක් සීගිරි ගී අතුරින් හමු වේ.

උදාහරණ,
ළ ඇත්තන් , දිග ඇසිනි


  • දික් "" සහිත පද කීපයක් ද හමු වන අතර එවැනි පද විරල වේ.

උදාහරණ,
ළ ඇ තුබු සෙය්


  • මෙහිදි "ඇ" විභක්ති ප්‍රත්‍යක් ලෙස ද පූර්ව ක්‍රියා ප්‍රත්‍යක් ලෙස ද සීගිරි ගීවල යෙදී තිබීමෙන් සිංහලයාගේ භාෂා ප්‍රභූත්වය පැහැදිලි වේ.


උදාහරණ:

අද එදා
ආධාර විභක්ති ප්‍රත්‍යක් ලෙස අතෙහි -- අතැ
පූර්ව ක්‍රියා ප්‍රත්‍යක් ලෙස ගෙන -- ගෙනැ

නව ගාත්‍රාක්‍ෂර

[සංස්කරණය]
  • එතෙක් සිංහලයහි ව්‍යවහාර නොවූ ‍ගාත්‍රාක්‍ෂර කීපයක් ද සීගිරි සිංහලයෙන් හමු වේ. පසු කලෙක " සඤ්ඤක අක්‍ෂර " ලෙස හඳුන්වනු ලැබුණේ මේ ගාත්‍රාක්‍ෂරයි. මේ අකුරු සීගිරි ගී අතර බහුල වේ. සඤ්ඤක - ග භාවිත ගී දෙකකට උදාහරණ.

පලාවතුවෙලැ අරම්බ් තැනු සඟපල් බතීමි මෙ ගීය ලීමි (17)

වහගලු පිරිවෙන් වැසි සඟල් පැවිජ්ජෙමි මෙ ගී ලීමි (552)

  • අද සිංහල‍යේ බහුලව යෙදෙන සඤ්ඤක අක්‍ෂර හතර වන ( , , , ) සහිත පද ද සීගිරි සිංහලයේ හමු වේ.


උදාහරණ:

අද එදා
(ඟ) මඟ -- මංග
(ඬ) කඬ -- කාණ්ඩ
(ඳ) මඳ මරු -- ‍මන්‍ද ‍මරු
(ඹ) අරඹ -- අරම්බ්

මේවාද බලන්න

[සංස්කරණය]

බාහිර සබැදි

[සංස්කරණය]

ගී කිහිපයක්

[සංස්කරණය]

බෙයෙන්ද් අවැජ් නොලද් එක් ගීයක් (කීයී මි)

(බස)ක් රන් වනැන් බැලීමී අසිරි සිගිහි ගී

පැඡින් පන් වැසි මෙයල්බතින් ගී

බෙයන්ද් හි රන් වනැන් අ (ස්ද්ව) ස් මියැහියෙජේ

මහනෙල් අත්හි ගත් මෙහිම බුයුත් නොබුයුයෙන්.

සැම උදයම ලා හරැ රැස් සිගිරි ගල වෙත පැමිනේයි

නැ(ගි) අලුයම අවුජ් බලයි සිටියි හි මෙහි මස්

විහිදමි මහද මරු ගස එන තමු (රු) වෙනෙහි සුවද්හි මෙහි

අග්බෝය (හිමියෙමි මෙ ) ගී ලිමි.

සිතහි යහපත විද බලය (මෙහි) රනවන බුන බලහ නො

මෙ රජමහ සිත රජමහ හම සිහිවන ක(ල)

සෙන් බොදෙවල ලයු ගී.

තොප නුයුන මිණි විට්නෙන් වැම්මෙන පැහැ දිසෙ(ය්)

නො කෙළෙ ත(මා) න් තෙ(මට්) එ ඉන් (ද) නිම්

තොප සුර බව.

අගතිනි අත් සලව් මෙහි පොහොන්නෙක් නැතිද

නව බග්ළසන්ද් දුට් මිනිසක් හු නොවජනෙනයි.

කොමුල් අමඩ් ලෙඩ් ලිනසී

එ බොන්ද මියුර් යහ බැ සී

එ කපල් දල වන් දිගැ සී

මන ජල්(ව)යි (සිත්) නොමු සී

සලතලහි හුණු අකර සෙයින ලයු(තුබු) සිත්

මුළා වෙ මෙනෙ මෙ බෙයදහි රනවනැන දුටුයෙන්

යහෙ(නි) ගිරි වැසි සලමෙය් හිමියන් ගෙ මෙයලු ගී

ගන ගල් බින්ෙනිෙ දැර සිලග දුට් පැතිතක් සෙය

සොනෙහින්ම ලද් විසට් බ ජු නොහස් තීප

අත්මය් වුයු

ස්වස්නනනති අග්බොය්මි ලීමි

නිල් ක(ට්) රොට් මලෙකැ අවුණු වැට්කොළ මලසෙය්

සැන්දැ ගැ සිහිවෙන්නේ මහනෙල් වන හය් රන්වන හුන්

මෙ ගෙත්තමට සිතු(ජු)කෙනෙක්ද එ

කවෙක් හින්දෙ ලී

(මෙ බෙ) ලුව ගී නොහිස් ගී බලත

දක්නා සෙ ගෙති

මනෙන්මී ලැදි මහ බන්ද්තා පැහැබර සිනා රුස්නා

කතක් හී තොස්නා මිණි අකුසු හීන්හී ලස් ගන්නා

"https://si.wikipedia.org/w/index.php?title=සීගිරි_ගී&oldid=606855" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි