සමන්තා මෝල්ඩර්
Appearance
සමන්තා මෝල්ඩර් | |
---|---|
![]() ඇෂ්ලින් රෝස "ඩ්‍රීම්ලන්ඩ් II" කථාංගයෙහි සමන්තා මෝල්ඩර් ලෙස | |
පළමු පෙනීසිටීම | "කන්ඩුයිට්" |
අවසාන පෙනීසිටීම | "මයි ස්ට්‍රගල්" (ඡායාරූපය ) |
නිරූපණය කරන ලද්දේ | විවිධ, පහළ බලන්න |
සමන්තා ටී. මෝල්ඩර් යනුවෙන් හැඳින්වෙන්නේ ද එක්ස්-ෆයිල්ස් රූපවාහිනී කතාමාලාවේ එන ප්‍රබන්ධ චරිතයකි. ඇය එෆ්බීඅයි විශේෂ නියෝජිත ෆොක්ස් මෝල්ඩර්ගේ නැගණිය වන අතර ටීනා සහ බිල් මෝල්ඩර්ගේ දියණියයි. ළමාවියේ දී පිටසක්වල ජීවීන් විසින් සමන්තාව පැහැරගනු ලැබෙන අතර නැවත ඇයට පැමිණීමට නොහැකි වේ. ඇගේ වැඩිමහල් සොහොයුරා වන ෆොක්ස් මෝල්ඩර් එෆ්බීඅයි ආයතනයට බැඳෙන්නට සහ පසුකාලීනව එක්ස්-ගොනු අංශයේ කටයුතු කරන්නට පෙළඹෙන්නේ ද මෙම සිදුවීම නිසායි.