සමනල කන්ද

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සමනල කන්ද
Sri Pada
ශ්‍රීපාදය.jpg
සමනල කන්ද ඈතින් දිස්වන අයුරු
උන්නතාංශය මීටර 2243
පිහිටුම
පිහිටුම සබරගමුව පළාත, ශ්‍රී ලංකාව
වැටිය මධ්‍යම කඳුකරය
ඛණ්ඩාංක 06°48′41″N 80°29′59″E / 6.81139°N 80.49972°E / 6.81139; 80.49972ඛණ්ඩාංක: 06°48′41″N 80°29′59″E / 6.81139°N 80.49972°E / 6.81139; 80.49972

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි ප්‍රධාන කඳුවැටියක් වන "සමනල කන්ද" කේතු හැඩැති කන්දකි. උච්චතම ස්ථානයේ උස මීටර 2215 කි. සිරිපා අඩවියේ භූමි ප්‍රමාණය හෙක්ටයාර 22380 ක් පමණ වේ. සිරිපා අඩවිය 1940 ඔක්තෝබර් 25 වැනිදා අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ශ්‍රී ලංකාවේ තෙවන උසම කන්දයි. රත්නපුරය හා නුවරඑළිය යන දිසාවන්ට මැදිව පිහිටා තිබේ. මෙම පූජනීය ස්ථානය සිංහල බෞද්ධයන්ගේ වසර 2500 කට අධික ලිඛීත ඉතිහාස කතා ප්‍රවෘර්තින් තුල මේ පිළිබදව මනාව සදහන් වේ.

දේශගුණය සහ කාලගුණය[සංස්කරණය කරන්න]

වන ජීවීන්[සංස්කරණය කරන්න]

ශ්‍රී පාද ලාංඡනය[සංස්කරණය කරන්න]

බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ දී, බුදුන්වහන්සේ ලංකාවට තෙවන වරට වැඩම කලේ කැළණියේ නා රජුගේ ආරාධනයක් අනුව ය. එම ගමනේ දී සුමන සමන් දෙවියන් ගේ ආරාධනයෙන් සමනොළ ගිර සිරිපද සළකුණ පිහිටුවන්නට ඇතැයි ‍බෞද්ධයෝ විශ්වාස කරති. ඒ අනුව වන්දනාමාන පූජෝපහාර දක්වති.

උඩ මළුව.jpg
ශ්‍රී පාද‍යේ සුන්දරත්වය.jpg

සම්බුදු සිරිපා වන්දනා කිරීමට යන සැදැහැවතුන් පසු කළ යුතු ස්ථාන කීපයකි. මකර තොරණ, ශීත ගඟුල, අහස් ගව්ව, හැර මිටි පාන, ඉදිකටුපාන, ගෙත්තම්පාන, ධර්මරාජගල, ගෝන තැන්න, ඇහැතු කණුව, මහගිරි දඹය, සිරිපා මළුව හා සිරිපා පද්මය හා‍ දොලොස් මහේ පහන ආදියයි. සිරිපා මළුවට යන බැතිමත්හු සම්බුඳු සිරිපා වන්දනයෙන් පසු තමන් ගිය වාර ගණන අනුව ඝණ්ටාව නාද කිරීමට මහත් උනන්දුවක් දක්වති. එසේම හිරු සේවය නැරඹීමටද කවුරුත් දක්වන්නේ මහත් උනන්දුවකි.

රොබට් නොක්ස්ගේ විස්තරය[සංස්කරණය කරන්න]

රොබට් නොක්ස්ගේ ග්‍රන්ථයේ මෙම ලාංඡනය "ආදම්" ගේ පා සටහන ලෙස වරදවා හඳුන්වා ඇත. බටහිර ජාතීන් ඒ නිසා සමනොළ ගිර "ඇඩම්ස් පීක්" (Adam's peak) යනුවෙන් හැඳින්වයි. නමුත් එය ආදම්ගේ පිය සටහනක් බව ලෝකයේ කිතුනුවෝ විශ්වාස නො කරයි. මුස්ලිම් භක්තික‍යෝ සමනළ සිරසේ "බබාද මලෙයි /ආදම් මලෙයි" යනුවෙන්ද භාවිතා කරති.

ශිව භක්තිකයෝ ශිව දෙවියන්ගේ පා සළකුණ එහි පිහිටා ඇතැයි විශ්වාස කරති. ඔවුන් එය හඳුන්වන්නේ "ශිවන් ඔලි පාදම්"යනුවෙනි.

නමුත් මෙහි සැබෑ අයිතිය සිංහල බෞද්ධයින් සතු බවට ඔවුන්ගේ වසර 2500 අධික ලිඛිත ඉතිහාසය මනාව පිරික්සා බැලිමේදි සදහන් වේ.

මුළු මහත් ලෝක වාසීන්ගේම ගෞරවාදරයට පාත්‍රවූ සමනළ කන්ද බෞද්ධ බැතිමතුන් ගේ මුදුන් මල් කඩ සේ සැළකෙයි."සප්ත කන්‍යා" නම් වූ කඳු හතකින් වට වූ "ශ්‍රී පාදය" සොබා දහම් මාතාව ගේ අපූර්වතම නිර්මාණයක් වනවා සේ ම ශ්‍රී ලංකාද්වීපයට ආශිර්වාදයක් වී තිබේ.

ආශ්‍රිත ලිපි[සංස්කරණය කරන්න]

මෙයද බලන්න[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=සමනල_කන්ද&oldid=386157" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි