පාර්ලිමේන්තුව විසුරුවාහැරීම

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට සිතෙන ඕනෑම වේලාවක විසුරුවා හැරීමේ බලය 1978 ව්‍යවස්ථා සංශෝධනයෙන් හිමිව තිබුණි.ඒ අනුව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුලු බොහෝ ජනපතිවරැන් විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු කරන ලදි.නමුත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල සීමාකිරීම නිසා වර්තමානයේදී ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු කළ නොහැක්කක් බව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම විරුද්ධව ගෙන එන ලද පෙත්සමි විභාගයට ගැනීමෙන් පසු අගවිනිසුරු නලින් පෙරේරා හා සත් පුද්ගල විනිසුරු මඩුල්ල ශ්‍රේෂ්ඨාධිකරණයෙදී 2018.12.13 වන දින තීරණය කරන ලදි.ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසිකර දමන ලදි.ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් විස්තර කල ආකාරයට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් පාර්ලිමේන්තුවේ 3 න් 2 ක බහුතරයක් සම්මත කළ පසුව පමණක් ජනාධිපතිවරයාට එය විසුරුවා හැරීම සිදු කළ හැක.මේ අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා ගේ බලතල සීමිත වී ඇති බව අපට පැහැදිලි කර ගත හැකිය.