ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම

විකිපීඩියා වෙතින්

සැකිල්ල:Infobox Test team

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රි ලංකාව නියෝජනය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායමකි. 1975 දී සිය ප්‍රථම අන්තර්ජාතික තරඟය කී්‍රඩා කල ශ්‍රි ලංකා කණ්ඩායමට පසුව 1981 දී ටෙස්ට් වරම ලැබුනු අතර එමඟින් ශ්‍රි ලංකාව ටෙස්ට් කී්‍රඩා කිරීමට වරම් ලද 8 වන රට බවට පත් විය. ආරම්භයේදී දුර්වල තත්වයක සිට, 1990 දශකයේදී ප්‍රමුඛ පෙලේ ක්‍රිකට් කී්‍රඩා කරන රටක් බවට කණ්ඩායම පරිවර්ථනය වන ලදී. 1996 දී පැවති ලෝක කුසලාන තරඟාවලියේදී ඕස්ටේ්‍රලියාව අවසන් තරඟයේදී පරාජය කරමින් ලෝක ශූරයන් වීමටද ශ්‍රි ලංකා කණ්ඩායමට හැකි විය. එතැන් සිට අන්තර්ජාතික තලයේ ක්‍රිකට් කී්‍රඩා කරන ප්‍රධාන බලවේගයක් ලෙස, ජය පැරදුම් මධ්‍යයේ කණ්ඩායම ඉදිරියට යන ලදී. 2007 වසරේ ලෝක කුසලාන තරඟාවලියේ ඕස්ටේ්‍රලියාව සමඟ අවසන් තරඟයට සුදුසුකම් ලද ශ්‍රි ලංකා කණ්ඩායමට වර්ෂාවෙන් තරඟයට එල්ල වූ බාධා හේතුවෙන් අනු ශූරයන් වීමට සිදු විය. සනත් ජයසූරිය සහ හිටපු කී්‍රඩක අරවින්ද ද සිල්වාගේ පිති හරඹයත්, මුත්තයියා මුරලිදරන් සහ චමින්ද වාස්ගේ පන්දු යැවීමත් ඇතුලුව අනෙකුත් බොහෝ කී්‍රඩකයන් දැක්වූ දස්කම් පසුගිය වසර 15 තුල ශ්‍රි ලංකා ක්‍රිකට් කී්‍රඩවේ සාර්ථකත්වයට මඟ පාදා දී තිබේ.

2007 වසරේ ඔක්තෝබර් වන විට ටෙස්ට් තරඟ 170 කට මුහුණ දී අති ශ්‍රි ලංකා කණ්ඩායම ඉන් 29.41% ජයග්‍රහණ ලබා ඇති අතර 37.05% පරාජයන්ද 33.52% ජය පරාජයෙන් තොරව අවසන් වීම්ද අත් කරගෙන තිබේ. ටෙස්ට්, සීමිත පන්දුවාර සහ ජාතික ශූරතා තරඟාවලි යන ප්‍රධාන ක්‍රිකට් කී්‍රඩා අංශ 3 න්ම වැඩිම මුලු ලකුනු සංඛ්‍යාවන් ලබා ගත් වාර්තාවට හිමිකම් කියන්නේ ශ්‍රි ලංකාවයි.

ශ්‍රි ලංකා ජාත්‍යන්තරක්‍රිකට් කී්‍රඩා ඉතිහාසය[සංස්කරණය]

මුල් යුගය[සංස්කරණය]

1972 දී, එවකට 'සිලෝන්' නමින් හැඳින් වූ ශ්රි ලංකාව සිය ප්රදථම ප්රලමුඛ පෙලේ ක්රි්කට් තරඟය එම නමින් කොළඹ, වික්ටෝරියා පාක් හි පිහිටි නෝමැඩ්ස් පිටියේදී එම්. සී. සී කණ්ඩායම සමඟ ත්රාරඟ වැදුනු අතර ඉනිමක පරාජයක් ලැබීය. ශ්රි ලංකා කණ්ඩායමේ ප්රදථම ජයග්රාහණය වාර්තා වන්නේ 1932-33 වසර වලදී දුර්වෙ පාන්ඩව් කී්ර්ඩාංගනයේදී පේටියාලා කණ්ඩායමට එරෙහිවයි. සිලෝන් කණ්ඩායම 1950 දශකයේ සිට ශ්රිා ලංකාව ලෙස නම වෙනස් වූ 1970 දශකය තෙක්ම එම්. ජේ. ගෝපාලන් කුසලානය සඳහා තරඟ වදින ලදී.

ටෙස්ට් වරම් ලැබීම සහ එතැනින් ඉදිරියට[සංස්කරණය]

ශ්රිය ලංකා ක්රි්කට් ලෝලීන් නැවතත් උන්මාදයට පත් වූයේ 2006 නැට් වෙස්ට් කුසලාන තරඟාවලියේදී ශ්රිි ලංකා කණ්ඩායම දැක්වූ ප්ර‍බල දස්කම් හේතුවෙනි. එහිදී නායක මාවන් අතපත්තු සහ මුත්තයියා මුරලිදරන් නොමැතිව වුවද සනත්, උපුල් තරංග, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, රසල් ආනල්ඩ්, [[තිලකරත්න ඩිල්ශාන්, චමින්ද වාස්, ලසිත් මාලිංග, ඩිල්හාර ප්රානාන්දු සහ ෆර්වීස් මහරූෆ් සමඟ එක්ව විශිෂ්ට ඉනිමක් කී්රුඩා කලේය.

පන්දු රැකීමේදී වූ සුලු දුර්වලතාවයන් හැරුනු කොට වසර 13 කට පසු එංගලන්තය සිය මව් බිමේදී ලද දරුණුම පරජය අත් කර දෙමින් තරඟාවලිය 5-0 ලෙස ජය ලබාමින් ශ්රිඩ ලංකාව විශිෂ්ට දස්කම් දැක්වන ලදී. තරඟයේ වීරයා සහ තරඟාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයම හිමිවූයේ සනත් ජයසූරියටයි. ඉන් පසුව පැවති තරඟාවලියේදී නෙදර්ලන්තයට එරෙහිව එක් දින ජාත්ය න්තර ක්රිතකට් හි වැඩිම ළකුණු සංඛ්යාවව වන ළකුණු 443 ක් ලබා ගනිමටද ඔව්හු සමත් වූහ.

තරඟාවලි ඉතිහාසය[සංස්කරණය]

මෙම වාර්තා ලෝක වාර්තා ද වන විට එ'වා තද පැහැ අකුරෙන් දක්වා ඇත.

ලෝක කුසලානය අයි.සී.සී. චැම්පියන් කුසලානය ආසියා කුසලානය ඔස්ට්රසලේසියා කුසලානය ආසියා ටෙස්ට් කුසලානය පොදු රාජ්යද මණ්ඩලීය කී්රලඩා අයි.සී.සී.කුසලානය
  • 1975: පලමු වටය
  • 1979: පලමු වටය
  • 1983: පලමු වටය
  • 1987: පලමු වටය
  • 1992: 8වන ස්ථානය
  • 1996: ශූරතාව
  • 1999: පලමු වටය
  • 2003: අවසන් පූර්ව වටය
  • 2007: අනු ශූරතාව
  • 2011: අනු ශූරතාව
  • 1998: අවසන් පූර්ව වටය
  • 2000: අර්ධ අවසන් පූර්ව වටය
  • 2002: ඉන්දියාව සමඟ සම ශූරතාව
  • 2004: මූලික වටය
  • 2006: ප්‍රධාන වටය
  • 1984: අනු ශූරතාව
  • 1986: ශූරතාව
  • 1988: අනු ශූරතාව
  • 1990/91: අනු ශූරතාව
  • 1995: අනු ශූරතාව
  • 1997: ශූරතාව
  • 2000: අනු ශූරතාව
  • 2004: 'ශූරතාව
  • 2008: ශූරතාව
  • 1986: අවසන් පූර්ව වටය
  • 1990: අවසන් පූර්ව වටය
  • 1994: පලමු වටය
  • 1998: 4වන ස්ථානය
  • 1979: ශූරතාව
  • 1982 onwards: සුදුසුකම් නැත - ටෙස්ට් රාජ්‍යයකි

අමතර කරුණු[සංස්කරණය]

ශ්‍රි ලංකාවේ ජාතික වාර්තා[සංස්කරණය]

මෙම වාර්තා ලෝක වාර්තා ද වන විට එ'වා තද පැහැ අකුරෙන් දක්වා ඇත.

පන්දුවට පහරදීමේ වාර්තා[සංස්කරණය]

ටෙස්ට් තරඟ

  • වැඩිම මුලු ළකුණු සංඛ්‍යාව - 952/6, 1997 දී ඉන්දියාවට එරෙහිව.
  • නායකයකු ලෙස වැඩිම තරඟ ප්‍රමාණයකට සහභාගීත්වය - අර්ජුන රණතුංග (56) ,1989 සිට 1999 දක්වා.

එක් දින තරඟ

  • වැඩිම මුලු ළකුණු සංඛ්‍යාව - 443/9, 2006 ජූලි, නෙදර්ලන්තය ට එරෙහිව
  • නායකයකු ලෙස වැඩිම තරඟ ප්‍රමාණයකට සහභාගීත්වය - අර්ජුන රණතුංග (193) 1988 සිට 1999 දක්වා.

විස්සයි 20 තරඟ

  • වැඩිම මුලු ළකුණු සංඛ්‍යාව - 260/6, 2007 සැප්තැම්බර් 14, කෙන්යාවට එරෙහිව.
  • වැඩිම දිනුම් ළකුණු පරතරය - ළකුණු 172, 2007 සැප්තැම්බර් 14, කෙන්යාවට එරෙහිව.

පන්දු යැවීමේ වාර්තා[සංස්කරණය]

ටෙස්ට් තරඟ

එක් දින තරඟ

  • එක ලඟ පන්දු 4 කදී කඩුලු 4ක් ලබාගත් එකම පන්දු යවන්නා - ලසිත් මාලිංග, 2007 මාර්තු දකුනු අප්‍රිකාවට එරෙහිව.

2020 වාර්තා - එක ලඟ පන්දු 4 කදී කඩුලු 4ක් ලබාගත් පන්දු යවන්නා - ලසිත් මාලිංග,2019 නවසීලන්තය එරෙහිව

ශ්‍රි ලංකාවේ ලෝක කුසලාන වාර්තා[සංස්කරණය]

  • වැඩිම මුලු ළකුණු සංඛ්‍යාව - 398/5, 1996 දී කෙන්යාවට එරෙහිව.

- 183, 3වන විකට්ටුව සඳහා අසංක ගුරුසිංහ (84) and [[අරවින්ද ද සිල්වා] (145) 1996 වසරේදී කෙන්යාවට එරෙහිව.

  • හොඳම එ'ක පුද්ගල පන්දු යැවීම - 6-25, චමින්ද වාස්, 2003 දී සිම්බාබ්වේට එරෙහිව.
  • ලෝක කුසලාන තරඟයකදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් එකම ශ්‍රි ලංකා පන්දු යවන්නා - චමින්ද වාස්, 2003 දී බංගලාදේශයට එරෙහිව
  • ලෝක කුසලාන තරඟයකදී පලමු පන්දු 3 දීම කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ලෝකයේ එකම පන්දු යවන්නා - චමින්ද වාස්, 2003 දී බංගලාදේශයට එරෙහිව.

විවිධ තොරතුරු[සංස්කරණය]

  • ටෙස්ට් තරඟයකදී ලබාගත් ලෝකයේ වැඩිම මුලු ළකුණු සංඛ්‍යාව: 952-6, ඉන්දියාවට එරෙහිව.
  • එක් දින තරඟයකදී ලබාගත් ලෝකයේ වැඩිම ළකුණු සංඛ්‍යාව: 443-9, 2006 ජූලි 04, නෙදර්ලන්තයට එරෙහිව
  • විස්සයි 20 තරඟයකදී ලබාගත් ලෝකයේ වැඩිම ළකුණු සංඛ්‍යාව: 260-6, කෙන්යාවට එරෙහිව, 2007 සැප්තැම්බර් 14 .
  • ලෝකයේ වේගවත්ම එක් දින අර්ධ ශතකය: සනත් ජයසූරිය (පන්දු 17 කදී).