කොකොස් දිවයින්හි කැරැල්ල

විකිපීඩියා වෙතින්
(කොකොස් දිවයිනෙහි කැරැල්ල වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
කොකොස් දිවයින්හි කැරැල්ල
දෙවන ලෝක යුද්ධය කොටසකි
Cocos (Keeling) Islands-CIA WFB Map.png
කොකොස් (කීලිං) දිවයින්හී සිතියම.
දිනයමැයි 8, 1942
ස්ථානයකොකොස් (කීලිං) දිවයින්
ප්‍රතිඵලය බ්‍රිතාන්‍ය ජයග්‍රහණය
රණපත්හු
 එක්සත් රාජධානිය ලාංකික කැරළිකරුවන්
ආඥාපතීන් සහ නායකයන්
එක්සත් රාජධානිය කපිතාන් ගාඩිනර් ග්‍රේෂන් ප්‍රනාන්දු
ප්‍රබලතාව

මිනිසුන් 26 ක්

අඟල් 6 තුවක්කු (මි.මි. 152)

මිනිසුන් 15 ක්
බ්‍රෙන් සැහැල්ලු මැෂින් තුවක්කු 1 ක්

අඟල් 6 (මි.මී. 152) සහ අඟල් 9 (මි.මී. 227) තුවක්කු
ආපතිකයන් සහ හානියන්
එක්සත් රාජධානිය මරණ: 1
තුවාල: 1

3 දෙනෙකුට මරණ දණ්ඩනය

8 දෙනෙකු සිර ගත කිරීම

කොකොස් දිවයින්හි කැරැල්ල යනු 1943 මැයි 8වන දින ලාංකික (ශ්‍රී ලාංකික) සෙබලුන් විසින් බ්‍රිතාන්‍ය නිළදාරීන්ට එරෙහිව, දෙවන ලෝක යුද්ධ සමයේ කොකොස් (කීලිං) දිවයින් හී ක්‍රියාවට නංවන ලද අසාර්ථක වූ කැරැල්ලකි.

කැරැලිකරුවන් උත්සාහ කළේ දූපතේ බලය අත්පත් කරගෙන දූපතේ බ්‍රිතාන්‍ය බලය අක්‍රිය කිරීමට ය. ඔවුන් දූපත ජපාන අධිරාජ්‍ය වෙත භාර දීමට සැලසුම් කර ඇතැයි ද පැවසේ. [තහවුරු කරන්න] කෙසේ වෙතත් කැරැල්ල සාර්ථකව මර්ධනය කර කැරලිකරුවන් ට දඬුවම් පනවන ලදි. කැරැල්ල ඇරඹූ නායකයන් තිදෙනාට මරණ දන්ඩණය පමුනුවනු ලද අතර, ඒ කැරැල්ලක් හේතුවෙන් දෙවෙනි ලෝක යුද සමයේ මරණයට පත් කරන ලද එකම බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලීය සෙබලුන් ලෙස ය.

පසුබිම[සංස්කරණය]

1939 සැප්තැම්බර් 2 වැනිදා (නොහොත් බ්‍රිතාන්‍යය නාසි ජර්මනියට එරෙහිව යුද ප්‍රකාශ කිරීමට දිනයකට පෙර) ලංකා ආරක්ෂක හමුදාවට (සිලෝන් ඩිෆෙන්ස් ෆෝස් - CDF) අයත් ලංකා ගැරිසන් කාලතුවක්කු (සිලෝන් ගැරිසන් ආටිලරි - CGA), ලංකා සැහැල්ලු පාබල හමුදාව (සිලෝන් ලයිට් ඉන්ෆැන්ට්‍රි - CLI) සහ ලංකා ස්වේඡ්චා වෛද්‍ය බලකාය (සිලෝන් වොලන්ට්‍රි මෙඩිකල් කෝප්ස්) බලමුලු ගන්වන ලදි. මෙයින් සිලෝන් ගැරිසන් ආටිලරි ඒකක අඟල් 6 සහ අඟල් 9 තුවක්කු වලින් සන්නද්ද වූ අතර, ඔවුන්ගෙන් ඒකක කිහිපයක් ද, සැහැල්ලු පාබල හමුදාවෙන් සහ වෛද්‍ය බලකායෙන් කිහිපයක් ද කොකොස් දූපන් වලට පිටත් කර යවන ලදි. මෙම බලකාය සෙබලුන් 75 කින් සමන්විත වූ අතර ඔවුන් කපිතාන් ජෝජ් ගාඩිනර් යටතේ විය. අඟල් හයේ තුවක්කු දෙකක් කොකෝස් දූපත් වලින් එකක් වූ හෝර්ස්බර්ග් දුපතෙ හි පිහිටුවා එහි රජුගේ අෆ්‍රිකානු රයිෆල් ප්ලැටූනයක් රඳවන ලදි. [1]

බ්‍රිතාන්‍ය ප්‍රින්ස් ඔෆ් වේල්ස් සහ රිපල්ස් යුධ නෞකා ගිල්වීම සහ ඉන් පසු සිංගප්පූරුව වැටීම ත් සමග බ්‍රිතාන්‍යය ට උතුරු ඕස්ට්‍රේලියා සහ නැගෙනහිර ඉන්දියා ප්‍රදේශ ආරක්ෂා කිරීමේ හැකියාව බිඳ වැටුනි. මේ අතර ජපානය ඉන්දියානු සාගරය ඔස්සේ පහරදීමෙන් cruiser නෞකා දෙකක් සහ හර්මීස් ගුවන් යානා වාහක නෞකාව ගිල්වන ලදි. මෙයින් ගිණිකොන පැසිෆික් කලාපයේ මිත්‍ර යුධ ගුවන් යානා සම්පූර්ණ වියවුල් තත්වයට පත්විය.

මෙවැනි ජපාන සාර්ථකත්වයන් නිසා ලංකාවේ ජනයා ජපානයට වඩාත් අනුග්‍රහයක් දැක්විය. බොහෝ ලංකිකයන් සිතුවේ රටට නිදහස ලබා ගැනීමට ජපානය උදවු කරනු ඇති බවය. මේ කාලයේ, තරුණ ජේ.ආර්. ජයවර්ධන (පසු කලක ජනාධිපති වූ), මේ අරමුණෙන් යුතුව ජපානය සමග සාකච්චා කළත්, යටත්විජිත ආණ්ඩුවට පක්ෂපාති වූ ඩී.එස්. සේනානායක (නිදහසින් පසු පළමු අග්‍රාමාත්‍යය වූ) ඒවා වලක්වන ලදි. [තහවුරු කරන්න]

කැරැල්ල[සංස්කරණය]

මැයි 8 වැනිදා රාත්‍රියේ, හෝස්බර්ග් දූපතේ සිටි සිලෝන් ගැරිසන් ආටිලරි හමුදාවේ 56 දෙනාගෙන් 30 දෙනෙක් දූපත ජපානයට අල්ලා දීමට කැරැල්ලක් ආරම්භ කරන ලදි. ඔවුන්ගේ සැලසුම වූයේ අණ දෙන නිළධාරි කපිතාන් ගාඩිනර්, සහ නියෝජ්‍ය අණ දෙන නිලාධරි ලුතිනන් ස්ටීවන්ස් අත් අඩංගුවට ගෙන, බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයට සහයෝගය දැක්වූ අනෙකුත් සෙබලුන් ද නිරායුධ කර, අඟල් 6 තුවක්කු ඩිරෙක්ෂන් දූපත දෙසට හරවා වෙඩි තැබීම යි. ඒ මාර්තු 3 වැනිදා ක්‍රිස්මස් දූපත අල්ලා ගෙන සිටි ජපන් හමුදාවට සංඥා කිරීම සඳහා ය. [2]

කෙසේ වෙතත් සියලුම සොල්දාදුවන් අත තිබුනේ දුර්වල ආයුධ විය. සමාරිස් ජයසේකර නම් සෙබලෙක් වෙඩි වැදී මියගිය අතර, ලුතිනන් ස්ටීවන්ස්ට තුවාල විය. කැරලිකරුවන් අත වූ එකම බ්‍රෙන් මැෂින් තුවක්කුව කපිතාන් ගාඩිනර් වෙත එල්ල කරන ඒ මොහොතේම ක්‍රියා විරහිත වුනි. ඉන් පසු කැරලිකරුවන් අඟල් 6 තුවක්කු ඩිරෙක්ෂන් දූපතට හැරවීමට උත්සාහ කළ ද ඉක්මනින් ම බ්‍රිතාන්‍ය පක්ෂපාති සෙබලුන් විසින් මෙල්ල කරන ලදි. [3]

සමාරිස් ජයසේකර සම්පූර්ණ යුද උපහාර සමග මැයි 10 වැනිදා හෝස්බර්ග් දූපතේදී භූමදානය කරන ලද අතර පසුව සිංගප්පූරුවේ ක්‍රන්ජි යුධ ස්මාරකය අසල නැවත භූමදානය කරන ලදි. කොකොස් දිවයිනේ පැවති යුද අධිකරන විභාගයකින් හත් දෙනෙකුට වැරදිකරුවන් ලෙස මරණ දන්ඩණය පැනවුනු අතර ඉන් සිව් දෙනෙකුගේ දඬුවම සිර දඬුවමකට ලිහිල් කෙරුනි.

කුමන්ත්‍රණ නායකයා වූ ප්‍රනාන්දු බ්‍රිතාන්‍යයන්ගෙන් සමාවක් අයැදීම අවසන් මොහොත තෙක්ම ප්‍රතික්ෂේප කළේය. තමා දේශප්‍රේමියකු බව කියා සිටි ඔහුගේ අවසාන වචන වූයේ "විදේශිකයන්ගේ පයට පෑගී සිටින තාක් කල් රටක දේශප්‍රේමී හැඟීම් නැති කළ නොහැකි යි" යන්න යි. ඔහුව ද, අනෙක් කැරලිකරුවන් දෙදෙනාවද, 1942 අගෝස්තු 5 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේදි මරණ දන්ඩනයට ලක් කරන ලදි.[4]

කැරලිකරුවන්[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  • https://en.wikipedia.org/wiki/Cocos_Islands_mutiny
  • Arsecularatne, SN, Sinhalese immigrants in Malaysia & Singapore, 1860-1990: History through recollections, KVG de Silva & Sons, Colombo, 1991
  • Crusz, Noel, The Cocos Islands Mutiny, Fremantle Arts Centre Press, Fremantle, WA, 2001
  • Muthiah, Wesley and Wanasinghe, Sydney, Britain, World War 2 and the Sama Samajists, Young Socialist Publication, Colombo, 1996
  1. එල්, ක්ලෙමන් (1999–2000). "කොකොස් අයිලන්ඩ්ස් ඩියුරින් වර්ල්ස් වෝ ටූ" (දෙවෙනි ලෝක යුද සමයේ කොකෝස් දූපත්). Forgotten Campaign: The Dutch East Indies Campaign 1941-1942.
  2. http://www.dutcheastindies.webs.com/christmas.html එල්, ක්ලෙමන් (1999–2000). "ද මිස්ට්‍රි ඔෆ් ක්‍රිස්මස් අයිලන්ඩ්ස්, මාර්තු 1942". (ක්‍රිස්මස් දූපතේ අභිරහස) Forgotten Campaign: The Dutch East Indies Campaign 1941-1942.
  3. http://www.awm.gov.au/journal/j34/cocosmutiny.htm
  4. http://www.lankadeepa.lk/Rasawitha/%E0%B6%91%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7-%E0%B6%91%E0%B6%BB%E0%B7%84%E0%B7%80-%E0%B6%BD%E0%B6%9A-%E0%B6%BA%E0%B6%AF-%E0%B7%83%E0%B6%B6%E0%B7%85%E0%B6%B1-%E0%B6%9A%E0%B6%9A%E0%B7%83-%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B6%B1%E0%B6%AF-%E0%B6%87%E0%B6%AD%E0%B6%9A%E0%B7%85-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B6%BD/57-537384