බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාව

විකිපීඩියා වෙතින්
බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාව
British Army Logo.png
ඇරඹුනේ1660 (363 වසර)
රට එක්සත් රාජධානිය[note 1]
පක්ෂපාතිත්වයදෙවන එලිසබෙත් රැජින
වර්ගයයුද්ධ හමුදාව
විශාලත්වය125,430 නිත්‍ය සහ යුද්ධ හමුදා උපසේවා
121,800 නිත්‍ය උපසේවා
අනුශාසකදෙවන එලිසබෙත් රැජින
වෙබ් අඩවියwww.army.mod.uk
ආඥාපතිවරු
සාමාන්‍ය මාණ්ඩලික ප්‍රධානියාජනරාල් ශ්‍රීමත් පීටර් වෝල් GCB
භූමි සේනාවේ ආඥාපතිලුතිනන් ජනරාල් ශ්‍රීමත් නික් කාටර් KCB
නිලබරණ
යුද්ධ ධජය[note 2]
Flag of the United Kingdom (3-5).svg
උත්සවාකාර-නොවන ධජය
Flag of the British Army (1938-present).svg

බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාව යනු බ්‍රිතාන්‍ය සන්නද්ධ හමුදාවේ භූමියේ සටන්ක්‍රියා අංශය වෙයි. 1660දී ස්ථාපනය කෙරුණු ඉංග්‍රීසි යුද්ධ හමුදාව වෙනුවට 1707 දී නව බ්‍රිතාන්‍ය හමුදාව තැනුනේ,[note 3] එකල පැවති ස්කොට් ජාතික රෙජිමේන්තු ඇතුලත් කර ගනිමිනි. එය පරිපාලනය කරනු ලැබුවේ, ලන්ඩනයෙහි පිහිටි යුද්ධ කාර්යාලය විසින් වන අතර, 1964දී මෙම කාර්යය ආරක්ෂක අමාත්‍යාංශය වෙත උපග්‍රහණය කෙරිණි. බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවේ වෘත්තිමය ප්‍රධානියා වන්නේ සාමාන්‍ය මාණ්ඩලික ප්‍රධානියා වෙයි.

1908දී උප සේවා ප්‍රාදේශික බලකාය ස්ථාපනය කිරීමෙන් පසුව, බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවේ පූර්ණ-කාලීන කොටස හැඳින්වෙන්නේ නිත්‍ය යුද්ධ හමුදාව ලෙසිනි. යුද්ධ හමුදාවේ සමස්ත සාමාජිකත්වය, ආඥාපති වන්නාවූ රජු වෙත පක්ෂපාතිත්වය දිවුරා (හෝ සහතික කර) පොරොන්දු වෙති. කෙසේවෙතත්, 1689 අයිතිවාසිකම් පණත විසින් මතු කරන අවශ්‍යතාවයක් වන්නේ, සාම කාලයේදී ස්ථාවර යුද්ධ හමුදාවක් පවත්වාගෙන යෑමට නම්, කිරීටය විසින් පාර්ලිමේන්තුවෙහි අනුමතිය ලබා ගත යුතු බවය. යුද්ධ හමුදාව අඛණ්ඩව පවත්වාගෙන යෑම හැකි වන පරිදී, අඩු වශයෙන් සෑම පස් වසරකටම වරක් හෝ යුද්ධ හමුදා පණතක් පාර්ලිමේන්තුව විසින් අනුමත කරයි. රාජකීය නාවික හමුදාව, රාජකීය සාමුද්‍රික සේනාව සහ රාජකීය ගුවන් හමුදාව යන්නන්ට හාත්පසින්ම විරුද්ධ ලෙසින්, බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවේ පදවි නාමයෙහි රාජකීය යන්න නොමැත්තේ, පාර්ලිමේන්තුව සහ රාජාණ්ඩුව අතර ඓතිහාසික අරගලයතට පසුව, බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාව සැමවිටම වගකියන්නේ පාර්ලිමේන්තුවට මිස රාජාණ්ඩුවට නොවන බැවිනි.[1]යුද්ධ හමුදාවේ බොහෝ සංඝටක රෙජිමේන්තු සහ සේනාංගයන් සඳහා "රාජකීය" යන උපසර්ගය භාවිතා කිරීමට අවසර දී ඇති අතර සමහර රෙජිමේන්තු තුල රාජකීය පවුලේ සාමාජීකයන් හට ජ්‍යෙෂ්ඨ ගරු තානාත්තර දැරීමට ඉඩ හැර ඇත.

සටහන් සහ ආශ්‍රිත[සංස්කරණය]

ආශ්‍රිත
  1. "නිෂනල් ආමි මියුසියම්: අබවුට් අස්". Nam.ac.uk. 8 සැප්තැම්බර් 2011. සම්ප්‍රවේශය 13 සැප්තැම්බර් 2013.
සටහන්
  1. 1707–1800
  2. ඉංග්‍රීසි යුද්ධ හමුදාව වෙත අයර්ලන්ත සහ වේල්ස රෙජිමේන්තුද සමන්විත වූයේ, ස්කොට්ලන්තය හා ඒකාබද්ධ වීමට පෙරාතුව, අයර්ලන්තය එංගලන්තයේ අනුගාමික රාජ්‍යයක් වූ අතර, වේල්සය එංගලන්තයේ කොටසක් විය.