ද්වාරය:ජලය
මෙවලම්
සාමාන්‍ය
මුද්‍රණය/අපනයනය
වෙනත් ව්‍යාපෘති තුල
පෙනුම
විකිපීඩියා වෙතින්
(ද්වාරය:Water වෙතින් යළි-යොමු කරන ලදි)
Wikipedia's portal for exploring content related to ජලයසැකිල්ල:SHORTDESC:Wikipedia's portal for exploring content related to ජලය
Portal maintenance status: (2022 අගෝස්තු)
|
හැඳින්වීම
Script error: The function "lead" does not exist.
තෝරාගත් ලිපි
-
Image 1

අධිතප්ත හුමාලය සඳහා, උෂ්ණත්වයට (C) එරෙහිව පරිමාව (v), ශක්තිය (u), එන්තැල්පිය (h), සහ එන්ට්‍රෝපිය (s)
අධිතප්ත හුමාලය (ඉංග්‍රීසි: Superheated steam) යනු, උෂ්ණත්ව මිනුම ගන්නාවූ නිරපේක්ෂ පීඩනයෙහිදී එහි වාෂ්පිකරණාංකයට (තාපාංකය) වඩා ඉහළ උෂ්ණත්වයක පවතින හුමාලය වෙයි; එබැවින්, වායුවක සිට සන්තෘප්ත වාෂ්ප සහ ද්‍රව මිශ්‍රණයක් දක්වා අවස්ථාව වෙනස් නොවන පරිදී (එනම් ඝනීභවනය නෙවෙන පරිදී) එහි උෂ්ණත්වය පහත හෙලමින්, යම් ප්‍රමාණයකට හුමාලය සිසිල් විය (එනම් එහි අභ්‍යන්තර ශක්තිය පැහැදම් විය) හැකි වෙයි. නියත පීඩනයක් තුලදී, සන්තෘප්ත හුමාලය (වායු සහ සන්තෘප්ත වාෂ්ප යන දෙකෙහිම මිශ්‍රණයක්) රත් කළහොත්, එහි උෂණත්වයද නියතව පවතින්නේ, වාෂ්ප ගුණත්වය (වියලි බව හෝ, සන්තෘප්ත වාෂ්ප අන්තර්ගතයෙහි ප්‍රතිශතය) 100% දෙසට ඉහළ යමින්, වියලි (එනම්, සන්තෘප්ත ද්‍රව නොමැති) සන්තෘප්ත හුමාලය බවට පත් වන බැවිනි. තාපන ප්රදානය දිගටම පවත්වා ගෙන ගියහොත්, වියලි සන්තෘප්ත හුමාලය "අධි" තප්ත වෙයි. මෙය සිදුවන්නේ, සන්තෘප්ත හුමාලය විසින් ඉහළ උෂ්ණක්ව පාෂ්ඨයක් ස්පර්ශ කළ විටෙකදීය. (තව දුරටත්...) -
Image 2

ට්‍රිටියම් ඔක්සයිඩ් (ඉංග්‍රීසි: Tritiated water, Tritium oxide, super-heavy water) හෝ 3H2O හෝ T2O ලෙසින් මුලින් හැඳින්වුනු, Super-බැර ජලය යනු, සාමාන්‍ය ජලයේ බොහෝ හයිඩ්රජන් ප්‍රමාණයක අඩංගු වන පොදුවේ පවතින හයිඩ්රජන්-1 සමස්ථානිකය වෙනුවට, සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක්, ට්‍රිටියම් නම් හයිඩ්රජන් සමස්ථානිකය අඩංගු වන, ජලය ආකාරයකි. (තව දුරටත්...) -
Image 3Raw sewage and industrial waste in the New River as it passes from Mexicali (Mexico) to Calexico, California
ජල දූෂණය (ඉංග්‍රීසි: Water pollution, aquatic pollution), යනු බොහෝ විට මිනිස් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස භාවිතයට අහිතකර වන ආකාරයට ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම වේ. (තව දුරටත්...) -
Image 4

ජලය අවස්ථා තුනෙහිදී: ද්‍රව, ඝන (අයිස්), සහ වාතය තුල ඇති (අදෘශ්‍යමාන) ජල වාෂ්ප. වලාකුළු වනාහි ජල වාෂ්පයෙන්-සංතෘප්ත වූ වාතයෙන් ඝණීභවනය වූ ජල බිඳිති වල සංචයනයන් වේ.
වතුර හෙවත් ජලය යනු හයිඩ්රජන් සහ ඔක්සිජන් යන්නෙන් සමන්විත සහ ජීවයෙහි සියළු ඥාත ආකරයන්හි පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය වන්නාවූ සුලබ රසායනික ද්‍රව්‍යය කි. (තව දුරටත්...) -
Image 5

ජල විද්‍යාව (Hydrology) යනු, පෘථිවිය පුරාම ජලයේ සංචලනය, ව්‍යාප්තිය හා ගුණත්වය අධ්‍යයනය කිරීමයි. එනම්, එමගින් ජල චක්‍රය හෙවත් ජලාවර්තන චක්‍රය හා ජල සම්පත් යන දෙකම සැලකිල්ලට ගනී. ජල විද්‍යාව හදාරන්නා ජල විද්‍යාඥයා හෙවත් Hydrologist ලෙස හඳුන්වන අතර ඔහු භූමිය, පාරිසරික විද්‍යාව, භෞතික භූගෝලීය විද්‍යාව හෝ සිවිල් සහ පාරිසරික ඉංජිනේරුකරණය යන ක්ෂේත්රයන් වල වැඩකරනු ලබයි. (තව දුරටත්...) -
Image 6

ජල චක්‍රය 
ජල චක්‍රය
ජල චක්‍රයට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. ජල චක්‍රය මෙහෙයවන සුර්යයා සාගරයේ ජලය උණුසුම් කරයි. එම ජලයෙන් කොටසක් ජල වාෂ්ප ලෙස වාෂ්පීකරණය වේ. අයිස් හා හිම ජලවාෂ්ප ලෙසට කෙලින්ම ඌර්ධව්‍යාප්තවේ. ඉහළ නගින වායු ධාරා ජල වාෂ්ප හා උත්ස්වේදනයෙන් ලැබුණු ජල වාෂ්ප (පසෙන් හා ශාක වලින් පිටවූ ජලය) ඉහළ වායුගෝලයට රැගෙන යයි. මෙම ජල වාෂ්ප ඉහළ අහසේදී සිසිල් උෂ්ණත්වය නිසා වළාකුළු බවට ඝනීභවනය වේ. වායුධාරා මඟින් වළාකුළු ලෝකය වටා සංසරණය වන අතර වළා අංශු ඝටනය වී, වර්ධනය වී වර්ෂාපතනය ලෙස අහසින් ලැබේ. මෙයින් කොටසක් හිම ලෙස ලැබෙන අතර ඒවා හිම වැස්ම හා ග්ලැසියර් ආකාරයට පත්ව වර්ෂ දහස් ගණනක් මිදුණු ජලය ගබඩා කර තබා ගනියි. වසන්ත සෘතුව වැනි උණුසුම් දේශගුණයේදී හිම දියවී ජලය ගොඩබිම මත ගලායයි. වර්ෂාපතනයෙන් වැඩි කොටසක් නැවතත් සාගරයට හෝ ගොඩබිමට එක්වන අතර ගුරුත්වාකර්ෂණය හේතුවෙන් ගොඩබිම මතින් අතිරික්තය ගලා යයි. මෙම අතිරික්තයෙන් කොටසක් නිම්න වල පවතින ගංගාවලට ගලා යන අතර මෙම ගංගා ජලය යොමු වන්නේ සාගරය දෙසටයි. මෙම අතිරික්තය හා භූගත ජල කාන්දුවීම් නැවුම් ජලය ලෙස විල් වල ගබඩා වේ.මෙම ජල අතිකිර්තය සැම විටම ගංගාවකට ගලා නොයයි. එයින් සමහරක් පොළොව තුළට කාන්දුවේ. මෙලෙස ඇතුළට කාන්දුවන ජලයෙන් කොටසක් ජලධර නැවත ජලයෙන් පුරවයි. මෙම ජලධර නැවුම් ජලය අති විශාල ප්‍රමාණයක් දීර්ඝ කාල පරිච්ඡේදයක් තිස්සේ රඳවා ගනියි. කාන්දුවීමෙන් කොටසක් පෘථිවියේ පෘෂ්ඨයට ආසන්නව තැන්පත් වී භූගත ජල කාන්දු ලෙස නැවතත් පෘෂ්ඨිය ජලය හා එක්වන අතර සමහර භූගත ජලය ගොඩබිමේ සිදුරු තුළින් උල්පත් ලෙස මතුවේ. එමඟින් ජල චක්‍රය නැවතත් ආරම්භ වේ. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට ජලය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්

කොමන්ස්
මාධ්‍ය

විකිනිව්ස්
පුවත්

විකික්වෝට්
කියමන්

විකිසෝර්ක්
මූලාශ්‍ර

විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර

වික්ෂනරි
අර්ථ දැක්වීම්

විකිඩේටා
දත්ත ගබඩාව

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:ජලය&oldid=512285" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි








