ද්වාරය:ග්‍රීසිය
හැඳින්වීම
ග්‍රීසිය, 'හෙලස්' යන නාමයෙන් ද හඳුන්වනු ලැබේ. නිල නාමය වනුයේ 'එළිනික් ජනරජය' යන්නයි. බෝල්කන් අර්ධද්වීපයේ දකුණු කෙළවරෙහි පිහිටා ඇති ග්‍රීසිය ගිණිකොන දිග යුරෝපයේ පිහිටි රටකි. මෙරටෙහි ගොඩබිම් දේශසීමා වනුයේ උතුරට ඇල්බේනියාව, මැසඩෝනියා ජනරජය, සහ බල්ගේරියාව ද, නැගෙනහිරට තුර්කිය ද, වශයෙනි. ඒජියන් මුහුද (Aegean Sea) ග්‍රීසියේ ප්‍රධාන දේශයෙන් නැගෙනහිරට ද, ලෝනියන් මුහුද බස්නාහිරට ද, සහ මධ්‍යධරණී මුහුද දකුණු දිශාවටද පිහිටා තිබෙයි. දිගින් ලොවෙහි දසවන ස්ථානය ගන්නා වෙරළ තීරය ග්‍රීසිය සතුවේ. එහි දිග කි.මී. 14880 කි (සැතපුම් 9246 කි). මෙම වෙරළ තීරයෙහි විදහා දැක්වෙන අංගෝපාංග අතර (1,400,227 ක් පමණ ජනතාවක් වෙසෙන) දූපත් විශාල සංඛ්‍යාවක් වෙයි. අනෙකුත් දූපත් අතර, ක්‍රීට් (Crete), ඩොඩකැනිස් (Dodcanese), සයික්ලඩස් (Cyclades), යනාදි දූපත් ද වෙයි. ග්‍රීසියේ භූමි භාගයෙන් සියයට 80 ක් ම සමන්විත වනුයේ මීටර් 2917 ක (අඩි 9570.21) උසින් යුත් ඔලිම්පස් කන්දය. [තහවුරු කර නොමැත]
පෞරාණික ග්‍රීසියේ සභ්‍යත්වය පිළිබඳව නූතන ග්‍රීසිය සාක්ෂි දරන්නීය. සාමාන්‍යයෙන් මෙය හඳුන්වනුයේ බටහිර සභ්‍යත්වයේ සමාරම්භ ස්ථානය ලෙසය. නිදසුනක් දක්වතොත්, ප්‍රජාතන්ත්‍රවාදයෙහි උපත සිදුවන්නේත් ග්‍රීසියෙයි. එමෙන්ම බටහිර දර්ශන විද්‍යාව, ඔලිම්පික් ක්‍රීඩා, බටහිර සාහිත්‍යය සහ ඉතිහාසය ලේඛනගත කිරීම, දේශපාලන විද්‍යාව, විද්‍යාත්මක හා ජ්‍යාමිතික වැදගත් මුලධර්ම, ඛේදවාචක හා ප්‍රහසනද ඇතුළු බටහිර දෘෂ්‍යකාව්‍යයේ උපත සිදුවන්නේද ග්‍රීසියෙයි. මේවායින් කොටසක් 17 වන යුනෙස්කෝ ලෝක උරුමයන්ට අදාළව සැකසී ඇති ලේඛනයේද පිළිබිඹු කර තිබේ. (තව දුරටත්...)
තෝරාගත් ලිපි
Lua දෝෂය in Module:Selected_recent_additions at line 69: bad argument #1 to 'gmatch' (string expected, got nil).
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට ග්‍රීසිය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.










