Jump to content

පුරාතන ග්‍රීසිය

විකිපීඩියා වෙතින්
(Ancient Greece වෙතින් යළි-යොමු කරන ලදි)
පාතිනොන් යනු පුරාණ ග්‍රීසියේ වඩාත් සිහි කටයුතු සංස්කෘතිකමය ලකුණකි.

මෙම ලිපිය පහත ලිපි පෙලෙහි කොටසකි:

ග්‍රීසියේ ඉතිහාසය

ග්‍රීක ප්‍රාග්ඉතිහාසය
හෙළදික ශිෂ්ඨාචාරය
සයික්ලදික ශිෂ්ඨාචාරය
මිනොවන් ශිෂ්ඨාචාරය
මයිසිනියානු ශිෂ්ඨාචාරය
ග්‍රීක අප්‍රකට යුග
පුරාතන ග්‍රීසිය
පෞරාණික ග්‍රීසිය
සම්භාව්‍ය ග්‍රීසිය
හෙළනිස්ටියානු ග්‍රීසිය
රෝමානු ග්‍රීසිය
මධ්‍යතන ග්‍රීසිය
බයිසැන්ටියානු අධිරාජ්‍යය
ඔටෝමානු ග්‍රීසිය
නවීන ග්‍රීසිය
ග්‍රීක නිදහස් සටන
ග්‍රීක රාජධානිය
අක්ෂ හමුදා විසින් ග්‍රීසිය යටත් කරගෙන සිටීම
ග්‍රීක සිවිල් යුද්ධය
මිලිටරි ජුන්ටාව
හෙළනික ජනරජය
විෂයානුරූප ඉතිහාසයන්
ග්‍රීසියේ ආර්ථික ඉතිහාසය
ග්‍රීසියේ යුද්ධ ඉතිහාසය
ග්‍රීසියේ ව්‍යවස්ථාදායක ඉතිහාසය
ග්‍රීකවරුන්ගේ නම්
ග්‍රීක කලාවේ ඉතිහාසය

පුරාණ ග්‍රීසිය, කි.පූ 750 සිට කි.පූ 146 දක්වා වූ ශ්‍රේෂ්ඨ ග්‍රීක ඉතිහාසයේ එක් කාල පරිච්ඡේදයකි. (පුරාණ යුගයේ සිට රෝමයට යටත් වීම දක්වා) එය සාමාන්‍යයෙන් සැලකෙන්නේ බටහිර ශිෂ්ටාචාරයේ අනාගත අභිවෘද්ධිය සඳහා පසුබිම සැපයූ සංස්කෘතියක් වශයෙනි. රෝම අධිරාජ්‍යය විසින් ග්‍රීක සංස්කෘතික ලක්ෂණ යුරෝපයේ බොහෝ ප්‍රදේශවල ව්‍යාප්ත කළේය.

පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරය භාෂාව, දේශපාලනය, අධ්‍යාපන ක්‍රමය, දර්ශනය, විද්‍යාව සහ කලාව කෙරෙහි ප්‍රබල ලෙස බලපෑවේය. එසේම එය බටහිර යුරෝපයේ පුණර්ජීවනයට මෙන්ම නැවතත් 18, 19 ශත වර්ෂවල දී ඇති වූ විවිධාකාර නව ශාස්ත්‍රීය ප්‍රබෝධයටත් බලපෑවේය.

කාල නිර්ණය

[සංස්කරණය]

පුරාතන ග්‍රීක යුග‍ෙය් ආරම්භය හෝ අවසාන පිළිබඳ දින වකවානු සම්බන්ධයෙන් නිශ්චිත හෝ ලෝක සම්මත වශයෙන් පැහැදිලි නිගමනයක් නැත. සාමාන්‍ය පොදු ව්‍යවහාරයේ එය රෝම ආධිපත්‍යයට පෙර වූ 'සම්පූර්ණ ග්‍රීක ඉතිහාසයම' ලෙස හැඳින්වේ. එහෙත් ඉතිහාසඥයෝ එම යෙදුම නොවරදවා භාවිතා කරති. කි.පූ. 1150 දී අභාවයට පත් වූ ලෙස සැළකෙන, ග්‍රීක භාෂාව කථා කළ මයිසේනියන් (Mycenaean) ශිෂ්ටාචාරය සහ එයට කලින් තිබුණු හෙලනික් ශිෂ්ටාචාරය ද, “පුරාණ ග්‍රීක යුගය” හැඳින්වීමේදී ඉවත් කර තිබේ. ක්‍රි.පූ. 776 දී පැවැත්වූ ඔලිම්පික් උළෙලක්, පළමු ඔලිම්පික් උළෙල ලෙස වාර්තා ගත වී ඇත. ඉතිහාසඥයින් කියා සිටින්නේ එම පළමු ඔලිම්පික් උළෙල පුරාණ ග්‍රීක යුගයේ ආරම්භයයි යනුවෙනි. මයිසේනියන් යුගයේ අවසානයත් පළමු ඔලිම්පික් උළෙලත් අතර කාලය ග්‍රීක අඳුරු යුගය ලෙස සලකනු ලැබේ. ඵයට හේතුව ලිඛිත වාර්තා නොමැති වීම සහ පුරාවිද්‍යාත්මක නටබුන් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් තිබීම හේතුවෙනි. මෙම යුගය දැන් බොහෝවිට 'පුරාණ ග්‍රීසිය' යන මාතෘකාවට ඇතුළත් කෙරෙයි.

පරම්පරාගත තොරතුරු අනුව පුරාතන ග්‍රීක යුගය මහා ඇලෙක්සැන්ඩර්ගේ මරණයත් සමඟ අවසාන වෙයි. ඵමෙන්ම ඵය හෙලෙනිස්තික යුගයේ ආරම්භයයි. ක්‍රි.පු 146 දී සිදු වූ රෝම ආක්‍රමණයට පසු කාලය ද පුරාණ ග්‍රීක යුගය ලෙස බොහෝ විට ඇතුළත් වේ. 3 වන ශත වර්ෂයේදී ක්‍රිස්තියානින් පැමිණෙන තෙක් පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරය අඛණ්ඩව පැවතුන බව සමහර ලේඛකයන් අදහස් කරති. ඵහෙත් මෙම අදහස බොහෝ දුරට පිළිගැනෙන්නේ නැත.

පුරාණ ග්‍රීක යුගය උප යුග හතරකට බෙදෙයි. ඵ් මැටි බඳුන්වල ශෛලිය හා දේශපාලනික සිද්ධින් ප්‍රායෝගිකව සළකා බැලීමෙනි. ග්‍රීක අඳුරු යුගය (ක්‍රි.පු.1150 - 800) මෙම යුගයේ මැටි බඳුන්වල ජ්‍යාමිතික මෝස්තර දක්නට ඇත. ඉන් පසු පෞරාණික යුගයයි (ක්‍රි.පූ.800 - 500) මෙම යුගයේ කලාකරුවන් වඩා විශාල පිළිරූ නිර්මාණය කළහ. ඵ්වා සුන්දර සිනාවකින් යුත් ජූජකයන්ගේ ඉරියව්වලින් යුක්ත විය. පෞරාණික යුගය ක්‍රි.පූ 570 දී ඇතැන්ස්හි කෲර පාලකයා බලයෙන් පහ කිරීමෙන් අවසාන විය.

ක්‍රි.පූ 323 දී සිදුවූ ඇලෙක්සැන්ඩර්ගේ අභාවය (ග්‍රීක දර්ශනය සහ බලය ආසන්න ප්‍රදේශවලට සහ මැද පෙරදිගට ව්‍යාප්ත වුනු) හෙලෙනිස්තික් යුගයේ ආරම්භය සනිටුහන් කිරීමට යොදා ගනු ලැබේ. මෙම යුගය රෝම ආක්‍රමණය සිදුවූ ක්‍රි.පූ 146 දී අවසාන වි

දේශපාලනය

[සංස්කරණය]

මූලික වශයෙන් ග්‍රීක නගර ආණ්ඩු කඩා රාජධානි ලෙස පෙනී යයි. තවද, නිතරම රජුගේ චාරිත්‍රානුකූල උත්සව සිදුකෙරෙන නිල නගරයක් (බැසිලියස්) තිබුණි. උදා- ඇතන්ස්හි ආකොන් බැසිලියස්. කෙසේ වෙතත් පුරාතන යුගය සහ ප්‍රාග් ඓතිහාසික සමය වන විට බොහෝ දෙනෙක් වංශවත් රදලයන් බවට පත්ව සිටියහ. මේ වෙනස සිදු වූ ආකාරය අපැහැදිලිය. උදාහරණයක් වශයෙන් ගත් කළ ක්‍රි.පූ : 1050 වන විට රාජ පදවිය ජීවිතාන්තය දක්වා උරුම ප්‍රධාන මහේස්ත්‍රාත් පදවිය දක්වා (ආකොන්) පහතට බැසිණි; ක්‍රි.පූ 753 වන විට ඉහත පදවිය සඳහා වසර 10 කට වරක් ද ක්‍රි.පූ 683 වන විට වර්ෂයක් පාසාද පුද්ගලයන් පත්කරන ලදී. සෑම පියවරක් පාසාම වැඩි ජවයකින් රදල පැලැන්තියට සංක්‍රමණය වීම සිදු විය.


දේශපාලනය සමගම කුඩා කණ්ඩායම් හා පවුල්වලින් එකතු වූ ධන සම්භාරය, බොහෝ නගර ආණ්ඩුවල නොසන්සුන් බවක් ඇති කරළීය. බොහෝ නගරවල කෲර පාලකයන් ස්ව කැමැත්තට අනුව ආණ්ඩු පාලනය කළහ. නිතරම ඔවුන් බලයේ සිටීමට වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට වුහ.පන්ති භේදයෙන් බැට කෑමට ලක් වූ මෙවන් යුගයක නිතරම හොඳම විසඳුම වූයේ ශක්තිවන්තයෙකුගේ පාලනයයි.

6 වැනි ශතවර්ෂයේ දෙවන භාගයේදී ඇතන්ස් නගරය කෲර පාලනය යටතේ ඇද වැටිණි. රදලයන් නැවත බලය අල්ලා ගැනීමට එරෙහිව දේශපාලනික විසඳුමක් වශයෙන් මෙම කෲර පාලනය අවසන් වූ විට ඇතන්ස් වැසියෝ ලොව මුල්ම ප්‍රජාතන්ත්‍රවාදය පිහිටවූහ. ක්‍රි.පූ 621 දී ඩ්‍රැකෝගේ ප්‍රතිසංස්කරණවල සිටම නාගරික ප්‍රතිපත්ති සඳහා වූ (එකල්සියා) රැස්වීම් පැවැත්විණි.සොලොන් ප්‍රතිසංස්කරණවලට පසු (6 වැනි ශතවර්ෂය මුලදී ) සියලුම වැසියන්ට එයට සහභාගී වීමට අවස්ථාව ලැබුණු නමුත් දරිද්‍රතාවයේ අන්තයේ සිටියවුන්ට රැස්වීම ඇමතීමට හෝ රජයේ රැකියා කිරීමට අවසර නොලැබුණි. ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීමත් සමගම මෙම රැස්වීම ආණ්ඩුවේ ඩී ජර් යාන්ත්‍රණය බවට පත් වූ අතර ඉන්පසු සියලුම පුරවැසියන්ට රැස්වීමේදී සම අයිතීන් ලැබුණි. කෙසේ නමුත් ඇතන්ස්හිදී සිටි පුරවැසියන් නොවන්නවුන්ටද (විදේශිකයන් වැනි) වහල්ලුන්ටද දේශපාලන අයිතීන් හිමිවුණේ නැත.


ඇතන්ස්හි ප්‍රජාතන්ත්‍ර වාදයේ නැගීමත් සමගම අනෙක් නගර ආණ්ඩුද ප්‍රජාතන්ත්‍රවාදය පිහිටවූහ.කෙසේ වෙතත් බොහෝ නගර ආණ්ඩු පාරම්පරික ආණ්ඩු ක්‍රම පවත්වා ගැනීමට උත්සුක වූහ. නමුත් ස්පාටා නගරය ප්‍රවේණි අධිරාජ්‍යයවරු දෙදෙනෙක් යටතේ පාලනය විය. කෙසේ වෙතත් වැඩිහිටි අයවලුන්ගේ කවුන්සලයක් (ජෙරෝසියා) සහ රජවරුන්ට රැකවල් දා සිටි මහේස්ත්‍රාත්වරුන් නිසා මෙම රජවරුන්ගේ බලයට බාධා පැමිණුණි.

දේශපාලනික ක්‍රම

[සංස්කරණය]

පුරාණ ග්‍රීසියේ සිය ගණනකට ආසන්න නිදහස් නගර ආණ්ඩු පැවතුණි(පෝලිස්). මේවා ගෝත්‍රික වශයෙන් හා විශාල ප්‍රාන්ත වශයෙන් පාලනය කළ රාජධානි විය. ඒ නගරවල පැවති සමාජ රටාව සමකාලීන සමාජවලට වඩා වෙනස් ආරක් ගෙන තිබුණි. මීට සම කළ හැකි අවස්ථාවක් පීනීෂියා ජනපදයේ වෙරළාසන්න නගරවල දැකිය හැකිය. පුරාණ ග්‍රීසියේ කඩතොළු ස්වභාවයට හේතු වූ කඳුහෙල් හා ගංගා හේතුවෙන් ග්‍රීසියේ භූගෝලය ප්‍රධාන හා උප වශයෙන් බෙදී පැවතුන බව සැකයකින් තොරව කිව හැකිය. කෙසේ වෙතත් ග්‍රීකයන් සහජයෙන් ගෙන ආ දේවලින් යම් තත්ත්වයක් ගොඩ නැගී තිබුණි.ඔවුන්ට වූයේ එක එකම ආගමකි.එකම මූලික සංස්කෘතියකි. එකම භාෂාවකි. එහෙත් පෝලිස් හි ස්වෛරීභාවය තදින්ම ආරක්ෂා කෙරිණි. එක්සත් කිරීම යනු ග්‍රීකයන් විසින් කලාතුරකින් සලකා බැලුණු දෙයක් විය. මේනිසා පුරාතන ග්‍රීක දේශපාලනික පද්ධතියේ ප්‍රධාන විශේෂත්වයන් වන්නේ මූලික ලෙසම එහි කඩතොළු සහිත ස්වභාවයයි. මෙහි විශේෂයෙන් ගෝත්‍රික සම්භවය දක්නට නොලැබේ. දෙවනුව නාගරික ප්‍රදේශවල ඇති වූ විශේෂ කේන්ද්‍රගත වීමයි. මෙම විශේෂත්වයන් තව දුරටත් සාක්ෂාත් වන්නේ මධ්‍යධරණිය අවට වාසය කළ ජනපද තුළිනි. ඔවුන් එක්තරා ග්‍රීක පෝලිසයක් තම මව ලෙස සලකා ඇත.


අනිවාර්ය ලෙසම කුඩා නගර ආණ්ඩුවලට වඩා විශාල ප්‍රාන්ත සැම විටම ඉහළින් සිටියා වුවත් වෙනත් නගර ආණ්ඩු මගින් පාලනය කිරීම ඉතා දුර්ලභ දෙයක් විය. නගර ආණ්ඩු එක්සත් මණ්ඩලවලට බෙදීම වෙනුවට සාමාජිකත්ව වෙනස් වීමක් පැවතිණි. පසුව සම්භාව්‍යය කාල පරිච්ඡේදයේදී එනම් එක්සත් මණ්ඩල ගණනින් කුඩා වුවත් බලවත් වූ කාලයේදී එක්පුරවරයක් පමණක් ඉහළින් බලපැවැත්වෙන ලදී. (විශේෂයෙන් ඇතන්ස්, ස්පාටා හා තීබ්ස්); එමෙන්ම නිතරම නගර ආණ්ඩු යුධ තර්ජනවලට යටත් විය. නැතහොත් සාම ගිවිසුම්වල පාර්ශවයක් ලෙස පෙනී සිටියේය. මැක්ඩෝන්හි II වන පිලිප් පුරාතන ග්‍රීසියේ අග්‍ර නගරයන් පරාද කළ පසු පවා ඔහු ප්‍රාන්ත යටත් කර ගැනීමට හෝ එය නව පළාතක් යටතේ එක්සත් කිරීමට පෙළඹුණේ නැත. ඔහු ආණ්ඩු විශාල ගණනක් තමාගේම කොරින්තියානු එක්සත් මණ්ඩලය යටතට ගැනීමට පමණක් කටයුතු කළේය.

දේශපාලන මතවාද පිළිබඳ විමර්ශනයේදී ඇතන්ස් හා ස්පාට නගර රාජ්යන්වල පවතී ආණ්ඩු ක්‍රම පිලිබඳ අවබෝධයක් ලබාගැනීම වැදගත් ය. ඇතන්ස් හී ඍජු ප්‍රජාතන්ත්‍ර වාදී ආණ්ඩු ක්‍රමයක් වූ අතර ස්පාට හී කතිපයාධිකාරී ආණ්ඩු ක්‍රමයක් විය. කෙසේ වෙතත් සොක්‍රටීස්,ප්ලේටෝ මෙන්ම ඇරිස්ටෝටල් ද මෙම ඇතන්ස් පාලනය පිලිබඳ පැහැදීමකින් නොසිටි බව පෙනේ . විශේෂයෙන් ප්ලේටෝගේ සමූහාණ්ඩුව කෘතිය මඟින් ඍජු ප්‍රජාතන්ත්‍ර වාදී ආණ්ඩු ක්‍රමය දැඩි ලෙස විවේචනය කරන ලද අතර කතිපයධිකාරි ආණ්ඩුවට පක්ෂපාති මනෝරාජික පරමාදර්ශී රාජ්‍යක් නිර්මාණය කරන ලදී. ඇරිස්ටෝටල් විසින් ද ව්‍යවස්ථානුකූල ආණ්ඩු ක්‍රමයක් යහපත්ම ආණ්ඩු ක්‍රමය ලෙස දේශපාලනය කෘතිය තුලින් දක්වන ලදී.

සමාජීය ව්‍යුහය

[සංස්කරණය]

ජන්මයෙන්ම ඉඩම් කඩම් හිමි තැනැත්තන් පුරවැසි භාවය හිමි වු නියමු පුරවැසියන් යන නම ලද්දෝ වුහ. (පසුව පෙරිකල්ස් විසින් ජන්මයෙන්ම පුරවැසි භාවය හිමිවුවන්ගේ සීමා බැහැර කරන ලදී.) රෝමයේ වාගේ නොව වෙනත් බොහෝ නගරාණ්ඩු වල සමාජීය ප්‍රමුඛත්වය අනුව විශේෂ අයිතීන් හිමි නොවුණි. උදාහරණයක් වශයෙන් විශේෂ දෙපල හෝ අයිතීන්ගෙන් තොර සාමාන්‍ය පවුලක සාමාජිකයෙක් ගත හැකිය. සමහර අවස්ථාවලදී පවුල් විසින් ප්‍රසිද්ධ ආගමික උත්සව සංවිධානය කිරීම් සිදු කරනු ලැබිණි. නමුත් ඔවුන්ට ආණ්ඩුවේ අමතර බලයක් හිමි නොවුණි. ඇතැන්ස් හි ධනය වස්තුව මත පදනම් වු සමාජ පන්ති 4 ක් ලෙස ජනගහනය බෙදි පැවතුණි. මිනිසුන්ට තමුන් උපයන ආදායමේ හැටියට පන්ති වෙනස් කිරීමේ අයිතිය හිමිවී තිබුණි. ස්පාටාහි ඉගෙනීම් අවසන් කළ සියළු පුරුෂයින් “ සමාන” ලෙස නම් දරා තිබුණි. කෙසේ වෙතත් නගරාණ්ඩුවේ හමුදා හා ආගමික යන ද්විත්ව ආකාර වලින් සේවය කළ ස්පාටා වරු පෙළපත් දෙකකින් පැමිණියෝ වුහ. වහල්ලුන්ට කිසිදු තත්ත්වයක් හෝ බලයක් තිබුණේ නැත. ඔවුන්ට පවුල් වීමට හා දේපල ඇති කර ගැනීමට අයිතියක් තිබුණ මුත් දේශපාලන අයිතියක් තිබුණේ නැත. ක්‍රි.පු. 600 වන විට චංචල දේපල වහල් සේවය ග්‍රීසියේ ව්‍යාප්තව තිබුණි. ක්‍රි.පු. 5 වැනි ශත වර්ෂය වන විට සමහර නගරාණ්ඩුවල ජනගහනයෙන් 1/3 ක් වහල්ලු වූහ. ස්ටාපා වලින් පිටත වහල්ලු බොහෝ විට කැරලි ගැසීමට ඉදිරිපත් නොවුහ. ඔවුන් විවිධ ජාති වලින් යුක්ත වීම හා විසිර පැවතීම ඊට හේතු විය.

බොහෝ පවුල් වල සිටි වහල්ලු ගෘහ සේවයේ හා කම්කරුසේවයේ යෙදි සිටියෝ වූහ. දුප්පත් පවුල්වලට ඉතා කුඩා වහල්ලු ගණනක් සේවය කළහ. නමුත් වහල්ලු අයිතිකාරයින්ට තම වහල්ලුන්ට තැලීමට හෝ ඔවුන් ඝාතනය කිරීමට අවසර නොතිබුණි.හිමිකරුවෝ නිතරම අනාගතයේදි වහල්ලු නිදහස් කිරීමට පොරොන්දු වූහ. ඒ ඔවුන් තව දුරටත් වැඩෙහි යෙද වීමට කරන ධෛර්යක් වශයෙනි. එහෙත් මෙහි රෝමයේ මෙන් නිදහස් වු වහල්ලුන්ට පුරවැසි භාවය හිමි නොවීය. ඒ වෙනුවට ඔවුන් මෙටික්හි ජනතාව බවට පත් කරන ලදී. එහි වුයේ විදේශීය රටවලින් හෝ වෙනත් ආණ්ඩු වලින් පැමිණි ජනතාවයි. එහි ඔවුන්ට විසීමට නිල වශයෙන් ඉඩ හැර තිබුණි.

නගරාණ්ඩුව නීතිමය වශයෙන් අයිතිව තිබුණේ වහලුන්ටය. මෙම වහලුන්ට පවුල්වලට වැඩ කර දෙන වහලුන්ට වඩා විශාල නිදහසක් තිබුණි. ඇතැන්ස්හි ජනතාව වහල්ලුන් හොර සල්ලි අච්චු ගැසීම ගැන සෝදිසියෙන් සිටීමට ද දේවස්ථාන වල සිටි වහලුන්ව දෙවියන් වහන්සේගේ සේවකයන් ලෙසද පත් කර සිටියහ. ස්ටාපාහි හෙලොට්ස් නම් වු විශේෂ වහලුන් කොට්ඨාශයක්ද විය. හෙලොට්ස්වරු ග්‍රීක යුද්ධයේදී අල්ලාගත්තවුන් වූ අතර ඉන් පසු ඔවුන් බලහත් කාරයෙන් නිවෙස් වල වැඩට යොදවන ලදී. හොලට්ස් වරු ආහාර නිෂ්පාදනයද, ගෘහ අවශ්‍යතාද ඉටු කළහ.මෙනිසා කාන්තාවන්ට තම දරුවන් ලොකු මහත් කිරීමේ දී ද පුරුෂයන්ට හෙලොට්ස් වරු ලෙස පුහුණු වීම් වල යෙදීමට ද හැකියාව ලැබුණි. වහල්ලු තම හිමිකරුවන්ගෙන් කුරිරු සැලකීම් ලැබු අතර නිතරම ඔවුන්ට සීමා තහංචි යෙදි තිබුණි.

සංස්කෘතිය

[සංස්කරණය]

දර්ශනවාදය

[සංස්කරණය]

ග්‍රීක දර්ශන විද්‍යාව පදනම් වුයේ කරුණු හා පරීක්ෂණ මතය. එයින් වර්තමාන විද්‍යාවට මෙන්ම වර්තමාන දර්ශන විද්‍යාව කෙරෙහිද වැදගත් බලපෑමක් ඇති කෙරිණි. එසේම පැහැදිලි හා නොබිඳුණු සිද්ධිවල මුලාරම්භය ග්‍රීක හා ග්‍රීක දර්ශනවාදීන් සිදු වු ආකාර, මධ්‍යකාලීන මුස්ලිම් දර්ශනවාදීන්ට හා විද්‍යාඥයින් හටද, යුරෝපීය පුනරුදයට හා වර්තමාන ලෞකික විද්‍යාවටද බලපෑමක් ඇති වුයේය.

ග්‍රීක ගවේෂණ විද්‍යාව හා පැරණි ශිෂ්ටාචාර ගවේෂණ අතර වෙනස පැහැදිලි කිරීමත් සමඟම ඊජීප්තු හා බැබිලෝනියානු යන මාතෘකා ඔස්සේ සිද්ධාන්තිකව කරුණු අධ්‍යයනය කිරීම ඇරඹිණි.

සාහිත්‍යය

[සංස්කරණය]

වරක් ඇල්ෆඩ් නෝර්ත්ගේ ‘වයිට් හොඩ්' දර්ශන වාදය පිළිබඳ ඔහුගේ හිමිකම පෙන්වා දුන්නේය. සුළු පිරිසක් 'ප්ලෝටෝගේ' බව ප්‍රකාශ කළේය. අදහසක් වශයෙන් බටහිර සාහිත්‍යයේ එන පැරණි ග්‍රීසිය ගැන ලිවීම පුස්සක් බවත්, අතිශයෝක්තියක් බවත් ය. කෙසේවෙතත් සත්‍ය වනුයේ ග්‍රීසිය පිළිබඳ සාහිත්‍ය රචකයන්ගේ සංවාදයක් නොමැති බවයි.


ආගම හා මිත්‍යා මත

[සංස්කරණය]

පුරාතන ග්‍රීක මිත්‍යා කථා වල සඳහන් වන්නේ ඔවුන්ගේ දෙවියන් හා වීරයන් පිළිබඳවයි. එසේම ලෝකයේ ස්වාභාවය හා නියම අර්ථය පිළිබඳ අභ්‍යාසයේ යෙදිම ඔවුන්ගේ ආගමයි. මුලික ග්‍රීක දෙවියන් වුයේ දක්ෂ ඔලිම්පික් ක්‍රීඩකයන් දොළොස් දෙනෙකි. සීයුසස්, ඔහුගේ බිරිඳ හීරා, පොසීඩීන්, ඒරියස් හර්ටර්, හීතස්ටස්, ඇෆ්රෝඩයිට්, ඇට්ටෙනා, ඇපලෝ, අර්ටමිස්, සිම්ට්ර් සහ හොස්ටියා හීබ්, හේලිඔස්, හැඩ්ස් ඩියෝනීයස්, පරිසිෆෝන් සහ හැරකල්ස් අනෙකුත් වැදගත් දේවතාවන් වේ. සීයුස්ගේ මාපියන් ක්රොන්ස් හා රීයා වන අතර ඔහුගේ දරුවන් පොසිඩොන්, හැඩස්, හීරා, හෙස්ටියා, සහ ඕමිටර් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=පුරාතන_ග්‍රීසිය&oldid=557314" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි