ගාලු කොටුව වටලෑම (1640)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ගාලු කොටුව වටලෑම (1640)
300px
ගාලු කොටුව ගුවනේ සිට
දිනය1640 මාර්තු 8–13
ස්ථානයපෘතුගීසි බලකොටුව සැන්ටා කෲස් ඩි ගෝල්, ගාල්ල
ප්‍රතිඵලය ලන්දේසි–උඩරට ජයග්‍රහණය
රණපත්හු
Flag of the Dutch East India Company.svg ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම
King of Kandy.svg උඩරට රාජධානිය

Flag of Portugal (1578).svg පෘතුගීසි අධිරාජ්‍යය

ආඥාපතීන් සහ නායකයන්
විලෙම් ජේකොබ්සෝන් කෝස්ටර්
ඒඩ්‍රියන් කොර්නේලියෝ
දෙවන රාජසිංහ
ලොරෙන්සෝ ෆෙරෙයිරා ඩි බ්‍රිටෝ,
ෆ්‍රැන්සිස්කො ඩි මෙන්ඩොන්සා මනුවෙල්  
ප්‍රබලතාව

මුළු බලසේනාව

  • යුරෝපීය සෙබළුන් 3350[1][2]
  • ගණන නොදත් නාවිකයින්, බැන්ඩා හා මැලේ සෙබළුන්
  • ගණන නොදත් උඩරැටියන්
  • නැව් 24[1]
  • අවම වශයෙන් ඔරු 27ක්[3]

බලකොටුවේ ආරක්ෂක හමුදාව

අතිරේක භටයන්

ආපතිකයන් සහ හානියන්
යුරෝපීය සෙබළුන් 450 ක් පමණ මරණයට පත්විය[2][8] (1350ක් පමණ තක්සේරු කර ඇත),[9][10]
විශාල සංඛ්‍යාවක් තුවාල ලැබීය[11]
යුරෝපීය නොවන හමුදවලට සිදුවූ හානිය නොදනී
පෘතුගීසීන් 170 ක් මියගියේය,[11][12]
සෙබළුන් හා සිවිල් වැසියන් 700 ක් අල්ලාගනු ලැබීය[13]
යුරෝපීය නොවන හමුදවලට සිදුවූ හානිය නොදනී

1640 වර්ෂයේ දී ගාල්ලේ පෘතුගීසි කොටුව හෙවත් සැන්ටා කෲස් ඩි ගෝල් වටලෑම, ලන්දේසි–පෘතුගීසි සහ සිංහල–පෘතුගීසි යුද්ධ සමයේ දී සිදු වූ සිදුවීමකි. ගාලු කොටුව යටතේ දකුණු ශ්‍රී ලංකාවේ ඉතා සශ්‍රීක ව කුරුඳු වගා කළ බිම් ඇතුළත් ගම් 282 ක් පැවතිණි[14] එය පෘතුගීසි ලංකාවේ වැදගත් වෙරළබඩ යුධෝපායික ආරක්ෂක ප්‍රදේශයක් විය[15] උඩරට රාජධානිය සමග සන්ධානගත වී සිටි ලන්දේසීන් විසින් කොමදෝරුවරයෙකු වූ ආකර්ස්ලූට් හි විලෙම් ජේකොබ්සෝන් කෝස්ටර් යටතේ කාර්ය සාධක හමුදාවක් 1640 මාර්තු 8 වන දින ගාලු බොක්කට ගොඩ බස්වන ලදී. පිට පිට සිව් දිනක් කොටුවට කාලතුවක්කු ප්‍රහර එල්ල කර 1640 මාර්තු 13 දින කොටුවට කඩාවැදි ලන්දේසි භටයන් ජය තහවුරු කර ගත්තේ ය. කැප්ටන් ලොරෙන්සෝ ෆෙරෙයිරා ඩි බ්‍රිටෝගේ නායකත්වයෙන් යුතු වූ පෘතුගීසි ආරක්ෂක හමුදාව ප්‍රබල ප්‍රතිරෝධයක් එල්ල කළ අතර බලාපොරොත්තු නොවූ පරිදි ලන්දේසි භටයින්ට වූ මහත් හානිය නිසා “රත්රන් මලක්කාවේ, ඊයම් ගාල්ලේ” (Gold in Malacca, lead in Galle) නම් පිරුළක් ද ඇතිවිය.[11][සටහන 1] මෙම ජයග්‍රහණය සමග ලන්දේසීන් පසු කලෙක ගෝව හා දකුණු ඉන්දියාවේ පෘතුගීසි ආරක්ෂක මධ්‍යස්ථාන වලට පහර දීමට පහසු නාවික මූලස්ථානයක් ලෙස භාවිත කළ විශාල තොටුපොළක් පාලනයට නතුකර ගත්තේය. එසේම ඔවුන් ශ්‍රී ලාංකික කුරුඳු වෙළඳාම පාලනයට යටත් කර ගත් අතර දූපතේ ස්ථිර භූමි භාගයක් ද හිමිකර ගත්තේය.[8]

පසුබිම[සංස්කරණය]

1521 දී සිදු වූ විජයබා කොල්ලයට පසු ශ්‍රී ලංකාවේ දේශපාලනික සිතියම. 1538 දී සීතාවක රාජධානිය විසින් රයිගම ද ඒකාබද්ධ කරගන්නා ලදී.

පෘතුගීසීන් 1505 දී ශ්‍රී ලංකාවට පැමිණ[17] කෝට්ටේ රාජධානිය සමග වෙළඳ සබඳතා ඇතිකර ගත්තේ ය.[18] ඔවුහු කොළඹ කොටුවක් තනවා එය ආරක්ෂාවට හමුදාවක් යොදන ලදී.[19] 1521 දී සිදු වූ “විජයබා කොල්ලය” ලෙස හඳුන්වන සිදුවීමේ දී, කෝට්ටේ රජු සත්වන විජයබාහුගේ පුතුන් තිදෙනා කැරලි ගසා සිය පියාව මරා දැමූහ.[20] ඔවුහු රාජධානිය ඔවුන් අතරම බෙදා ගෙන කුඩා රාජධානි තුනක් බිහිකරන ලදී: කෝට්ටේ, සීතාවක හා රයිගම.[21][22] මෙම රාජධානි අතර පසුව ඇති වූ එදිරිවාදිකම් නිසා අභ්‍යන්තර දේශපාලනයට සම්බන්ධ වීමට පෘතුගීසීන්ට අවස්ථාවක් හිමිවිය.[21][23] 1557 දී කෝට්ටේ රාජධානිය පෘතුගාලයට යටත් රාජ්‍යයක් බවට පත්විය.[24][25] 1591 දී යාපනය රාජධානිය යටත් ව[26] 1594 දී සීතාවක ද පෘතුගීසි බලප්‍රදේශයට ඈඳා ගන්නා ලදී. 1594 අප්‍රියෙල් වන විට මුළු ශ්‍රී ලංකාව ම යටත් කර අවසන් කිරීමේ පෘතුගීසීන්ගේ අපේක්ෂාවට හරස් වූයේ උඩරට රාජධානිය පමණකි.[27]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 ක්වෙරෝස් පිටු 827.
  2. 2.0 2.1 පෝල් ඊ. පීරිස් පිටු 273.
  3. 3.0 3.1 ක්වෙරෝස් පිටු 848.
  4. ක්වෙරෝස් පිටු 829.
  5. ක්වෙරෝස් පිටු 830.
  6. 6.0 6.1 6.2 6.3 ක්වෙරෝස් පිටු 828.
  7. 7.0 7.1 7.2 7.3 ක්වෙරෝස් පිටු 833.
  8. 8.0 8.1 පීරිස් – ලන්දේසි බලයේ නැගීම පිටු 77
  9. ක්වෙරෝස් පිටු 835.
  10. ක්වෙරෝස් පිටු 845.
  11. 11.0 11.1 11.2 පෝල් ඊ. පීරිස් පිටු 278.
  12. ක්වෙරෝස් පිටු 836.
  13. පෝල් ඊ. පීරිස් පිටු 279.
  14. එස්.ජී. පෙරේරා පිටු 116.
  15. Bacarro පිටු 39.
  16. Vos පිටු 126.
  17. එස්.ජී. පෙරේරා පිටු 8.
  18. එස්.ජී. පෙරේරා පිටු 11.
  19. එස්.ජී. පෙරේරා පිටු 13.
  20. එස්.ජී. පෙරේරා පිටු 16.
  21. 21.0 21.1 රාජාවලිය පිටු 77.
  22. එස්.ජී. පෙරේරා පිටු 17.
  23. එස්.ජී. පෙරේරා පිටු 20.
  24. එස්.ජී. පෙරේරා පිටු 43.
  25. ක්වෙරෝස් පිටු 329.
  26. එස්.ජී. පෙරේරා පිටු 63.
  27. ගැස්ටොන් පෙරේරා පිටු 177.

සටහන්[සංස්කරණය]

  1. මෙලෙස ද පරිවර්තනය වේ: "මලක්කාව පිරි රත්තරන්, ගාල්ල පිරි මූනිස්සම්",[3]
    "මලක්කාවේ බොහොමයි රන්, ගාල්ලේ බොහොමයි ඊයම්"[16]
"https://si.wikipedia.org/w/index.php?title=ගාලු_කොටුව_වටලෑම_(1640)&oldid=398518" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි