කෘත්‍රිම චන්ද්‍රිකා

විකිපීඩියා වෙතින්
(කෘතිම චන්ද්‍රිකා වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

කෘතීම චන්ද්‍රික‍ාවක් යනු යම් ග්‍රහලොවක් වටා මිනිසා විසින් කක්ෂ ගතකරන ලද යම් වස්තුවකි.

මේව‍ා “කෘතීම” යන විෂේශන ප‍දයෙන් වෙන් කර දැක්වීමට හේතුව කෘතීම නොවන චන්ද්‍රිකා ද පැවතීමයි. පෘථිවිය වටා කක්ෂ ගතව ඇති චන්ද්‍රයා නැතිනම් හඳ මීට හොඳ උදාහරණයකි

කෙසේ වෙතත් මෙම චන්ද්‍රිකා වර්තමාන ලෝකයට මහත් ‍ආන්දෝලනාත්මක පෙරලියක් ඇතිකර තිබෙන බව නොරහසකි.

කෘතීම චන්ද්‍රිකා සංකල්පය හා චන්ද්‍රිකා‍ෙව් ආරම්භය[සංස්කරණය]

කෘතීම චන්ද්‍රිකා පිලිබඳ සෛද්ධාන්තික මුල්ම ඉදිරිපත් කිරීම ලෙස දැක්වෙන්නේ Treatise of the System of the World ග්‍රන්ථයෙ “Newton's cannonball” ලෙස හැඳින්වෙන අයිසෙක් නිවුටන් සිය න්‍යාය මගින් ග්‍රහලෝක වල චලිතය පැහැදිලි කිරීමට දැක්වූ ඉදිරිපත් කිරීමයි.

  • සරලව මෙ‍ම සිදධාන්තය මෙසෙ දැක්විය හැක
    • වායු ප්‍රතිරෝධය ආදී භාහිර බලපෑම් න‍ැතිව පෘතිවි ගුරුත්වය පමනක් හමුවේ

යම් නිශ්චිත උසකදී න‍ිශ්චි‍ත ප්‍රවේගයකින් පිටකරන කාලතුවක්කු උන්ඩයක් ප‍ෘත‍ිවිය මතට නොවැටී ඒ වටා වෘත්තාකාර පථයක ගමන් කල හැකි බවයි .

ආතර් සී ක්ලාක්[සංස්කරණය]

රොක‍ට් භාවිතය අභ්‍යාවකාශ ගමන් පිලිබඳ විවිධ මත විවිධාකාරයෙන් ඉදිරිපත් වුවත් 1945 වසරේ දී ගත්කතු http://en.wikipedia.org/wiki/Arthur_C._Clarke විසින් “Wireless World” සඟරාවට පලකල ලිපිය ‍මගින් කෘතීම චන්ද්‍රිකා තාකෂනය හා එහි ඇති වැදගත් කම ලොව ප‍ුරා රැගෙන යාමට සමත් වූවා.

1957 වසරේ ඔක්තෝබර් 4 වැනි දින අභ්‍යාවකාශ තරඟය ආරම්භ කරමින් සෝවියට් සංගමය විසින් ස්පුට්නික් 1 යානය සාර්ථකව ගුවන් ගත කළ අතර එය පෘථිවිය වටා කක්ෂ ගත වූ ප්‍රථම චන්ද්‍රිකාව බවට පත් විය. මෙම යානයත් සමඟ ඇති වූ යුදමය සහ ආර්ථිකමය වාතාවරණය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය තුළ බියක් හටගත් අතර දේශපාලනික මත ගැටුම් ද ආරම්භ විය. මේ හේතුවෙන් එවකට පාලනයේ යෙදුණු අයිසන් හවර් පාලන යාන්ත්‍රණයට නාසා ආයතනය ආරම්භ කිරීම ඇතුළු පියවර කිහිපයක් ක්‍රියාවේ යෙදවීමට සිදු විය. ඒත් සමඟම සිය විද්‍යාත්මක සහ ඉංජිනේරුමය හැකියාවන්ගේ සලකුණක් ලෙස සෝවියට් සංගමය විසින් ස්පුට්නික් යානයේ ගුවන්ගත කිරීම සලකන ලදී.

එවකට යුද්ධය නිසා දැඩි හානිවලට ලක්ව සිටි සෝවියට් සංගමය ස්පුට්නික් යානය ගුවන්ගත කිරීම සහ එතැන් සිට ආරම්භ කළ අභ්‍යාවකාශ ගවේෂණ වැඩසටහන හේතුවෙන් එහි ජනතාව ප්‍රමෝදයට පත් විය. තවද මෙම වැඩ සටහන නව යුගයක තාක්ෂණික හැකියාවන් සෝවියට් සංගමයේ රටවැසියන්ට ඔප්පු කෙරෙන සාධකයක් වූ අතර එය ඉතා වැදගත් මෙන්ම ධෛර්ය නංවන ක්‍රියාවලියක් ද විය.

ස්පුට්නික් 1 යානය ගුවන්ගත කිරීමට පළමුව සාමාන්‍ය ඇමරිකානුවන්ගේ අදහස වූයේ සියළු තාක්ෂණික ක්ෂේත්‍ර තුළ එක්සත් ජනපදය ඉදිරියෙන්ම සිටින බවයි. ස්පුට්නික් වැඩසටහනට ප්‍රතිචාරයක් ලෙස පාසල් විෂය නිර්දේශය පවා වෙනස් කරමින් තාක්ෂ‍ණයෙහි පෙර ගමන්කරුවා වීමේ දැවැන්ත වැඩ සටහනක් එක්සත් ජනපදය විසින් ආරම්භ කරන ලදී. මින් වසරක් ගතවීමට ද ප්‍රථම එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලය විසින් ජාතික ආරක්ෂක අධ්‍යාපන පනත නීතිගත කළ අතර එය එක්සත් ජනපද ඉතිහාසය තුළ ඉදිරිපත් වූ ‍ෆෙඩරල් අනුග්‍රහය සහිත වඩාත් විශාලතම අධ්‍යාපනික වැඩසටහන විය. මෙම පනත මඟින් විශාල පරාසයක ක්‍රියාවලීන් සමූහයක් සඳහා ඩොලර් බිලියන 1කට වැඩි මුදලක් වෙන් කරන ලදී. මේ අතරට නව පාසල් ඉදි කිරීම, දක්ෂ සිසුන්ට උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ණය ආධාර ලබා දීම සහ අධි ශිෂ්‍යත්ව සැපයීම, ආරක්ෂක කර්මාන්ත තුළ පැවති මිනිස් බල හිඟය පියවීම සඳහා නව වෘත්තීය පුහුණ වැඩසටහන් ආරම්භ කිරීම ඇතුළු වැඩසටහන් විශාල සංඛ්‍යාවක් අයත් විය. මෙම ප්‍රතිචාරය වර්තමානයේ දී ස්පුට්නික් අර්බුධය ලෙස හැඳින්වේ.

සෝවියට් සංගමයේ වැසියන් මෙන්ම එක්සත් ජනපදවාසීන් ද ගුවන් ගත කිරීම් සමූහය පිළිබඳ අවධානයෙන් සිටි අතර රොකට්වල අනුරූ තැනීම ප්‍රචලිත විනෝදාංශයක් බවට පත් විය.

නාසා ආයතනයේ පුවත් පත් සාකච්ඡාවක දී ඉදිරිපත් කෙරුණු Explorer 1 යානයේ ආකෘතියක්

ස්පුට්නික් 1 යානය ගුවන් ගත කිරීමෙන් මාස 4ක් ගෙවීමට ආසන්න වත්ම එක්සත් ජනපදය විසින් සිය ප්‍රථම චන්ද්‍රිකාව වූ Explorer 1 යානය ගුවන්ගත කරන ලදී. කෙසේ නමුත් මේ අතරතුර කේප් කැනවරල් හි දී ලැජ්ජා සහගත අසාර්ථක ගුවන් ගත කිරීමේ උත්සාහයන් කිහිපයක් ද සිදු විය.

ආරම්භක චන්ද්‍රිකා පවා විද්‍යාත්මක අරමුණු සඳහා භාවිතා විය. ස්පුට්නික් යානය ඉහල වායු ගෝලයේ ඝනත්වය නිර්ණය කර ගැනීම සඳහා ආධාර විය. එසේම Explorer 1 යානයේ ගුවන්ගත කිරීම් දත්ත ජේම්ස් වෑන් ඇලන්හට වෑන් ඇලන් විකිරණශීලී පටිය සොයා ගැනීමට ආධාර විය.

චන්ද්‍රිකා සන්නිවේදනය

පළමු ඇමරිකානු සන්නිවේදන චන්ද්‍රිකාව වූ Project SCORE යානය 1958 වසරේ දෙසැම්බර් 18 වැනි දින ගුවන්ගත කරන ලදී. එමඟින් ජනාධිපති ඩිවයිට් D අයිස්න් හවර්ගේ නත්තල් පණිවුඩයක් ලොව පුරා විකාශය කරන ලදී. චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණයට සම්බන්ධ අභ්‍යාවකාශ තරඟය හේතුවෙන් හටගත්, නැතහොත් ඒ කාලය තුළ ළඟා කර ගන්නා ලද අනෙකුත් විශේ‍ෂිත ඉලක්කයන් පහත දැක්වේ.

  • 1962 – Telstar - ප්‍රථම සක්‍රිය සන්නිවේදන චන්ද්‍රිකාව වේ. (පර්යේෂණ මට්ටමේ සාගර හරහා සන්නිවේදක චන්ද්‍රිකාවක් ද විය.)
  • 1972 – Anik 1 - ප්‍රථම දේශීය සන්නිවේදන චන්ද්‍රිකාව (කැනඩාව)
  • 1974 – Westar - ප්‍රථම ඇමරිකා එක්සත් ජනපද දේශීය සන්නිවේදන චන්ද්‍රිකාව
  • 1976 – Marisat - ප්‍රථම ජංගම සන්නිවේදන චන්ද්‍රිකාව

එක්සත් ජනපදය විසින් ලොව ප්‍රථම භූ සමමුහුර්ත චන්ද්‍රිකාව වූ Syncom 2 යානය 1963 වසරේ ජුලි 26 වන දින අභ්‍යාවකාශ ගත කරන ලදී. මෙම චන්ද්‍රිකාවෙහි සාර්ථකත්වය හේතුවෙන් තවදුරටත් චන්ද්‍රිකා ප්‍රතිග්‍රාහක තැටි චන්ද්‍රිකාවක ගමන්මගට අනුරූපව චලනය වීමේ අවශ්‍යතාවක් නොවීය. ඊට හේතුව වූයේ මෙම චන්ද්‍රිකා භූ ස්ථායී කක්ෂයක පිහිටීමයි. මෙතැන් පටන් සාමාන්‍ය ජනතාවට එක්වරක් සකස් කිරීමකින් අනතුරුව මෙම තාක්ෂණය ඔස්සේ රූපවාහිනී සඳහා චන්ද්‍රිකාවලින් විකාශය කෙරෙන සන්නිවේදන තොරතුරු භාවිතා කිරීමේ හැකියාව හිමි විය.

"https://si.wikipedia.org/w/index.php?title=කෘත්‍රිම_චන්ද්‍රිකා&oldid=471992" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි